Friday, November 30, 2012

‘නිවහල් අධ්‍යාපනයක්’ උදෙසා ගුරුතරුව නාට්‍යයේ මග පෙන්වීම.

ජයලත් මනෝරත්න නම් අපේ යුගයේ විශිෂ්ඨ කලාකරුවාගේ  ගුරුතරුව නාට්‍යයේ ‘නිවහල් අධ්‍යාපනයක්’ වෙනුවෙන් කෙරෙන මේ කතිකාව අප සියලු දෙනාට තම තමන් නියෝජනය කරන අන්තයන් පිළිබඳ නැවත සිතන්නට හොඳ අවස්ථාවක් යැයි සිතේ. ගුරු තරුව වේදිකා නාට්‍යයෙන් ජයලත් මනෝරත්නයන් විසින් මිනිසා නොහදා රටක් සදීමෙන් ඇති  පලය කුමක්දැයි සමාජයෙන් ප්‍රශ්ණ කරයි.......!! 
සම්පූර්න නාට්‍ය නැරබීම සදහා මෙතනින්
           
සංවාද සටහන උපුටා ගැනීම ගුරුතරුව නාට්‍යයෙන් :

මුල් ගුරුතුමා : 
ඔන්න ඔය නිසයි මම කියන්නේ .අපි මේ ගත කරන්නේ සංක්‍රාන්ති කාල සීමාවක් කියල.ඒ කියන්නේ යුග දෙකක් අතර.එක යුගයක් මැරෙනව .තව යුගයක් උපදිනව.ඒක තමයි යථාර්තය.නිදහස් අධ්‍යාපනය කියන එක ශ්‍රී ලංකාවේ අපට අමුතුවෙන් හඳුන්වාදිය යුතු විලාසිතාවක් නෙවෙයි.මහාවිහාරය ජේතවනය අභයගිරිය වගේ තක්සලාවලින් ඇරඹි , උතුරු මුල , දකුණු මුල , කපුරු මුල , වාද මුල , ගල්කුළු මුල , විල්ගමුව , මහනෙත්පාමුළ වැනි නිකායානුබද්ධ විද්‍යාතනය ඔස්සේ විකාශනය වෙලා  පැපිළියානේ සුනේත්‍රාදේවී , කෑරගල පද්මාවතී , තොටගමුවේ විජයභා , රයිගම ගණානන්ද වැනි මහා පිරිවෙන් දක්වා පරිනාමය වෙච්චි නිදහස් අධ්‍යාපන රටාවක් හෙළයේ තිබුණා.ඒ විතරක්ද. මේවායින් කලා කෞෂල්‍ය , විද්‍යා විශාරදත්වය , දියදම්වේදය , මානව හිතවාදීත්වය ඈ නන්වන් සිප් සතර හදාරන්නත් අවස්ථාව තිබුනා.

නැටුම් ගුරුතුමා :
මුල් ගුරුතුමා කීවා වාගේ ඒ නිදහස් අධ්‍යාපනය අපෙන් ගිලිහෙන්න පටන් ගත්තේ විදේශීය ආක්‍රමණ ලංකාවට ආවට පස්සේ.අපේ හෙළ හැදියාව , ආගන්තුක සත්කාරය ,  මානව දයාව දඩමීමා කරගෙන හෙල දන මන පරගැති කිරීමේ නිකේතන විදියට මිෂනාරී අධ්‍යාපනික සිප් කරුවන් බිහිවෙන්නට පටන් ගත්තා.

මුල් ගුරුතුමා :
අන්න ඒ ආත්මාර්ථකාමී අධිරදවාදී ආක්‍රමණිකයො තමන්ගේ ආර්ථික සමාජ කළමනාකරණයට අවශ්‍ය කරන මානසික කුලීකාරයො බිහි කරන්න තමයි උන්ගේ භාෂාවෙන් උන්ගේ අධ්‍යාපනය හදාරන්න පුළුවන් සුළු පිරිසකට අවස්ථාව ලබා දුන්නේ

ඉංග්‍රීසි ගුරුතුමා

 එහෙමවත් අවස්ථාවක් ලබා නොදුන්න නම් ද ඉතුරු වෙයි මේ විදියටවත් අධ්‍යාපනය.

මුල් ගුරුතුමා :
ඉතුරු උනා තමයි. අනේ අපේ අර සරණ හෙළයාගෙන් නිදහස් අධ්‍යාපනය ගිලිහිලා .දත් – නොදත් , ඇති- නැති ,හැකි-බැරි ,දග්ධ-විදග්ධ පරතරය තවත් වැඩි වුනා.ගැතිවාදී සුළුතරය වරප්‍රසාදලාබීන් උනා.අපේ ගමේ කොල්ලන්ට නිදහස් අධ්‍යාපනය කනා පල්ලම් ගහන විජ්ජාවක් උනා.

ඉතිහාස ගුරුතුමා

විජ්ජාවක්.විජ්ජාවක්කියනකොට ඉතිහාස ගුරුවරය හැටියට මට මතක් වෙන්නේ සමකාලීනව ඔය විජ්ජාවම පෙන්නපු ඉන්දියාව.1935 දී භාරතයේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ ඊනියා කමිටුවේ සභාපති ඉංග්‍රීසි ජාතික තෝමස් ග්‍රවියෙල් මැකොල් සාමිවරය කිව්වේ මොකක්ද ? පාලකයන් වන අප සහ ලක්ෂ සංඛ්‍යාත වූ රට වැසියන් යා කරන අතරමැදි තෝල්කයන් විය හැකි පිරිසක් , ඒ කිව්වේ ලෙයින් සහ පාටින් භාරතීයන් වූ සංකල්ප , ආකල්ප හා සදාචාරය අතින් ඉංග්‍රීසීන් වන පන්තියක් අප විසින් සැකසිය යුතුය කියල.අපේ පුංචි ලංකාවේ කලු සුද්දො බිහි වුනේ ඔය ආකාරයට නොවේද ?

නැටුම් ගුරුතුමා :

ගැල් කරුවා ගොනා හික්මවන්නේ ගමන යා ගන්න මිසක්කා ගෙරියාසනසන්න නෙවෙයිනේ.ඉතිහාසෙත් ඕව සිද්ධ වෙනවා.

ඉතිහාස ගුරුතුමා

ඉතිහාසය.ආන්න.ඒ ඓතිහාසික පසුබිමේ ඉඳගෙන තමයි ඩොනමෝර් ආණ්ඩු ක්‍රම විවස්ථාව යටතේ ස්ථාපිත රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ගරු අධ්‍යාපන ඇමති වශයෙන් පත් වුනු ආචාර්‍ය ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර ශ්‍රීමතානෝ

මුල් ගුරුතුමා :

ඒ කිව්වේ අපේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහත්තය

ඉතිහාස ගුරුතුමා

සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහත්තය අධ්‍යාපන වරම් පියවරෙන් පියවර කෙමෙන් පීඩිත පන්තිය අතරට විහිදිමේ මහා විප්ලවය ආරම්භ කලේ.

මුල් ගුරුතුමා :

එදා 1944 මැයි තිස් වෙනිදා අධ්‍යාපන සංශෝෂන ආඥ්ඥා පනත මගින් නිදහස් අධ්‍යාපන යෝජනා රාජ්‍ය මන්ත්‍රණ සභාවට අපේ කන්නන්ගර මැතිතුමා ඉදිරිපත් කලේ මෙහෙමයි.තෝම්ස් ග්‍රේ කියන කවියගේ පද හතරකුත් ගායකා කරමින්.මෙන්න මෙහෙම

සංගීත ගුරුතුමිය :

නොයනා හිරු රැස් සිතු ගැබ පතුලට
අගනා මිණි රැස් අඳුරෙම සැඟවෙත
පිපෙනා කුසුමන් වනයෙහි නිම නැත
හමනා සුළඟින් වනයෙම පරවෙත
විකසිත කුසුම් වියළි කතරේ වාතයෙන් මැලවී සුවඳ අහිමි වී යන නයින් ඈත පිටිසරයේ දිළිඳු ගොවි පවුලක පොල් අතු සෙවනේ ඉපදී බුද්ධියේ සහ භාග්‍යයේ එළිය නොලබා නිවී මිලිනවන අනාගත දරු පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපන ක්‍රමයක් බිහිකල යුතුය.

නැටුම් ගුරුතුමා :

හැබැයි සී.ඩබ්ලිව්.ඩබ්ලිව් එදා එහෙම කිව්වට මොකද ගස් බැලයන්ට අධ්‍යාපනය දුන්නම ගමේ පොල් කඩන්නේ කවුද කියපු ජාතික වීරයොත් එදා හිටිය.

මුල් ගුරුතුමා :

ඒ ගඩොල් වීරයො.

ඉතිහාස ගුරුතුමා

ගඩොල් කියනකොට එදා කන්නන්ගර උන්නැහේ මෙහෙමත් කියල තියෙනව. “ගරු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභිකවරුනි.එදා ඔගස්ටස් නිරිඳු පුරසාරම් දෙඩුව .මා එනවිට තිබූ ගඩොලින් බැඳි රෝමය වෙනුවට ඉතිරි කර ආවේ කිරි ගරුඬ රෝමයකි කියල.අන්න ඒ වගේ අපි යන විටත් මිල අධික අධ්‍යාපනයේ මිල බැස්සුවාය, වසා මුද්‍රා තමන ලද පොතක් මෙන් තිබූ අධ්‍යාපනය විවෘත ලිපියක් බවට පත් කලාය,ධනවතුන්ගේ වරප්‍රසාධයක් වූ අධ්‍යාපනය දිළින්දන්ගේ දායාදයක් බවට පත් කලාය කියල උදම් අනන්න පුළුවන් නම් මෙම රාජ්‍ය මන්ත්‍රණ සභව,ඒක කොයි තරම් අගේද  ” කියල

ඉංග්‍රීසි ගුරුතුමා

ඔව් එදා ඒ හිතපු දේ අද ඉෂ්ඨ වෙලා තියවනද කියන එකයි ප්‍රශ්නේ ඉස්කෝලෙ මහත්තයෝ.

නැටුම් ගුරුතුමා :

ඉෂ්ඨ වෙලා නැත්නම් අපි ඒක ඉෂ්ඨ කරගන්න ඕන

මුල් ගුරුතුමා :

කොහොමටත් කන්නන්ගර මහත්තයගේ යෝජනා නිකන්ම සම්මත උනෙත් නෑ.බාධක වැට කඩොළු බොහොමයක් තිබුනා.යන්තම් හරි අත හිත දුන්නේ එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවෙ හිටපු හේරත්නායක , ඊ.ඒ නුගවෙල , එස්.ඒ වික්‍රමසිංහ ආචාර්ය එන් එම් පෙරේරා යන මහත්වරුන් කියන වග මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි….
අපේ මේ උදා රැස්වීම දේශපාලන රැස්වීමක් වුනාදෝ කියල මට හිතෙනව.
කොහොමටත් ඉතින් දේශපාලනයෙන් තොර අධ්‍යාපනයකුත් නෑනේ.

ඉතිහාස ගුරුතුමා

හැබයි අධ්‍යාපනයෙන් තොර දේශපාලනඥ්ඥයො නම් ඉන්නව.
නෑ මම කිව්වේ ඉඳල තියෙනව.

එහි අලංකාර ගීතයක්

යාපනයේ සරසවි සිසුන්ට එල්ල කළ ප‍්‍රහාරයට අන්තරේ විරෝධය

ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවට එරෙහිව රජ්‍ය ත‍්‍රස්ත‍්‍රවාදය මුදාහරිමින් සිටින අතර, එම ප‍්‍රචණ්ඩත්වයේ ගොදුරුබිම බවට යාපනය සරසවිය පත්වතිබේ. මේ පිලිබඳ අදහස් දැක්වීමේ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (30) දින මරදාන CSR ශාලාවේ පැවැත්වින.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා,

‘‘අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විදියට අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න හේතුව තමයි යාපනය විශ්වවිද්‍යාලය තුළ ආරක්ෂක අංශ මැදිහත්ව සිසුන්ට කරන ලද පහරදීම නිසා මතුව ඇති තත්ත්වය පිළිබඳව තොරතුරු හා ඒ පිළිබදව අපගේ ස්ථාවරය පැහැදිලි කරන්න 28 වෙනිද පෙ.ව. 10.00 ට පමණ යාපනය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් ඉතාමත් සාමකාමී උද්ඝෝෂණයක් සංවිධානය කරලා තිබුණා. ශිෂ්‍යයෝ උද්ඝෝෂණය සඳහා විශ්වවිද්‍යාලය ඉදිරිපිටට පැමිණෙද්දි කල්තියා සූදානම්ව සිටි ආරක්ෂක හමුදා ඉතාමත් සාහසික ප‍්‍රහාරයක් සිසුන්ට එල්ල කළා. එම ප‍්‍රහාරයෙන් සිසුන් 50 කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූ අතර බරපතල තුවාල ලැබූ සිසුන් 10 කට අධික සංඛ්‍යාවක් රෝහල් ගත කළා. මේ වන විටත් සිසුන් තිදෙනෙක් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. එමෙන්ම මෙම පහරදීමෙන් අනතුරුව ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් 4 ක් අත්අඩංගුවට ගෙන පහරදී තර්ජනය කර පසුව නිදහස් කරලා තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට එරෙහිව ආරක්ෂක හමුදා විසින් එල්ල කරන ලද මෙම සාහසික ප‍්‍රහාරය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා විතරක් නෙවෙයි අපි අපේ බලවත් විරෝධය මේ අවස්ථාවෙදී ප‍්‍රකාශ කර සිටිනවා.

යාපනය විශ්ව විද්‍යාලයට අදාළව ආරක්ෂක අංශ මෙවැනි පහරදීමක් කරපු පළමු අවස්ථාව මෙය නෙවෙයි. පහුගිය අවුරුදු කිහිපය ඇතුළෙ දිගින් දිගටම මෙවැනි සිදුවීම් විශාල ප‍්‍රමාණයක් වාර්තා වෙලා තිබෙනවා. අපි දන්නවා උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල දෙමළ පුරවැසියන්ට එරෙහිව විවිධ මැර තර්ජන, පහරදීම්, අතුරුදහන් කිරීම්, ඝාතන විශාල වශයෙන් අඛණ්ඩව සිදුවෙමින් තියෙනවා. පසුගිය වසර 2 ක පමණ කාලයක සිට ආරක්ෂක හමුදාවල ප‍්‍රධාන ගොදුරුබිමක් බවට යාපනය විශ්වවිද්‍යාලය පත්වෙලා. විශ්වවිද්‍යාලය තුළ සිසුන්ට තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න තිබෙන අයිතිය මෙන්ම ඒ වෙනුවෙන් පෙනී සිටින්න තිබෙන අයිතිය උල්ලංඝනය කරමින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට සිදුවන අසාධාරණයට අයුක්තියට එරෙහිව කතාකරන්න තිබෙන අයිතිය නැතිකරමිනුයි ආණ්ඩුව මෙවැනි මර්දනකාරී තත්වයක් නිර්මාණය කරමින් තියෙන්නෙ. ආණ්ඩුවේ මෙම මැදිහත්වීම පසුගිය කාලයේ අපි අඛණ්ඩව අත්වින්දා. ගිය අවුරුද්දෙ අග මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයාට පහර දුන්නා. ලේකම් සහෝදරයා ඇතුළු සහෝදරවරු ගණනාවකට අමානුෂික ලෙස පහරදීල තිබුණා. ඔවුන් දින ගණනාවක් රෝහල් ගතවී ප‍්‍රතිකාර ලැබුවා. ඉන් අනතුරුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් ආරක්ෂාව තහවුරු කරන්න කියලා, හමුදා ප‍්‍රහාර නතර කරන්න කියලා. කරන ලද ඉල්ලීම් කිසිවක් තුට්ටුවකටවත් මායිම් නොකළ ආණ්ඩුව දිගින් දිගටම ප‍්‍රචණ්ඩත්වය මුදාහැරියා. උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වෙන්නේ සිවිල් හා මානව අයිතීන් යටපත් කිරීමේ පාගාදැමීමේ දේශපාලනයක්. ඒ රාජ්‍ය ත‍්‍රස්තවාදය මිසක වෙන කිසිවක් නෙවෙයි.

ආණ්ඩුවේ මෙම මනුෂ්‍යත්වයට එරෙහි ප‍්‍රජාත‍්‍රන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාර දකුණේ ජනතාව තුළ සාධාරණීකරණය කරන්න රාජ්‍ය මාධ්‍ය යොදාගෙන විශාල උත්සාහයක යෙදෙනවා. ආණ්ඩුව විවිධ පදනම් විරහිත චෝදනා එල්ල කරනවා. මෙම පහරදීම සිදුවූ උද්ඝෝෂණයට පෙර දා රාත‍්‍රියේ ආයුධ සන්නද්ධව ආරක්ෂක හමුදාව විසින් හදිසියේම නේවාසිකාගාර වැටලීමක් සිදුකළා. ඒ මොහොතේ නේවාසිකාගාරවල සිටි ශිෂ්‍යයෝ බලහත්කාරයෙන් නේවාසිකාගාරයෙන් එලියට ඇදලා දාලා පහර දීලා යකා නැටුවා. කාන්තා නේවාසිකාගාරවලටත් හමුදාව බලහත්කාරයෙන් ඇතුළුවුණා. දොරවල් කඩලා ශිෂ්‍යාවන්ගේ කාමරවලට පවා කඩා පැන්නා. ශිෂ්‍යාවන්ගේ හිසට තුවක්කු එල්ල කරලා මරණ තර්ජන කළා. මේකට විරුද්ධව තමයි ශිෂ්‍ය, ශිෂ්‍යාවෝ සාමකාමී උද්ඝෝෂණයක් කරන්න පාරට බහින්නේ. ආණ්ඩුවේ මෙම මැදිහත්වීම ඇතුළේ පේන්නේ ඔවුන් දෙමළ පුරවැසියා, පුරවැසියන් ලෙස නොව වහලූන් ලෙස සලකන බවයි.

ශිෂ්‍යයෝ මහා විරු දිනයට පහන් පත්තු කළා කියලා ඒක ත‍්‍රස්තවාදය යළි ආරම්භ වීමක් කියලා ඒක වලක්වන්න කරපු ත‍්‍රස්ත විරෝධී මෙහෙයුමක් කියාලා මෙම කඩා පැනීම සාධාරණීකරණය කරනවා. අපිට අහන්න තියෙන්නේ පහනක් පත්තු කිරීමද ත‍්‍රස්තවාදය කියන්නේ එහෙම නැත්නම්, ආයුධ සන්නද්ධව නේවාසිකාගාරවලට කඩා පැනලා නිරායුධ ශිෂ්‍යයන්ට පහර දීලා, ඔලූ පලල අත පය කඩල මරණ තර්ජන එල්ල කරපු එකද, සාමකාමී උද්ඝෝෂණ වලට පහර දෙන එකද ත‍්‍රස්තවාදය කියන්නේ කියලා. මේකට තමයි රාජ්‍ය ත‍්‍රස්තවාදය කියල කියන්නේ. මේවා මුලින්ම උතුරෙදී අත්හදා බලනවා. පස්සේ දකුණටත් ගේනවා. ඒ තමයි මේ ආණ්ඩුවේ හැටි ත‍්‍රස්තවාදී ලේබලය අලවලා ආණ්ඩුව විසින් සිදුකරන ඕනෑම ජාතියක ප‍්‍රචණ්ඩත්වයක් සමාජය ඉදිරියේ සාධාරණීකරණය කරන්න ආණ්ඩුව දක්ෂයි. අද මේ වෙන්නෙත් ඒකම තමයි.

අපි අහනවා හමුදාවට මොකක්ද තියෙන අයිතිය නේවාසිකාගාරවලට ඇතුල්වෙලා මේ ජාතියේ පහරදීම් කරන්න. දෙමළ සහෝදර සිසුන්ගෙ කෙහෙවලූ වලින් ඇදගෙන ගිහිල්ලා පහර දෙන්න ඔලූ පලන්න, අතපය කඩන්න. උතුරට ගෙනාවයි කියපු නිදහස මේකද? ආණ්ඩුවට පුලූවන්ද ඔවුන්ගේ මිය ගිය ඥාතීන් පිළිබඳ සැමරීම හෝ මතකයන් නැතිකරලා දාන්න. ආණ්ඩුවට පහන් පත්තුකරන එක නවත්තන්න පුළුවන් වෙයි. ඒත් මිනිසෙක් තවත් මිනිසෙක්ව සැමරීම නවත්වන්න පුළුවන්ද? ඒ නිසා දෙමළ ජනතාවට යුද්ධයෙදි මිය ගිය තමන්ගේ මිනිස්සු සමරන්න අයිතියක් තියෙනවා. ඒ මැරිලා තියෙන්නේ දෙමළ ජනතාවට, දෙමළ ශිෂ්‍යයාට කොහෙන් හෝ ඥාතීත්වයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ හිතවතෙක්, සහෝදරයෙක් මැරුණට පස්සේ සමරන්න තියෙන අයිතිය උල්ලංඝනය කරන්න කාටවත් පුළුවන්ද? සොහොන් කොත් විනාශ කරලා, සැමරුම් නවත්තලා සටන් කරන එක නතර කරන්න පුළුවන්ද? ඒකද ත‍්‍රස්තවාදය නවත්වන්න ආණ්ඩුවේ ක‍්‍රියා පිළිවෙත. සාමයේ මාවත මේකද? ආණ්ඩුව අද රටේ හදන්නේ ජනතාවට සාමයෙන්, සහජීවනයෙන් ජීවත්වෙන්න පුළුවන් වට පිටාවක් නෙමෙයි. තවදුරටත් පීඩිත ජනතාව ප‍්‍රපාතයට ඇද දමන ආකාරයට තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ. ත‍්‍රස්තවාදය කියන එක අහම්බෙන් පැනනැගුනේ නෑ. දෙමළ ජනතාව මුහුණ දීපු ප‍්‍රශ්න තිබුණා. ඒ ප‍්‍රශ්න අදත් විසඳිලා නෑ.

