Showing posts with label Art. Show all posts
Showing posts with label Art. Show all posts

Thursday, September 13, 2012

ආදරණීය නංගියේ මල්ලියේ, ඇහැ ඇරපන්...

විශ්ව විද්‍යාලවල ඉන්න ආදරණීය නංගියේ මල්ලියේ උඹල ගෙදරට වෙලා නිවාඩු ගත කරපු කාලෙ හොදටම ඇති දැන්. උඹල ගෙදර ඉද්දි ආණ්ඩුව උඹලගෙ ලෙචාල (lecturers) දඩයම් කරනව. ඔන්න දැන් ලෙචාල සේවය අත් හැර ගියා සේ සලකල වෙන උන්ගෙන් උඹලගෙ කැම්පස් එක පුරවන්නයි හදන්නෙ. සමහර විට උබල ආපහු කැම්පස් එද්දි හමුදාවෙ කට්ටිය ඉදිවි උබලට උගන්නන්න. උඹල තාම හිතනව නම් මේක උඹලට අදාල නෑ කියල, ගෙදරට වෙලාම බලන් ඉදපන් කැම්පස් අරිනකම්. එදාට උඹලට උගන්නන්න උඹලගෙ ආදරනීය ලෙචාල නැති වෙයි. උඹල අද පාරට බැස්සෙ නැත්නම් හෙට උඹට විතරක් නෙමෙයි උඹගෙ දරුවන්ටත් පාරෙම තමයි ඉන්න වෙන්නෙ. අන්න ඒ නිසයි අපි කියන්නෙ උඹලට පුලුවන් විදියට මේ සටනට සහයොගය දෙන්න ඕන කියල. පටන් ගනින් අදම, උබලගෙ ගෙදරින්ම දැනුවත් කරපන් ගෙදර මිනිස්සු ටික, උඹගෙ අම්ම තාත්ත, අල්ලපු ගෙදර උඹගෙම නෑදෑයොන්ව, උඹල ඔක්කොම පාරට බැස්සොත් මේ සටන අමාරු නෑ දිනන්න, එදාට දිනන්නෙ උඹලගෙ ආචාර්යවරු විතරක් නෙමෙයි,

උඹත් දිනනව...!!

උඹගෙ ඉපදෙන්න ඉන්න දරුවත් දිනනව...!!

සියල්ලෝම එකතු විය යුතුයි..!!

මේ සටන අපි වෙනුවෙනුයි..!!

සෑම විටම හැකි තාක් මිනිසුන් දැනුවත් කරන්න..!!
ලියන්න ..!!

කතා කරන්න..!!!

නරබිලි යදින මග මරුවෝ

අපේ රටේ පාරවල් සියල්ලම පාහේ නොම්මර එකට අලුත්වැඩියා කර තිබුණ ද මිනිසුන්ගේ මොළය අලුත්වැඩියා කළ නොහැකි තරම් පරිහානිගත වී තිබේ. මෙබඳු පරිහානිගත බූරු මොළ සහිත සරීර කූඩු අතට සුක්‌කානමක්‌ හසු වූ විට කියන්නට බැරි තරම් විනාසයක්‌ සිදු වේ. මහ මඟ ගමන් කරමින් සිටි නව යොවුන් දැරියක්‌ සහ ඇගේ මව බීමත් රියෑදුරකු විසින් බස්‌ රථයකට යට කර මරා දමන ලදැයි ඊයේ (12 වැනිදා) 'දිවයිනේ' පළවිය. මියගිය දැරිය දීප්තිමත් ශිෂ්‍යාවකි. ඇය ළඟ එන විද්‍යාලයීය ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ඉංග්‍රීSසි භාෂාව වෙනුවෙන් ත්‍යාගයක්‌ භාර ගැනීමට ද නියමිතව සිටියා ය. මේ බස්‌ රථය පැද වූ රියෑදුරා රියෑදුරෙක්‌ යෑයි කීවාට රියෑදුරෙක්‌ නොවේ. රියේ කොන්දොස්‌තර ය. ඒකාට මොළය මෙන්ම රිය පැදවීමට ලයිසන් ද නැත. මව සහ දුව රියට යට වූ පසුත් රිය නො නැවැත්වූ මී හරක්‌ ඩ්‍රැයිවර් දිගටම යද්දී පොලිසිය රිය හඹා ගොස්‌ එය නවත්වා ගත්තේ ය.

