Friday, October 13, 2017

https://www.youtube.com/watch?v=zel2F4uIsDM&feature=youtu.be
" වටකරගෙන " සම්පූර්ණ වැඩසටහන " වටකරගෙන " සංවාදය  සම්පූර්ණ වැඩසටහන

Thursday, October 12, 2017

වත්මන් අධ්‍යාපන ක්ෂේත්‍රය සහ ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති තවත් අභියෝග කිහිපයක් පිලිබඳව මොරටුව සරසවි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති දසුන් උදාර විජේසේකර සමඟ මව්බිම වෙබ් අඩවිය පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.





සරසවි ශිෂ්‍යයන් වෙත නොයෙකුත් ආකාරයේ විවේචනයන් එල්ලවන වකවානුවකි මේ. ඒ කෙසේ වෙතත් සරසවි ශිෂ්‍යයා යනු ශ්‍රී ලංකාවේ ගමන් මග කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කළ හැකි කොටසක් බව පිළිගැනීමට සිදුවේ.
වත්මන් අධ්‍යාපන ක්ෂේත්‍රය සහ ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති තවත් අභියෝග කිහිපයක් පිලිබඳව මොරටුව සරසවි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති දසුන් උදාර විජේසේකර සමඟ මව්බිම වෙබ් අඩවිය පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.



මේ දවස් වල මොකද වෙන්නේ.  සයිටම් සටන දිනයිද?


රාජිත ඇමති තුමා තමන්ගේ ලේලිත් දැන් සයිටම් එකෙන් අයින් කරන් ඉන්නේ. නෙවිල් ප්‍රනාන්දු පිස්සෙක් වගේ හොර උපාධි කඩේ රිංගවගන්න තැනක් හොය හොය ඇවිදිනවා.
සයිටම් සටන ජනතාවගේ පොදු ප්‍රශ්නයක් බවට පත් වෙලා ඉවරයි. වෛද්‍ය ශිෂ්‍යයෝ අඛණ්ඩ සටනක ඉන්නවා. වෛද්‍යවරු, ආචාර්යවරු, වෘත්තීය සමිති,  විවිධ සංවිධාන, විද්වතුන් කලාකරුවන් ,දේශපාලන පක්ෂ, දෙමව්පියෝ හැමෝම එකතුවෙලා ඉන්නේ. දැන් ආණ්ඩුව වහාම විසඳුමක් දෙන්න ඕන.නිදහස් අධ්‍යාපන‍ය විකිණිමට එරෙහිව සටන් කරන ශිෂ්‍යයො හිරගෙවල් වල දානවා. අර මහබැංකුව මංකොල්ල කාපු අය නලුවො වෙලා නිදහසේ ඉන්නවා.
අධ්‍යාපනය වගේම අපේ අටේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය දැවැන්ත අර්බුධයක. ඒවා දියුණු කරන්නෙ නෑ. සෞඛ්‍ය ඇමතිට පිලිකා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රයක් නෑ කියල ප්‍රශ්නයක් නෑ. ඒකත් රටේ  මිනිස්සු අරන් දෙන්නෙ. එයාගෙ ලැප්ටොප් එකට ලංකාවෙම රජයේ රෝහල් වලට MRI ස්කෑන් යන්ත්‍ර 4 යි 5යි තියෙන්නේ කියලා අහුවෙලා නෑ .ලංකාවෙම දැඩි සත්කාර ඒකක වල ඇඳන් 380 යි කියල තියෙන්නෙ කියල අහුවෙලා නෑ. ඖෂධ හිඟයක් තියෙන බව අහුවෙලා නෑ. හැබැයි මහා භාණ්ඩාගාරෙ කෝටි ගනන් සල්ලි අරන් අපේ රටේ සෞඛ්‍ය ඇමති තමන්ගේ හොඳම  යාලුවා වෙච්ච සයිටම් අධිපති නෙවිල් ප්‍රනාන්දුවත් ෂුවර් නැතුව බෙහෙත් ගන්න කිහිප සැරයක්ම රට යනවා. ඇමතිවරු දැන් විහිලු කාරයො බවට පත්වෙලා. මේ ආණ්ඩුවත් දැන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි.
 ඇයි හැමතිස්සෙම ආණ්ඩුවලට බනින්නේ? ආණ්ඩුවට හැමදේම කරන්න පුලුවන්ද? 
අවුරුද්දකට හාරලක්ෂ පනස්දාහක් අධ්‍යාපනයෙන් පිටමං වෙනවා. ඒවට විසඳුම් දෙවියෝ නෙමෙයි දෙන්න ඕන. රාජ්‍ය විශ්වවිද්‍යාල වලට දැන් අවුරුදු 70ක 60ක ඉතිහාසයක් තියෙනවා. අලුතින් රාජ්‍ය විශ්වවිද්‍යාලයක් හදලා නෑ. තියෙන ඒවයි ප්‍රශ්න ගොඩයි. ආණ්ඩු ඇත්තට දශක ගානක් තිස්සේ මොකද කරල තියෙන්නේ. හරි නම් මේ වෙද්දි රාජ්‍ය විශ්වවිද්‍යාල වැඩිවෙලා, ඒවට හරියන්න රටේ රැකියා අවස්ථා නිර්මාණය කරලා තියෙන්න ඕනනේ. නෑ මේ කරන්නේ  අපේ රටේ වටිනාම සම්පත වෙච්ච නිදහස් අධ්‍යාපනය සල්ලි හොයන ආකරයක් කරගනිමින් යන එක.ඒ වෙනුවෙන් ආණ්ඩු  අධ්‍යාපනයෙ වගකීමෙන් දශක ගානක් තිස්සේ ඉවත් වෙමින් යන ගමන් අපිට කියනවා අනේ අපිට සල්ලි නෑ අපි පවු ඒකයි අපි සයිටම් වගේ ඒවා දන්නේ කියලා. ආණ්ඩු පවු නෑ. මේ වෙද්දි අපි අද බිලියන 11500කට වඩා ණයයි. අදූර්දර්ශි ආණ්ඩු ගෙනියන රටට ආදායමක් නැති මහා පරිමාන බල ව්‍යාපෘති ,කොමිස් ව්‍යාපෘති, නාස්තිකාර වියදම් වෙනුවෙන් ණය පොලී ගෙවමින් ඉන්න ආර්ථිකයක්. ශ්‍රී ලංකාව බන්කොලොත් රටක්. මෑතකදි බැඳුම්කර වංචාවෙ පාඩුව ට්‍රිලියනයකට වැඩියි කියනවා. තවම හොයල ඉවරත් නෑ. මේ  වසරේ සෞඛ්‍ය සේවයට වෙන්කරපු මුදල බිලියන 160 යි. ඒක දලජාතික නිෂ්පාදිතයෙන් 1.1% යි. අධ්‍යාපනයට සහ උසස් අධ්‍යාපනයට වෙන් කරපු මුදල බිලියන 240යි. ඒක දලජාතික නිෂ්පාදිතයෙන් 1.7% යි. ඉතින් අර මුදල් රටට තිබ්බ නම් අධ්‍යාපනයට 6%ටත් වැඩිය දීල සෞඛ්‍ය දියුණු කරල තව කොච්චර දේවල් කරන්න තිබ්බද? මේ 2017.අද වෙනකම් දශක ගානක් තිස්සේ පාලනය කරපු අයගෙ වංචා, දූෂන,හොරකම් කරපු කොමිස් ගහපු මහා ධනය  රටට තිබ්බනම් අපේ රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, විතරක් නෙමෙයි සුද්දා යනකොට ආසියාවෙ ආථිකයේ දෙවනියට හිටපු අපි, රටක් විදියට ලෝකයේ කොතරම් ඉහල තැනක ඉන්න තිබ්බද?