ඕනෑම ආකාරයක ප‍්‍රචණ්ඩත්වයක්, බලපෑමක්, පහරදීමක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විදියට අපි ප‍්‍රතික්ෂේප කරනවා. අපි ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නත් සටන් කරන්නත් සූදානම්. ප‍්‍රචණ්ඩත්වය මුදාහරින්නේ සිංහල ජනතාවටද, දමිළ ජනතාවටද, මුස්ලිම් ජනතාවට කියන එක අදාල නෑ. ප‍්‍රචණ්ඩත්වය නම් මුදාහරන්නේ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාද නම් දියත් වෙන්නේ ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව අරගල කරන්න අපි සූදානම්. එතකොට කොටි සංවිධානය ප‍්‍රචණ්ඩත්වය මුදාහරිද්දී ඒක වැරදියි, ආණ්ඩුව ප‍්‍රචණ්ඩත්වය මුදා හරිද්දී ඒක හරි කියල පිළිගන්න කියලද අපට කියන්නේ. කවුරු කළත් එය ත‍්‍රස්තවාදය නම් ඒක වැරදියි. දැන් ක‍්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුවේ ත‍්‍රස්තවාදය. එය නැවත දෙමළ ජනතාව ත‍්‍රස්තවාදය වෙතයි තල්ලූ කරන්නේ.

ජනතාවගේ ප‍්‍රශ්නවලට පිළිතුරු නැති වෙද්දි ජනතාව ආණ්ඩුවට එරෙහිව නැගී සිටිද්දී එම ජනතා පීඩනය සමහන් කරන්න ජනතාවගේ අවධානය වෙනතක හරවන්න තමයි මෙවැනි පොදු සතුරෙක් ගොඩනගන්න උත්සාහ කරන්නෙ. දෙමළ ජනතාවට තිබෙන ආර්ථික, සමාජයීය, සංස්කෘතික සහ දේශපාලන ප‍්‍රශ්නවලට පිළිතුරු සොයන්නේ නැතිව ඒවා හමුදාවේ තුවක්කු බටේ ඔලූවට තියලා විසදන්න පුළුවන් කියලා හිතනවානම්, ඒක කවදාවත් සිද්ධවෙන දෙයක් නෙමෙයි. ඒක නැවතත් ජන ඝාතක යුද්ධයකට අත වැනීමක්. ඔබ හිතන්න ඔබ බිත්තියට හේත්තු කරලා ඔබේ පපුවට තුවක්කුව එල්ල කළොත්, ඔබට ඉතිරි වන විකල්පය මොකද්ද මරාගෙන මැරීම හැර වෙන විකල්පයක් තියෙයිද අද ආණ්ඩුව දෙමළ ජනතාව එතනට ඇදල දාලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? තවත් ජන ඝාතක යුද්ධයක් නේද? මෙවැනි ඒකාධිපති, ජන ඝාතක ආණ්ඩුවලට පැවැත්මක් තියෙන්නේ ආගම්වාදය ඇතුළේ, ජාතිවාදය ඇතළේ විතරයි. පීඩිත ජනතාව එකිනෙකා මරා ගන්නා තත්වයට ඇද දැමීම ඇතුළේ පමණයි. අද බොදුබල සේනා වැනි ආගමික මූලධර්මවාදී කල්ලි පිටුපස ඉදගෙන ආණ්ඩුව ක‍්‍රියාත්මක කරන්නෙත් ඒකම තමයි. මෙම තත්වය පරාජය කරන්න සමස්ත සමාජයම පෙළ ගැසිය යුතුයි.

එනිසා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපි සියලූම ආකාරයේ ජාතිවාදී, ආගම්වාදී තත්වයන්ට එරෙහි වන අතරම ඕනෑම ආකාරයක ප‍්‍රචණ්ඩත්වයක් මනුෂ්‍යත්වයේ නාමයෙන් ප‍්‍රතික්ෂේප කරනවා. ඒ වගේම යාපනය විශ්වවිද්‍යාලයට හා දෙමළ ජනතාවට එල්ල වන හමුදාවේ මැර ප‍්‍රහාර, රාජ්‍ය ත‍්‍රස්ත‍්‍රවාදය නවත්වන්න කියල අපි ආණ්ඩුවට බලකරනවා.

Thursday, November 29, 2012

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට එල්ල වූ ප‍්‍රහාරය හෙළා දකිමු - SSU

ඊයේ (28) දිනයේදී යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට සිදුකරන ලද ප්‍රහාරය තරයේ හෙළාදකින බව සමාජවාදී ශිෂ්‍ය සංගමය පවසයි.
එහි ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනය මෙසේය.
"‘‘තම විශ්වවිදයාලයේ ශිෂ්‍යාවන් දෙදෙනෙකුට රජයේ ආරක්‍ෂක අංශ විසින් ගිනි අවි පෙන්වා තර්ජනය කිරීමට එරෙහිව නොවැම්බර් 28 දින යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් උද්ඝෝෂණයක් පවත්වන ලදී. එම උද්ඝෝෂණයට කඩාවැදුණු පොලීසිය සහ හමුදාව විසින් එම සිසුන්ට බැටන් ප‍්‍රහාර එල්ල කර ඇත. එහිදී තුවාල ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිපදෙනෙකු මේ වනවිටත් යාපනය ශික්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී.
ශිෂ්‍යයින්ගේ සාමකාමී උද්ඝෝෂණවලට ආණ්ඩුව විසින් පහරදීම දැන් රටපුරා සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් තිබේ. පසුගිය අගෝස්තු මාසයේ කොළඹදී පැවැති උද්ඝෝෂණයකටද පොලීසිය ලවා බැටන් ප‍්‍රහාරජල ප‍්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. මෙසේ සාමකාමී ලෙස ශිෂ්‍යයින්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමට එරෙහිව ක‍්‍රියාත්මක කරන ආණ්ඩුවේ මර්දනය දකුණේදී මෙන්ම උතුරේදීත් වෙනසක් නොමැති බව මෙම සිදුවීමෙන් තහවුරු වේ.
යාපනයේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින්ට පොලීසිය හා හමුදාව විසින් සිදුකළ පළමු ප‍්‍රහාරය මෙය නොවේ. 2011මැයි මාසයේදී එවකට මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තවපාලන් සොහොයුරාට හමුදා මුරපොළක් අසලදී ම්ලේච්ඡ ප‍්‍රහාරයක් එල්ල වූ අතර ඒ පිළිබඳව කිසිදු පරීක්‍ෂණයක් තවමත් සිදුකර නොමැත. 2012 හැයි මාසයේ නැවතත් මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්ව සිටි පරමලිංගම් සොහොයුරාටද මෙවැනිම ආකාරයේ ප‍්‍රහාරයක් එල්ල වූ අතර ඒ පිළිබඳව කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
අර්ධ මිලිටරි පාලනයක් සහිත විශාල හමුදාවක් රඳවා සිටින යාපනය අර්ධද්වීපය තුළ මෙවැනි ප‍්‍රහාරයක් හමුදාවට සහ පොලීසියට හොර රහසේ එල්ල කිරීමට නොහැකි බව කවුරුත් දන්නා කරුණකි.
යාපනයේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින්ගේ සාමකාමී උද්ඝෝෂණයට එල්ල කළ ම්ලේච්ඡ හමුදා සහ පොලිස් ප‍්‍රහාරය අපි සමාජවාදී ශිෂ්‍ය සංගමය ලෙස දැඩි ලෙස හෙළා දකිමු. එසේම උතුරේදී සහ දකුණේදී සිදුවෙන ආණ්ඩුවේ මෙම අත්තනෝමතිකමර්දනකාරී ක‍්‍රියාමාර්ගවලට එරෙහිව අත්වැල් බැඳගන්නා ලෙස සියලූ දෙනාට ආරාධනා කර සිටිමු''.

            කෙසේ නමුත් පෙරේදා (27 දා) යාපනය විශ්වවිද්‍යාලයට සම්බන්ධ බාලසිංහම් සහ ආනන්ද කුමාරස්‌වාමි යන නේවාසිකාගාරවල ප්‍රභාකරන්ගේ උපන් දින සැමරුමට අදාළ පත්‍රිකා බෙදා තිබූ බව බුද්ධි අංශ විසින් සිදුකළ විමර්ශනයේදී හෙළිවී තිබේ.

හමුදා බුද්ධි අංශ විසින් එහි නේවාසිකාගාර නිරීක්‍ෂණය කරන අවස්‌ථාවේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයකු හා කොටි වෙබ් අඩවිවලට තොරතුරු සපයන පිරිස්‌ සමග හමුදා විමර්ශනය නතර කිරීමට උත්සාහ දරා ඇත.

මේ සියලු සිදුවීම් යාපනය විශ්වවිද්‍යාලයේ ඇති පරිගණක මගින් විදේශ රටවලට යෑවීමට විශ්වවිද්‍යාලය තුළ සිටින කොටි කණ්‌ඩායම ක්‍රියාකර තිබේ.

මේ අතර වව්නියා නියෝජ්‍ය නගරාධිපති එම්. එම්. රත්නන් නමැත්තා එම්මක්‌කුලම්හි ද්‍රවිඩ විරුවන්ගේ නිවස්‌නය නමැති නිවසට පැමිණ මහාවිරු දින සැමරීමට උත්සාහ කර ඇත.

Wednesday, November 28, 2012

අධ්‍යාපනයේ වත්මන් අර්බුදය කුමක්ද? (සංවාදයට ප‍්‍රවේශයක්)

අධ්‍යාපනයේ වත්මන් අර්බුධය කුමක්ද යනමැයෙන් එලිදක්වා ඇති සම්පූර්ණ පොත මෙහි දැක්වේ. මෙහිදී ඔබයේ අදහස්, හෝජතා, චෝදනා අප ඉතා අගය කරමු. ඒ සඳහා මෙහි පහලින් ‍කොමෙන්ටු වශයෙන් හො අන්තර් විශ්වවිද්‍යාලයීය නිල වෙබ් අඩවියට (www.iusfsl.org) ගොස් ඔබගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න. 

පැදුරු සාජ්ජේ 2012 - රජරට සරසවිය

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයිය සමාජ විද්‍යා හා මානවශාස්ත්‍ර පීඨ සිසුන් විසින් සංවිධානය කරනලද පැදුරු සාජ්ජේ 2012 වැඩසටහන පසුගිය 23 වන දින රජරට විශ්වවිද්‍යාලයිය සුගතපාල ද සිල්වා එළිමහන් රංග පීඨයේදී පැවැත්වින. මේ එහි සොදුරු අවස්ථාවේ මතක සටහන් කිහිපයකි.


සියලු ඡායාරූප මෙතනින් බලන්න...

රජරට උපකුලපති පුටුව මාස 3 ක්‌ තිස්‌සේ හිස්‌

University of Rajarata

රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය පුරප්පාඩු වී මාස තුනකට ආසන්න කාලයක්‌ ගතවී තිබේ.

හිටපු උපකුලපති මහාචාර්ය කේ. ඒ. නන්දසේන මහතාගේ නිල කාලය පසුගිය සැප්තැම්බර් මස 16 වැනිදා අවසන් වූ අතර එම ධුරය සඳහා සුදුස්‌සන් තිදෙනකුගේ නම් පසුගිය මාසයේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යවා ඇත.

මහාචාර්ය රංජිත් විෙ-වර්ධන, ආචාර්ය කේ. ජී. උදයකුමාර හා ආචාර්ය ආනන්ද කුමාරසිරි යන මහත්වරුන්ගේ නම් මෙලෙස යවා ඇති අතර ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒවා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ අතරින් සුදුස්‌සකු උපකුලපති ධුරය සඳහා නම් කිරීම ජනාධිපතිවරයාට පැවැරී ඇත.

උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වීම හා නවක සිසුන් බඳවා ගැනීම යන කටයුතු සඳහා උපකුලපතිවරයකු පත් කිරීම අත්‍යවශ්‍ය යෑයි එම විශ්වවිද්‍යාල ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

-නිලන්ත මදුරාවල divaina

Monday, November 26, 2012

සරසවි නායකත්ව පුහුණු වැඩසටහනට කෝටි 25ක්



දෙසැම්බර් 27 වනදා ආරම්භ කෙරෙන 2012 නායකත්ව පුහුණු වැඩසටහන සඳහා මිලියන 250කට අධික මුදලක් වැයවෙන බව ගනන් බලා තිබේ.

2010 උසස් පෙලට ඉදිරිපත්වූ සිසුන් සඳහා 2011 වසරේ ප්‍රථම වරට එම පුහුණු වැඩසටහන පැවති අතර සිසුන් 22,000 කට ආසන්න සංඛ්‍යාවක් ඊට සහභාගි විය.

නමුත් මෙවට වැඩිපුර සිසින් 5,609ක් ද ඇතුලත්ව සිසුන් 28,000කට ආසන්න සංඛ්‍යාවක් මෙම පුහුණුව ලබාදීමට සිදුව ඇත. මේ අනුව එක් ශිෂ්‍යයෙක් සඳහා වැයවන මුදල දළ වශයෙන් රු. 9,000කි.

පසුගිය වසරේ නායකත්ව පුහුණුව සඳහා සමස්ත වියදම රුපියල් මිලියන 200කට ආසන්න විය.

2011 උසස් පෙල සමතුන් සඳහා වන නායකත්ව පුහුණු වැඩසටහන දෙසැම්බර් 27 වෙනිදා සිට පෙබරවරි 28 වනදා දක්වා අදියර 3ක් යටතේ පැවැත්වීමට නියමිතය. අනතුරුව මාර්තු මුල් දෙසතිය තුළදී සරසවි ප්‍රවේශය සිදුකිරීම අපේක්ෂාව බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි


කෙසේ නමුත් මෙවරද නායකත්ව පුහුණුව පවත්වනු ලබන්නේ ආචාර්යවරුන්ගේ ඉල්ලීම් වලට පටහැනිව යමිනි.ඒ සම්බන්දව ඔවුන් ඔවුන්ගේ අප්‍රසාදය පලකර ඇති අතර මෙය සිසුන් මිලිටරිකරනයට ලක්කිරීමක් බව දිගින්දිගටම පෙන්වාදී ඇත.මිලිටරිකරනය කල ජනතාවක් සිටින රටක් පාලනය කිරීම ඉතාපහසුය.මන්දයත් ඔවුන්ට රාමුවෙන් පිට සිතීමට නොහැක,සංවාද කිරීමට නොහැක,අසාධාරණය දු‍ටුවිට අරගල කිරීමට නොහැක කොටින්ම කිවහොත් ඔවුන් පිලිගන්නේ ඉහලින් එන අණ පමනකි.පාසලේ විදුහල්පති කර්නල් කර පසුව කර්නල් විදුහල්පති වරුන් වියහැක.කර්නල් විදුහල්පතිලාගේ සිට හමුදා කදවුරු වල පවත්නා නායකත්ව පුහුණුව දක්වා අප ගෙනයන්නේ කුමන ස්ථානයකටදැයි අප සිතාබැලිය යුතු නොවේද.


මෙම ලැයිස්තුව ඔබට දෙසැම්බර් 15 දින සිට ලැබෙන දැනුම්දීමේ ලියුමත් සමග ලැබෙනු ඇත.ඉහතින් දක්වා ඇත්තේ වියදම් කරන කෝටි 25න් ඔබට නොමිලේ ලබාදෙන ද්‍රව්‍ය යයි ඔබ සිතනවානම් එය වැරදිය.එම ද්‍රව්‍ය ඔබ නායකත්ව පුහුණුවට සහභාගී වනවිට මුදලට ගෙන ‍රැගෙන යායුතු ද්‍රව්‍යවේ.දත්බෙහෙත් පැකට්‍ටුවෙ සිට කැන්වස් සපත්තු යුගලය දක්වාම ඔබ ‍රැගෙනයා යුතුය.අප දන්නා තරමට මෙම බඩු ලැයිස්තුව මිලදීගැනීමට අවම වශයෙන් රුපියල් දසදහසක්(10 000) වත් වැයකිරීමට සිදුවේ.පිටිසර ගම්මානවල කුප්පිලාම්පුවෙන් උසස්පෙලට පාඩම්කර ඉතා දුක්බරලෙස ක‍ටුකලෙස රටට ලෝකයට ණයවී උසස්පෙල සමත්ව විශ්වවිද්‍යාලක් පතන රටට බත සපයන ගොවියාගේ දරුවාට නායකත්වපුහුණුව යතාර්තයක් වන්නේ කෙසේදැයි අප නොදනිමු.ඔවුන්ට කිසිවිටෙක මෙතරම් විශාල මුදලක් වැයකල නොහැක.අප දන්නා තරමට රජය විසින් ඔබට සපයන්නේ ආහාර සහ කමීස දෙකක් පමනි.


දැන් විශ්වවිද්‍යාල සිසුන්ට අවශ්‍යව ඇත්තේ නායකත්ව පුහුණුවක් පමනක් යයි යමෙකු කියනවානම් ඔහු විදේශිකයෙකු වියහැක මන්දයත් විශ්වවිද්‍යාල පද්දතිය තුල ඇති අඩුපාඩුකම් අප සියල්ලෝම දනිමු.නේවාසිකාගාර පහසුකම් නොමැතිවීම නිසා සිසුන් බහුතරයකට වෙනත් පෞද්ගලික නේවාසිකාගාරවල සිටීමට විශාල මුදලක් වැයවේ.මෙම මුදල් එවැනි ඵලදායී වැඩපිලිවෙලකට යොමු කරන්නේනම් කොතරම් වටීද.

"බන්දුල මහත්තය කියන විදියට මාසයක් සදහා එක පුද්ගලයෙකුගේ වියදම රු 2500/-

නායකත්ව පුහුණුව පැවැත්වෙන කාලය මාස බාගයයි. එතකොට කෑම සදහා එක ශිෂ්‍යකෙගේ වියදම 1250/- t-shirt 2 සදහා වියදම රු 1000/- ලෙසත්  අනෙකුත් වියදම් රු 750/- ලෙසත් ගණන් බැලු කල , එක ශිෂයෙකු සදහා වියදම රු 3000/-

මෙවර ඇතුලත් කරගන්න විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රමාණය 30000 ක් ලෙස ගණන් බැලු විට සමස්ත වියදම රු 90000000/-(කෝටි 9) මන් මේ නිකමට වගේ අහන්නේ SB මහත්තයෝ, ඉතිරි කෝටි 16 ට මොකද වුනේ ."

(ලංකාවේ ජීවත් වීමට අපේ ආණ්ඩුවේ මාමල කියන විදියට වැඩි වියදමක් නොයන නිසා, මීටත් වඩා මෙම මිල ගණන් අඩු විය හැකි බව කරුණාවෙන් සලකන්න)

ජාතීන් වශයෙන් පාසල් වෙන් කිරීමේ වැඩපිළිවෙළ නතර කළ යුතුයි

Wasudewa Nanayakkara
සහෝදර ජාතීන් සමග එකමුතුව, සුහදතාවය ගොඩනැඟීම ආරම්භ කළ යුත්තේ පාසල් අධ්‍යාපනය තුළින් පාසලේදීම වන බැවින් මින් පෙර සිදුවූ අත්වැරදීම් පසෙක දමා දැන්වත් සිංහල, දෙමළ, මුස්‌ලිම් වශයෙන් පාසල් වෙන් කිරීමේ වැඩපිළිවෙළ නතර කළ යුතු යෑයි ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා පැවසීය. 

අමාත්‍යවරයා මෙම අදහස්‌ ප්‍රකාශ කළේ මධ්‍යම පළාතේ මහජන නියෝජිතයන් සඳහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ අවබෝධයක්‌ ලබාදීම පිණිස පසුගියදා මහනුවරදී පැවැති වැඩමුළුවකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා -

රටක පැවැත්මට සංහිඳියාවක්‌ අවශ්‍යයි. සංහිඳියාව අපි එකිනෙකා එකඟ වූ පිළිගත හැකි ස්‌ථාවරයයි. රටක යුද්ධයක්‌ පවතින විට රටේ අනන්‍යතාවය, සංහිඳියාව ගොඩ නගන්න ඉඩ ප්‍රස්‌ථාවක්‌ නෑ. නමුත් දැන් යුද්ධය හමාරයි. දැන් රටේ සංහිඳියාව ගොඩනගා ගත යුතුයි. ඒ තුළින් එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ ගොඩනැගිය යුතු වෙනවා. මේ එක්‌සත් බව ඇතිවන්න භාෂාව ප්‍රධාන සාධකයක්‌ වෙනවා. භාෂාවන්ගෙන් එකට සමීප වුණොත් පමණයි මේ ඒකීයත්වය ගොඩනැඟෙන්නේ."

ද්විභාෂාවන්ගෙන් කටයුතු කිරීම තුළින් මේ තත්ත්වය ගොඩනඟන්න පුළුවන්. අපේ රටේ ප්‍රධාන භාෂා දෙක සිංහල, දෙමළ, ඉංග්‍රීසි ආගන්තුක එකක්‌. එහෙත් කුසලතා, දැනුම උදෙසා ඉංග්‍රීසි අවශ්‍යයි. නමුත් සිංහල, දෙමළ අපි සියලු දෙනාම දැනගත යුතුයි, අපට අපේ භාෂාව වන්දනීයයි. අනෙක්‌ අයටද එසේමයි. එසේ නම් මේ ඒකීයත්වය ගොඩනැඟිය යුත්තේ භාෂා දෙකම ඉගෙනීම තුළිනුයි. ඒ නිසා එම භාෂා දැනුම වර්ධනය කිරීමට සමාජ ආශ්‍රයෙන් භාෂාව හැදැරීමට පාසල් අවධියේ සිට එකට එක්‌වූ සමාජ වටපිටාවක්‌ අවශ්‍යයි. ඒ නිසා සිංහල, දෙමළ, මුස්‌ලිම් වශයෙන් පාසල් වෙන් නොකර සියලු ජාතීන් එකම පාසලේ එකට අධ්‍යාපනය ලැබීමේ වටපිටාවක්‌ සකස්‌ කර අන්‍ය ජාතීන් සඳහා වූ අන්‍ය භාෂාවන් සඳහා වූ ආගන්තුක බව නුරුස්‌සන ගතිය වෙනස්‌කර එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ බිහිකරමු යෑයිද, එක්‌සත් ශ්‍රී ලංකාවකින් තොර ආශ්චර්යක්‌ නොමැති බවද ඇමැති වාසුදේව මහතා වැඩිදුරටත් පැවසීය.

-තිවංක අබේරත්න divaina

අද අපේ රටේ බහුතරයක් තරුණ ප‍්‍රජාවට තමන්ගේ උසස් අධ්‍යාපන අයිතිය අහිමිවෙලා.


"හෙටක් සහිත රටක් උදෙසා වූ ‘තරුණ්‍යයේ හඬ’" සංවිධානයේ හම්බන්තොට දිසා සමුළුව ඊයේ (24) පස්වරුවේ තංගල්ල සමූපකාර ශාලාවේදී විශාල තරුණ තරුණියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ බව එම සංවිධානයේ මාධ්‍ය ඒකකය පවසයි.