Tuesday, September 11, 2012

ආදරණීය මාමි වෙත...

මාමා කියා කියන්නද අයියේ කියා කියන්නද මට හිතා ගන්න බෑ අයියෝ, රනිල් නම් අයියා ඔයැයිට මම මාමි කියන්නම්. ඇත්තටම මාමි ඔයැයි උසස් අධ්‍යාපන ඇමති උනයින් පස්සේ මම කැම්පස් එකේ ඉන්න කාලෙට වැඩිය වැඩි කාලයක් ගත කරේ ගෙදර පවුලේ උදවිය එක්ක. අපිට එහෙම ගත කරන්න වෙන්නේ එක්කෝ වැකේශන් එකට නැති නම් වෙන විශේෂ නිවාඩු දවසක විතරයි.

අපේ ලෙක්චරස්ලටත් එහෙමයි. ඒ සර්ලට ගෙදර ඉන්න වෙලාවක් ඇත්තෙම නැති තරම්. දැන් ඒ අදුරු යුගය නෑ. ඔයැයි සෝ ගේ‍්‍රට් මාමි. මට ඔයාව අල්ලගෙන ඉබින්න හිතෙනවා. ඔයා කොට නිසා මට ඔයාගේ නලලම ඉඹින්න පුලූවන්. ඒත් ඉතින් රටේ මිනිස්සු මොනවා නොකියයිද මම ඔයාව ඉම්බොත්. එයාලට තේරෙන්නේ නෑ නේ මේ හැමදේම කරන්නේ ඔයා අපිට තියෙන ආදරේ නිසා කියලා.

ඇත්තටම මාමේ අර Z මෙව්වා මෙහෙම කරලා එහෙම එකතුකරන විදිහ කිව්වේ මාමා නේද? හොරා, ...බොරු කියන්න එපා හොදෙ. මම දන්නවා ඒක හොයාගන්න ඇත්තෙත් ඔයා කියලා. ඔයාගේ ඔය චූටි මොලේට ඔව්වත් මහ වැඩ නෙමේ නේ. මාමටයි මාමගෙ උසස් අමාත්‍යංශේ අයටයි ඊට පහල අමාත්‍යංශේ අයටයි පින් සිද්ද වෙන්න අපේ මල්ලි තාම ගෙදර. අපි අවුරුදු දහතුනක් ඉස්කෝලේ ගියා. මල්ලිටයි මටයි කතා කරන්න හම්බ වුන වෙලාවල් ගොඩක් අඩුයි. දැන් මමයි මල්ලි දවසේ පැය විසි හතරෙම කතා කරනවා. පොඩි කාලේ කරන්න බැරි උන සෙල්ලම් අපි දැන් කරනවා. ඊයේ ගිනි ගිනි බෝලේ කරා. පෙරේදා කොපර කොපර පිපිඤ්ඤා කරා. අද උදේ එලූවන් කන්න යනකොට මල්ලි සිංහයා උනා එළුවට ගන්න කෙනෙක් නැතුව ඒක අතර මග නැවැත්තුවා. අපරාදේ...ඒ වෙලාවේ මාමා ලග ඉදිය නම් කියලා හිතුනා.