සරසවි ශිෂ්‍යයෝ හැමතිස්සෙම මහපාරෙනේ.ඉගෙන ගන්නෙ නැද්ද, පාරවල් වහගෙන මහ ජනතාවට පීඩා කරනනේ ඇයි. ඔය ශිෂ්‍ය නායකයො කැම්පස් එන්න තිබ්බ තවත් කෙනෙක්ගෙ අවස්ථා නැති කරනවා චෝදනාවකුත් තියෙනවා


මහපාරට එන කොටස තමයි හැමෝටම පේන්නේ. හැබැයි මහපාරට බහින්න අවස්ථාව හදල තියෙන්නේ ශිෂ්‍යයින්ගේ ප්‍රශ්නවලට විසඳුම් නොදෙන පාලකයෝ. පාරවල් වහල තියෙන්නෙ ශිෂ්‍යයින්ගේ අයිතිවාසිකම් කප්පාදු කරල තියෙන්නේ මේ ආණ්ඩු. මේක සරල නෑ. කැපකිරීම් කරන්න සිද්ධවෙනවා. එහෙම කරපු අය නිසා තමයි අද අපි මේ නිදහස් අධ්‍යාපනයේ අවස්ථාව භුක්ති විඳින්නේ.සරසවි විද්‍යාපීඨ වලට බඳවාගැනීම් 50%කින් අඩුවෙලා. විශ්වවිද්‍යාලවල ගැටලු නිසා සමහරු උපාධිය අතරමග හැරදාල යනවා.ඒ.අවුරුදු 70ක් ගිහිල්ලත් නමට සරසවි ප්‍රවේශය 25000ක් කියනවා.බඳවාගැනීමේ පුරප්පාඩු අවුරුද්දේන් අවුරුද්ද වැඩිවෙනවා. ඔය චෝදනා කරන අය ඒ මහා ඛේදවාචක ගැන වචනයක්වත් කතා කරන්නෙ නෑ. ඒ වගේම නිදහස් අධ්‍යාපන අවස්ථාව පාවිච්චි කරල අද විවිධ දූෂිත නිලධාරීන් වෙලා ඉන්නවා බොහෝ අය. තවත් අය තමන්ගේ උගත්කමේ ආචාර්ය මහාචාර්ය ලයිසන් එක පාවිච්චි කරලා තියෙනවා අද මේ රට මේ වගේ තත්වෙකට ඇදල දාන්න. ඒ පාඩුව කී ගුණයක් වෙන්න ඇත්ද? .ප්‍රශ්න කරන සටන් කරන අයව නෙමෙයි ප්‍රශ්න කරන්න ඕන ප්‍රශ්න ඇති කරන පාලකයන්ව. රට දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලිලා. රටේ ජනතාව ජීවන ගැටලු වෙනුවෙන් වෘත්තීය ගැටලු වෙනුවෙන් මහ පාරට බැහැල ඉවරයි. කූඩු කරල ඉන්න සත්තු විතරයි දැන් මහපාරේ නැත්තේ.

 ඔයාලට තියෙන්නේ පටු දේශපාලන අරමුණක් නේද? අද ශිෂ්‍ය ව්‍යාපාරය දේශපාලන අතකොලුවක් බවට පත්වෙලා?


පටු දේශපාලන අරමුණක් නෑ.ශිෂ්‍ය ව්‍යාපාරයට තියෙන්නෙ පුලුල් දේශපාලන අරමුණක් මොකද අපේ පාලකයොන්ට තියෙනවා පුලුල් දේශපාලන ආර්ථික වැඩපිලිවෙලක්. ඒක තමයි තීරණය කරන්නෙ අපේ අධ්‍යාපන ක්‍රියාවලිය මොනවගේ එකක් වෙන්න ඕනද කියලා. අපි ජීවත් වෙන්න ඕන විදිය මේ හැමදේම. අපි අධ්‍යාපනය විකිණීමට එරෙහිවීමේ සිට යහපත් සමාජයක් ගොඩනගන්න මැදිහත් වෙන්නෙ මෙ සියලු දේ තේරුම් අරන්. ඒකට විශයානුබද්ධ දැනුමෙන් එහා පුලුල් සමාජ දේශපාලන අවබෝධයක්,දැක්මක් තියෙන්න ඕන. ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය සාමූහික එකක්. කාගෙවත් අතකොලුවක් නෙමෙයි. එහෙම කියන්න  ආණ්ඩු පක්ෂ. මොකද එයාලගෙ අතකොලුවක් නොවන නිසා.
ඔය විදියට හිතන්න චෝදනා කරන්න පුරුදු වෙලා ඉන්න අය පවා දැනුවත්ව හරි නොදැනුවත්ව හරි පාලක පංතිය නියෝජනය කරමින් දේශපාලනයට දායකත්වය දක්වනවා. පාලකයො කැමතියි ජනතාව ඔය විදියට හිතනවනම්. ප්‍රශ්න දේශපාලනිකයි. උත්තරත් දේශපාලනිකයි. හැමෝම දේශපාලන‍යට දායකවෙනවා. ඒක පක්ෂයක් විදියට වෙන්න පුලුවන්, සංවිධානයක් විදියට වෙන්න පුලුවන් තති තනිව වෙන්න පුලුවන් . ශිෂ්‍යයො සටන් කරන්නෙ පොදු අරමුණකින්.