හම්බන්තොට දිස්ත‍්‍රික් සභාවේ නිළධාරී මණ්ඩලය තෝරාපත් කර ගැනීමද මෙහිදී සිදු වී තිබේ. එහි දි මහේෂ් අබේපිටිය මහතා සභාපතිවරයා ලෙසද, අශෝකා රාජීනි මෙනවිය ලේකම්වරිය ලෙසද තේරීපත්වී ඇත.


තාරුණ්‍යයේහඬ සංවිධානයේ ජාතික සූදානම් කිරීමේ කමිටුවේ සම කැඳවුම්කරු ගයාන් ජානක මහතා සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතාද මේ අවස්ථාවට සහභාගි විය. 

එහි දි අදහස් දැක්වූ ගයාන් ජානක මහතා දැක්වූ අදහස් පහත පළවේ,


‘‘ලාංකීය තරුණ තරුණියන්ට අද අභියෝග රාශියකට මුහුණ දෙන්න සිද්ධවෙලා තියනවා. අද අපේ රටේ බහුතරයක් තරුණ ප‍්‍රජාවට තමන්ගේ උසස් අධ්‍යාපන අයිතිය අහිමිවෙලා. එක් අවුරුද්දකදී අපේ රටේ සාමාන්‍යයෙන් දරුවන් 350,000ක් පමණ උපදිනවා. ඒ අතරින් වාර්ෂිකව උසස්පෙළ විභාගයට පෙනී සිටින්නේ 220,000ක් පමණයි. නමුත් ඒකෙනුත් මේ කඩඉම පහු කරන්නේ 140,000ක් දෙනා පමණයි. මේ 140,000 යෙනුත් සරසවිවලට ඇතුලත් කරගන්නේ 20,000ක් විතරයි. නමත් අර ඉතිරිවන 330,000ට මොකද වෙන්නේ. ඒ අයට අධ්‍යාපනය ලබන්නට අයිතියක් නැද්ද.

අපේ රටේ තරුණ තරුණියන් ලක්ෂ 15කට රැකියා නෑ. තවත් විශාල පිරිසක් ඌණ සේවා නියුක්තිකයින්. ඒවගේම මේ පසුගිය වසරවලදී ආර්ථික අර්බුදය නිසා කර්මාන්ත ශාලා වසා දැමීම හේතුවෙන් දහස් ගණනක් තරුණ තරුණියන්ට රැකියා අහිමි වුණා. මේ අයගේ අනාගතයට මොකද වෙන්නේ. කවුද ඒ අය වෙනුවෙන් කතා කරන්නේ. ඒ අය වෙනුවෙන් අපේ රටේ තිබෙන වැඩපිළිවෙල මොකක්ද?



තරුණ ප‍්‍රජාවගේ ප‍්‍රශ්ණ මේ විදිහට කාගෙවත් අවධානයට ලක්නොවී තිබිද්දි විවිධ සමාජ අපචාර පිළිබඳ චෝදනා නම් නොවඩුව ඔවුන් වෙත එල්ල වෙනවා. ඒ නිසා අද වන විට තරුණයින්ට තම අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් අභියෝගයක් තිබෙනවා. ඒ අභියෝගය ජයගන්න පුළුවන් අරගල කිරීම තුළින්ම පමණයි. අරගල තුළින් අභියෝග ජය ගැනීම පිළිබඳව උදාහරණ අප මේ මෑත කාලීනව දක්වන්න පුළුවන්. කටුනායක වෙළඳ කලාපයේ සේවක සේවිකාවන්ගේ සේවක අර්ත සාධක අරමුදල රැකගැනීම වෙනුවෙන් වූ අරගලය, උසස්පෙළ ඉසෙඞ් ස්කොර් ප‍්‍රශ්නය පිළිබඳ අරගලය. පුද්ගලික විශ්ව විද්‍යාලවලට එරෙහි ශිෂ්‍ය අරගලය ඉන් කිහිපයක්.


තාරුණ්‍යයේ හඬ බිහි වෙන්නේ තරුණයින්ගේ අභියෝග ජය ගැනීම පිණිස අරගල කිරීම වෙනුවෙන්. ඒ නිසා තරුණ ඔබට ජීවිතයේ අභියෝග ජයගන්න ඒ වෙනුවෙන් අරගල කරන්න තාරුණ්‍යයේ හඬ සමග එක්වන්න කියලා. සහෝදරාත්මකව ඇරයුම් කරනවා.’’

තාරුණ්‍යයේ හඩ අනුරාධපුර දිස්ත‍්‍රික් සමුළුව හා දිසා සභාව පිහිටූවීම අද (25) සවස 03ට අනුරාධපුර CTC ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

Saturday, November 24, 2012

නරුම ක‍්‍රමයට ගොදුරුලෙස අධ්‍යාපනය බිලි නොදෙමු!

යුගයේ ඛේදවාචකය වන්නේ නරක මිනිසුන්ගේ නරක කි‍්‍රයා නොව හොඳ මිනිසුන්ගේ නිහඬතාවයයි
- මාටින් ලූතර් කිං

අද අපි රටක් විදිහට මුහුණ දෙන බොහෝ අර්බුදවලට හේතුවත් මේකම තමයි. අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ ගත්තොත් අද ප‍්‍රශ්න කන්දක් තියෙනවා. බඩුමිල අඛණ්ඩව ඉහළ යනවා. ජීවන බර අහස උසට. වැටුප් වැඩිකරලා නෑ. ආදායම් වැඩිවෙලා නෑ. කෘෂිකර්මාන්තය ඉවරයි. මොකද? ආණ්ඩුව වැව් හින්දලා නිදන් හොයනවා. කෘෂිවිද්‍යාල වහලා, ගොවිපලවල් වහලා, ගුවන් තොටුපලවල් හදනවා. රක්‍ෂිත වනාන්තර, අභයභූමි ඉවරයි. මොකද ආණ්ඩුව සංචාරකයන්ට හෝටල් හදනවා.

අධ්‍යාපනය, සෞඛ්‍ය සහන කපනවා. සල්ලි නෑ. මොකද ඇමති නඩය හොරාකනවා, රට සවාරි යනවා. රාජ්‍ය ආයතන පාඩු ලබනවා. බාල තෙල් ගේනවා නැව් පිටින් හලනවා. මොනවා උනත් ආරක්‍ෂක වියදම් වැඩි කරනවා. හැබැයි රටේ ආරක්‍ෂාව යකාට ගිහිං. කිරි දරුවෙකුට පාරේ යන්න බෑ. දවසකට ස්තී‍්‍ර දූෂණ 06 ක් 07 ක් වාර්තා වෙනවා. පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, පුද්ගල ඝාතන වලින් තොරව ගෙවෙන දවසක් නෑ.

නීතිය වල්වැදිලා, කැලෑ නීතිය රජයනවා. හොරු, දූෂකයෝ, කුඩුකාරයෝ, අපරාධකාරයෝ චෝදනා නෑ. නිදහස් වෙලා යනවා. මේවා වැරදියි කියල කිව්වොත්, අයිතීන් ඉල්ලලා සටන් කලොත් කුදලගෙන ගිහිල්ල හිරේ විලංගුවෙ දානවා. මේකට කියනවා ආසියාවේ අශ්චර්යය කියලා.
අධ්‍යාපන අයිතියට වැට.

නිදහස් අධ්‍යාපනයට වෙලා තියෙන නස්පැත්තිය ඔබ දන්නවා. උසස් පෙළ ප‍්‍රශ්නපත‍්‍ර වැරදි, 2011 විභාග ප‍්‍රතිඵල වැරැුද්දුවා. ඒකේ ප‍්‍රතිඵල තවමත් නිකුත් කරලා නෑ. ශිෂ්‍යත්ව විභාග ප‍්‍රශ්නපත‍්‍ර පැන්නුවා. මෙවර උසස්පෙළ ප‍්‍රතිඵල දෙන්න විදිහක් නෑ. මොකද? ආචාර්යවරු, ගුරුවරු ප‍්‍රශ්න පත‍්‍ර බැලීම වර්ජනය කරලා.

විශ්වවිද්‍යාල මාස ගණනක් වෙනවා වහලා. ආචාර්යවරුන් පාරට බැහැලැ උද්ඝෝෂණය කරනවා ගුරුවරුන්ට හරිහමන් වැටුපක් ගෙවන්නෙ නෑ. අධ්‍යාපන ප‍්‍රතිපාදන කැපුවා. සියයට 06 ක් අධ්‍යාපනයට වෙන් කළ යුතුයි. හැබැයි, ලංකාව දැනුමේ කේන්ද්‍රය කරනවා කියකියා රාජපක්‍ෂලා අධ්‍යාපන වියදම් 1.8% දක්වාම පල්ලම් බැස්සුවා. නඩත්තුවට මුදල් නැතුව පාසල් වැහෙනවා. 2005 ඉදලා ඉස්කොල 350 ක් වැහුණා. අනෙක් පැත්තෙන් පාසල් වලින් දාස් ගණන් ගාස්තු අයකරනවා. ඒක දෙමාපියන්ට දරාගන්න බෑ. අධ්‍යාපනය මාෆියාවක් වෙලා ඉවරයි. මොකද අපි දන්නවා පාසල් වලට ගෙවන්න තියා සමහර දෙමවුපියන්ට අද උපයන සොච්චමෙන් දරුවන්ට තුන්වේල කන්න දෙන්න වත් මදි.

ඔබේ දරුවන්ව යවන්න ඉස්කෝලයක් නෑ. සරසවියක් නෑ. A 3 ක් ගත්තත් විශ්වවිද්‍යාලයට යන්න බෑ. විශ්වවිද්‍යාලවල ඉඩ නෑ. පහසුකම් පුලූල් කරන්න අරමුදල් දෙන්නෙ නෑ. රජයට මුදල් නෑ කියලා කියනවා. හැබැයි 2011 දැයට කිරුළට රු. මි. 22,000 වියදම් කරලා තියෙනවා. අපි අහනවා ඔබට ඕන මේ වගේ පොඩි පොඩි චූන්ද නැත්නම් දරුවන්ට අනාගතයක් ද කියලා. මේ නාස්ති කරන මුදල් අධ්‍යාපනයට වෙන්කළා නම් ඔබට පාසල්වලට ගෙවන්න වෙන්නෙ නෑ. තව දාහක් දෙදාහක් විශ්වවිද්‍යාලවලට බඳව ගන්න තිබුණා.

හතුපිපෙන්න වගේ උපාධි කඩ රටපුරා අරිනවා. දැන් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය විකුණනවා ලක්‍ෂ 65 යි. ඒ ගාන ගෙවන්න පුළුවන් නම් සුදුසුකම් ඕනත් නෑ. දැනටමත් උසස් පෙළ අසමත් ශිෂ්‍යයෝ වෛද්‍යවරු වෙන්න ඉගෙන ගන්නවා. හැබැයි මේ ආණ්ඩුව නඩත්තු කරන්න බදු ගෙවන 99%ක් ම ජනතාවගේ දරුවන්ට ් 3 ගත්තත් යන්න වෛද්‍ය පීඨයක් නෑ. ඒ ශිෂ්‍යයින්ය ‘‘සරසවියක් දියව්’’ කියලා උද්ඝෝෂණ කරන්න වෙලා.

මේක තමයි ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය. අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කරන්න යනවා. එතකොට අධ්‍යාපනය අයිතියක් නෙවෙයි. කෝටිපති අතලොස්සකගේ වරප‍්‍රසාදයක් විතරයි. ජනාධිපතිතුමාගේ පෝඩි පුතා අභ්‍යාවකාශ විද්‍යාව ඉගෙන ගන්න රුසියාවට යවනවා. ලෝක බැංකුවේ කොන්දේශිවලට අනුව අධ්‍යාපන ප‍්‍රතිපාදන කපලා ඔබේ දරුවන්ට යන්න තියෙන පාසල, සරසවිය වැහෙන්න අරිනවා. ඒ තමයි රටේම දරුවන්ට සුභ අනාගතයක් හදනවා කියලා පාරම්බාපු ආඩම්බරකාර තාත්තගෙ හැටි.
විසඳුම කුමක්ද?

මේවට විසඳුමක් නැද්ද? තියෙනවා. ඒත් ඒක සරල නෑ. ඒක තීරණය වෙන්නේ ඔබේ ක‍්‍රියාකාරීක්වය උඩ. අපි දන්නවා සමහරවිට පුද්ගලිකව ඔබට තවමත් මේ ප‍්‍රශ්නය මුණ ගැහිලා නැතුව ඇති. ‘‘ ඕවා අපිට වැඩක් නෑ. අපේ එකාට ඉස්කෝලයක් ලැබුණා. විශ්වවිද්‍යාලයට තේරුණා’’ කියලා සමහර දෙමවුපියෝ හිතනවා. මේ අය හිතනවනම් වෙන කාට කෙල වුනත් කමක් නෑ අපේ එකාට අනාගතයක් තියෙනවා කියලා, ඒක හරියට යකඩ ගිනිගත්ත තැන පුළුන් හොයනවා වගේ නිශ්ඵල වැඩක් විතරයි.

අද නැත්නම් හෙට ඔබටත් මේ ප‍්‍රශ්න මුණ ගැහෙනවා. එතකොට ප‍්‍රමාද වැඩිවෙන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා අධ්‍යාපන අයිතිය රැුක ගන්න නොපමාව පෙරට ආ යුතුයි. සමහරු සටන් කරලා දේවල් දිනා ගන්නවා වෙනුවට බහුබූත යෝජනා ගේනවා. ඇමති මාරු කරාම හරි, ආණ්ඩු මාරු කරාම හරි. අපල වෙන්නැති. ඒ හින්දා බෝධි පූජාවක් තියනවා. නැත්නම් මුන්ව හැඳිගෑවිලා යන්න පොල් ගහනවා කියලා හිතනවා. අපි කියනවා මේ වගේ මනස්ගාතවලින් ප‍්‍රශ්න විසඳන්න බෑ. මේ මොනව කලත් තමන්ගේ ප‍්‍රතිපත්ති මේ මජර පාලකයෝ වෙනස් කරන්නේ නෑ. වෙනස් කරන්න නම් ඔවුන්ගෙ බලය අභියෝගයකට ලක් වෙන්න ඕන.

ඒ නිසා අධ්‍යාපන අයිතීන් රැක ගන්න පුළුල් ජනබලයක් ගොඩනැගිය යුතුයි. පෙරට විත් සටන් වැදිය යුතුයි. නිවට නැති ධෛර්ය තියෙන හැමෝටම අපි කියනවා ඔබ ඔබේ හෘද සාක්ෂියට සවන් දෙන්න. යුතුකම වගකීම වෙනුවෙන් පෙරට එන්න කියලා. එහෙම නැති නිවටුන්ට පුළුවන් අර්බුදයේ ගිලෙන්න. ගිලිලා විනාශවෙන්න. අපෙන් බාධාවක් නෑ.

අවසාන වශයෙන් ප‍්‍රශ්නේ තියෙන්නේ පාලකයෝ කරන මේ විනාශයේ නෙවෙයි. මොකද මොන ආණ්ඩුව ආවත්, මොන ඇමති හිටියත් ප‍්‍රතිඵලය එකයි. 1981 ඹභඡු ය ගෙනාව ධවල පත‍්‍රිකාවෙ ඉදලා පත්වෙච්ච හැම ආණ්ඩුවක්ම අධ්‍යාපනය වනසන්න හැදුවා. වෙනස රාජපක්ෂලා ඒක කාටත් වඩා ඉස්සරහින් ඉදල කරන එක විතරයි. ඒ තමයි පාලකයන්්ගේ දේශපාලන වුවමනාව. ප‍්‍රශ්නය ඒක නෙවෙයි මේ තරම් මේව වෙද්දි ජනතාව නිහඩව ඉන්න එකයි.

ඒ නිහඩතාවය බිඳලා දැන් ඉහළට ඔසවලා, අභියෝග කළ යුතුයි. කම්හලෙන්, ගොවිබිමෙන්, කාර්යාලයෙන්, නිවසින් එලියට බැහැල සටන් වැදිය යුතුයි. සෑම සියලූ දෙනෙක්ම එකාවන්ව එක්ව බලකර සිටිය යුතුයි. ඒ තාක්කල් මේ විනාශය නවතින්නෙ නෑ. ඒ නිසා දෙමවුපියනි ! අපි කියනවා. ඔබේ දරුවන්ගෙ දෑස් පාදන්න තියෙන අධ්‍යාපනය රැකලා, ඔවුන්ට අනාගතයක් හදන්න, ගෞරවයක්, අභිමානයක් තියෙන මිනිස්සු කරන්න පෙරට එන්න. අපි ඔබට නැවත නැවතත් කියනවා ඒ වෙනුවෙන් සටන් වදින්න, හෙට දවසෙ වීදියෙ ඇවිලෙන සටනට එකතුවෙන්න කියලා.

නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිවි හිමියෙන් සුරකිමු!


අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

රජරට සිසුන්ගෙන් වැඩිහිටි සත්කාරයක්

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ සිසුන් විසින් සංවිධානය කල විශේෂ වැඩසටහනක් පසුගිය 21 වනදා පැවැත්විණ. ඒ අනුරාධපුර සාලියපුර වැඩිහිටි නිවාසයේදීය. වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන්ට සමග දිනය පුරා ගත කල ඔවුහු එහිදී ඔවුන් වෙනුවෙන් දිව ආහාරය තම අතින්ම සකස් කීරීමට කටයුතු කල අතර සවස් යාමයේ දී පැදුරු සාජ්ජයක් ද පැවැත්විණි.
 
සියලු ඡායාරූප මෙතනින් බලන්න

PMC විරෝධී වෛද්‍ය වරුන් දෙදෙනා වැඩි චන්දයෙන් වෛද්‍ය සභාවට

No PMC - IMFSAC
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සාමාජිකයන් දෙදෙනකු පත් කරලීම සඳහා පැවැති නිලවරණයේදී ඒ සඳහා ස්‌වාධීනව තරග වැදුණු වෛද්‍යවරුන් දෙදෙනෙකු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නම් කර තිබූ වෛද්‍යවරුන් දෙදෙනා පරාජය කරමින් වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කර තිබේ.

මෙසේ වැඩි ඡන්දයෙන් වෛද්‍ය සභාවේ සාමාජිකයන් වශයෙන් පත්ව ඇත්තේ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කටයුතු කරන වෛද්‍ය නිලධාරීන් දෙපළක්‌ වන කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරි උපුල් ගුණසේකර හා එම රෝහලේම ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි සිවරාජාසිංහම් සිවප්‍රියන් යන මහත්වරුන්ය.

මෙම නිලවරණය සඳහා වන ඡන්ද විමසීම ඉකුත් නොවැම්බර් 15 දා සිට 21 දා දක්‌වා පැවැති අතර රජයේ වෛද්‍යවරුන් දහසයදහසක්‌ දෙනා මේ සඳහා ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටියහ.

මෙහිදී වෛද්‍ය උපුල් ගුණසේකර හා වෛද්‍ය සිවප්‍රියන් යන මහත්වරුන්ට පිළිවෙළින් ඡන්ද 1500 ක්‌ හා 1450 ක්‌ බැගින් ලැබුණු අතර ඔවුන් හා තරග වැදි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නම් කරන ලද රත්නපුර රෝහලේ වෛද්‍ය සමන් අබේවර්ධන හා ජාතික රෝහලේ වෛද්‍ය සමන් අබේවර්ධන යන දෙදෙනාම පිළිවෙළින් ඡන්ද 820 ක්‌ හා 860 ක්‌ ලබා ගෙන තිබිණි.

-ඒමන්ති මාරඹේ (divaina)

වාර විභාගය තියෙද්දී සිසුන් පිරිසක්‌ උත්සවයකට යවලා

Minister Bandula goonawaradana

අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (21) හෝමාගම නව බස් නැවතුම්පළ විවෘත කෙරිණි. එම අවස්ථාවට හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනියගේ ඕනෑකම මත 10 ශ්‍රේණියේ සිසු පිරිසක් සහභාගි කර ඇත්තේ අවසාන වාර පරීක්‍ෂණය පවත්වමින් තිබියදීය.

විදුහල්පතිනියගේ මෙම වගකීම් විරහිත, අත්තනෝමතික කි‍්‍රයාව හේතුවෙන් 10 ශේ‍්‍රණියේ එදිනට විභාගයට පෙනී සිටීමට සිටි දරුවන් පිරිසකට නියමිත වේලාවට විභාගයට පෙනීසිටීමට නොහැකිවූ අතර ඔවුන්ට පමණක් වෙනම වේලාවක් තුළදී විභාගය පවත්වා ඇත.

මෙම සිදුවීම පිළිබඳව ලංකා ගුරු සේවා සංගමය මගින් බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමතිවරයා වෙත පැමිණිලි කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් වහා පරීක්‍ෂණයක් පවත්වන ලෙස එම සංගමය මගින් ඉල්ලීමක් කර තිබේ.

එහි ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ අත්සනින් යුතුව පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යවන ලද ලිපියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

‘‘එම දරුවන් පිරිසට නියමිත වේලාවට නියමිත පරිදි විභාගයට ඉදිරිපත් වීමට තිබූ ඉඩකඩ හිතාමතාමා ඇහිරීම තුළ මෙම විදුහල්පතිනිය බරපතළ වරදක් සිදුකර තිබේ. මේ තුළ එම දරුවන් පිරිස යහපත් මානසිකත්වයකින් විභාගයට සූදානම්ව පැමිණියද එම ඉඩකඩ වැළැක්වීම තුළ ඔවුන් යම් ව්‍යාකූලත්වයකට පත්ව විභාගයට මුහුණදීම අනිවාර්ය කරුණකි.

එසේම එම පංතිවල විභාගයට ඉදිරිපත්වූ අනෙක් දරුවන්ට වඩා වෙනස් වේලාවකදී පසුව එම විභාගයට උක්ත දරුවන් පිරිසට පැවැත්වීම තුළ අනෙක් දරුවන් තුළ විභාගය පිළිබඳ අවශ්වාසයක් හා සැකයක් මතුව තිබේ. එය සාධාරණ තත්වයක් වන අතර මේ පිළිබඳව දෙමව්පියන් තුළද සැකයක් මතුව තිබේ.

පොදු විභාගයක් පැවැත්වෙන අතරතුරදී එයට බාධාවන අයුරින් යම් පුද්ගලයකු කටයුතු කිරීම වරදක් වන අතර පාසලේ ප‍්‍රධානියා විසින්ම එය සිදුකිරීම බරපතළ වරදක් වන අතර මෙවැනි සිදුවීම්වලට මූලික හේතුව අධ්‍යාපන පද්ධතිය දේශපාලනීකරණයට ලක්ව තිබීම බවට අප අවධාරණය කර සිටිමු.