දැන් කැම්පස් වල ඉන්නේ කොටි නේද මාමේ. අපේ අම්මලට නම් විකාර. මම නම් බයෙන් ඉන්නේ අපේ මල්ලිව කැම්පස් යවන්න. හදිස්සියේ මල්ලිගේ නරක තැනක් කොටියෙක් කෑවොත්, මොකෝ ආයේ වවන්න කියලද.. මාමා එක පාරක් පේරාදෙණියේ කැම්පස් එකට ඇවිල්ලා අර විවෘත කරපු මෙව්වා එකක් ආයේ විවෘත කරන්න ගිහින් කොටියා කෑව සිද්දිය අහනකොටත් ඇග කිලිපොලා යනවා. ඒක නෙමේ මාමේ.. සරසවි වල ඉන්න ඇදුරෝ හෙන නෝටි කට්ටිය නේද? දෙන දේ කාලා ඇදලා ඉන්නේ නැතුව තව අනම් මනම් ඉල්ලන්නත් එනවා. හ.. මට නම් පුදුම තරහක් එන්නේ එයාලා එක්ක. මේ කැම්පස් කියන ඒවා ඔක්කොම වහලා දාන්න ඕන. වහලා දාලා සල්ලි දීලා උගන්නන්න ඕන. එතකොට එයාලා ඉල්ලන දේවල් දෙන්න පුලූවන් නේ. 

දැන් නම් කැම්පස් කියන එක අපිටත් එපා වෙලා තියෙන්නේ. මාමාට ඕන උනෙත් ඒක නේද? මාමා හරිම කුප්පයි මාමේ. ලබන අවුරුද්දේ කැම්පස් යන්න තේරුන ලමයි දැන් කොත්තු දානවා, කඩවල් ගානේ බඩු විකුනනවා.. අන්න බලන්න එයාලා ස්වයං රැකියා වල නියැලිලා ඉන්නේ. ඒක අපේ රටට කොච්චර හොදද? ලබන අවුරුද්දේ කැම්පස් එන ලමයි ගාන අඩු වේවි. ඊට පස්සේ තව අඩුවේවි. අපි මෙව්ව නැත්තටම නැති කරලා දාන්න ඕන. අන්න ඊට පස්සේ අර ලමයා කොත්තු දාලා, බඩු විකුනලා හම්බ කරන සල්ලි වලින් එයාටම එයාගෙ ඉගෙනීමට වියදම් කරගන්න පුලූවන්. අපේ අල්ලපු ගෙදර එකා මේ පාරත් විභාගේ ලිව්වා. මම දන්නවා ඌ මේ පාරත් ෆෙල්. අන්තිම ගොන් මැටි හරකෙක්. පොරගේ පන්තියේ ඉන්නේ හෙන බ‍්‍රයිට් කොල්ලෙක්ගෙන් කොපි කරන්න ගියාම ඌ පෙන්නුවේ නෑ කිය කිය අඩනවා. ආයේ පාරක් විභාගේ ලියන්න ගියොත් නම් මම ඌට කනට දෙකක් ගහනවා. ඇයි වදේ මෙච්චර හොද රස්සා තියෙද්දේ මොන ලබ්බකට මේ විභාගේ ලියනවද මංදා. ඊලග පාර ඡන්දේ ඉල්ලන්න දාලා ඌව ඡන්දෙන් දින්නවනවා. ඊට පස්සේ බැරියෑ පොරටත් උසස් අධ්‍යාපන ඇමති වෙන්න. නැද්ද මම අහන්නේ. ආන්න ඊට පස්සේ පුලූවන් අර කොපි කරන්න නොදුන්න එකාගේ පඩි අඩු කරන්න. කොච්චර ඉගෙන ගත්තත් මෝටර් බයික් එකෙක් ලෙක්චර්ස් දෙන්න යන කොට අර වෙඩි නොවදින මෙව්වා එකකින් ඇවිල්ලා කොලොප්පම් කරන්න... හූ කියන්න...