ඇයි ශිෂ්‍ය සංගම් වලට ශිෂ්‍ය ව්‍යාපාරයට  සම්බන්ධ වෙන්න හිතුනේ


මතකද අපි ඉස්කෝලෙ යන කාලේ ගුරුතුමියට කියනවා සමාජෙට වැඩදායි පුද්ගලයෙක් වෙනවා කියලා. ඇත්තටම අතිබහුතරයක් සමාජෙට එහෙම කරනවනම් අද සමාජෙ මෙහෙම තියෙන්න බෑ. ඒක මේ සිස්ටම් එකෙන් අපිව හුරු කල විදිය. ඉතින් අපි හිතනවා ඒ පුංචිකාලේ නොදැන දුන් පොරොන්දු තේරුම් අරන්ම දැන් ඉටුකරමින් ඉන්නවා කියලා.කන්නංගර මහත්මය නිදහස් අධ්‍යාපන පනතක් ගෙනෙද්දි විරුද්ධ වුන ඩී.එස් සේනානායකලා ඉතිහාස පොත් වල වීරයෝ කරලා උගන්නන්නේ. එතෙක් මෙතෙක් පාලනය කරපු ආණ්ඩු මේ රටේ සුවසක් මිනිසුන්ගේ වටිනාම සම්පතක් වුන  නිදහස් අධ්‍යාපනය විනාශ කරද්දි , ඊට එරෙහිව සටන් කරලා දිවිපිදුව ශිෂ්‍ය ඉතිහාසය අපි හරියට දැනගනිද්දි, පුද්ගලික අරමුණකින් එහා පොදු අරමුණකින් කටයුතු කල මිනිසුන්ගේ ඒ කැපකිරීම් නිසාම සරසවි අවස්ථාවක් ලැබුන බව තේරුම් ගනිද්දි, ඒ වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම මැදිහත්වීමක් දෙන්න හිතුනා . පාඩුවේ වෙනදෙයක් බලන් ඉන්න ප්‍රේක්ෂකයෙක් නොවෙන්න හිතුනා. ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ ස්වෙච්චාවෙන් සමාජ වගකීමකට කැපකිරීම් කරන්න පුලුවන් තැනක්. ආත්ම තෘප්තියක් තියෙන්නේ.

විශ්වවිද්‍යාලය තුලදී ශිෂ්‍ය සංගමයේ භූමිකාව මොන වගේ ද? ශිෂ්‍ය සංගම් වල වැඩ කරද්දි එන ප්‍රශ්න මොනවද?



විශ්වවිද්‍යාලය පැත්තෙන් ගත්තොත් සුභසාධන ගැටලු එක්ක තමයි මුලු දවසම ගෙවන්න සිද්ධවෙලා තියෙන්නේ. ගොඩක් අය තමගේ ගැටලු පුද්ගලිකව ඉදිරිපත් කරනවා. සතියේ වැඩිවෙලාවක් පාලනාධිකාරියේ කාර්යාල වල නැත්නම් පූර්ණකාලිකවම වගේ අවශ්‍ය මැදිහත්විම් කරමින් ඒ අදාල කාරණා විසඳගන්න කාලය වැයකරන්න සිද්ධ වෙනවා.
රටේ පාලකයොන්ගෙයි විශ්වවිද්‍යාල පරිපාලනයෙයි කිසිවෙනසක් නෑ.ඒ පිටපතමයි. ගොඩක් පතුලේ දේවල් දැනගන්න පුලුවන්. අපිට කැම්පස් එකේදි අත්විඳින්න වෙන හැම අධ්‍යාපන, සුභසාධන ගැටලුවක් පිටිපස්සේ රටේ මේ  ආර්ථික අර්බුධයත් අධ්‍යාපන ප්‍රතිපත්තියත් තියෙනවා. හැබැයි එලියෙ සමාජයෙ වගේම ශිෂ්‍යයො බහුතරයකට ඒ ඇත්ත කාරණා දුරස්. හරි සංකීර්ණයි වැඩ කරද්දි.
අපේ රටේ පාලකයොන්ගෙත් ඒ දේශපාලන අරමුණ විශ්වවිද්‍යාලය තුල ක්‍රියාත්මක කරන විශ්වවිද්‍යාල පරිපාලනයෙත් ප්‍රතිවිරුද්ධ බලවේගය තමයි ශිෂ්‍ය ව්‍යාපාරය, ශිෂ්‍ය සංගම්.
පාලකයොන්ට ලොකුම හිසරදය, බාදාව වෙච්ච ශිෂ්‍ය සංගම් වලට එරෙහිව ඔවුන්ගේ යාන්ත්‍රනයම ක්‍රියාත්මක වෙන්න පුලුවන් හැම ආකාරයකින්ම ක්‍රියාත්මක වෙනවා අපි ඒවට මුහුණ දෙනවා. සමහර ක්‍රියාමාර්ග දැඩියි. තවත් ඒවා හරිම  මෘදුයි, සූක්ෂමයි.

ඒ  මොනවද?



පලවෙනි එක තමයි ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව සමාජය තුල හදන මතවාද, පොඩිකාලෙ ඉඳන්ම අපට හොල්මන් ගැන යක්කු ගැන කියලා බය කරලනෙ තියෙන්නෙ.හොල්මනක් ගැන ඔලුවේ තියන් ඉන්න අපි රෑ වෙලාවක පිටිපස්සෙන් කවුරුහරි ඇවිත් අත්පුඩියක් ගැහුවත් බයවෙනවා. ඒ තරම් බයයි අපි. මතවාදත් එහෙමයි. අවුරුදු ගානක් තිස්සේ මීනිස්සුන්ගේ ඔලුවට දාල තියෙන්නෙ. දේශපාලනේ, රැග්, ශිෂ්‍ය ව්‍යාපාරය කියන වචන පවා යක්කු කරලා. එහෙම හිතන මිනිස්සු ඉන්න සමාජෙක පාලකයෝන්ට ලෙසියි තමන්ගේ වැඩ කොටස ලස්සනට කරගෙන යන්න.
පාලකයෝ වගේම ඊලඟ පරම්පරාවේ ඒ කාර්ය කරන්න ටයි දාගන්න බලන් ඉන්න ඒ වැඩේ දැම්ම පුහුණු වෙන අය එලියේ සමාජයේ වගේම ලමයි අතරත් ඉන්නවා එයාලා පාලකයාගේ දේශපාලනය දැනුවත්ව හෝ නොදැනුවත්ව ඉෂ්ඨ කරමින් විශ්වවිද්‍යාල තුලත් එක  එක මුහුණුවරින් ඉන්නවා.
පොදුවේ ගත්තොත් ශිෂ්‍ය ව්‍යාපාරයේ සහෝදර සහෝදරියන්ට එරෙහිව තියෙන දැවැන්ත මර්දනයක් තියෙනවා. පන්ති තහනම් කිරීම්, විවිධාකාර බලපෑම්, ශිෂ්‍යසංගම් තහනම් කිරීම්,තර්ජනය කිරීම්, අධ්‍යාපනික පලිගැනීම් පලිගැනීම්, අත් අඩංගුවට ගැනීම් , පහරදීම්, බැරිනම් මරලහරි දානවා.


එහෙම ඔයාලට මොන වගේ අවස්ථාද මුහුණදෙන්න සිදුවෙලා තියෙන්න? ඔය කියපුවගෙ අද්දැකීම් තියෙනවද?