දරුවන්ගේ විභාග මානසිකත්වය බිඳදමා විභාග පටිපාටීන් උල්ලංඝනය කරමින් තම දේශපාලන උවමනාවන් සපුරා ගැනීමට අහිංසක දරුවන්ගේ වටිනා අධ්‍යාපනික කාලය උදුරාගන්නා මෙවැනි අදූරදර්ශී විදුහල්පතිවරුන් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට මහත් කැලලක් වන බැවින් මෙම විදුහල්පතිනයගේ මෙම අත්තනෝමතික කි‍්‍රයාව සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පවත්වන ලෙස අප සංගමය දැඩි ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු."

Friday, November 23, 2012

මොරටුවෙන් ඉංජිනේරුවන් වී රට ගිය 300 කගෙන් යළි පැමිණ ඇත්තේ දෙදෙනකු පමණයි

මේ රටේ ඉංජිනේරුවකු බිහි කිරීමට රජයට රුපියල් විසිහතර ලක්‍ෂයක(2,400,000) පමණ මුදලක්‌ වැය වෙනවා. එහෙත් මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා පශ්චාත් උපාධි ලබා ගැනීමට විදේශවලට ගිය ඉංජිනේරුවන් තුන්සිය දෙනකුගෙන් නැවත මේ රටට පැමිණ සිටින්නේ දෙදෙනකු පමණක්‌ යෑයි විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙසේද කීවේය. එක වසරේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වනතුරු නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන මේ රටේ උපාධිධාරියකු බිහිකිරීමට රුපියල් හත් ලක්‍ෂයක(700,000) පමණ මුදලක්‌ රජයට වැයවෙනවා. එසේම වෛද්‍යවරයකු බිහිකරන්න රුපියල් විසි ලක්‍ෂයක්‌ (2,000,000) වැය වෙනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ උපාධිධාරීන් පනස්‌ දහසකට මෙම පත්වීම් දීමට ලැබීම සතුටට හේතුවක්‌. තමන්ට රටින් ලැබුණු දායාදය වෙනුවෙන් අද පත්වීම් ලබන උපාධිධාරීන් රට වෙනුවෙන් තම උපරිම ශක්‌තිය යොදා වැඩකළ යුතුයි.රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතු සඳහා උපාධිධාරී අභ්‍යාසලාභීන් අනුයුක්‌ත කිරීම නිමිත්තෙන් එහි ශ්‍රවණාගාරයේ පැවැති රැස්‌වීමේදී ඒ මහතා එසේ ප්‍රකාශ කළේය.

රට හුණු ඉරක්‌ දිගේ, ඇතිමලේ විදුහලේ දරුවෝ පාර මාරු වෙති

සියඹලාණ්‌ඩුව අධ්‍යාපන කොට්‌ඨාසයට අයත් ඇතිමලේ මහා විද්‍යාලයේ දරුවන්ට පාර මාරුවීම සඳහා ඇතිමලේ මොනරාගල ප්‍රධාන මාර්ගයේ විද්‍යාලය ඉදිරිපිට කහ ඉරක්‌ නොමැති කමින් රටහුණු වලින් සුදු ඉරක්‌ ලකුණු කර පාර මාරුවීම සඳහා භාවිත කරන අයුරු දැක ගත හැකි වේ.

මෙම විද්‍යාලයේ දරු දැරියන් අටසියයකට අධික පිරිසක්‌ අධ්‍යාපනය ලබන අතර, මොවුනගේ ආරක්‍ෂාව සඳහා එම විද්‍යාලයේ රිය නියාමක කණ්‌ඩායමක්‌ විසින් මෙම උපක්‍රමය භාවිත කර තිබේ.

ඇතිමලේ රථ වාහන පොලිසිය මගින් තමන්ට රිය නියාමක පුහුණුව ලබා දී ඇති මුත් ප්‍රායෝගික පුහුණුවක්‌ ලබා ගැනීම සඳහා කහ ඉරක්‌ නොමැති බව දරු දැරියෝ පවසති.

අනතුරක්‌ වීමට පෙර ඌව පළාත් බලධාරීන් විසින් මෙම විද්‍යාලය ඉදිරිපිට කහ ඉරක්‌ සලකුණු කිරීමට කටයුතු කරනු ඇතැයි මෙම දරුවෝ අපේක්‍ෂාවෙන් සිටිති.


මා.ප. තිලකසූරිය

Thursday, November 22, 2012

ඔත්තුකරුවන් විශ්වවිද්‍යාල වලට ඇතුලුකිරීම


පුහුණු කරන ලද ඔත්තුකරුවන්  විශ්වවිද්‍යාල පද්දතියට ඇතුලුකිරීම සම්බන්දයෙන් පසුගියකාලය පුරාවට විවිධ මතවාදයන් ගලා ආ අතර වරෙක අඛිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශකර සිටියේ පුහුනුකරනලද හමුදා ඔත්තුකරුවන් මේසදහා යොදාගන්නා බවයි.

"හමුදාවල සිටින උසස් පෙළ සමත් හා සරසවි වරම් ලැබීමට සුදුසු සෙබළුන් තෝරා ඔවුන් හමුදා සෙබළුන්ට වැඩිදුර අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනක් ලෙස හඳුන්වා විශ්වවිද්‍යාලවලට එවීම මෙම සැලසුමයි. මීට පෙරද මේ ආකාරයට පුද්ගලයින් සරසවි සිසුන් ලෙස අධ්‍යාපනය ලැබමින් ඔත්තු සැපයූ නමුත් ඉන් ප්‍රමාණවත් ප්‍රතිඵල අත් වී නැත.
මේ නිසා සියලු විශ්වවිද්‍යාලවලට විශාල ඔත්තුකරුවන් පිරිසක් එවීමට අවධානය යොමුව ඇතැයිද අනාවරණය වේ.
විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය දේශපාලනය අඩපණ කිරීමට සිසුන්ට හමුදා පුහුණුවක් ලබාදීමට පියවර ගත් අතර එයද මේ වන විට අසාර්ථක වී තිබේ."-  lankaviews 27 June 2012

උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය පිළිබඳ වූ වැය ශීර්ෂය සම්බන්ධයෙන් අයවැය කාරක සභා විවාදයට එක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා, මේවන විට පුහුණුව ලත් ඔත්තුකරුවන් සරසවි තුළට ඇතුළත් කර තිබෙන බවත් එය බරපතළ තත්ත්වයක් බවත්, විශ්වවිද්‍යාල තුළ තිබිය යුතු නිදහස් මානසිකත්වය තවදුරටත් අර්බුදයට යවන්නක් බවත් පෙන්වාදුන්නේය.

ඊට පිළිතුරු දුන් එස්.බී. දිසානායක මහතා, “ඒවා දැම්මේ ඔත්තු බලන්න නොවෙයි. හැබැයි පෞද්ගලික ආරක්ෂක අංශයට තිබ්බ ආරක්ෂාව රණවිරුවන්ගෙන් හදපු, ආරක්ෂක අමාත්‍යංශය යටතේ තියෙන සමාගම් දෙකකට දුන්නා. ඒක ගණන් තමයි. හැබැයි අපි ඒකෙන් ජාතික කාර්යභාරයක් ඉටුකරනවා. “ යැයි පැවසීය.

දෙසැ. 04 වර්ජනය ස්තිරයි - ගුරු සංගම්

මේ වනවිට හිඟ වැටුප් ගෙවා ඇති බවට ආණ්ඩුව සිදුකරන ප‍්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බවත් එම බොරුවලින් දෙසැ. 04 වර්ජනය නැවැත්විය නොහැකි බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය. අද (21) දින කොළඹ නිපොන් හෝටලයේදී ගුරු විදුහල්පති ඒකාබද්ධ කමිටුව මගින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී ඔහු එලෙස ප‍්‍රකාශ කළේය.

නොවැම්බර් 08 අයවැය ඉදිරිපත් කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගුරු හිග, වැටුප් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් බවට පකාශ කළ බවද නොවැම්බර් 20 අධ්‍යාපන වැය ශීර්ෂ විවාදයේදී ගුරු හිග වැටුප් ගෙවීම සදහා රැපියල් මිලියන 35,000 ක් වෙන් කර ඇති බවට බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිවරයා ප‍්‍රකාශ කර ඇති බවද මේ දෙදෙනාගෙන් කව්ද බොරැ කියන්නේ යැයිද විමසා සිටි අතර බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගේ එම රැපියල් මිලියන 35,000 න් 6,700 ක් වෙන් කර අතුරු වැටුප් යෝජනාව ක‍්‍රියාත්මක කරන ලෙසද ඔහු එහිදී ප‍්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුව සඳහා ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ ලේකම් යල්වෙල පඤ්ඤාසේකර හාමුදුරුවන්, ස්වාධීන ලංකා ගුරු සංගමයේ සරත් කහගහල්ල, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ජගත් ආනන්ද සිල්වා, ශ‍්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ මොහාන් පරාක‍්‍රම වීරසිංහ, පොදු ගුරු වෘත්තිකයින්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් ජී.ඩබ්. දයාරත්න, ජාතික අධ්‍යාපන සේවක සංගමයේ විධායක සභික ප‍්‍රියන්ත පත්බේරිය , සමස්ත ලංකා විදුහල්පති සංගමයේ භාණ්ඩාගාරික ඥානරත්නම්, යන මහත්වරු සහභාගී වී සිටියහ.

ඒකාබද්ධ කමිටුව මගින් ඉදිරිපත් කර ඇති ප‍්‍රධාන ඉල්ලීම් අතර

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් යෝජනා කරන ලද අතුරු වැටුප් යෝජනාව ක‍්‍රියාත්මක කිරීම

ගුරු හා විදුහල්පතිවරුන්ගේ උසස්වීම් සහ හිඟ වැටුප් ගෙවීම

ආපදා ණය හා දේපල ණය ගෙවීම

දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම

අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය දේශපාලනීකරණය නතර කිරීම

යන ඉල්ලීම් ඇතළත් බවද ජයසිංහ මහතා එහිදී පැවසීය.

Z නිසා අවුල්වූ සිසුන් ලබන මාර්තුවේ සරසවියට ගන්නවා - එස්.බී.

ඉසෙඩ් අවුලෙන් අපහසුතාවට පත්වූ පන්දහස්‌ අටසිය ගණනක්‌ වූ සිසුන් ප්‍රමාණයද ලබන වසරේ (2013) මාර්තු මස 15 වැනිදා වන විට විශ්වවිද්‍යාල වෙත බඳවාගන්නා බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21 වැනිදා) පැවසීය. උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය පිළිබඳ වූ වැය ශීර්ෂය සම්බන්ධයෙන් අයවැය කාරක සභා විවාදයේදී අදහස්‌ දක්‌වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එම විවාදයට එක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පත්කළ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා, මේවන විට පුහුණුව ලත් ඔත්තුකරුවන් සරසවි තුළට ඇතුළත් කර තිබෙන බවත් එය බරපතළ තත්ත්වයක් බවත්, විශ්වවිද්‍යාල තුළ තිබිය යුතු නිදහස් මානසිකත්වය තවදුරටත් අර්බුදයට යවන්නක් බවත් පෙන්වාදුන්නේය.

ඊට පිළිතුරු දුන් එස්.බී. දිසානායක මහතා, “ඒවා දැම්මේ ඔත්තු බලන්න නොවෙයි. හැබැයි පෞද්ගලික ආරක්ෂක අංශයට තිබ්බ ආරක්ෂාව රණවිරුවන්ගෙන් හදපු, ආරක්ෂක අමාත්‍යංශය යටතේ තියෙන සමාගම් දෙකකට දුන්නා. ඒක ගණන් තමයි. හැබැයි අපි ඒකෙන් ජාතික කාර්යභාරයක් ඉටුකරනවා. “ යැයි පැවසීය.

"අසාත්මිකතාවක්‌ නොවේ" සෞඛ්‍ය අමාත්‍යාංශය

එක්‌ පාසලක එක්‌ දරුවකු හෝ දෙදෙනකුට සිරුර කැසීම, ක්‌ලාන්තය වැනි තත්ත්වයක්‌ මතු වූ විට සම වයස්‌ කාණ්‌ඩයේ අනෙකුත් අය ඊට ප්‍රතිචාර දැක්‌වීම මිස දැනට කර තිබෙන පර්යේෂණ අනුව අසාත්මිකතාව පවතින්නේ එක්‌ පාසලක දරුවන් කිහිප දෙනකුට පමණකැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

මෙම අසාත්මිකතාව විෂබීජයක්‌ හෝ ක්‍ෂද්‍ර ජීවීන් නිසා හෝ රසායනික ද්‍රව්‍යයක්‌ වෙනත් පරිසර සාධකයක්‌ මත ඇති වූ රෝගී තත්ත්වයක්‌ නොවන බවද ඊයේ (21 වැනිදා) කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයට රැස්‌ වූ චර්ම රෝග, කායික, ළමා රෝග හා වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසා ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනය මෙසේය.

පසුගිය දිනවල පාසල් කිහිපයක දරුවන් ඇඟ කැසීම, ක්‌ලාන්තය වැනි රෝග ලක්‍ෂණ සහිතව රෝහල් ගත කිරීමේ සිද්ධීන් පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශයේ මූලිකත්වයෙන් අදාළ ස්‌ථානවලදී පරීක්‍ෂණ කටයුතු මෙහෙයවනු ලැබීය. ඒ අනුව ගම්පොළ, මහනුවර, වැලිගෙපොල, අම්පාර, රත්නපුර, කොළඹ ඇතුළු එම ස්‌ථානවලට වසංගත රෝග විද්‍යා අංශයේ පරීක්‍ෂණ කණ්‌ඩායම් යොදවා මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු සිදු කරන ලදී.

මෙම පරීක්‍ෂණ කටයුතුවලට චර්ම රෝග, කායික රෝග, ළමා රෝග සහ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ඇතුළත් කණ්‌ඩායම් මේ සඳහා සහභාගි වූහ. එම පිරිස්‌ විසින් සිදු කරන ලද පරීක්‍ෂණ කටයුතු සම්බන්ධයෙන් ඊයේ (21දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සමාලෝචන රැස්‌වීමක්‌ පවත්වනු ලැබීය. සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ උපදෙස්‌ මත අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඊට වසංගත රෝග විද්‍යා අංශය, බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය, කොළඹ විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් පරපෝෂිතවේදය, මානසික රෝග විශේෂඥ වෛද්‍යවරු සහ අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ද සහභාගි වූහ.

දැනට කරන ලද පර්යේෂණ අනුව මෙම සිසු දරුවන් පීඩනයට පත් කළ මෙම රෝගය විෂබීජයක්‌ හෝ ක්‌ෂුද්‍ර ජීවීන් නිසා හෝ රසායනික ද්‍රව්‍යයක්‌ හෝ වෙනත් පරිසර සාධකයක්‌ මත ඇතිවිය හැකි අසාත්මිකතාවක්‌ නොවන බව අවධාරණය විය. බොහෝ දරුවන්ට අසාත්මිකතාවට අදාළ රෝග ලක්‍ෂණ නොතිබූ අතර, කිහිපදෙනකුට පමණක්‌ අසාත්මිකතා ලක්‍ෂණ යෑයි සැක සහිත රෝග ලක්‍ෂණ පැවැති බවට තහවුරු විය. එසේ තහවුරු වී තිබෙන්නේ එක්‌ පාසලක දරුවන් කිහිපදෙනකුගේ පමණි.

කෙසේ වෙතත් අසාත්මික ලක්‍ෂණ පෙන්නුම් කළ සිසුන් කිහිපදෙනා සම්බන්ධව තවදුරටත් වෛද්‍ය පරීක්‍ෂණ පැවැත්වීමට තීරණය විය. මෙම සිද්ධීන් වාර්තා වූ පාසල්වලින් ලබාගත් ජලය පස්‌ සහ දූවිලි සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ පරපෝෂිත විද්‍යා අංශයේ දී පරීක්‍ෂාවට ලක්‌ කළ අතර, එහි කිසිදු අයුරකින් අසාත්මිකතාවකට හෝ වෙනත් රෝගයකට හේතු විය හැකි විෂබීජ හෝ ක්‌ෂුද්‍ර ජීවීන් කිසිවක්‌ හමු වී නැත. මෙය බොහෝ විට සුළු සිදුවීමක්‌ හරහා ළමුන් විසින් ක්‍ෂණික ප්‍රතිචාර දක්‌වන ආතතිය හෝ චකිතය නිසා ඇතිවීමට බෙහෙවින් ඉඩකඩ තිබෙන පොදු ස්‌වභාවයක්‌ බව ද, වෛද්‍යවරු පෙන්වා දුන්හ.
 

සරසවි ආචාර්යවරයාට 50000 යි, ආරක්‍ෂක ස්ථානාධිපතිට 93,000 යි

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප වැඩි නොකරන රජය විශ්ව විද්‍යාලයේ ආරක්‍ෂාව වෙනුවෙන් යොදා ඇති ආරක්‍ෂක ස්ථානාධිපතිවරයකුට රුපියල් 93,000 ක් ගෙවන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

එම පක්‍ෂ කෑගල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රි කබීර් හෂීම් මහතා අද පාර්ලිමෙන්තුවේදී උසස් අධ්‍යාපන ආමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට එක් වෙමින් පැවසුවේ ආචාර්යවරයකුට රුපියල් 50,000 ක මුදලක් ගෙවන අතරතුර පුද්ගලික ආරක්‍ෂක සමාගමක ආරක්‍ෂකයකුට රුපියල් 93,000 මුදලක් ගෙවීම විහිළුවක් බවයි.

විශ්ව විද්‍යාල සඳහා ආරක්‍ෂක අංශයක් තිබියදී බාහිර ආරක්‍ෂක අංශයක නිලධාරින් එහි යොමු කර ඇත්තේ තවත් විශාල මුදලක් අපතේ යවමින් බවද සඳහන් කළ මන්ත‍්‍රිවරයා රජය රටේ අනාගතය ගැන සිතන්නේ නම් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ඉහළ දැමිය යුතු බවද කීවේය.

Wednesday, November 21, 2012

පරමාදර්ශී පාසලේ ළමයින්‍ට වතුරත් නැහැ - සුනිල් හඳුන්නෙත්ති හෙළිකරයි

Sunil hadunnetti
අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නියෝජනය කරන හෝමාගම ආසනයේ ඇති හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඉගෙනුම ලබන ළමයින් සඳහා බීමට ජලය හෝ නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (20) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කර සිටියේය.

මේ වනවිට විවෘත කර බෙහෝ කළක් ගත වන බවත් ළමුන්ද බොහෝ පිරිසක් එම පාසලට යන නමුත් තවමත් එහි ළමයින්ට බීමට වතුර නැතැයි එහිදී ජවිපෙ මන්ත්‍රීවරයා පැවසීය.

එහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා සහ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා අතර ඇතිවූ සංවාදය පහත පළවේ.

මන්ත්‍රීවරයා

"හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාල‍ බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගේ පරමාදර්ශී පාසල හැටියට කියන්නේ. රෝයල්එකේ ඉන්න ළමයින්ටත් මේකට එන්න කියලා තමයි කියන්නේ. හැබැයි ඒකේ ළමයින්ට බොන්න වතුර නැහැ. වැසිකිලි යන්නවත් වතුර නැහැ. ළමයින්ට බොන්න වතුර ගෙනියන්නේ ගෙවල්වලින්.

ඇමතිවරයා

"ඒක වැරදියි. දැනටමත් ජලසම්පාදන ඇමතිතුමා ජලය සැපයීමට අවශ්‍ය මුදල් වෙන්කරලයි තියෙන්නෙ."

මන්ත්‍රීවරයා

"වෙන් කරනවා කියන එකයි ළමයි ඉස්කොලේ ගිහින් බොනවයි කියන එකයි දෙකක් නේ ඇමතිතුමා. වෙන් කරලා තියෙනවයි කියන එකෙන් ඔයාල පිළිගන්නවා මේ පාසලේ ළමයින්ට තවමත් බීමට වතුර සපයලා නැහැ කියන එක."

Tuesday, November 20, 2012

යලි සරසවි වැසෙන ලකුණු?

දින 100 ක් මුලුල්ලේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ආචාර්යවරු අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වුවද මෙවර අයවැයෙන් ඒ සඳහා සැලකිල්ලක් දක්වා නොමැති බවත් අදාළ ඉල්ලිම් දිනාගැනීම සඳහා සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව අරගලයක් දියත් කළ යුතු බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය වෙත ඇරයුමක් කර ඇතැයි වාර්තා වේ.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ අත්සනින් යුතු එම ඇරයුම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා වෙත යවා ඇත.

එම ඇරයුම සහිත ලිපියේ සඳහන්ව ඇත්තේ, අයවැයෙන් ලබානොදුන් වැටුප් වැඩිකර ගැනීමේ අරගලය සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද සම්බන්ධ කරගැනීමට තීරණය කර ඇති බවත් ඒ සඳහා සකච්ඡා කිරීමට දිනයක් හා වේලාවක් ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත් මේ හේතුවෙන් යලි සරසවි අධ්‍යාපන අඩාලවීමට ඉඩනොදී ගැටලු වලට අදාල විසදුම් ලබාදීමට පාලකයන් යුහුසුලු විය යුතුය.

විභාග දෙපාර්තමේන්තුව අදත් ළමුන් අතරමං කරයි

මෙවර (2012) උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන අතර අද (20) නාට්‍ය හා රංගකරණය සඳහාත් නැටුම් සඳහාත් එම පරීක්ෂණ පැවැත්වේ.

කෙසේ නමුත් කුරුණෑගල මාවතගම ජාතික පාසලේ එම විෂයන් හදාරණ සිසු සිසුවියන්ට එම විෂයන් දෙක සඳහාම එකම වෙලාවක පාසල් දෙකක ප්‍රායෝගීක පරීක්ෂණ සඳහා කැඳවා තිබේ.

ඒ අනුව නැටුම් විෂය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ අද (20) පෙරවරු 09.00ට ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේදී පැවැත්වෙන අතර නාට්‍ය හා රංගකරණය විෂය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ අද එම වේලාවටම ගැට්ටුවාන ප්‍රාථමික පාසලේදී පැවැත්වේ.