මේ කරන කියන දේවල් වෙනුවෙන් මාමා ලබන ආත්මේ තව ටිකක් උස යන්න ඕන. ඉතින් මාමේ මම නවතින්නම්. මාමට තව තවත් අධ්‍යාපනේ කන්න ශක්තිය ලැබෙන්න ඕන. මාමා තව තව කෑගහන්න. තව තව කතා කියන්න. ඔය කක්කා කටින් පිටවෙන වචනයක් වචනයක් ගානේ රටේ මිනිස්සු ඇත්ත තේරුම් ගනීවි. ඔව් පරක්කු වෙලා හරි උන් ඇත්ත තේරුම් ගනීවි. 


මාමට කපිල වස්තු ධාතූන් වහන්සේලාගේ පිහිටයි !!!
මාමාගේ අම්මට දෙවි පිහිටයි (ඒක කැම්පස් වල
කොල්ලෝ කියන්න කියලා කිව්වේ) !!!

**** රත්ගමයා *****

Monday, September 10, 2012

නැගිටපල්ලා නැගිටපල්ලා නුඔලගේ කාලය ඇවිල්ලා...


කුසට සාගිනි හදට සෝගිනි ගතට වැරහැලි කැබළි අල්ලා
සතුට සාමය අයිමි කරලූ අඳුර දිනු කාලය ඇවිල්ලා
නොසිට මැරි මැරි සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා නුඔලගේ කාලය ඇවිල්ලා


ඉතින් නුඹ වෙඩි තියාපන්...

අපි යන්නේ,
අපේ සිසු විරුවන් ගමන් ගත් මාර්ගයේමය...
ඔවුන් දිවි පිදු මාර්ගයේමය...
එකා පිට එකා මරා දැම්මත්,
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්,
පෙරට එන්නට අපි මැලි නොවෙමු...
මක් නිසාද යත්,
නිදහස් අධ්‍යාපනය සුරැකීම අප සතු යුතුකමක් නොව,
අප උර මත වූ,
වගකීමක් වන නිසාවෙනි...


 මූ‍ලාශ්‍ර - E F S U Ruhuna

උසස් අධ්‍යාපන ඇමතිතුමා වෙත ලියමි

දැන් කැම්පස් වල කොල්ලො කෙල්ලෝ රටේ නොදන්නා තැනක් නොදන්නා පාරක් නැති ගාණය. ඒ තරමට මුන් චාරිකා ගොස් ඇත. ඒ වෙන කවුරු නිසා වත් නොව ඔබ තුමාට පිං සිද්ධ වෙන්නටය. රටේ උගතුන් යයි කියන්නට පිරිසක් දැන් නැත. එහෙම කියන්නට හිටපු උන් ටික දැන් පාරවල් ගාණේ මඩ වතුර, කඳුලු ගෑස් සුව ලබති. නමුත් ඔබතුමාගේ පෞද්ගලික කඩ වලින් පිටවන හරක් පට්ටියටද උගතුන්යයි කීමට තරම් ජනතාව ගොන්නු නොවෙති.
 

ශිෂ්‍ය ව්‍යාපාර වලට ජෙප්පෝ යයි ඒ දවස් වල කියූ ඇතැමුන් අද අපි දිරිමත් කරන්නට අත්වැල් බැඳ හමාරය.එය දිනෙන් දින ශක්තිමත් වන්නක් විනා ආණ්ඩුවේ බලපෑම් හමුවේ දුර්වල වෙන කෝටුකිතයියෙකු නොවේ...

ඒ නිසා දැන්වත් පරාජය භාරගෙන සිසු ඉල්ලීම් දෙනවා නම් හොඳය. නැත්නම් ඉදිරියේ දී දොට්ට පිලට බහින්නත් ආරක්ෂකයෝ 50-60 ක් වත් ගෙන්නන්න වෙයි.ඒකත් ටික දවසකට...
Gamage

Saturday, September 8, 2012

පුතේ......