නිලලත් නිලනොලත් බූද්ධි අංශ නිතරම හෙවිල්ලෙන් ඉන්නෙ. සමහරු ශිෂ්‍ය සංගම් ඇතුලටත් එවනවා. තව විශ්වවිද්‍යාල ශිෂ්‍යයො විදියට ආණ්ඩු පක්ෂවලින් නඩත්තු කරන අය එවනවා. නැත්තම් කැම්පස් ආපු අයගෙන් අපිට එරෙහි පිරිස් තෝරලා පාවිච්චි කරනවා. එයාල ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහි මත පතුරවන්නො විදියට යොදාගන්නවා. මොකද පොදු ශිෂ්‍යයා ශිෂ්‍ය සංගම් වලින් දුරස් කරන්න පාවිච්චි කරන්න පුලුවන් හොඳම විදියක් තමයි මතවාදීම අවුල් නිර්මාණය කිරීම. තවත් අපිට හමුවෙලා තියෙනවා UGC එකට සම්බන්ධ කෙනෙක් කියලා කැම්පස් එන්න උදව් කරලා පස්සේ අපි ගැන ඔත්තු සපයන්න සහ වෙනත් දේවල් වලට උදව් ගන්න පාවිච්චි කරන අය.
විශේෂයෙන් පුද්ගල ඉලක්ක කරල යන මඩ වලට මුහුන දෙනවා. බොහෝවෙලාවට මේව පතුවරන්න දායකවෙන්නෙ අර කලින් කිව්ව වචන ටික බිල්ලො කියලා උපන්දාසිට වෛරයක් හදාගත්තු අය. පාලකයින්ගේ පිට්ටෙනියනේ මේක. අපිට ශිෂ්‍යයින් සියලු දෙනාටම අදහස් ප්‍රකාශ කරන්න වෙන්නෙ පොඩි වෙලාවයි. අනිත් බොහොමයක් දේ අපි නිහඬව දැවැන්ත කාලයක් වැයකරමින් විශාල මැදිහත්වීමක් කරනවා. නමුත් අදහස් විකෘති කරලා ලමයි අතරට පතුරවනවා. අර කරපු හැමදේම වැඩක් නෑ ඊට පස්සේ.
නමුත් අපි කරන්නෙ හැඟීම්බර දෙයක් හරි කනගාටුවෙවී ඉන්න දෙයක් හරි නොවන නිසා කිසිම ප්‍රශ්නයක් නෑ. ඒවයින් කිසිදෙයක් නවත්තලා නෑ. ඉදිරියටත් නවත්තන්නෙත් නෑ.



http://www.mawbima.lk/article20170401MB20170930.php?id=6144

Monday, December 22, 2014

ආණ්ඩුව HND සිසු උද්ඝෝෂණයට පහරදෙයි


පස්සට පයින් ගහපු මිල්ටරි පොලිස්                                      අයියේ
උස්වැට දැම්මේ අණ දුන්නද කියලා                                      අයිසේ
කොස්සැට මීයෝ වගේ නැමෙනව උන්                                 අස්සේ
විස්සට දෙකක්වත් නෑ තොපි,අපි ඔක්කොම බැස්සොත් හෙට   දවසේ

Tuesday, September 16, 2014

විශ්වවිද්‍යාල බේස්බෝල් තරගාවලියේ ශුරතාව මොරටුව විශ්වවිද්‍යාලයට

ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමය විසින් ජාතික පිළිමළුුන් පිටුදැකීමේ තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස ප‍්‍රථම වරට පවත්වනු ලබන විශ්වවිද්‍යාල බේස්බෝල් තරගාවලිය අද දින සාර්ථකව වයඹ විශ්වවිද්‍යාලයේදී නිමාවට පත්විය. කණ්ඩායම් 5 ක් සහභාගි වු මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබමින් 2014 වර්ෂයේ පිළිමළුුන් පිටුදැකීමේ තරගාවලියට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් දෙක වන්නේ මොරටුව සහ කැළණිය විශ්වවිද්‍යාලයි. මෙම තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානය සඳහා ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමයේ නිළධාරීන් සහ විශ්වවිද්‍යාල නිළධාරීන්ද සහභාගි වී සිටින ලදි. ශූරතාව දිනාගත් මොරටුව විශ්වවිද්‍යාලයට මුදලින් රුපියල් 20,000 ක්ද, අනුශූරතාව දිනාගත් කැළණිය විශ්වවිද්‍යාලයට මුදලින් රුපියල් 15,000 ක්ද, ජයසංකේත සහ සහතිකපත් වලට අමතරව හිමිවිය. අද පැවැති තරගවල ප‍්‍රතිඵල සහ තරගාවලියේ දක්ෂතා බෙදී ගිය ආකාරය පහත පරිදිවේ.

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලට සහ වයඹ විශ්වවිද්‍යාලය අතර පැවැති තුන්වන ස්ථානය සඳහා වු තරගයෙන් ලකුණු 10 – 13 ක් ලෙස ජයගැනීමට වයඹ විශ්වවිද්‍යාලයට හැකිවිය.

කැළණිය විශ්වවිද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාල අතර පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 14 – 04 ක් ලෙස ජයගැනීමට මොරටුව විශ්වවිද්‍යාලට හැකිවිය.

දක්ෂතම පන්දු රකින්නා – කසුන් වීරද්දර (වයඹ විශ්වවිද්‍යාලය)
දක්ෂතම පන්දුවට පහරදෙන්නා – නිමේෂ් (මොරටුව විශ්වවිද්‍යාලය)
හොඳම පිචර් කී‍්‍රඩකයා – පුබුදු (කැළණිය විශ්වවිද්‍යාලය)
හොඳම තුන් ඉරියව් කී‍්‍රඩකයා – ශමින්ද (මොරටුව විශ්වවිද්‍යාලය)

ජයග‍්‍රාහී මොරටුව විශ්වවිද්‍යාලයට අපගේ උණුසුම් සුබපැතුම්.

Monday, May 26, 2014

පාසල් විදුලි බිලත් දෙමාපියන් මතට

පරීක්ෂණාගාර, යන්ත්‍රසූත්‍ර, පරිගණක ආදී සම්පත් බහුල සියලු පාසල්වල විදුලි බිල්පත් ගෙවීමේ හැකියාවක් රජයට නොමැති බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.
ඒ විපක්ෂ මන්ත්‍රීවරුයෙකුගේ පැනයකට පිළිතුරක් ලබාදෙමිනී.
එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ 2012 වසරේ විදුලි බිල රුපියල් හතලිස් තුන් ලක්ෂ අසූ දෙදහස් හත්සිය දහඅටක් (රු. 43,82,718) වූ අතර කොළඹ රාජකීය විදුහලේ විදුලි බිල රුපියල් හතලිස් එක් ලක්ෂ හැට හතරදහස් හයසිය හතරක් (රු. 41,64,604) වූ බවයි.
මලියදේව විදුහලේ විදුලි බිල ගෙවීමට රජය රුපියල් දොලොස් ලක්ෂ එක්සදහස් පන්සියයක් (රු. 12,01,500) ලබාදුන් බවත්, රාජකීය විදුහලට දුන්නේ රුපියල් එක්ලක්ෂ හතලිස් හතර දාහක් (රු. 1,44,000) පමණක් බවත් ඇමැතිවරයා වැඩිදුරටත් ඇත.
සමහර පාසල්හි තිබෙන භෞතික සම්පත් හා ශිෂ්‍ය සංඛ්‍යාව අනුව ඉතා විශාල විදුලි බිලක් ගෙවීමට සිදුවී ඇතැයිද එවැනි පාසල්වල රජයෙන් යම් ප්‍රමාණයක මුදලක් ලබා දුන්නද ඉතිරි මුදල පරිත්‍යාගශීලීන්ගෙන් හා දානපතියන්ගෙන් ලැබෙන්නේ යැයිද ඇමැතිවරයා පවසා තිබේ. පසාලක විදුලි බිල හෝ ගෙවාදැමීමට පවා නොහැකිවීමේ තත්වයකට වත්මන් ආණ්ඩුව මේ වනවිට මුහුණදී ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.
අධ්‍යාපනය වෙනුවෙන් අයවැයෙන් 6%ක් වෙන්කරන්‍නැයි රට තුළ උද්ඝෝෂණයක්ද මතුව ඇති අතර සාමාන්‍යයෙන් ඇමතිවරයෙකුගේ ලක්ෂයකට වැඩි විදුලි බිලක් ගෙවන්නේ රජය මගිනි.