මෙම විෂයන් සඳහා ළමුන් විශාල පිරිසක් පෙනී සිටින අතර ඔවුන් මහත් උභතෝකෝටියකට ලක්ව සිටී.

විභාගය ආරම්භවීමට තවත් ඇත්තේ විනාඩි 30ක පමණ කාලයකි. මේ වන තුරුත් මොවුන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කිසිඳු නිලධාරියේකු හෝ බලධාරියෙකු පෙනී සිට නැති අතර මාවතගම ජාතික පාසලේ එම විෂයන් භාර ආචාර්යවරු ඇතුළු සිසු සිසුවියන් මහත් අසරණතාවයකට පත්ව සිටී.

Monday, November 19, 2012

පාසල් සිසුන් හදිසියේ රෝගාතුරවීම මානසික රෝගයක් ?

පසුගිය දින කිහිපය තුල ප්‍රදේශ කිහිපයක පාසල් සිසුන් විශාල ප්‍රමානයක් හදිසියේ එකවර රෝගාතුර වීම හේතුවෙන් රෝහල් ගත කෙරිණි. මෙහිදී කැසීම, පළු දැමීම ඇතුළු රෝග ලක්ෂණ කිහිපයක් එම සිසුන් අතර තිබී ඇත.

අද (19) දිනයේදීද ඇතිමලේ මුස්ලිම් ප්‍රාථමික විද්‍යාල‍යේ සිසුන් 20 දෙනෙකු ගම්පොල රෝහලට ඇතුලත් කර ඇති අතර  පසුගිය දින කිහිපය තුල ගම්පොළ මහනුවර සහ වැලිගෙපොල පාසල් හතරක ළමුන් සිය ගණනක් හිටි හැටියේ ලෙඩ වීමට හේතුවෙන් රෝහල්ගතකර තිබේ. මෙය සමූහ මායා රෝගය නමැති හිස්ටීරියා තත්ත්වයක් (Mass hysteria) විය හැකියැයි මනෝ වෛද්‍යවරු පවසති. 

මේ සම්බන්ධයෙන් පසුගිය දිනක ලංකාදීප එසැණ පුවත් සමග අදහස් දැක්වූ කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා කියා සිටියේ සිසුවියන් කිහිප දෙනකුට ඇතිවූ ආසාත්මිකතාවක් ඔවුන් ඇසුරු කරන හා එය දකින සිසුවියන් විසින් තමන්ට ද ඇතැයි සිතීම සාමාන්‍ය දෙයක් බවයි. එලෙස වෙනත් අයකුට ඇතිවන රෝගී තත්ත්වයක් සමූහ වශයෙන් විශාල පිරිසක් විසින් තමන්ට ද ආදේශ කැර ගැනීම සමූහ මායා රෝගය ලෙස හැඳින්වේ.

වෛද්‍ය රූමි මහතා පවසන්නේ මේ තත්ත්වයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ නව යොවුන් වියේ සහ යොවුන් වියේ පසුවන ගැහැණු ළමුන් බවයි. එවැනි අවස්ථා විදේශ රටවල විශාල වශයෙන් වාර්තා වී ඇති බවත් මෙවැනි තත්ත්වයන් පිළිබඳ පුවත් වාර්තා කියවන හා ඒවා අසන්නට ලැබෙන අය ද එයට සමාන පරිසර තත්ත්වයන්හිදී තමන් ද එවැනි රෝගයකට ගොදුරු වූ බව සිතන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදෙයි.

සමූහ මායා රෝගයේදී පරිසරයේ වෙනස්වීම් පවා තමන්ට ඇතැයි සිතන රෝගී තත්ත්වයට ආදේශකැර ගැනීමට ඔවුන් පෙළඹෙන බව ද දෙමාපියන් විසින් මෙවැනි අවස්ථාවලදී කරන පෙළඹවීම් ද සමූහ මායා රෝගයට ගොදුරුවීමට හේතුවක් වන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සමූහ මායා රෝගයේ ප්‍රධානතම ලක්ෂණයක් වන ගැහැණු ළමුන් වැඩිපුර ගොදුරුවීම මෙම අවස්ථාවේදී දක්නට ලැබෙන බව ද වෛද්‍යවරයා පෙන්වාදෙයි. පාසල් දරුවන් මෙලෙස හදිසියේ රෝගාතුර වීමට කෘමියකු හෝ විෂ වායුවක් හේතුවන්නේනම් පාසල් ළමුන් පමණක් නොව වැඩිහිටියන් සහ පාසල් ගුරුවරු පවා රෝගාතුර විය යුතු බව ද ඔහු පවසයි. කෙසේ වෙතත් මේ තත්ත්වය ගැන වැඩිදුර පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවක් තිබෙන බව ද එය කල්පවතින රෝගී තත්ත්වයක් නොවන බව ද පවසන වෛද්‍යවරයා කියා සිටින්නේ සමූහ මායා රෝගය පිළිබඳ පාසල් සිසු සිසුවියන් දැනුම්වත් කිරීමෙන් එය මගහරවා ගතයුතු බවයි.

කෙසේ වෙතත් පාසල් දරුවන්ගෙන් 20% ක් කිසියම් හෝ මානසික රෝගයකින් පෙළෙන බවත් එය සමස්ත ළමා ජනගහනයෙන් 9% ක් තරම් විශාල ප්‍රමාණයක් බවද ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය පසුගිය දිනක හෙලිකර තිබින. ලංකාවේ ක්‍රියාත්මක වන අධ්‍යාපනය රටාව දරුවන්ගේ ජීවිතයට විශාල ලෙස අහිතකර බලපෑමක් හා දැඩි පීඩනයක් එල්ල කරන බව අධ්‍යාපන වේදීන්ගේද මතයයි.

Sunday, November 18, 2012

විරු සිසු ගීතය

ලපලූ අගින් පිණි පබලූ කඳුළු සළලා.........
සුසුම් පවන් කෑ ගසා ඔබට කියනා.........
නිරුවත් දන විස හීසර පහර වැදී
මළගිය මලිගිය මානව කැකුළක
කතාව අහපන් සිත නිරුවත්කර.........//
කතාව අහපන්නේ.........//

අයුක්තියේ පට පිලීබරණ ඇඳි
සිඟාළයන් නිරුවත් කළ වරදට.....//
දේශන ශාලා.........
සිරකඳවුරු කර........
අසත්‍යයේ මළගම සරසන්නට
නුඹගේ මළගම සඳකඩ පහනකි .....//

එදා ඔබේ මුදු වතින් ගලාගිය
රුහිරු සුවඳ පැන් ලෙසින් දොවාගෙන .....//
සිංහ නාද දී.....
ගිජිඳු නසන්නට.....
ඔබේම මාවත පියමැන යන්නට
සුවහස් මල් තව සරසවි බිම ඇත .....//

ලපලූ අගින් පිණි පබලූ කඳුළු සළලා.........
සුසුම් පවන් කෑ ගසා ඔබට කියනා.........
නිරුවත් දන විස හීසර පහර වැදී
මළගිය මලිගිය මානව කැකුළක
කතාව අහපන් සිත නිරුවත්කර.........//
කතාව අහපන්නේ.........//

.............................................................................................
නිදහස් අධ්‍යාපනයත්, මවුබිමේ නිදහසත් වෙනුවෙන් තම දිවි කුසුම් පුදකල විරු සිසු සොයුර සොයුරියනි, ඔබ රැකදුන් නිදහස් අධ්‍යාපනය අප දිවි හිමියෙන් සුරකින්නෙමු.

විරු සිසු ගීතයට මෙතනින් සවන්දෙන්න...

෴ ගුරු ගීතය ෴

රුසියානු ලේඛක Chingiz Aitmatov (චිංගීස් අයිත්මාතව්) ගේ The First Teacher නව කතාව, දැදිගම වී. රුද්‍රිගු විසින් ගුරු ගීතය ලෙසින් සිංහල අනුවාදයට නැඟිම.

ගුරු ගීතය නවකතාව බොහෝමයක් යෞවනයන්ගේ හඳ බැඳගත්තකි. චිංගිස් අයිත්මාතව් මහතා විසින් 1962 දී "Первый учитель" (The Fist Teacher) නමින් රචිත, දැදිගම වී. රුද්‍රිගු මහතා විසින් සිංහල පරිවර්තනය අනුව “ගුරු ගීතය“ නම් වූ මෙම කෘතිය සෝවියට් සමූහ ආණ්ඩුවේ සමාජවාදී ආකල්ප පෙරදැරි කර ගත් තරුණ කොමියුනිස්වාදියෙකු වටා ගෙතෙමින් දිගහැරේ. මෙම සම්පූර්ණ පරිවර්තන කෘතියම ඔබට පහත පරිදි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කියවීමට ලබා දීමට කැමැත්තෙමි.
දැදිගම වී. රුද්‍රිග
Chingiz Aitmato
****************

මම කවුළුව හැරියෙමි. කාමරය තුළට සිසිල් සුළං හමා එයි. නිල්වන් පැහැදිලි අඩ අඳුරේ හිඳ, මාගේ චිත්‍රවල තිබෙන කටු සහණින් යුත් රූප හා දර්ශනය දෙස මහත් ඕනෑකමින් බලන්නට විමි. ඒ කටු සටහන් කීප වරක් ම මකා දමා මුලසිටම අඳින ලද එවා ය. එහෙත් චිත්‍රය ගැන යමක් කීමට උචිත වේලාවක් නොවෙයි මේ. ප්‍රධාන දේ තවම අතට අසුවී නැති හැඩයි. සිත තුළ දෑතින් බදා අල්ලාගත නොහැකි ප්‍රීතියක් ඇති කරමිනි, එය පැන නගින්නේ, ගිම්හාණයේ අරුණෝදයේ මෙන් වැඩී එන පැහැදිලි බවකින් ස්ථිර ගතියකින් යුතුව එසැණින් එය පැන නගී. අරුණෝදයේ නිලසලතාවයට මැදෙන මම කල්පනා කරන්නට විමි. මා මෙසේ හැසිරුණු වාර අපමණය. මගේ චිත්‍රය තවම සිතුවිලි මාත්‍රයකට පමණක් සීමා වී තිබෙන බව ඒ හැම වාරයකදීම මට ඒත්තු ගියේ ය‍.

අවසාන නොකල දෑ ගැන කිට්ටු යහළුවන්ට දන්වා සිටීම අනුමත කරන කෙනෙකු නොවෙමි, මම. දැඩි ඊර්ෂ්‍යවකින් යුතුව මගේ වැඩ දෙස බලන නිසා නොවේ මා එසේ සිතන්නේ. අද තොටිල්ලේ නැලවෙමින් සිටින දරු පැටියෙක් හෙට මොන විධියට හැදීවැඩී නැගී සිටිති ද යන්න සිතා ගැනීම අමාරු කාරියක් නිසා ය. ඇඳ අවසාන නොකරන ලද චිත්‍රයක් ගැන තීරණය කිරීම ද අසීරු වැඩකි. එහෙත් මේ වර මාගේ රිතීන් මම කඩා දැමුවෙමි. අවසාන නොකළ ඒ චිත්‍රය ගැන මහ හඬින් කියා පෑමටත්, එයටත් වඩා ස්ථීර ලෙස කියන්නේ නම්, ඒ ගැන මිනිසුන්ගේ අදහස් උදහස් දැන ගැනීමටත් මට උවමනා විය.

එය අභිලාෂයක් නොවේ. ඒ කාරිය වෙන අන්දමකට කළ නොහැකි ය. ඒ බර තනිවම ඉසිලීමට මට සවි ශක්තියක් නැති නිසා ය. ඉතිහාසය මගේ සිත පුබුදුවාලී ය. චිත්‍ර ශිල්පියෙකු ලෙස තෙලි තුඩ ගැනීමට පොළඹවන ලද්දේත් ජීවන පුවතකි. එහෙත් ඒ ජීවිත කතාව කෙතරම් විශාලදැයි කියතොත්, එය බදා අල්ලා ගැනීමට මට නොහැකි ය. මාගේ අදහස් සම්පූර්ණයෙන් ම කියා පෑමට තරම් ශක්තියක් මා තුළ ඇතැයි නොසිතන හෙයින් මම බිය වෙමි. ජනතාවගේ උපදෙස් මට අවශ්‍ය ය. තීරණය ගැනීමට ඔව්හූ මඟ පෙන්විය යුත්තාහ. හදවත් තුළ ඇති දයාවිත බව ගැන දුක් නොවන්න. මා සමීපයට එන්න. ඒ කතාව කීම මගේ යුතුකමකි.

****************
අපේ අයිලය* කුර්කුරේඋව පිහිටා ඇත්තේ උස් කඳු වැටි අසල වූ පුළුල් නිම්න භූමියෙක ය. කඳු වැටි අතරින් ගලා බසින කුඩා ගංගා වලින් වැඩි හරියක් අපේ අයිලය හරහා දිවෙයි. අපේ අයිලයට පහළින් කසාක්ස්කානයේ ස්ටෙප්ස් බිම් වල කොටසක් වන කහ පැහැති මිටියාවතකි. එය වටා කළු පැහැති යෝධ කඳු ගැට පෙළකි. මිටියාවත හරහා වැටී තිබෙන දුම්රිය පාර බටහිරින් ක්ෂිතිජය දක්වා විහිද යන්නේ සමතලා බිමක් පසු කැරැමිනි.

එහෙත් අයිලයට ඉහලින් කඳු ගැටයක් මත පොප්ලර් ගස් දෙකකි. මට බහ තේරෙන අවදියේ පටන් ම ඒ ගස් දෙක දැක පුරුදු බව මතක ය. කොයි පැත්තේ සිට අපේ කුර්කුරේඋව ට ඇතුළු වුණ ද පළමුවෙන් ම ඇසට හසුවනුයේ මේ ගස් දෙක ය. කන්ද මත පිහිටි පහන් කණු සේ ය ඒවා. දුම්රියෙන් බැස ස්ටෙප් බිම හරහා අයිලය දෙසට ගමන් කරන මට පළමුවෙන්ම දකින්ට ලැබෙන්නේ අර පෝප්ලර් ගස් දෙක ය. එසේ වීමට හේතු ළමා කාලයේ දී ලබන හැඟීම් මිනිසකුට වඩාත් අගනා නිසා ද නැතිනම් වෘතියෙන් මා චිත්‍ර ශිල්පියෙකු නිසාදැ යි කීම උගහටය.

අපේ අයිලයේ නොයෙක් වර්ගවලට අයත් ගස් එමට තිබේ. එහෙත් අර පොප්ලර් වර්ගවලට අයත් ගස් විශේෂ තැනැක් ගනී. ඔවුන්ගේ බස විශේෂ එකකි. එය ගීතයෙන් පිරි ජීව ප්‍රාණයකි. රෑ හෝ දවල් හෝ කොයි වෙලේ හෝ මෙයි අවාද, මොවුහු දෙදෙන ඒ මේ අත වැනෙති. උන්ගේ අතු එකිනෙකා වැළඳගනිති, විවිධ ස්වරමාලා අනුව ගයන්නාක් මෙන් කොළ හා අතු ශබ්දයන් නගති. නිහඬව හමන සුළං පහර වැලි තලාව මත නටන්නාක් මෙනි. වරෙක නොපෙණෙන ගිනිදලුවක් සේ හද කිතිකවමින් උණුසුම් කෙඳිරීමක් ඇතු දිගේ දිවයන්නා සේ ය.සැනේකින් ඇති වන, දැඩි නිහැඬිතාවයකි. පොප්ලර් ගස් එකවර නැගී සිට අනතුරු හඟවමින් හඬනගා සුසුම් ලන්නේ යමක් ගැන පසුතැවිලි වෙන්නාක් මෙනි. වැහි කුණාටු සහ සැඩ සුළං පහරට හසුවන පෝප්පර් ගස් ඇතු සොලවමින් වැරෙන් ඒ මේ ඇත වැනෙයි. හඬනගයි. ඒ පීඩාවට අසුවන කොළ ගැලවී වැටෙයි. දැවෙමින් නගින ගිනි දළු මෙන්, එවිට ඒ තුරු පෙනේ.

ඊට අවුරුදු ගණනකට පසු මම එහි රහස දැනගතිමි. කඳු ගැටය මත තිබෙන මේ පොප්ලර් ගස් සුළං පහරට විවෘත වී නග්න වී සිටී. වායු පීඩනයේ ඉතා සුළු වෙනස් වීමකට පවා ඒවා හසුවෙයි. ඉතා සැහැල්ලු සුළං පහරට පවා හැම කොළයක් ම අසුවන්නේ සියුම් ඉඳුරන් ඇතියවුන් සේ ය.

ඒ චාම් ඇත්ත සොයා ගැනීම නිසා මම කලනොකිරුණෙමි. ඒ ළමා හැඟීම මා කෙරෙන් වෙන් වූයේ නැති අතර, අද දක්වා එය මම ආරක්ෂා කරගෙන සිටිමි. කඳු ගැටය මත පිහිටි පොප්ලර් ගස් දෙක අදත් මට පෙනෙන්නේ අපූරු ජීවමාන වස්තූන් ලෙසිනි. මගේ ළමා කාලය කොළපාට මයාකාරී වීදුරු කැබැල්ලක් මෙන් ඒ ගස් යට නැවතිණ.

ගිම්හාන නිවාඩුවට පාසල වැසීමට පෙරදා අපේ කොලු නඩය කඳු ගැටයට වැදුනේ කුරුළු කුඩූ විනාශ කිරීම සඳහා ය. කැකෝ ගසමින් උරුහන් බාමින් කඳු ගැටයට නගින හැම වාරයකදීම, යෝධ-පොප්ලරයන් දෙදෙනා ඒ මේ අත වැනෙමින්, සිය සිසිල් සෙවනින් හා කෝමල හඬ පතුරුවමින්, අප සාදරයෙන් පිළිගන්නේ යැයි කියාපෑවාක් මෙන් මට දැනිණී. පාවහන් නැති මුරණ්ඩු කොල්ලන් වන අපි එකා පිට එකා නගිමින් ගස් බඩ ගාන්නෙමු. අතු රිකිලිගානේ ඇදෙන අප කුරුල්ලන්ගේ රජය ආක්‍රමණය කරන්නේ වේගයෙනි. බියපත්වන කුරුළු රංචු අපට උඩින් කැකෝ ගසමින් පියාඹති. කුරුල්ලන්ගේ කන්දොස් කිරියාව අපි ගණනකට වත් නොගත්තෙමු. ගස් මුදුන් දක්වා නැංගෙමු. කවුද වැඩිය නිර්භීත, කවුද වැඩිය දක්ෂ! - හිටිහැටියේ ඒ සා උස් මුදුනක සිට, කුරුල්ලෙක් ඉගිලෙන උසක සිට, ඉන්ද්‍ර ජාලයකින් මෙන් අප ඉදිරියේ ඉමක් නැති විශෘල ලෝකය දිස්වි ය.

මහ පොළවේ දැවැන්ත බව අප පුදුමයට පත් කළේ ය. අතු උඩ සිට මේ පුදුම දර්ශනය දෙස බලන අපට හුස්ම ගැනීමට පවා නොහැකිව, ගල් ගැසුනාක් මෙන් දැනෙයි. ලෝකයේ විශාලම ගොඩනැගිල්ල සමූහ ගොවිපලේ අස්සගාල බව අපගේ වැටහීම වුවද, මෙතන සිට බලන විට එය පෙනෙන්නේ කුඩා මඩුවක් මෙනි. අයිලයට පිටුපසින් පැතිර ඇති නැවුම් ස්ටෙප්ස් බිම් දැඩි උෂ්ණය නිසා ඇතිවන රත්වූ වාතයෙන් පැන නගින පටලයට අසුව අතුරුදහන් වී යන්නාක් සේ ය. ඇස්වලට පේන තෙක් දුර තිබෙන බොර-නිල් පැහැති අහස දෙසත්, දසත පැතිර යන මහපොළව දෙසත් බැලුවෙමු. ඉස්සර ගංගා නදී ඇතැයි සැකනොකළ තැන්වල, නොදුටු තැන්වල ගංගාවන් ගලා බසින සැටි දුටිමු. ඈත ක්ෂීතිජයේ රිදී කෙඳි සේ ගංගා නදී දිස් විය. අතුවල නිසලව ඉන්නා අපි මෙසේ සිතුවෙමු. මේ ලෝකයේ කෙළවර ද, නැතිනම් තවත් ඈතට අහස විහිදී යන්නේ ද, එහි වළාකුළු තිබේ ද? අතුවල අප ඉන්නේ හුස්ම පවා නොගනිමිනි. සැඩ සුළංවල අපූරු හඬක්, එයට මිතුරෙකු ලෙස පිළිතුරු දෙන තුරු ලතාවල කොළ ඈත රටවල අරුම පුදුම තොරතුරු ගැන කියන්නාක් මෙන් නගන හඬක් අපට ඇසුණි.

පොප්ලර් ගස්වල හඬ මා කන්හී වැකුණු විගස මගේ හදවත බියෙන් සහ ප්‍රීතියෙන් සැලෙන්නට විය. ඒ හඬ ඈත රටවල් ගැන කියාපාන්නක් මෙනි. එදා මා විසින් කල්පනා නොකරන ලද දෙයක් තිබිණ. කා විසින් ද ඒ ගස් පැල කරනු ලැබුවේ? ඒ අප්‍රසිද්ධ පුද්ගලයා මේවා පැල කළේ කිනම් බලාපොරොත්තුවකින් ද?

