Friday, August 31, 2012

සංජීව බණ්ඩාර සහෝදරයා රැස්වසිටි පිරිස ඇමතීම

ආචාර්ය ගැටලු විසඳා වසාදැමූ සරසවි නැවත විවෘත්තකරනලෙස ආණ්ඩුවට බලකරමින් 2012 සැප්තැම්බර් 29 දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සිසින් සංවිධානය කරනල ලද විරෝධතා පාගමන අවසානයේ අ.වි.ශි.බ.ම කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා රැස්වසිටි පිරිස ඇමතූ අවස්ථාව.


අ.වි.ශි.බ.ම මාධ්‍ය හමුව - 2012.08.30

IUSF Logo
ආචාර්ය ගැටලුව විසිදා සරසවි වහා විවෘත්තකරනලෙස රජයට බලකරමින් පෙරේදා දින (29) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරනලද විරෝධතාවට ආරක්ෂක අංශ විසින් පහරදීම සම්බන්ධයෙන් 2012.08.30 දින මරදන සී.එස්.ආර් ශාලාවේදී පැවති මාධ්‍ය හමුවේ හඪපටය.

Monday, August 13, 2012

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ප්‍රෝඩාවක් - වාසු

Vasudeva Nanayakkara
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ප්‍රෝඩාකාරී වැඩපිළිවෙළක් බව භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසු‍දේව නානායක්කාර මහතා පවසා ඇත. අමාත්‍යවරයා ‍මාධ්‍ය ‍වෙත නි‍වේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ති‍බේ.

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ මෙම ‍පෞද්ගලික වෛද්‍ය විද්‍යාලට නීත්‍යානුකූල පදනමක් නොතිබීමත්, ජාත්‍යන්තර වෛද්‍ය ප‍්‍රමිතියට අනුකූලව වෘත්තිකයන් බිහිකිරීමට ඇති නොහැකියාවත් නිසි ප‍්‍රායෝගික පුහුණු පහසුකමි හා ශාස්තී‍්‍රය දැනුම ඇති ගුරු මණ්ඩලයක් නොසිටීමත් බරපතල ලෙස ඉස්මතු වන ගැටලුවක් නිර්මාණය කර ඇත.

වෛද්‍ය පුහුණුවක් හා උපාධියක් ලබාදෙන මුවාවෙන් දේශීය හා විදේශීය ශිෂ්‍යයන් ගසා කමින් වක‍්‍ර මාර්ගවලින් රාජ්‍ය අනුග‍්‍රහය ලබාගැනීමට කූට උපාය යොදන බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.