අතේ මිල මුදල් ගැවසෙන හින්දා නෙමෙයි පුතේ
හිතේ දහිරියෙන් ඉගෙනුම දුන්නෙ නුඹට පුතේ
ගතේ දුබලකම දැන් නම් නෙතේ ඇදෙයි පුතේ
රටේ උගතු වෙන්න උඹට පිං මදි වෙයි පුතේ

කුසේ දරන් හැදුවා මදි හින්දා නුඹව පුතේ

රටින් පිටට යවනු මුදල් නැති හින්දයි පුතේ
ගොසින් ඉගෙන ගෙන එන දා බලන්න මයෙ පුතේ
ඉන්න එකක් නැහැ මා නෙතු පියවෙයි මයෙ පුතේ......

රැක ගන්න නිදහස් ඉගෙනුම...

සිය ගනනක් දිවි පුදා
දහස් ගනනක් ලේ හලා
උගුර ලේ රස වන තුරුද
අත පය කඩා දමන තුරුද
මරනය පෙනි
පෙනිදනුඹලාට රැක දුන්
නිදහස් ඉගෙනුම
අද කෑලි කපා විකුනන තුරු
ඇයි උඹලා නිහඩව
හැර බලන්න නුඹෙ ඇස්
නුඹලාට පෙනේවි
විවර කර බලන්න නුඹෙ සවන්
නුඹලාට ඇසේවි
ඔවුන්ගෙ හඩ ඔවුන්ගෙ සටන
ඔව් නුඹලට පෙනෙවි ඔවුන් නුඹලාට
අසීමිතව ආදරය කල බව 
එකවන්න ඔවුන්ගෙ සටනට
ඔවුන් වෙනුවෙන්ල නුඹලා වෙනුවෙන්
නුඹලගෙ දරුවන් වෙනුවෙන්
රැක ගන්න නිදහස් ඉගෙනුම
නැතිනම් ඔවුන් නුඹලාට දොස් පවරාවි
මෑනියන් විකුනන තුරු 
බියගුලුව සැගවුන්
නිවටයන් කියා

චේ ලියයි....

මතක තබාගන්න, අරගලයේ බොහෝ වර්ෂයන් එළඹෙන්නට නියමිත ඉදිරියටයි. ඔබ වැඩුණු ගැහැණියක වූ පසු, ඔබට ද අරගලය වෙනුවෙන් වූ ඔබේ කොටස ඉටු කරන්නට සිදු වෙනු ඇත. එතෙක් සූදානම් වන්න! ඔබේ වයසේ දී විප්ලවකාරී වීම යනු, හැකි තරම් හොඳින් ඉගෙන ගැනීමත් සාධාරණය වෙනුවෙන් පෙනී සිටීමත් ය.


ඔබ නිතරම පාසැලේ හොඳම ළමුන් අතර රැඳීමට වෑයම් කළ යුතුයි. අධ්‍යාපන කටයුතු වලින් මෙන්ම විප්ලවීය ආකල්ප අතිනුත් ඔබ "හොඳම" දරුවෙකු විය යුතුයි. වෙනත් වචන වලින් කියනවා නම්, යහපත් හැසිරීමෙන්- විප්ලවය කෙරෙහි වූ ආදරයෙන් - සහෝදරත්වයෙන් ඔබ "හොඳම" විය යුතුයි. මා දරුවෙකු කාලයේ මට එසේ වන්නට නොහැකි වූවා; අප ජීවත් වූයේ මිනිසා මිනිසාගේම සතුරෙකු වූ වෙනස් සමාජයකයි. දැන් ඔබ වෙනත් යුගයක ජීවත් වීමේ වරප්‍රසාදය ලබා තිබෙනවා. ඉන් ඵළ නෙලා ගැනීම ඔබේ වගකීමයි.

[1966 පෙබරවාරි 15 දා චේ සිය දියණිය හිල්දිතාට ඇගේ දහ වැනි උපන්දිනය දා යැවූ ලිපියෙන්.]