පොප්ලර් ගස් සහිත කඳු ගැට පොදෙස හඳුන්වන්නේ “දුයිෂෙන්ගේ පාසල“ නමිනි. නැතිවූ අශ්වයෙකු සොයන්නෙක් තමාට හමුවන එකෙකු අමතා මෙසේ ඇසූ බව මට මතකය. “ඒයි, යාලුවා මගේ අස්ස මාල්ලාව උඹ දැක්කේ, එහෙම නැද්ද?“ - ඔහුට නිතර ලැබුණේ මෙවැනි පිළිතුරකි “අන්න අර උඩහ පැත්තේ දුයිෂෙන්ගේ පාසල ලඟ උන් ඊයේ රෑ තණකොළ කෑවා, එතනට ගියාම උඹේ එකාව හොයාගන්ට පුළුවන්.“ වැඩිහිටියන් අනුකරණය කරමින් අපි, කොල්ලෝ කල්පනා නොකර මෙසේ කෑ ගැසුවෙමු. “කොල්ලනේ, යමුද දුහිෂෙන්ගේ ඉස්කෝලේට, පොප්ලර් ගස් වලට නැගලා කුරුළු කූඩු අවුස්සන්ට!“

ඉස්සර කාලේ ඒ කඳු ගැටය මත පාසලක් තිබුණු බව කියනවා මා අසා ඇත. එහෙත් අපට එහි හෝඩුවාවක්වත් සොයා ගැනීමට නොහැකි විය. එහි නෂ්ඨාවශේෂ හෝ සොයා ගැනීමේ අදහසින් ළමා කාලයේ දී මා ඇවිද මහන්සි වූ නමුදු කිසිවක් සොයා ගැනීමට අපොහොසත් වීමි. පාළු කඳු ගැටය “දුයිෂෙන්ගේ පාසල“ යැයි හැඳින්වීම පුදුමයට කාරණයක් විය. ඒ දුයිෂෙන් කියන්නේ කාටදැයි මම වැඩිහිටියන්ගෙන් ඇසුවෙමි. එක් මහල්ලෙක් ඕනෑවට එපාවට මෙන් අතක් වනමින් මෙසේ කීය. “කවුද දුයිෂෙන්? නොන්ඩි බැටළුගමගේ පරම්පරාවෙන් එන උන්දෑ තමයි ඒ. ඔය සිද්ධිය බොහෝම පරණ එකක්. ඒ කාලේ උන්දෑ කොම්සොමොල් තරුණ සංගමේ හිටියා. ඔය කඳු ගැටේ උඩ තිබුණා පාළු මඩුවක්. දුයිෂෙන් ඒ මඩුව අස්පස් කරලා ඉස්කෝලයක් දමලා ළමයින් ට ඉගැන්නුවා. ඒක නමින් විතරයි ඉස්කෝලේ හැටියට තිබුණේ. ආ ඒ කාලේ තමයි කාලේ. අස්පයකුගේ බෙල්ලෙන් අල්ලලා උගේ පිට උඩ ඉඳගන්ට පුළුවන් හැම එකාම ඒ දවස්වල ලොක්කෙක්. දුයිෂෙන් ද ඒ වාගේමයි. හිතට ආ හැම දෙයක් ම කාලා. දැන් ඒ මඩුවෙන් ලී පතුරක්වත් හොයාගන්ට බැහැ. වෙච්ච ප්‍රෙයා්ජනේ නම ඉතුරුවුණ එක විතරයි.....“

මා දුයිෂෙන් දැන සිටියේ මඳ වශයෙනි. ඔහු මහළු වියේ පසුවෙන්නෙකි. රාජාලියෙකුගේ මෙන් දිගැති ඇස්බැමි වලින් හෙබි හෙතෙම උසැති ශාන්ත පුද්ගලයෙකි. ඔහුගේ ගෙවත්ත පිහිටියේ ගඟෙන් එගොඩ දෙවැනි කඩය පිහිටි වීදියේ ය. අයිලයේ හිටි දවස්වල දුයිෂෙන් සමූහ ගොවිපලේ මිරාබ්* ලෙස වැඩ කළේ ය. ඔහු කාලය ගත කළේ කුඹුරු වලම ය. කලාතුරකින් ඔහු අපේ වීදිය ඔස්සේ අසු පිටින් ගමන් ගත්තේ, සෑදලයට බැඳි විශාල කෙත්මෙනයකුත්* සමග ය. අශ්වයා ද හාම්පුතාට සමාන බවත් දැරීය. ඌද ඔහු මෙන් කටු ගොඩකි. සීන් කකුල් ඇත්තෙකි. මහළු වයසට පත් දුෂයින් පසුව ලියුම් බෙදීමට පටන් ගත්තේ ය. එහෙත් මා කියන්නේ ඒ ගැන නොවේ. කොම්සොමොල් සාමාජිකයෙකු වශයෙන් මා එදා හිතින් මවාගත්තේ වැඩෙහි දක්ෂ, බිණීමෙයි සමත් අසරුවෙකි. ඔහු අයිලයේ සිටින සටන්කාමීන් අතුරෙන් අතිශය තියුණු සටන්කාමියා ය. ඔහු රැස්වීම්වල කතා කරයි. කම්මැලියන්ට සහ හොරුන්ට එදිරිව පත්‍රවලට ලියයි. එහෙත් දිගැටි රැවුළක් සහිත මේ ශාන්ත පුද්ගලයා ඉස්සර කොම්සොමොල් සාමාජිකයෙකුවැ සිටියේ යැයි හිතින් මවාගැනීමෙහි පවා මම අසමත් වීමි. එයටත් වඩා මහ පුදුමය තරමක් අකුරු උගත් මේ මිනිසා ළමයින්ට උගැන්වීම යි. එවැන්නක් අවබෝධය කරගැනීමට මගේ බුද්ධිය ඉඩ නොදෙයි! එළිපිටම කියන්නේ නම් මෙය ද අපේ අයිලයේ තුඩ තුඩ පවතින කටකතාන්දර වලින් එකකැයි මම සිතුවෙමි. එහෙත් සත්‍ය එයට හාත්පසින් ම වෙනස් විය...

****************
පසුගිය ශරත් සමයේ දී මට අයිලයෙන් විදුලි පණිවුඩයක් ලැබිණි. ගමේ සමූහ ගොවිපලේ වැර යොදා සාදා නිම කළ අලුත් පාසල විවෘත කිරීමේ උත්සවයට එන ලෙස කරන ලද ආරාධනයකි, එය. එවැනි ප්‍රීතිමත් දවසක ගෙදරට වී සිටීමට මට නොහැකි නිසා මම එහි යාමට සැණෙකින් තීරණය කළෙමි. උත්සවයට දවස් කීපයකට කලින් මම එහි ගියෙමි. අයිලයේ ගොඩේ ඇවිද දර්ශන කීපයකට වුවමනා කටු සටහන් අඳිමියි සිතා ගතිමි. ආරාධනා ලැබුවන් අතර මහාචාර්ය සුලෙයිමානවා මැතිණිය ද වූවා ය. දවස් දෙක තුනක් මෙහි නවතින ඈ පසුව මොස්කව් යන බව මට දැනගන්ට ලැබිණි.

ඒ තේජාන්විත කාන්තාව ළමා වියේදී නගරයට ගියේ අපේ අයිලයේ ඉපදී හැදී වැඩුණු පසුව බව මම දනිමි. නගර වැසියෙකු වූ පසුවය, මා ඇය හඳුනා ගත්තේ. තරබාරු කයකින් හෙබි ඈ එකල මැදිවියෙහි පසුවූවා ය. මනාසේ පීරන ලද ඇගේ හිසකෙස් අතරින් පතර පැසී තිබිණ. සුප්‍රසිද්ධ මේ කාන්තාව සරසවියේ විද්‍යා අධ්‍යනයන් කළාය. විද්‍යා පීඨයේ සේවය කරන්නී, නිතර පාහේ විදේශ සංචාරයේ යෙදුනා ය. වැඩ කටයුතු බහුල කාන්තාවක් වූ ඈ සමග ළඟින් ආශ්‍රය කිරීමට මට අවස්ථාවක් නොලැබිණ. එහෙත් කොහේ හුමුවුනද, ඒ හමුවීම ඉතා කෙටි වුව ද ඈ අයිලයේ තොරතුරු මගෙන් අසයි. මගේ චිත්‍ර ගැන අගේ අදහස් කියා පායි. මම ඈට මෙසේ කීමට ඉටා ගතිමි.

“අල්තිනායි සුලෙයිමානවා. අයිලයට ගිහින් ගම්මුන් හමුවෙලා කතාබහ කිරීම හොඳයි නොව ද, ගම්මු ඔබ ගැන හොඳින් දන්නවා. ඔබ නිසා ආඩම්බර වෙනවා. ඒ ගොල්ල ඔබ ගැන දන්නේ අයිලයට ලැබෙන ආරංචි අනුවයි. එහෙත් සමහරු මෙහෙම කියනවා. අපේ සුප්‍රසිද්ධ මහචාර්ය තුමී අප සමග අස්සරය කිරීමට වැඩි කැමැත්තක් නැහැ. ඈට අපේ අයිලයට-කුර්කුරේඋව ට එන පාර අමතක වෙලා.“

"සත්තකින්ම අයිලයට ගිහින් ඒන්ට ඕන“ යැයි තරමක් අපහසු ලෙස අල්තිනායි සුලෙයිමානවා කිය යි. “කුර්කුරේඋවට යන්ට මටත් හොඳටම ආසයි, එහෙ ගිය කාලයක්වත් මතක නෑ. අයිලයේ අපේ නෑයන් නැති එක ඇත්තයි. ඒ උනාට, සත්තකින් ම අයිලයට යන්ට ඕන. අයිලයට ගිහිං එන්ට ලොකු අසාවක් මා තුළ උපන්නා“

පාසල විවෘත කිරීමේ මංගල මහ සභාව පටන් ගැනීමට ඔන්න-මෙන්න කියා තිබිය දී සුලෙයිමානවා මාහාචාර්යතුමිය අයිලයට පැමිණියා ය. ඇගේ මොටෝ රථය දුටු සමූහ ගොවියෝ වැල නොකැඩී මහ පාරට දුව ආහ. අඳුණන අය මෙන් ම නාඳුණන අය ද, වැඩිහිටියන් මෙන් ම බාලයෝ ද, ඈට අත දී ආචාර කිරීමට ඉදිරිපත් වූහ. අල්තිනායි සුලෙයිමානවා මෙතරම් කුළුපඟු හමුවීමක් බලාපොරොත්තු නොවූ බව කිව යුතු ය. ඈ තරමක් කලබල වූ බව පෙනෙන්ට තිබිණි. දෑත් එක්කොට පපුව මත තබාගත් ඈරැස්වීමේ සභාපති මඬුල්ල වෙත ළඟාවූයේ අමාරුවෙනි.

අල්තිනායි සුලෙයිමානවා සිය ජීවිත කාලය තුල දී රැස්වීම් සෑහෙන සංඛ්‍යාවකට සහභාගි වූවාට සැක නැත. එ රැස්වීම් වලදී ඈ ලැබූ ගෞරවය සුළු පටු නොවන අතර එයින් ඈ සන්තෝෂයක් ද ලබන්නට ඇත. එහෙත් මේ කුඩා ගම්බද පාසාල් දී ඇය පිළිගත් ගම්මුන් විසින් දක්වනු ලැබූ ළයාන්විත බව නිසා ඇගේ සිත කැළඹිණ. දෙනෙතින් කඩා හැලුණු කඳුළු නවත්වා ගැනීම සඳහා ඈ දැරූ ප්‍රයත්නය ඉමහත් ය.

මංගල මහ සභාවේ කතාවලින් ඉක්බිතිව, පයනියර්වරු බාල දක්ෂයෝ මහත් ගෞරවයෙන් සුලෙයිමානවා මැතිණියට රතු ලේන්සුවක් ද, මල් කළඹක් ද පිළිගැන්වූහ. පාසලේ සමරු පොතේ පළවැනි අත්සන තැබීමේ ගෞරවය ද ඈට හිමි විය. ඉන්පසු පාසලේ අධුනික නාට්‍ය කවයේ මෙහෙයවීමෙන් පවත්වන ලද විවිධ ප්‍රසංගය දැකුම්කලු බවක් සහ ප්‍රීතිමත් බවක් ද ඉසිලී ය.අනතුරුව පාසලේ අධ්‍යක්ෂකවරයා අමුත්තන් වූ අපට ද ගුරු පිරිසට සහ සමූහ ගොවිපලේ ක්‍රියාකාරීන්ට ද තම නිවසට එන ලෙස ආරාධනා කළේ ය.

අල්තිනායි සුලෙයිමානවාගේ පැමිණී ම නිසා ඇති වූ ප්‍රීතිය සැඟවීමට කිසිවෙකු ඉදිරිපත් නොවී ය. පට පිළි වලින් සරසන ලද පුටුවක් ඈ සඳහා වෙන්කර තිබිණ. හැම කෙනෙක් ම ඈ කෙරෙහි ගරු සැලකිලි දැක්වීම් වස් විශේෂ උනන්දුවක් පෙන්වූහ. මෙවැනි අවස්ථාවල දී සැමදා මෙන් හඬනගා කතා කිරීම ද, ප්‍රීතිමත් සාකච්ඡා ද, සව්දිය පිරීම ද සෑහෙන්ට කෙරිණ. ගම්බද ගැටවරයෙක් උත්සව පවත්වන ගෙට වැද විදුලි පුවත් මිටියක් ගෙහිමියා අත තැබීය. විදුලි පුවත් අති‘නත ගියේ ය. ආදි ශිෂ්‍යෙයෝ පාසල විවෘත කිරීම නිසා ශුභ පතමින් එවූ විදුලි පුවත්ය, ඒවා.

“විදුලි පුවත් ගෙනාවේ අර දුයිෂෙන් ලොක්කාදැ?“ යි අධ්‍යක්ෂ ඇසීය.

“ඔව්, රැස්වීමේදී මිනිසුන්ට ඇසෙන්ට කියවනු පිණීස වේලාසනින් විදුලි පුවත් ගේන්ට ඕනෑ නිසා අශ්වයාට පාර දිගටම තැලුවා. නමුත් වේලාවට ගේන්ට බැරිවීම නිසා අපේ ලොකු උන්නැහේ කණගාටු වෙනවා“ යැයි ගැටවරයා පිළිතුරු දුන්නේ ය.

“එයාට අසු පිටින් බැහැලා එන්ට කියාපන්!“

දුයිෂෙන්ට අඬගැසීම පිණිස ගැටවරයා ගියේ ය. මා අසල අසුන්ගෙන සිටි අල්තිනායි සුලෙයිමානවා තරමක් නොසන්සුන් වූවා, අමතක වූ දෙයක් හිටිහැටියේ සිහියට නගන්ට වෑයම් කරන්නාක් වැනි පුදුම ගතියක් පෑවා ය. “ඔය කතා කරන්නේ කොයි දුයිෂෙන් ගැනදැ“ යි ඕ මගෙන් ඇසුවා ය.

“ආ, ඒ සමූහ ගොවිපළේ ලියුම් බෙදන්නා ගැන, මහළු දුයිෂෙන්ව ඔබ හඳුනනවා ද?“

අස්ථිර ලෙස හිස සෙලවූ ඈ නැගී සිටීමට සැරසුනා ය. එහෙත් එවෙලේ ම වාගේ අශ්වයෙක් ජනේලය පසුකර යන හඬ කණෙහි වැකිණි. ගැටවරයා හැරී ආවේය.

“මම එයාට එන්ට කීවා. ලියුම් බෙදන්ට තියනවයි කියලා එයා ගියා“.

“ඔහේ ගිහිං බෙදපුවාවේ. නවත්වන්ට උවමනා නැහැ. නැත්නම් වෙන්නේ මහල්ලන් සමග කයිකතන්දර කීමට යැ“ යි එකෙකුගේ කටින් පිටවුයේ ඉබේටම මෙනි.

“ආ එහෙම කියන්න එපා. අපේ දුයිෂෙන් ගැන දන්නේ නෑ. එයා නීතියට වැඩ කරන මිනිහෙක්. භාරගත් වැඩේ ඉවර කරන තුරු ඒ මිනිහා නවතින්නේ නෑ.“

“ඇත්ත. ඒ මිනිහා පුදුම කෙනෙක්, යුද්දෙදී තුවාල වුනු නිසා උක්රයීනයේ ඉස්ප්‍රිතාලෙක හිටියා. ඉන් පස්සේ උක්රයීනයේ නැවතුනා. මෙහාට ආවේ අවුරුදු පහකට ඉස්සෙල්ලා. නහින-දෙහින කාලේ අයිලයට එන්ට ඕනැයි කියලයි මෙහෙ අවේ. තනි කඩයෙක් මෙන් තවම ජීවත් වෙන්නේ....“

“ඒ වුණත් මිනිහා ආවානම් වඩාත් හොඳයි... ආ දැන් ඉතින් කමක් නෑ“ යි ගෙහිමියා කීය.

“සහෝදරවරුනි, අපි ඉස්සර දුයිෂෙන්ගේ ස්කොලේ ඉගෙනගත්තා, සමහරුන්ට මතක ඇති.“ අයිලයේ ගරු ගටයුතු පැරැන්නෙක් සිය බීම විදුරුව එසවී ය. “එහෙත් දුයිෂෙන් හෝඩියෙ අකුරු සියල්ලම නොදැන සිටියා වෙන්ට පුළුවන්“ යැයි හෙතම ඇස් හකුළුවමින් හා හිස වලමින් කීය. මවිතයට පත්වූ බවක් මෙන් ම උපහාසාත්මක බවක් ද ඔහුගේ විලාසය කියා පෑවේය.

“සත්තකින් ම, ඒ විධයට තමයි සිද්ද වුනේ“ එකවර කීප දෙනෙක් කීහ.

හැම දෙනාම සිනාසුනහ.

“ඒ ගැන මොනවා කියන්න ද? දුයිෂෙන් ආරම්භ නොකරපු වැඩක් ඉතුරුවෙලා තියෙනවා ද. අපි හිතුවේ එයා ඇත්තටම ගුරුවරයෙක් කියලයි.“

සිනා හඬ නිවී ගිය පසු බීම වීදුරුව අතින් ගත් මිනිසා දිගටම කතා කළේ ය.

“අපේ ඇස් ඉදිරිපිට මිනිස්සු හැදී වැඩී තියෙනවා. රට පුරාම කීර්තිය දිනාගෙන තියෙනවා අපේ අල්තිනායි පඬිවරිය. අපි හැම කෙනෙකු ම වාගේ මැද පාසල ඉවර කරලා තියෙනවා. බොහෝම දෙනෙක් උසස් අධ්‍යාපනය ලබා තියෙනවා. අද අපේ අයිලයේ මැද මහා පාසලක් විවෘත කළා. අපේ ජීවිත කොතරම් දුරට වෙනස් වෙලා තිබේද යන්න එයින් පෙනී යනවා. අනාගතයේදීත් කුර්කුරෙඋ අයිලයේ දූ පුතුන් කාලය අනුව ඉදිරියෙන් ම යන අය වේවායි පතා සව්දිය පුරමු“

නැවතත් හැම දෙනාම ශබ්ද නගන්ටත්, මිත්‍රලීලාවෙන් කතා කරමින් සව්දිය පුරන්නටත් පටන් ගත්හ. එහෙත්, අල්තිනායි සුලෙයිමානවා පමණක් ලජ්ජාවෙන් රත් පැහැගත් මුහුණින් යුතුව සිය බීම වීදුරුව දෙතොල් මත තබා ආපසු එය මේසය මත තැබුවා ය. උත්සවය ප්‍රීතියෙන් කතාබහ කරමින් හුන් මිනිසුන්ට ඇගේ වෙනස්වීම නොපෙනිණි.

අල්තිනායි සුලෙයිමානවා කීපවරක් ම ඔර්ලෝසුව දෙස බැලුවා ය. අමුත්තන් මහ මගට බැස විසිර යාමට පටන්ගත් පසු දොල පාර අසල සිටගත් ඈ මහත්වූ ඕනෑකමින් යුතුව, කඳු ගැට මත පිහිටි පොප්ලර් ගස් දෙස බලන්නට වූවාය. ශරත් සමය නිසා එහි කොළ රත් පැහැයක් ගෙන ඇත. ඈත ක්ෂිතිජයේ හිරු බැසයමින් තිබිණි. නිවීයන හිරු එළිය පොප්ලර් ගස් මුදුනට වැටීම නිසා මලානික, දුක්මුසු රත්පැයක් ඇති විය.

මම අල්තිනායි සුලෙයිමානවා වෙත ගියෙමි.

“දැන් ගස්වල කොළ හැලෙන වාරය. වසන්තයේ දී ගස් පීදිගෙන එනවිට හැබෑ ලස්සන“ යැයි මම ඈට කියුවෙමි.

“මමත් මේ දැන් හිතුවේ ඔය ගැනමයි.“කියමින් දින සුසුමක් හෙළු ඈ මඳක් නිසලව සිට තොල මතුළා ය.

“ඔව්, හැම ජීව ප්‍රාණයකට ම තමාගේ වසන්තයකුත් තමාගේ ම ශරත් සමයකුත් තිබෙනවා“

වයසින් පැසුණු ඇගේ මුහුණේ හම හැකිලී ගොස් තිබිණ. ඇස් වටා පිහිටි රැලි දුක්මුසු බවක් දැරීය. ඒ මත ශෝකය පළවන සෙවනැල්ලක් වැටුණාක් මෙනි. මා ඉදිරිපිට සිටින්නේ අල්තිනායි සුලෙයිමානවා පඩිවරිය නොව, දුකෙහිඳි හඬා වැළපෙන, සැපෙහි දී සිනාසී ප්‍රීතිවන කිර්ගිස් ගැහැණියක් බව සැණෙකින් මට පෙනී ගියේ ය. ඉතාම උස කඳු මුදුන්වලට පමණක් නොඇසෙන සේ අපේ ගීතයන් ගයන ඒ සුන්දර තරුණ විය ගැන විද්‍යාධර කාන්තාව මතක් කළ සැටියකි, මට දැනුණේ. පොප්ලර් ගස් දෙස බලා සිටි ඈ යමක් කියන්නට මෙන් සුදානම් වූ නමුදු නිහඬ වූවා ය. හිටිහැටියේ ඇස් කන්නාඩි කුට්ටම පැළඳ ගත් ඕ මෙසේ ප්‍රශ්න කළා ය.

“මොස්කව් යන දුම්රිය මෙතනින් යන්නේ එකොළහට ද?“

“ඔව් එකොළහට“

“එහෙනම් මම ලෑස්ති වෙන්ට ඕන“

“ඇයි හිටිහැටියේ ම? ඔබ මෙහි දවස් කීපයක් නවතින්ට පොරොන්දු වුනා නේද, අල්තිනායි සුලෙයිමානවා. ගම්මු ඔබට යන්ට ඉඩ දෙන එකක් නැහැ.“

“අපොයි බැහැ. මට හදිසි වැඩ තියෙනවා. දැන් ම යන්ට ඕන“

ගම්මුන් කොතරම් කරුණු පැහැදිලි කොට, සිය අමනාපය ප්‍රකාශ කළද, අල්තිනායි සුලෙයිමානවා සිය අදහස වෙනස් නොකැරැ ගත්තා ය.

ඒ අතර අඳුර පැතිරෙන්ට විය. අමනාපයට පත් ගම්මුන් ඈට මොටෝ රථයයට ගොඩවැදීමට ඉඩ දුන්නේ, ඈ නැවත සුමානයක් හෝ ඊට වැඩි කාලයක් ගමේ නවතින බවට පොරොන්දු වූ පසුව ය. අල්තිනායි සුලෙයිමානවා හැරලීම සඳහා මම දුම්රිය පලට ගියෙමි.