Monday, May 19, 2014

කොටුව උසාවියෙන් පොලිසියට දොස්

උසාවි නියෝග කඩ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යෑමේ දී පොලිසියේ රාජකාරියට බාධා කළැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ විශ්ව විද්‍යාල සිසුහු නව දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් රුපියල් ලක්ෂයේ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබූහ.

තවත් සිසුන් හතර දෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය අධිකරණයට දැන්වීය.

විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා දැන්වූයේ පොලිසිය සිසුන්ට පහර දී ඇති බවයි. ඉතිරි සිසුන් සිව් දෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද නීතීඥවරයා කීවේය.

තමන් අවම බලය භාවිත කළ බව පොලිසිය මහේස්ත්‍රාත්ට කීවේය.

මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පැවසුවේ අවම බලය යනු ඇස් එළියට පනින තුරු පහර දීම නොවන බවයි. විශ්ව විද්‍යාල සිසුන් වැනි තරුණ පිරිසක් සමග කටයුතු කිරීමේ දී පොලිසිය ඔවුන්ගේ හැඟීම් තේරුම් ගෙන කටයුතු කළ යුතු බව ද මහේස්ත්‍රාත් කීවේය.

මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන් හතර දෙනා බැලීමට යෑමට නියමිතය.

රිමාන්ඩ් කළ සරසවි සිසුන් කොහිද? සරසවි ඇදුරන් ප‍්‍රශ්න කරයි

උද්ඝෝෂණයකදී ඉකුත්දා අත්අඩංගුවට ගැනුනු සරසවි සිසුන් 17 දෙනා දැන් රඳවා සිටින්නේ කොහේදැයි සැබෑ තොරතුරු හෙළිකරන ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා. දැනට ප‍්‍රකාශ වී තිබෙන්නේ ඔවුන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බවයි. එහෙත් සිය නියෝජිත පිරිසක් සිසුන් බැලීම සඳහා ඊයේ එම බන්ධනාගාරයට ගිය අවස්ථාවේ ඔවුන්ට එ් සඳහා අවසර හිමි නොවූ බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය වැඩිදුරටත් කියා සිටියා එහි සභාපති ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පැවසුවේ සිසුන් රඳවා සිටින ස්ථානය සම්බන්ධයෙන්ද එහිදී පරස්පර අදහස් ඉදිරිපත් වූ බවයි. 

එසේම ඊයේ ඉරිදා දිනයක් හේතුවෙන් විශේෂ අවසරයක් ලබා ගැනීමට නොහැකි වූ බවත් රැගෙන ගිය ආහාර ද්‍රව්‍යද රැගෙන යළි ඒමට සිදු වූ බවත් චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසනවා. බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී එහිදී පැවසූ කරුණු හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු සිසුන් බන්ධනාගාරය තුළ සිටිනවාද යන්න පිළිබඳ ගැටලූ සහිත තත්ත්වයක් පැනනැගුණු බවයි. ඒ පිළිබඳ සොයා බැලීමේදී ඇතමෙකු පැවසුවේ ශිෂ්‍යන් කිහිප දෙනෙක් රෝහල් කර ප‍්‍රතිකාර ලබන බවත් අනෙක් පිරිස බන්ධනාගාරයේ රඳවා ඇති බවත්ය. එහෙත් ඒ පිළිබඳ අදාළ පාර්ශ්වයන්ගෙන් විමසා බැලීමේදී අනාවරණ වී තිබෙන්නේ ඔවුන් සියල්ල බන්ධනාගාර රෝහලේ බවයි.

නීතිමය අවශ්‍යතාවක් සඳහා නීත්‍යානුකූලව අත්අඩංගුවට ගත් බව කියන සිසුන් පිරිසක් මෙලෙස රෝහල් ගත කර සිටීමට විමතියට කරුණක් බවද ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා මෙහිදී කියා සිටියා.

ශිෂ්‍යයෙක් යම් කිසි නීති කැඞීමක් සම්බන්ධයෙන්, නීතිමය අවශ්‍යතාවයකට අත්අඩංගුවට පත් වුණා නම් කෙසේද ඔවුන් බන්ධනාගාර රෝහලේ සිටින්නේ? ඒ කියන්නේ රෝහල් ගත වීම සඳහා අත්අඩංගුවට ගන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳ අපි විමසිල්ලෙන් ඉන්නවා. සැබෑ ප‍්‍රශ්න තියෙනවා. ඒවා විසඳීමට කටයුතු කිරීම මිස මෙවැනි දේවල් නෙවෙයි සිදු විය යුත්තේ. 

මේ අතර අදාළ සිසුන්ට තුවාල සිදු වූයේ ඔවුන් අත්අඩංගුවට ගැනීමේදී පොලීසිය අවම බලය භාවිත කිරීම නිසා බව පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියා. පොලීසියේ රාජකාරීවලට බාධා කරමින් සිසුන් කලහකාරී ලෙස හැසිරීම නිසා එලෙස අවම බලය භාවිත කිරීමට සිදු වූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

පොලීසියට සාපරාධී බලහත්කාරය පාලා ස්ථානාධිපතිවරයාට පහරදෙන්නට එන කොට, අත්අඩංගුවට ගැනීමට ඉන්න පුද්ගලයා අත්අඩංගුවට ගන්න දෙන්නේ නැතිව, අපි ඔක්කොම අත්අඩංගුවට ගන්න නැත්නම් අපි දෙන්නේ නෑ කියලා පොලීසියට බලහත්කාරය පාන කොට ඒ අවස්ථාවේදී යම් ආකාරයකට බලය පාවිච්චි කිරීමක් පොලීසිය සිදු කළා. ඒක අපි පිළිගන්නවා. මේ අතර එක පුද්ගලයකු පස්සේ අඳුනගෙන බස් රථයක ගොඩවෙලා එන කොට කොම්පඤ්ඤවීදියේදී අත්අඩංගුවට ගැනීමට යාමේදී කොම්පඤ්ඤවීදිය පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ නිල ඇඳුමෙන් ඇදලා පහරදීලා විවිධ ප‍්‍රශ්න ඇති කළා. ඉතින් එහෙමනම් පොලීසියට සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පහර දෙනවා නම් පොලීසියට ආපසු හැරලා එන්නද කියන්නේ. එහෙම නම් ඉතින් මේ රටේ නීතියක් කි‍්‍රයාත්මක වෙන්නේ නැහැනේ. 

