Friday, October 5, 2012

මොහොතක් සිතන්න...

සරසවි සිසුන් ලෙස අපටත්, ආචාර්ය වරුන්ටත්, අධ්‍යාපනය ලැබීම අයිතියක් වූ සමස්ත රටේම ජනයාටත් මුහුණ දීමට සිදුව ඇති අඳුරුම යුගයක් එළඹ ඇත. ඉතිහාසයේ වූ එවන් යුගවල මෙන්ම මෙම අසීමිත බලයෙන් උදම් වූ නරුම පාලකයින අපට ඉතිරි කර ඇත්තේ ක්‍රමයට එරෙහිව සටන් කිරීම පමණි. බුද්ධිමත් ප්‍රජාවක් ලෙස ඔබට සියලු කරුණු කාරනා හොදින්ම අවබෝධ වී ඇති බව සිතමු.

එහෙත් ඔබට උද්ඝෝෂණ වලට එන්න

Wednesday, October 3, 2012

ආදරණීය මහින්ද මාමේ,

මම මේ ලියුම මහින්ද මාමට ලියන්නේ ඔත්තුවක් ලබා දීමතයි. අපේ අයියා ජෙප්පෙකි. මත ඒ බව හොදතෝම සුවර් ය. මගෙ ටොමියා පල්ල එයා දැන් හදන්නේ මහින්ද මාමත විරුද්දව ජාතියන්තල කුමන්තනයක් කොරන්නටය. ගමේ හැමෝම කියන්නේ අපේ අයියා ජෙප්පෙක් බවය.ඒ මොකෙක්ද කීල මම ඈව්වම අපේ ගමේ අය කීනව ඒ මහින්ද මාමත විරුද්ධ කට්ටියක්ලු.ඔය කැම්පොස් එකේ ඉන්න ඔක්කොම ඔය කීන ජෙප්පන්ත කඩේ යනවලු. ආන්න ඒ ගැන නම් මත පොදි සැකයක් තියෙනව මොකෝ ගෙදර ඉද්දි අම්ම මුත්ත කීවත් බඩුවක් ගේන්න කම්මැලි යියා ඔය ජෙප්පො කීවට කඩේ යයි ද?

අධ්‍යාපනයේ අර්බුදය කුමක්ද? සටන කොතැනද?

Duminda Nagamuwa
"අධ්‍යාපනයේ අර්බුදය කුමක්ද? සටන කොතැනද?" යන තේමාව යටතේ දුමින්ද නාගමුව මහතා විසින් කොළඹ මහජන පුස්තකාලයේදී පසුගිය 01 දින පවත්වන ලද සම්මන්ත්‍රණය ඇසුරිනි. 

අධ්‍යාපනය මානව සමාජයේ ප‍්‍රගමනයට අත්‍යවශ්‍ය කරුණක්. පරිණාමය සැලකුවොත් සතුන් ජීවත් වෙන පරිසරයට අනුවර්තනය වෙනවා. එහෙම අනුවර්තනය වෙන්න බැරි සතුන් වඳ වෙලා යනවා. නමුත් මිනිසා සොයා දහමට අනුවර්තනය නොවී සොබා දහම වෙනස් කර ගන්නවා. උත්තර ධ‍්‍රැවයේ ඉන්න වලස්සුන්ට, හිම වලස්සුන්ට විශාල ලොම් තට්ටුවක් තිබෙනවා. ඒ ප‍්‍රදේශයේ ඉන්න මිනිසුන්ට එහෙම නැහැ. නමුත් මිනිස්සු ඒකට උපක‍්‍රමයක් තනා ගෙන තිබෙනවා, ලොම් තිබෙන සතුන්ගෙන් ඇඳුමක් හදා ගෙන තිබෙනවා.