හිටිහැටියේ ම ආපසු යන්ට තරම් අල්තිනායි සුලෙයිමානවා ඉක්මන් වූයේ ඇයි? අද වැනි දවසක ගම්මුන්ගේ සිත් රිදවීම නුවණට හුරු වැඩක් නොවන බව නොකිවමනා ය. යන අතර ඒ ගැන ඇගෙන් ඇසීමට මා සූදානම් වූ නමුදු කතාව පටන් ගැනීමට ධ්‍යෛර්‍යක් මා තුළ නොතිබිණ. උපායයන් නොදන්නෙකු ලෙස පෙනී යතියි සිතූ නිසා නොව ඇගේ තීරණය වෙනස් කිරීමට බැරි බව පෙනී ගිය නිසා ය මා ඇගෙන් එවැනි ප්‍රශ්න නොඇසුවේ. දුම්රිය පලට යනතුරු නිශ්ශබ්දව ගමන් කළ ඈ යම් කිසිවක් ගැන තදින් කල්පනා කරන බව පෙණෙන්ට තිබිණි.

දුම්රිය පලට ළඟා වූ පසු මම ඇගෙන් මෙසේ ඇසුවෙමි.

“අල්තිනායි සුලෙයිමානවා ඔබ හිතේ අමාරුවකින් වගේ. ගම්මු ඔබගේ හිත රිදෙව්වා ද?“

“එක යස කතාවක්! හීනෙකින් වත් එහෙම හිතන්න එපා! මගේ හිත රිදුනේ කා නිසාද? මම අපනාප වුනේ මා නිසාම යි.“

අල්තිනායි සුලෙයිමානවා ගමින් පිට වූවා ය. දවස් කීපයකට පසු නගරයට ගිය මට හදිසියෙන් ඇගෙන් ලියුමක් ලැබිණ. ලාපොරොත්තු රහිත ලෙස මා මොස්කව් නවතින බව සඳහන් කළ අල්තිනායි සුලෙයිමානවා මෙසේ ද ලියුවා ය.

“මා විසින් කළ යුතු වැඩ ගොඩක් කිබුණ ද ඒ සියල්ල අතපසු කරමිනි මා ඔබට මේ ලියුම ලියන්නේ... මා ලියන දේ වැදගත් යැයි ඔබ සිතන්නේ නම්, මා කියන දේ ගැන අනිත් අයට විස්තර කිරීම සඳහා මේ ලියුම ප්‍රයෝජනයට ගන්නේ කෙසේ දැයි කල්පනා කර බලන ලෙස ඉල්ලා සිටිමි. මෙය වැදගත් වන්නේ අපේ අයිලයට විතරක් නොවේ. මුළු මහත් තරුණ පරම්පරාවට ම ය. එවැනි තීරණයකට මා එළඹුණේ බොහෝ කල්පනා කිරීමෙන් ඉක්බිතිව ය. මෙය ජනතාව ඉදිරිපිට කරන පාපොච්චාරණයකි. මගේ යුතුකම ම විසින් ඉටු කළ යුතු ය. වැඩි වඩියෙන් ජනතාව මේ ගැන දැනගත් කරමට මගේ සිත් වේදනාව අඩුවනු ඇත. මා අමාරුවේ වැටේ ය යන බියෙන් කිසිවක් සැඟවීමට උත්සාහ කරන්ට එපා...“

ඇගේ ලිපිය නිසා ඇතිවූ හැඟීමෙන් යුතුව මම දවස් කීපයක් ඇවිද්දෙමි. අල්තිනායි සුලෙයිමානවාගේ නාමයෙන් එම කතාව කීම හැර වඩාත් හොඳ ක්‍රමයක් සිතීමේහිලා මම අපොහොසත් වීමි.

*****************
එය සිදු වුනේ 1924 දී ය. ඔව්, හරියට ම ඒ අවුරුද්දේදී...

අද අපේ සමූහ ගොවිපල තියෙන තැන ඉස්සර දුගී දුප්පත් අහිංසකයින්ගේ අයිලයක් තිබිණ. ඒ කාලෙදි මගේ වයස අවුරුදු 14 කි. මා නැවතී සිටියේ මියගිය මගේ තාත්තාගේ නෑයෙකුගේ ගෙදර ය. මගේ අම්මා ද ජීවතුන් අතර නොවූවා ය.

ශරත් සමයේ දී, තරමක් පොහොසත් ගොවීහු ශීත කාලය සඳහා කඳුකරයට ගියහ. ඉන් අනතුරුව සොල්දාදුවෙකුගේ කබායක් හැඳගත් නාඳුණන ගැටවරයෙක් අපේ අයිලයට අවේ ය. මට ඔහුගේ කබාය හොඳහැටි මතක තබා ගැනීමට හැකි වූයේ, එය කළු පැහැති ලෝම් රෙද්දකින් මසා තිබුණ නිසා විය යුතු ය.මහ පාරවලින් ඈත්ව කොන්වී තිබූ කඳුවලින් වැසී ගත් අපේ අයිලයට රජයේ කබායක් හැඳගත් මේ ගැටවරයාගේ පැමිණී ම විශේෂ සිද්ධියක් විය.

ඔහු යුද්ධ හමුදාවේ අණ දෙන නිලධාරියෙකැයි යන රාවයක් පළමුවෙන් ම පැතිර ගියේ ය. ඒ අනුව ඔහු අයිලයේ මුළෑදානියා වන බව කීහ. ඔහු නිලධාරියකු නොවන බවත්, මීට අවුරුදු කීපයකට පෙර අයිලයේ ඇතිවූ දුර්භික්ෂය නිසා නගරයට ගොස් දුම්රිය කම්කරුවකු වුණු තෂ්තාන්බෙක්ගේ පුතා බවත් පසුව ආරංචි විය. තෂ්තාන්බෙක්ගේ පුතා දුයිෂෙන් අයිලයට පැමිණියේ පාසලක් පටන් ගැනීමට සහ ළමයින් ට උගන්වන්ට බව දැනගන්ට ලැබිණ.

ඒ කාලයේ දී “පාසල“, “උගැන්වීම“ ආදී වචන අලුත් දේ හැටියට ගණන් ගත් ගම්මු ඒවා තේරුම් බේරුම් කරගැනීම ට අපොහොසත් වූහ. එකෙක් එය අසන්ට ලැබුණු ආරංචි මාත්‍රයක් ලෙසත්, තවකෙක් එය ගෑණුන්ගේ ඕපාදූප වශයෙනුත් ගණන් ගත්තෝ ය. ගම්මුන්ගේ රැස්වීමක් නොකැඳවන්ට පාසල ගැන අමතක වන්ට ඉඩ තිබිණි. “මොකක් ද මේ රැස්වීමේ තේරුම, හැම පුහු දේකට ම රස්සාව අතහැරලා යන්ට වෙලා තියෙනවා.“ යැයි අපේ මාමා දෙඩුවේ ය. අශ්වයා සුදානම් කොට ඌ පිට නැගී ගත් මාමා රැස්වීමට ගියේ ගමේ සැලකිය යුතු පුද්ගලයෙකු ලෙසිනි. ඔහු පිටුපස ගමන්ගත් අසල්වැසි ළමයින් සමග මම ද ගියෙමි.

රැස්වීම් තබන්නේ කඳු ගැටය අසල තැනක ය. අප එහි දුවගියේ හති දමමිනි. අසරුවන්ගෙන් හා අනිකුත් ගම්මුන් ගෙන් පිරී පැවති රැස්වීම් පිටිය මැද සිටගෙන කතා කරන්නේ සුදුමැලි මුහුණකින් යුත් කළු කබාය හැඳගත් අර ගැටවරයා ය. ඔහුගේ කතාව අපට හරිහැටි නෑසුන බැවින් අපි ඔහුට වඩාත් ළංවීමට වෑයම් කළෙමු. එහෙත් ඉරුණු ලෝගුවක් හැඳ සිටි මහල්ලෙක් ඔහුගේ කතාවට බාධා කළේ ය.

“පුතේ, මේ අහපන්“ යැයි ඔහු ඉක්කා ගසමින් සිය ප්‍රශ්නය ඇසුවේ ය. “ඉස්සර කාලෙ ළමයින්ට ඉගැන්නූවේ මුල්ලාවරු. උඹේ තාත්තා ගැන අපි දන්නවා. අපි වගේම එයා දුප්පත් ගොවියෙක්. ඉතින් උඹ කොහොම ද මුල්ලා කෙනෙක් වුනේ කියලා අපට විස්තර කරපන්“

“මම මුල්ලෙක් නොවෙයි, ලොකු උන්නැහේ, මම කොම්සොමොල් (තරුණ කොමියුනිස්ට්) කාරයෙක්“ යැයි ඉක්මණින් දුයිෂෙන් පිළිතුරු දුන්නේ ය. “මින් පස්සේ ළමයින්ට උගන්වන්නේ මුල්ලාවරු නොව, ගුරුවරු. මම යුද්ධ හමුදාවේ ඉන්න දවස්වල ඉගෙන ගත්තා. ඊට ඉස්සෙල්ලත් තරමක් ඉගෙන ගත්තා. මගේ මුල්ලාකමේ හැටි ඔහොම යි.“

“ඒක අපූරුයි...“

“හරි හපනෙක්“ යැයි පිරිස අතර හුන් සමහරු කෑගැසූහ.

“නුඹලාගේ ළමයින් ට උගන්වන් ට මාව මෙහාට එවුවේ කොම්සොමොල් සංවිධානය යි. මේ කාරිය පටන් ගන්ට අපට ඕන ගේ කෑල්ලක්. තමුන්නාන්සේලාගේ උදව් උපකාර ඇතුව අන්න අතන තියෙන අස්සගාල ශුද්ධ කරලා ඉස්කොලේ පටන් ගන්ටයි මම අදහස් කරන්නේ?“.

අලුතෙන් අයිලයට ආ මේකා අප කොහාට එළවන්ට හදන්නේ ද? යන්න සිතින් නගන්නාක් මෙන් මිනිස්සු සිනාසෙන්ට වූහ.මෙතෙක් වේලා නිහඬව සිටි ප්‍රශ්න අසන්නෙකු වන සතිම්කුල් නිශ්ශබ්දතාවය බිඳහෙළීය. අශ්වයා පිට ඉඳගෙන සිටි ඔහු ගම්මුන්ගේ කතාවලට කන්දෙමින් ඉඳ හිට කෙළ ගසන්ට විය.

“ඒයි ඉළන්දාරියා, පොඩ්ඩක් නැවතියන්. මොකක් ද අපට ඔය ඉස්කෝලෙන් ඇති පරයෝජනේ?“ යැයි ඇස් අඬවන් කරගත් සතිම්කුල් ඇසුවේ ඉලක්කයට වෙඩි තබන්නාක් මෙනි.

“මොකක්ද ප්‍රෙයෝජනේ?“ දුයිෂෙන් කලබල විය.

“හරියට හරි“ පිරිසෙන් එකෙක් කියනු ඇසිණි.

පිරිස එකවර ඒ මේ අත හැරෙන්නටත්, කෑ ගසන්ටත් පටන් ගත් හ.

“සත වරුස ගණනාවක සිට අපි ගොවිතැන් කරලා ජීවත් වුනේ. කෙත්මෙනයයි අපට කෑම සොයා දෙන්නේ. අපේ දූ-දරුවෝ ඒ විධියටම ජීවත් වේවි. උන්ට අකුරු උගන්වන්නේ මොන උලව්වට ද? ලොක්කන්ට තමයි අද්දියාපනේ ඕන. අපි චාම් මිනිස්සු. ඔය නෙයියාඩම් වලින් අපිට වැඩක් නෑ.“

කෑ කෝ ගැසීම ක්‍රමයෙන් නතර විය.

“ළමයින් ඉගෙන ගන්නවා බැලීමට දෙමව්පියන් ආසා කරන්නේ නැද්ද?“ යි තමා වටකරගෙන සිටියවුන්ගේ මුහුණු දෙස බලමින් තැතිගත් දුයිෂෙන් ප්‍රශ්න කළේ ය.

“අපි විරුද්ධ නම් නුඹ බලෙන් උගන්වාවි ද? ඒ කාලෙ ඉවරයි. දැන් අපි නිදහස් මිනිස්සු. කැමති විධියට ජීවත් වෙනවා!“

දුයිෂෙන්ගේ මූණ රතු විය. වෙව්ලන අත්වලින් යුතුව හෙතෙම කබායේ බොත්තම් ගැළවී ය. කමිස සාක්කුව තුළින් ලහි ලහියේ කඩදාසි කෑල්ලක් ගෙන එය දිගහැර සියලු දෙනාටම පෙනෙන පරිදි හිසට උඩින් එසවී ය.

“ළමයින්ගේ ඉගෙනීම ගැන සඳහන් කරන සෝවියට් රජයේ මුද්‍රව තබා ඇති මේ ලියකියවිල්ලට තමුසෙලා විරුද්ධයි. කවුද නුඹලාට ඉඩම් දුන්නේ, වතුර දුන්නේ, නිදහස ලබා දුන්නේ? කවුද සෝවියට් ආණ්ඩුවේ නීති රීති වලට විරුද්ධ. කව්ද? උත්තර දීපල්ලා!“

“උත්තර දීපල්ලා“ යන වචනය ඔහුගේ කටින් පිටවූයේ ඝණ්ඨාර නාදය මුසුවූ ශක්තියත් ක්‍රෝධයත් එක් කැරැමිනි. ශරත් සමයේ නිසලතාවය බිඳ හෙළමින් හෙණ පහරක් සේ පැතිර ගිය ඒ හඬ ඈත කඳුවල හැපෙමින් දෝංකාරය අති කළේ ය. කිසිවකු කතා කලේ නැත. හිස් පාත් කරගත් ගම්මු නිශ්ශබ්ද වූහ.

“අපි දුප්පත් ගොවියෝ. අපට හැමදා ම හිරිහැර කළා. නින්දා අපහාස කළා. අපි අඳුරේ ජීවත් වුනා. සොවියට් ආණ්ඩුව අපිට ලියන්න කියන්ට උගන්වනවා. අපට ආලෝකය ලබා දෙන්ට යනවා. ඒ සඳහා ළමයිට අකුරු උගන්වන්ට ඕන...“ ඔහු කතා කළේ සිහින් හඬකිනි.

දුයිෂෙන් ගොළු විය. එවිට මුල්ලා කෙනෙකු වූයේ කෙසේ දැයි ඇසූ අර වැරහැලි ලෝගුව හැඳ සිටි ගොවියා ශාන්ත ස්වරයෙන් මුමුණුවේ ය.

“එහෙනම් මට කරුණාකරලා උදව් වෙයල්ලා. අර කන්ද උඩ තියන බායිලාගේ අස්සගාලා ශුද්ධ කරලා ගන්ට ඕන. ගඟ හරහා ඒ දණ්ඩක් දාන්ට ඕන. ඉස්කොලෙට දර ඕන...“

“ඒයි හාදයා, උඹ බොහොම කලබලයි, පොඩ්ඩක් නැවතියන්!“ යැයි දුයිෂෙන්ගේ කතාවට බාධා කළ සතිම්කුල් කීය.

දත් අතරින් කෙළ ගැසූ ඔහු ඇස් හකුළුවා ගත්තේ ඉලක්කයට වෙඩි තැබීමට මෙනි.

“ඉස්කෝලයක් පටන් ගන්න යනවා කියලා නුඹ මුළු අයිලයටම ඇහෙන්න බෙරිහන් දෙනවා. නුඹ දිහා බලපන්. උඹට ශීත කබායක් නැහැ. අස්පයෙක් නැහැ. ගොවිතැන් කරන්ට අල්ලක් තරම්වත් කුඹුරක් නැහැ. හරකා බානක් වත් නැහැ! නුඹ කොහොම ද ජීවත් වෙන්ට කල්පනා කරන්නේ ඉලන්දාරියා? පිට අයගේ ශ්වයෝ එළවන්ට ද... අපට අස්පයො නැහැ. අස්ප ගාල් තියෙන එවුන් කඳුකරේට ගිහිං.“

තදින් පිළිතුරු දීමට සූදානම් වූ නමුදු සන්සුන්ව මෙසේ කීය.

“කොහොම හරි ජීවත් වෙන්න බලනවා. මට පඩි ලැබේවි“

“ඔක ඉස්සේල්ලා කීවානම් කතාව දුරදිග යන්නේ නැහැ නොවැ“ යැයි කී සතිම්කුල් තමා ගැන සතුටු වෙමින් සෑදලය මත හරි-බරි ගැසී හිඳ ගත්තේ පිට කොන්ද කෙලින් කර ගනිමිනි. ඔහු ජයග්‍රාහකයෙකුගේ සිරියක් පෑවේ ය. “දැන් ඔක්කෝම පැහැදිලි ය. හාදයා, උඹේ වැඩ උඹ තනිවම කරගනින්. ලැබෙන පඩියෙන් ළමයින්ට උගන්නාපන්. අණ්ඩුවට සල්ලි තියෙනවා. අපට කරදර කරන්න එපා. දෙයියන්ට පිං සිද්ද වේච්චාවයි. අපට කට ලඟට එනකල් වැඩ කටයුතු...“

මේ වදන් කියා අවසන් වත්ම සතිම්කුල් තම අසු හරවාගෙන ගෙදර ගියෝ ය. ඔහු පිටුපස ගමන්ගත් අනිත් අයද ගෙවල් කරා ගියෝ ය. ලියවිල්ල අතේ ඇතිව දුයිෂෙන් ගල් ගැසුනාක් මෙන් බලා සිටියේ ය. අනේ දුප්පතා යන එන මං නොදැන බලා සිටි හැටි...

දුයිෂෙන් නිසා ම සිතේහි උපන්නේ කණගාටුවකි. මා අසලින් ගිය මාමා මට කෑ ගසන තුරු මම දුයිෂෙන් දෙස බලා ගත්වන ම සිටියෙමි.

“ඒයි කොන්ඩෙ කඩා ගෙන ඉන්න පිස්සී උඹ මොනව ද කට ඇරගෙන මෙතැන කරන්නේ. හනික පල ගෙදර!“ ළමයි රංචුවට එක්වීම සඳහා මම හනික දුවන්ට වීමි. “ඒ ගොල්ල හැම තිස්සේම රැස්වීම් තියන්ට පුරුදු වෙලා!“

පසුදින අයිලයේ පැටික්කියන් වතුර ගෙනඒම පිණිස ගිය විට ගඟ අසල දී ඔවුන්ට දුයිෂෙන් මුණ ගැසිනි. කෙත්මෙනයක්, ගල්කටුවක්, පොරවක් සහ අපුරු බාල්දියක් රැගත් දුයිෂෙන් ගඟ හරහා ගියේ ය.

එදා සිට හැම උදෑසනකම කඳු ගැටය මුදුනේ පිහිටි පාළු අශ්ව ගාල වෙත අඩි පාර ඔස්සේ යන දුයිෂෙන්ගේ හුදකලා රූපය දැක්ක හැකි විය. ඔහු ආපසු අයිලයට ආවේ ඇඳිරි වූ පසුව ය. විශාල පිදුරු මිටියක් හෝ කුරයා* මිටියක් කර ගසා ගෙන ඔහු යන සැටි අපි හිඳ හිට දුටු වෙමු. දුර සිට ඔහු දකින කෙනෙක් සෑදලයේ පා පළලු වලට පා තබා නැගී සිට ඇස් හකුළුවා බලමින් පුදුමයෙන් මෙසේ කිය යි.

“ඒයි බලපන්, අර දුයිෂෙන් ඉස්කෝල මහත්තයා නොවෙ ද, තණකොළ මිටියක් කර තියාගෙන යන්නේ?“

“ඔව් එයා තමයි“

“අනේ පව්, දුප්පතා, ඉස්කෝල ගුරුකමත් ලේසි වැඩක් නෙවි“

“නුඔ හිතුවේ මොකක් කියලා ද? එයා මිටි කර ගහ්නේ බායිලා යටතේ වැඩ කරන දාසයෙක් වගෙයි.“

“එයා ළඟ ආණ්ඩුවේ මුද්‍රාව එක්ක ලියවිල්ලක් කියෙන නිසා තමයි ඒ විධියට මිනිහා කතා කරන්නේ. ලියවිල්ලේ බලය තමයි ඒ“

කඳු ගැට වල තිබූ වියලි ගොම මළු වලට පුරවා ගත් අපි දවසක් දා පාසල අසලින් ගියෙමු. ගුරුවරයා මොනවා කරන්නේ දැයි බැලීමට ආශාවක් අප තුළ ඇතිවූයෙයන් පාසලට ගොඩ වැදුනෙමු. ගොම මැටි ගා සාලන ලද පැරණි මඩුව ඉසසර බායිවරුන් පාවිච්චි කළේ අශ්වගාලක් ලෙස ය. ශීත කාලයේ දී සහ අයහපත් කාලගුණය පැවති දවස්වල දී අශ්ව පැටව් මේ ගාලෙහි ලැග්ගාහ. සෝවියට් පාලනය පිහිටුවීමෙන් පසු බායිවරුන් වෙනත් ප්‍රදේශවලට ගියෙන් අශ්වගාල පාළු විය. කිසිවෙකු මෙහි ආවේ නැත. අශ්වගාල වටා තණ කොළ වැවිණි. එහෙත් දැන් මුලින් උදුරා දැමූ වල් පැලෑටි ආදිය මිටි වලට බැඳ තිබිණි. ගෙවත්ත පිරිසිදු කර කිබිණ. වැස්සට තෙමී තෙතබරි වී තිබුණු බිත්ති මැටිගා ශුද්ධ කරන ලදී. සදාකාලිකවම එක් සරණේරුවක එල්ලමින් තිබුණ කබල් දොර ශුද්ධ කොට තීන්ත ගා නිසි ලෙස සවිකර තිබිණ.

කරෙන් සහ හිසින් ගෙනගි ය මළු බිම තැබූ අපි ගිමන් හරින්නට වීමු. ඇඟ පත පුරා මැටි තවරාගත් දුයිෂෙන් දොරහැර ගෙන එළියට ආවේ ය. අප දුටු ඔහු විස්මයෙන් බලා පසුව සාදරයෙන් පිළිගන්නාක් වැනි සිනාවක් පා, නළලෙන් වැගිරෙන දහදිය පිස ගනිමින් මෙසේ ඇසී ය.