කෙසේ වෙතත් අදාළ අවස්ථාවේ පොලීසිය කි‍්‍රයා කළ ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේදී මානව හිමිකම් චෝදනා ගොනු කරන බව අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය පවසනවා.

Sunday, May 18, 2014

නීතිය කියලා කියන්නේ මේ රටේ පාලකයින්ගේ කැමැත්ත - දුමින්ද නාගමුව


මේ තරුණයගෙ සිද්ධිය විතරක් නෙමෙයි පහුගිය කාලයට අදාලව අත්අඩංගුවටගැනීම්, පැහැරගැනීම්, පහරදීම් විශාල ගණනක් වුණා. හැබැයි ඒ හැම එකකටම පස්සෙම අර පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියලා ආණ්ඩුවේ වුවමනාව සපුරන්න, ආණ්ඩුවේ නිළ ප‍්‍රචාරක කටයුතුවලට දාලා තියෙන මහත්තයෙක් ඉන්නවා උන්නැහැ මොකක් හරි කතාවක් කියනවා. ඇත්තටම මේ පොලිසිය නාට්‍ය පිටපතක් ලියලා, නාට්‍යයන් කළානම් එහෙම සම්මාන ගන්නත් තිබුණා. ඒ තරමට පිටපත් ලියනවා. හැබැයි දැන් මනුෂ්‍යයෙක් පැහැර ගත්තට පස්සේ හැමදෑම ලියන්නේ එකම පිටපත. කෙනෙක් අත්අඩංගුවට ගත්තා, එයා ආයුධ පෙන්වන්න ගියා, ඒ ආයුධ වලින් වෙඩි තියන්න හැදුවා, එතකොට පොලිසිය ආරක්ෂාවට වෙඩි තිබ්බා, එතකොට මැරුණා. මේක සිය දහස් වතාවක් මේ රටේ මිනිස්සු අහලා තියෙනවා. දැන් මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ටත් ඒ වගේම කතාවක් තමයි ආපහු කියන්නේ.

අපි හිතනවා මේ තත්ත්වය රටේ ජනතාව අඳුනගන්න ඕන කියලා. ඒ වගේම මේ තත්ත්වය ඉස්සරහපිට අරගලයක් තියෙනවා කරන්න. අපි හිතනවා ඒ අරගලයට මුලපුරන්න ඕන කියලා. එකක් මෙතන ආකාර දෙකක නිදහස නැති වෙලා තියෙනවා. පළවෙනි එක තමයි ශිෂ්‍යයින්ට ඉගෙන ගැනීමේ නිදහස් නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු හතරක් ඉගෙන ගන්න ඕන එක අවුරුදු තුනට කපලා ඉගන ගැනීමේ නිදහස නැති කරලා තියෙනවා. ඉගෙන ගැනීමේ නිදහස නැති වුණාට පස්සේ ශිෂ්‍යයෝ උද්ඝෝෂණය කරනවා. උද්ඝෝෂණය කරන්න ආවට පස්සේ, උද්ඝෝෂණය කිරීමේ නිදහස, තමන්ට මතයක් දැරීමේ සහ තමන් දරන වුවමනාවක් වෙනුවෙන් සටන් කිරීමේ නිදහසත් නැති වෙලා තියෙනවා. වැලිවේරියේ ජනතාවට ජලය පිළිබඳ නිදහස නැති වෙලා තියෙනවා. පිරිසිදු වතුර බොන්න තියෙන නිදහස නැති වෙලා තියෙනවා. ඒකට සටන් කරන්න ආවට පස්සේ සටන් කිරීමේ නිදහස නැති වෙලා තියෙනවා. ඒ වගේම තවත් බොහෝ සිදුවීම් ගණනාවක මේ රටේ නිදහස පැති ගණනාවකින් නැති වෙලා තියෙනවා. ඒ නිසා අපි හිතනවා මේ හැම පැත්තකටම මැදිහත් වෙන්න ඕන කියලා. මොකද ගොඩක් අය මේ ප‍්‍රශ්න ගන්නේ දෙකට කඩලා. දැන් එක්සත් ජාතික පක්ෂය වගේ පක්ෂයක් මේ ජවනිකාව ගන්නේ අවසාන කෑල්ල විතරයි. මුල ජවනිකාව අමතක කරනවා.

මොකද අධ්‍යාපන පෞද්ගලීකරණය වගේ ජවනිකාවක් කැමති නෑ. ඒක ගන්න බෑ. පෞද්ගලික විශ්වවිද්‍යාල ගන්න බෑ. මොකද මේ ශිෂ්‍යයන්ට මේ තරම් මර්දනයක් එන්නේ නිකන් නෙමෙයි. ඒ ගොල්ලෝ නිකන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය වුණ නිසා නෙමෙයි. ඔවුන් අපේ රටේ අධ්‍යාපනය ආරක්ෂා කරගන්න, නැත්නම් නිදහස් අධ්‍යාපන අයිතිය පුළුල් කරගැනීම සඳහා අරගලයක් කරන හින්දා. ඒ නිදහස වෙනුවෙන් සටන් කරන නිසා තමයි ඔවුන්ගේ නිදහස නැති වෙලා තියෙන්නේ. එතකොට ඒ දෙකම ගත යුතුයි. ඒ නිසා දැන් රටේ ජනතාවට අවධාරණය කරනවා මේ සඳහා වෙච්ච අරගලයක්, ඒ සඳහා වෙච්ච ක‍්‍රියාවලියක් තියෙනවා. ඒ සඳහා ජනතාව මැදිහත් වෙන්න ඕනෙ. මේ නීතිය රකිනවා කියන ආයතන වලින් රැකෙන නීතියක් නෑ. ඒ නීතිය කියලා කියන්නේ මේ රටේ පාලකයින්ගේ කැමැත්ත. ඒක පියවරෙන් පියවර හරි අවබෝධ කරගෙන මැදිහත් වෙන්න ඕන කියන අදහස අපි අපේ රටේ ජනතාවට ඉදිරිපත් කරනවා.

ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින්

අද අපිට කතාකරන්න වෙලා තියෙන්නේ මේ රටේ ඉතාම කනගාටු දායක තත්ත්වයක්. මේ රටේ ශිෂ්‍යයො තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කළාම ඔවුන්ව නිළ නොවන මට්ටමෙන් පොලිසිය යොදවලා, පහරදීලා, පැහැරගෙන ගිහිල්ලා, ගන්න ක‍්‍රියාමාර්ගයක් තමයි අපි දකින්නේ. මේක මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවසානයේ ආරම්භව විදියට තමයි අපි දකින්නේ. අපි දන්නවා මේ සිසුන් සම සෞඛ්‍ය ප‍්‍රශ්නය සම්බන්ධයෙන්, තමන්ගේ අවුරුදු හතරට තිබුණ උපාධියේ කාල සීමාව කප්පාදු කළාම, දින 150කට අධික කාලයක් උද්ඝෝෂණය කළාම තමන්ගේ උද්ඝෝෂණය සාමකාමීව සත්‍යග‍්‍රහයකින් කළාම මේ පාලකයෝ මේ සම්බන්ධයෙන්ව නෑසූ කන්ව සිටින්නේ. විශේෂයෙන්ම මේ උපවාස කරන්නේ ඇයි? උපවාස කරන්නේ මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් පාලකයන්ගේ ඇස් ඇරවන්න. නමුත් තරුණයින්ට සවන් දෙනවා, තරුණයින් ගැන හිතනවා, තරුණයින් වෙනුවෙන් පෙනී සිටිනවයි කියන ආණ්ඩුව මේ ප‍්‍ර‍්‍රශ්නයේදී නෑසූ කන්ව සිටිනවා. ඔවුන් ඊලඟට උද්ඝෝෂණය කරනවා, පාගමන් යනවා. එතකොට මොකද කරන්නෙ? ගහලා මර්දනය කරනවා. පැහැදිලිවම මේ පිළිකුල් සහගත ක‍්‍රියාව ලංකා ගුරු සංගමය ලෙස අපි හෙලා දකිනවා. මේ ශිෂ්‍යයෝ මේ රටේ අධ්‍යාපනය රැුකගන්න අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හරහා විශාල අරගලයක් කළා. මේ අරගලයේදී නිරන්තරයෙන්ම සිදුවුණේ මේ ශිෂ්‍ය ප‍්‍රජාව මර්දනය කරන එක.

සිසුන් මේ රටේ නිදහස් අධ්‍යාපනය රැකගන්න ගත් සෑම පියවරක්ම, ඔවුන් ඉදිරිපත් කළ කරුණු, ඒවට නෙමෙයි පාලකයො කන් දුන්නේ, ඔවුන්ව මරදනය කිරීම හරහා තමයි මේ ආණ්ඩුව ගමන් කරමින් සිටින්නේ. අපි දන්නවා මේ සිද්ධියේදී ඉතාම සාධාරණ ඉල්ලීමක් මේ කරන්නේ. තමන්ගේ සම සෞඛ්‍ය උපාධිය තිබිච්ච අවුරුදු හතරට ගේන්න කියලා. මේ රටේ සියළුදෙනා, මේ වෘත්තීය සමිති, අපි පවා ගිහිල්ලා මේ උපවාස අට්ටාලවලට ගිහිල්ලා ඔවුන්ට සහාය පළ කළා. ආණ්ඩුවට වගකීමක් තියෙනවා, මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කරන මේ ප‍්‍රශ්නෙ ඉවරයක් කරන්න. නමුත් ඔවුන්ට කිසිම උවමනාවක් නෑ. ඔවුන් පෙන්වන්නේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තමයි මේකට ප‍්‍රශ්නයක් වෙලා තියෙන්නේ කියලා. අපි අහනවා ආණ්ඩුවෙන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැහැදිලිවම කියලා තියෙනවා ‘‘මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න එපා, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න එපා’’ කියලා, එතකොට සම සෞඛ්‍ය ප‍්‍රශ්නය සම්බන්ධයෙන් වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයට සවන් දෙනවා නම්, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප‍්‍රශ්නය සම්බන්ධයෙන් සවන් නොදෙන තැන මොකද්ද? මේකෙන් පේන්නේ ආණ්ඩුව කුමන්ත‍්‍රණකාරී විදියට මේ සම්බන්ධයෙන් ඉන්නවයි කියන කාරණාව.

අපිට තියෙන ප‍්‍රධානම ප‍්‍රශ්නය තමයි, මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව උද්ඝෝෂණය කිරීමේ, අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය වලළලා දමන ක‍්‍රියාමාර්ගය. අපි දන්නවා මේ සිද්දියේදී නාගමුව සහෝදරයා පැහැදිලිව සඳහන් කළ ආකාරයටම නිළ ඇඳුම් පැළඳ නොගත් කණ්ඩායමක් විසින් සිසුන් පැහැරගෙන තියෙනවා.

මේ පැහැර ගැනීම නීත්‍යානුකූලද? පැහැර ගැනීම පසුව අත්අඩංගුවට ගැනීමක් බවට පත් වෙනවා. මේක බරපතල තත්වයක් මෙවැනි නීතියක් මේ රටේ ක‍්‍රියාත්මත වෙනවයි කියන්නේ අනිවාර්යයෙන්ම අනතුරු දායක තත්ත්වයකට රට ගමන් කරමින් සිටින්නේ. අපි දන්නවා පහුගිය සති කිහිපය තුළ ආණ්ඩුව, තරුණ සමුළුවක් පැවැත්තුවා, තරුණයන්ගේ හඬට සවන් දෙනවා කිව්වා, ලෝකයේ තරුණයින් සම්බන්ධයෙන් ප‍්‍රඃඤප්තියක් හදන්න කටයුතු කරනවයි කිව්වා, මේ විශ්වවිද්‍යාල තරුණයන්ගේ හඬට සවන් දෙන්නේ නැතුව රටට කියනවා නම් තරුණයන්ගේ හඬට සවන් දෙනවා කියලා මොනතරම් විහිළුවක්ද? මොනතරම් හාස්‍ය ජනක තත්ත්වයක්ද ඒක?. ලෝකයේ තරුණයන්ගේ හඬට සවන් දෙන ආණ්ඩුව ලංකාවේ තරුණයන්ට එලව එලවා පහර දෙනවා, පැහැර ගන්නවා. අපි පැහැදිලිවම කියනවා ආණ්ඩුවට වහාම මේ ශිෂ්‍යයෝ නිදහස් කළ යුතුයි. අපි වෘත්තීය සමිතියක් ලෙස අවධාරණය කරලා කියනවා ශිෂ්‍යයින්ගේ පැහැර ගැනීම සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා.

විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන ඇමතිවරයා සම්බන්ධයෙන් අපිට ප‍්‍රශ්නයක් තියෙනවා. එස්බී දිසානායක ඇමතිවරයා උසස් අධ්‍යාපන ඇමතිවරයෙකුට සුදුසු පරිදිද කටයුතු කරන්නේ කියලා අපිට ප‍්‍රශ්නයක් තියෙනවා. ඔහු පැහැදිලිවම ඔහු පැහැදිලිවම රුහුණ විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිත දැයට කිරුළ ප‍්‍රදර්ශනය සමබන්ධයෙන් සිසුන්ට තර්ජනය කරනවා. ‘‘හැංගෙන්න තැන් හොයපල්ලා’’ කියලා කියන්නේ. මේ වගේ ඇමතිවරයෙක් ඉදිරියේ මීට එරෙහිව පෙළ ගැහෙනවා ඇරෙන්න ශිෂ්‍යයින්ට වෙන විකල්පය මොකද්ද? අද ශිෂ්‍යයින් ඉතාම ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තමන්ගේ උද්ඝෝෂණ කරද්දී ඇමතිවරයා ඉතාම ප‍්‍රචණ්ඩ ආකාරයෙන් තමයි තමන්ගේ ප‍්‍රකාශ කරන්නේ.