“කෙල්ලනේ නුඔලා කොහේ ඉඳලා ද?“

වියලි ගොම පුරවාගත් මලු ළඟ වාඩිවී සිටි අප ලැජ්ජාවෙන් එබි කම් කර බැලු වෙමු. අප ලජ්ජාව නිසා ගොළු වී සිටින බැව් දුටු දුයිෂෙන් දිරි ගැනිවීමක් ලෙස එක ඇසක් හකුළුවා ගත්තේ ය.
“මළු නුඔලාට වැඩිය ලොකුයි නොවැ. මෙහෙ ආව එක බොහෝම හොද යි. නුඔලා ඉගෙන ගන්ට එන්ට ඕන මෙහාටයි. නුඔලාගේ ඉස්කෝලෙ සම්පූර්ණයෙන් ම වාගේ ලෑස්තියි. ශීත කාලෙට ගිනි තපින්නට ලිපක් එහෙම හදලා දුම් පිට කිරීමට උඩින් බටයකුත් හඳලා ඉවරයි, පේනව නේද? දැන් ඕන ගිනි තැපීමට දර. කමක් නැහැ ඒ වෙනුවට වල් තණකොළ හැම තැනම තියෙනවා. බිමට පිදුරු දාලා උගැන්වීම් පටන් ගන්නවා. කොහොම ද? ඉගෙන ගන්ට කැමති ද? ඉස්කෝලෙ අනව ද?“

නඩේ කෙල්ලන් අතුරෙන් වැඩි මහළු එකියක වූ මම පිළිතුරු දීමට ඉදිරිපත් වුනෙමි.
“නැන්දා අවසර දෙනව නම් ඉස්කෝලෙ එනවා.“ යි මම කියුවෙමි.

“ඇයි අවසර දෙනන්නේ නැත්තේ. අවසර දේවි. නුඹේ නම කොහොම ද?“

“ අල්තිනායි “ මම පිළිතුරු දෙමින් හැඳ සිටි ඉරුණු සාය අතරින් පෙනුනු දණහිස එක් අතකින් වසා ගතිමි.

“අල්තිනායි, ලස්සන නමක්“ යැයි කියමින් ඔහු සිනාසුනේ හදවතට උණුසුමක් ගෙන දෙමිනි. “උඹ කාගේ කවුද?“

මට අනුකම්පා කරන විට අසතුටු වූ මම නිශ්ශබ්ද වීමි.

“එයා අම්මා අප්පා නැති අනාථ කෙල්ලක්. මාමාලාගේ ගෙදර ජීවත් වෙන්නේ“ යැයි යෙහෙලියෝ කීහ.

“අල්තිනායි,“ කී, දුයිෂෙන් මා දෙස නැවත වරක් බලා උණුසුම් ලෙස සිනාසුනේ ය. “උඹ අනික් ළමයින්ව ඉස්කෝලෙට අඬගසාගෙන වරෙන්. මේ ළමයිනුත් ඉස්කෝලෙ එන්ට ඕන. තේරුණා ද?“

“හොඳයි මාමේ.“

“මට ඉස්කොල මහත්තයා යැයි කියනන. කැමතිද ඉස්කෝලෙ බලන්න? වරෙල්ලා ලජ්ජාවෙන්ට එපා.“

“බැහැ, අපිට ගෙදර යන්ට ඕනෑ“ යයි ලැජ්ජා ගතියක් පාමින් අපි කීවෙමු.

“හොඳයි, ගෙවල්වලට පලයල්ලා. ඉගෙනගන්ට ආ විට ඉස්කෝලෙ බලපල්ලා. අඳුර වැටෙන්න ඉස්සෙල්ලා තව සැරයක් තණකොළ එකතු කරන්ට ඕන.“

දෑකැත්තක් සහ ලනු පටයකුත් අතින් ගත් දුයිෂෙන් තණකොල කැපීමට ගියේ ය. මළු කර තබාගත් අපි අයිලය දෙසට ගමන් කළෙමු. හිටි හැටියේ ම මා තුළ අදහසක් උපන්නේ ය.

“කෙල්ලනේ, නැවතියල්ලා වියලි ගොම ඉස්කෝලෙට බාර දෙමු. ශීත කාලෙට ගිනි තපින්න ඇහැකි.“

“නුඹ හරි කෙල්ලෙක්නේ. ගෙදර ගෙනියන්නේ මොනවා ද?“

“අපි ගිහිං තවත් ගොම එකතු කර ගනිමු.“

“බැහැ රෑ බෝවෙලා. ගෙදර අය බනීවි.“

එදා එවැනි තීරණයක් ගැනීමට හේතු වූයේ කුමක් නිසා ද යන්න අද වනතුරුත් මට තේරුම් ගැනීමට නොහැකි විය. මගේ යෙහෙලියන් මට අවනත නොවී ගෙවල් කරා ගිය නිසා ද නැතිනම් කුඩා කළ සිටම අබ්බැහි වුනු මුරණ්ඩු ගති නිසා දැයි කිව නොහැකි ය. ග්‍රාම්‍ය මිනිසුන්ගේ පහරවලට නිතර ගොදුරු වූ මගේ හැඟීම් හා අභිලාෂයන් මැලවී ගොස් තිබිණි. එහෙත් මගේ හදවත කාරුණික සිනාවකින් උණුසුම් කළ ඒ මිනිසාට, මා කෙරෙහි විශ්වාසය තබා කරුණාවත් ලෙස කතා කළ ඒ මිනිසාට මගේ කෘතඥතාවය පළ කළ යුතු යැයි මට හැඟිණි. මගේ මුළු මහත් ජීවිතයත් ඉරණමත් දුකත් සැපත් යන මේ හැම දෙයක් ම පටන් ගත්තේ ඒ වියලි ගොම පිරි මල්ල නිසා බව මම හෙඳ හැටි සහ ස්ථිර ලෙස දනිමි. මා එසේ කියන්නේ මගේ ජීවිතයේ පළමු වැනි වරට, නොබියව, කල්පනා නොකර, අවශ්‍ය යැයි සිතූ දෙයක් හිතට එකඟව කළ බැවිනි. යෙහෙලියන් මා තනිකර දමා ගිය විගසම දුයිෂෙන්ගේ පාසලට දුව ගොස් වියලි ගොම සහිත මල්ල හිස් කළෙමි. කඳු අතර වූ බෑවුම සහ දෙණි අතරින් වෙගයෙන් පැණ ගොස් මා කඳු ගැටය නැග්ගේ නැවත වරක් වියලි ගොම අහුලා ගැනීමට ය.

මා වේගයෙන් දුවගියේ අරමුණක් නැතිවා සේ ය. මා තුල අධික ශක්තියක් තිබෙන්නාක් මෙන් හැඟී ගිය අතර හදවත ශ්‍රේෂ්ඨතම වීර ක්‍රියාවක් කළක් මෙන් පිරිණි. මගේ ප්‍රීතියේ රහස හිරු දැනගත්තාක් මෙනි. ලෙහෙසියෙන් හා නිදහස් ලෙස මා මෙතරම් සන්තෝෂ වන්නේ ඇයි ද යන්න හිරු දැනගත්තාක් වැනි ය. ඔව්, මා ලෙහෙසියෙන් හා නිදහසේ දුවන්නේ මන්දැයි හිරු දැනගත් බව මට විශ්වාස ය. මන් ද? කුඩා වුව ද මා හොඳ දෙයක් කළ බැවිනි.

හිරු කඳු ගැටයට මුවා වෙමින් සිටියේ ය. බැසයන හිරු මා දෙස බැලීම සඳහා සම්පූර්ණයෙන් මුවා නොවී සිටින බවකි මට දැනුනේ, හෙතෙම මා යන මග අලෝකමත් කළේ ය. ශරත් සමයේ වියලි පොළව රතු, රෝස හා දම් පැහැයෙන් බැබලෙන්නට විය. මග දෙපස සිහින් පං ගස්වල අතු ඒ මේ අත වැනුනේ දිලිසෙමිනි. මා හැඳ සිටි අණ්ඩ දමන ලද සායේ රිදී පැහැති බොත්තම් හිරු රැස් නිසා දිලිසෙන්නට විය. මා ඉදිරියට දිවගියේ සිත් සතන් ප්‍රීතියෙන් කුල්මත් කරවීමෙනි. මහ පොළව, අහස සහ සුළඟ දෙසට හැරෙමින් මෙසේ කීවෙමි. “මා දෙස බලපල්ලා! මා කොතරම් ආඩම්බරද! මම ඉගෙන ගන්ට යනවා, ළමයින් අඬගසාගෙගන ඔවුනුන් සමග මම ඉස්කෝලෙ යනවා!...“

මා ඒ විධියට බොහෝ වේලා දුව පැන ඇවිද්දේ දැයි මට කිව නොහැක්කේ, වියලි ගොම එකතු කළ යුතු යැයි හිටි හැටියේ ම මතක් වූ නිසා ය. කොතරම් ලොකු පුදුමයක් ද. ගිම්හාන සමයේදී අඩියක් පාසාම ගොම දකින්ට ලැබුණේ හැම තැනම හරකුන් සිටි බැවිනි. එහෙත් දැන් මහ පොළව ගොම ගිලගත්තාක් මෙන් අතුරුදහන් වෙලා ය. සමහර වේලාවට මා සෙව්වේ නැතුවා වෙන්ට පුළුවන්. සොයමින් ඈත ගිය ද එකතු කර ගැනීමට ලැබුණේ වියලි ගොම ටිකක් පමණී. මල්ල පුරා වියලි ගොම එකතු කර ගැනීමට බැරි වෙතැයි යන බිය මා තුළ ඇති වූයෙන්, කුමක් කරම්දෝහෝයි නොදැන ‘චියි‘* පඳුරු අසසේ මම දුවන්ට විමි. අමාරුවෙන් මල්ලෙන් බාගයක් පුරවා ගතිමි. ඉර අවරට ගියෙන් අඳුර ඉක්මණින් පැතිරෙන්ට විය.

මේ තරම් අඳුර වැටෙන තෙක් තණ පිටියේ තනිවම රැඳි සිටි දවසක් මට මතක නැත. පාළු, ගොළු කඳු ගැටවලට ඉහළින් රාත්‍රි අඳුර පැතිරෙන්ට විය. හොඳටම බිය ගත් මම මල්ල කර තබා ගෙන අයිලය දෙසට දුවන්නට වීමි. කෑ ගසා අඬන්නට තරම් මා බිය වුව ද ධෛර්‍ය්‍ය උපදවා ගත හැකි වූයේ, මෙවැනි අසරණ තත්ත්වයක මා වැටී සිටිනු දුයිෂෙන් ගුරුතුමා දුටුවොත්, ඔහු කුමක් කියති දැයි මගේ යටි සිතෙහි හැඟීමක් හටගත් බැවිනි. ගුරුතුමා පැත්තක සිට මා දෙස බලා ඉන්නාක් වැනි හැඟීමක් ඇති කරගත් මම වටපිට නොබලා සිත එක්තැන් කර ගතිමි.

මා ගෙදර දුවගියේ හති දමමින් සහ පෙරෙන දහදියෙන් යුතුව ය. මම අමාරුවෙන් හුස්ම ගනිමින් ගෙට ඇතුළු වීමි. ගිනි මොළවමින් සිටි නැන්දා තර්ජනය කරමින් ඉදිරියට ආවා ය. නපුරු, රළු ගැහැණියකි මාගේ නැන්දා.

“තෝ කොහේද බොල ගියේ?“ කියමින් ඉදිරියට ආ ඈ මල්ල උදුරාගෙන පැත්තක තැබුවා ය. “තෝ එකතු කළේ මෙච්චර ද?“ ඕ තර්ජනය කළා ය.

මගේ යෙහෙළියෝ මේ වන විට නැන්දා වෙත කේළම් කීමෙහි ලා සමත්වූහ.

“ඇ කළු බැල්ලියේ! තෝ මොකටද ඉස්කෝලෙට ගියේ? ඉස්කෝලෙදිම තෝ මක බෑ වුණානන්!“ යැයි බණින්ට වූ නැන්දා, මගේ කණින් ඇඳ එක පිට එක ටොකු ඇන්නා ය. “අම්මා අප්පා නැති වල් කෙල්ල! කෘතයා කවදාවත් බල්ලෙක් වෙන්නේ නැහැ. ළමයි හැම දෙයක් ම ගෙදර ගේනවා. මේකි ගෙදර තියෙන දේවල් පිට ගෙනියනවා. මීට පස්සේ ඉස්කෝලෙ අහලිකින්වත් ගියෝත් තොගෙ අණ්ඩක් කඩනවා. තොට යස ඉස්කෝලයක් දෙන්නම් හිටපිය...“

මම නිසලව සිට කෑ ගසා නොහැඬිමට වග බලා ගත්තෙමි. පසුව ලිප තුළ නගින ගිනි මැලය දෙස බලමින් නිශ්ශබ්දව, සෙමින් කිසිවෙකුට නොපෙනෙන පරිදි, මා හැඬුවේ ගෙදර සිටි බළල් පැටියා අත ගාමිනි. මා හඬන හැම වාරයක දී ඉව ඇල්ලීමෙන්, බළල් පැටියා මා වෙත එයි. මා හැඬුවේ නැන්දාගේ තර්ජන වලට බිය වූ නිසා නොවේ. ඒවා මට නුපුරුදු ඒවා නොවී ය. නැන්දා මින්පසු කිසි දිනක මා පාසලට යවන්නේ නැති බව ස්ථිර බැවිනි මා එසේ වැළපුණේ...

ඊට දවස් දෙකකට පසු හිමිදිරි බල්ලන් මහ හඬින් බුරනවා ඇසිණි. දුයිෂෙන් ගෙයක් ගෙයක් පාසා යමින් පාසලට ළමයින් එකතු කිරීම එයට හේතුව විය. ඒ දවස්වල අයිලයේ හරහා පාරවල් නෙතිබිණි. අපේ අයිලයේ තිබුණේ මැටියෙන් සෑදූ අඳුරු පැල්පත් පමණකි. ඒවා ඒ මේ අතර විසිර යන සේ සාදා තිබිණි. තමන්ට රිසි තැනක ගම්මු පැල්පත් සෑදූහ. දුයිෂෙන් සහ ඔහු පිටු පසින් ගමන් කළ ළමයි කෑකෝ ගසමින් ගෙයක් පාසා ගියෝ ය.

අපේ පැල්පත පිහිටියේ එක කෙළවරක ය. නැන්දාත් මාත් පිටි කොටමින් සිටියෙමු. පැල්පත අසල ලී මඩුවේ වළෙක බහා තිබූ තිරුඟු ගොඩ ගැනීමෙහි මාමා යෙදී සිටියේ ය. තිරිඟු කඩපොලට ගෙන යාමට ඔහු සූදානම් විය. වරින් වර මෝල් ගස් දෙකකින් අප පිටි කොටමින් සිටිය ද, කිසිවෙකුට නොපෙනන පරිදි ගුරුතුමා කොහෝ දැයි මම හොර ඇසින් බැලු වෙමි. අපේ පැල්පතට ඔහු නො එතියි යන බියක් මා තුළ උපනි. නැන්දා මා පාසල් යවන්නේ නැති බව මට සහතිකය. එහෙත් මා කොතැන ජීවත් වන්නේ ද යන්න දැනගැනීම සඳහාවත් ඔහු මෙහි එනවා දැකීම ට මම ආශා කළෙමි. අපේ ගෙදරට නෑවිත් ඔහු ආපසු ගොයා යුතු යැයි මම දෙවියන් යැදීමි.

“ආයුබෝවන්! දෙවියන්ගේ පිහිටයි! දෙවියෝ පිහිට වෙන්නේ නැතිනම් අපි රංචුව පිටින් ම පිහිට වෙන්නම්, බලන්න අපි කී දෙනෙක් ද කියලා!“ දුයිෂෙන් අපේ නැන්දාට ආචාර කරමින් විහිළු කරන්නාක් මෙන් කතා කළේ තමා පිටුපස ආ අනාගත ශිෂ්‍ය රැල පෙන්වමිනි.

ඈ මොනවදෝ කියමින් මිමිණුවා ය. මාමා තිරිඟු වළෙන් හිස එළියට දමා බැලිමට තරම්වත් වුවමනාවක් නොදැක්වූවේ ය.

දුයිෂෙන් එයින් අධෛර්‍ය්‍යයට පත් නොවූයේ, ගෙවත්තේ ලී කොටයක් මත හිඳගෙන කඩදාසියක් හා පැන්සලක් ගෙන මෙසේ පැවසී ය,

“අද අපේ ඉස්කෝලෙ උගැන්වීම පටන් ගන්ටයි යන්නේ. ඔහේලාගෙ දුවට වයස කීයද?“

කිසිවක් නොකී නැන්දා කෝපයෙන් මෝල්ගහ වංගෙඩිය තුළට දැම්මා ය. ඈ කතා කිරීමට කිසිදු වුවමනාවක් පෙන්නුවේ නැත. එහෙත් මගේ හදවත ගිනි ගත්තාක් මෙනි. දැන් මොනවා වෙයිද? මා දෙස බැලූ දුයිෂෙන් අඩ සිනාවක් පෑවේ ය. එවිට මගේ හදවත ප්‍රීතියෙන් සැලෙන්නට විය.

“අල්තීනායි, උඹේ වයස කීයද?“ යි ඔහු ඇසූ නමුදු මා නොවේ පිළිතුරු දීමට ඉදිරිපත් වුණේ.

“උඹට මොකට ද වයස දැනගන්ට ඕන හේතුව. උඹ ඉස්පැටර් කෙනෙක්ද?“ යි කැළඹුණු ස්වරයකින් නැන්දා ඇසුවා ය. “එකිට ඉස්කෝලෙ යන්ට වේලාවක් නැහැ. ඇගේ අම්මා අප්පා නැහැ. අම්මා අප්පා ඉන්න ළමයින්ට පවා ඉස්කෝලෙ යන්ට බැරිකොට ඈට මොන ඉස්කෝලයක්ද. බලාපන්, උඹ එකතු කරල තියෙන කොලු-කෙලි රංචුව. උන් එක්ක පලයන් ඉස්කෝලෙට. මෙතන උඹට වැඩක් නැහැ.“

දුයිෂෙන් හුන් තැනින් නැගිට්ටේ ය.

“මොනවද ඔය කියන්නේ! පොඩ්ඩකට කල්පනා කරලා බලන්ඩ. ඈ අනාථ වුනේ ඇගේ වරදින්ද? අනාථ ළමයින්ට ඉගෙනීම තහනම් කරලා නීතියක් පනවල තියෙනවද?“

“උඹගෙ නීති ගැන හොයන්ඩ මට වේලාවක් නැහැ. මගේ නීති අනුවයි මම වැඩ කරන්නේ. උඹ මට අණටදන්ට හදන්න එපා“

“අපි හැමටම බලපාන එක නීතියයි. ඔයගොල්ලන්ට ඒ ළමයව එපා වුණාට ඒ ළමයව අපට, සෝවියට් ආණ්ඩුවට ඕන. අපට විරුද්ධ නම් අපි අණ කරනවා“

“කොහෙ ඉඳලා ආපු ලොක්කෙක් ද මේ! යයි කෝප වූ නැන්දා ඇසුවා ය. “ඈ හැසිරිය යුත්තේ කවුරු කියන විධියටද? ඈට කන්ට බොන්ට දෙන මා කියන දේ ද යන එන මං නැති පාදඩයෙකුගෙ පුතෙක් කියන දේ ද ඈ අහන්ට ඕන?“ යැයි නැන්දා ගුගුලා ය.

තිරිඟු බහා තියෙන වළ තුළට වී තිරිඟු ගොඩ ගනිමින් සිටි මාමා එළියට නොඑන්ට කුමකින් කුමක් වේ දැයි කිය නොහැකිව තිබිණි. ගෙදර මූලිකයා සිටින බව අමතක කර දමා ඈට අයිති නැති වැඩවලට අත ගැසීමට නැන්දා ඉදිරිපත් වීම මාමාට ඉවසුම් නොදෙන කාර්යයකි. එවැනි අවස්ථාවල දී ඔහු ඈට අනුකම්පා රහිත ලෙස තැළුවේ ය. මෙවර ද ඔහු තුළ පැන නැංගේ ඉවසුම් නොදෙන කෝපයකි.

“ඇයි බොල ගෑනියේ“ යැයි කෑ ගසමින් ඔහු තිරිඟු වළෙන් ගෙඩ ආවේ ය. “උඹ කවද සිටද ගෙදර ලොක්කා වුනේ, උඹ අණ දෙන්ට පටන් ගත්තේ කවද ඉඳලද? ඕපදූප කීම අඩු කරපන්. වැඩ කිරීම වැඩි කරපන්. ඒයි උඹ තෂ්තන්බෙක්ගේ පුතා. කැමතිනම් උගන්නා පං. බැරිනම් පුච්චාගෙන කාපන්. තොපි ඉක්මනට පලයව් යන අතක!“ හේ ගුගුලේ ය.

“ආ එහෙනම් එකී ඉස්කෝල ගානෙ ඇවිදීවි. ගෙදර වැඩ කවුද කරන්නේ “ඔක්කොම කරන්ට ඕන මමයි“ නැන්දා ඇසුවා ය.

මාමා සැනෙකින් පිළිතුරු දුන්නේ ය. “මං කියන විධියට විතරයි වැඩ!“

හැම නරක දේකම හොඳ ටිකක් තියෙනවලු. පළමුවැනි වරට මම පාසල් යාමට සිදුවුනේ ඒ විධියට යි.

එදා සිට හැමදාම උදේට දුයිෂෙන් ගෙවල් ගානේ ගොස් අප එකතු කළේ ය.

පළමුවැනි වරට අප පාසලට පැමිණිදා පිදුරු අසුරන ලද බිම වාඩිවන්ට සැලැස් වූ ගුරුතුමා සෑම ළමයෙකුට ම ඇක්සයිස් පොතක්, පැන්සලයක් සහ ලෑල්ලක් බැගින් දුන්නේ ය.

“ලෑල්ල දණහිස් මත තබා ගත්තාම ලියන්ට පහසු යැ“ දුයිෂෙන් කීවේ ය.

ඉක්බිතිව බිත්තියේ අලවා තිබූ රුසියන් ජාතිකයෙකුගේ පින්තූරයක් පෙන්වමින් ඔහු මෙසේ පැවසී ය.

“ ඒ තමයි ලෙනින් .“

****************
අවසන් නැත ......!!ගුරු ගීතය දෙවන කොටස බලාපොරොත්තු වන්න......!!

නිර්මලා මධුශානි විසින් යදමින් බැඳ වෙබ් අඩවියට සම්පාදනය කල ලිපියක් ඇසුරෙනි.