එතකොට මේක බරපතල තත්ත්වයක් මේ රටේ. අපි මේ රටේ අධ්‍යාපනඥයන්ගෙන්, වෘත්තිකයන්ගෙන් ඒ වගේම සමස්ථ ප‍්‍රජාවගෙන් අහනවා, මෙවැනි ප‍්‍රචණ්ඩ, වෛරී ආකාරයෙන් කටයුතු කරන උසස් අධ්‍යාපන ඇමතිවරයා සම්බන්ධයෙන් ඔබ නිහඬ ඇයි කියලා. මේ වගේ නීච, පහත් ලෙස හැසිරෙන ඇමතිවරු අවශ්‍යද කියලා අපි අහනවා.

අපි පැහැදිලිවම කියනවා දැනට ශිෂ්‍යයො 17 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. සම්පූර්ණයෙන්ම නීති විරෝධී ආකාරයෙන් ඔවුන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. මේකෙන් පේන්නේ ආණ්ඩුවේ දෙබඩි පිළිවෙත. මේ අත්අඩංගුවට ගත්ත සිසුන් වහාම නිදහස් කරන්න කියලා අපි අවධාරණය කරලා කියනවා, එහෙම නොවුනොත් මේ රටේ වමේ දේශපාලන පක්ෂ වගේම අනෙකුත් සියළුම දෙනත් එක්ක එකතු වෙලා, මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය විදියටත්, ලංකා ගුරු සංගමය විදියටත්, මේ කරන සියළුම අරගලවලට කොන්දේසි විරහිතව සහයොගය දෙනවා කියල ප‍්‍රකාශ කරනවා.

එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය

අපි තේරුම් ගත යුතුව තියෙනවා මේ රාජපක්ෂ ආණ්ඩුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් එකිනෙක සිල් රෙද්දට යටින් දියත් කරන වැඩපිළිවෙළක් තුළ කප්පාදු කරමින් යනවා. මේ ජනතාව යම් තරමකට හෝ තේරුම් ගන්න දැන් පටන් අරගෙන තියෙනවා. මේ රාජපක්ෂ රෙජිමයේ, ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමේ ප‍්‍රධානම එකක් තමයි, මේ රටේ නිදහස් අධ්‍යාපනය විනාශ කිරීම. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් යම් අධ්‍යාපනයක් ලැබූ රාජපක්ෂලා ඔවුන් විසින්ම මේ රටේ අධ්‍යාපනය විනාශකරමින් යන්නේ. මේ රටේ ජීවත් වෙන්න ඔන නම් අද කෙනෙකුට පෞද්ගලික රෝහලක පිහිට පතන්න ඕන. එ විදියටම අධ්‍යාපනය ලබන්න පෞද්ගලික අංශයට සම්බන්ධ වෙලා අධ්‍යාපනය කරන්න ඕන කියන තැනට, අධ්‍යාපනය පත්කිරීමේ කුමන්ත‍්‍රණකාරී, ඉතාම කාලකන්නි වැඩපිළිවෙලක් තමයි, මේ නිදහස් අධ්‍යාපනයේ ප‍්‍රථිලාභ බුක්ති විඳින මේ රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරු සියළු දෙනා අද ක‍්‍රියාත්මක කරමින් යන්නේ.

මෙතෙක් කල් තිබිච්ච පහරදීම්, පැහැරගෙන වාම් මරාදැමීම් (මේකනෙ රාජපක්ෂ ආණ්ඩුවේ කැරැුට්ටුව) ඒකට වඩා ගුණාත්මක අවධියකට දැන් පත්කරලා තිබෙනවා. සුදු වෑන් වලින් එනවා පැහැර ගන්නවා යනවා (ලලිත් කුගන් කොහේ අරන් ගියාද තාම දන්නෙ නෑ) මෙතෙක් කල් පැවතියේ මේ ආකාරයෙන්. දැන් ඊශයලයේ මොසාඞ් වගේ මැදිහත් වෙලා සිවිල් ඇඳුම් අඳගත්ත සාමාන්‍ය මිනිස්සු වගේ හැසිරෙන අදවිය ජනතාවගේ ඇස් ඉදිරිපිට මිනිසුන් පැහැරගෙන, තරුණයන් පැහැරගෙන, ශිෂ්‍යයන් පැහැරගෙන, ඉතාම අමානුෂික ලෙස ඔවුන්ට පහරදීලා, බොරු නඩු ඒක පිටිපස්සේ ගොඩ නගනවා. මතක තියාගන්න මේක අලූත් අවධියක්. දැන් මේ ඉන්න මාධ්‍යවේදීන් ගෙදර යනකොට මේ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන්, මේ වේදීකාවේ කතාකරන අයට මේ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන්. වෙදා හොර රහසේ මේක කළේ.

දැන් රාජපක්ෂ ආණ්ඩුව අත්අඩංගුවට අරගෙන, අමානුෂික ලෙස පහර දීලා, ඊට පස්සේ නඩුවක් ගොතලා මහේස්ත‍්‍රත් ඉදිරියට දාලා, හිරභාරයට පත් කරනවා. මේක හඳුන්වන්න තියෙන්නේ එක වචනයයි. ඒක තමයි මිලිටරි ආණ්ඩුවේ ස්වරූපය. මේ ආණ්ඩුව කාලාන්තරයක් තිස්සේ උතුරෙන් පටන් අරගෙන, කටුනායක, හලාවත, දෙමටගොඩ, තුන්තානෙ, මාතර, මේ හැමතැනම මිනිස්සු මරා දමමින් තලා පෙලමින් ගියපු ආණුඩුව කටයුතු කළේ මේ දකුණෙත් මිලිටරි පාලනයක් තහවුරු කරන්න. ගොඨාභය රාජපක්ෂගෙ පාලනයක් මේ රටේ තහවුරු කරන්න. සිල් රෙද්ද ඇඳගත්ත අයියණ්ඩි ඉන්නවා ඊට යටින් ඉන්නවා සිවිල් ඇඳුම ඇඳගත්ත මිලිටරි නායකයා. ඒ තමයි ගෝඨාභය.

දැන් උන්නැහැගේ වැඩපිළිවෙළ තමයි මේ දියත් වෙන්නේ. අපි ජනතාවට අනතුරු අඟවනවා කරනවා මේ රටේ ජනතාවගේ සාමාන්‍ය සිවිල් අයිතිවාසිකම්, ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිවාසිකම්, අවසාන වශයෙන් ජනාතාවට තිබෙන ඡුන්දය දීමේ අයිතිවාසිකම් පවා මේ මිලිටරි පාලනය මේ විදියට තහවුරු වුණොත් අහොසි කරන්නට ඔවුන් පියවර ගන්නවැයි කියන එක. ඒ නිසා අපි හිතනවා මේක අනතුරුදායක තත්ත්වයක්, භයානක තත්ත්වයක්. මේ ශිෂ්‍යයෝ පාරට බැහැලා තියෙන්නේ කුලප්පුවෙලා නෙමෙයි, කෑම වැඩිවෙලා කෑම දිරවගන්න නෙමෙයි මේ මහ පාරට බැහැලා තියෙන්නේ. මේ ශිෂ්‍යයෝ පාරට බැහැලා තියෙන්නේ තමන්ගේ නැතිවුණ අයිතිය නැවත ලබාගන්න. ලොක තරුණ උළෙලවල් පවත්වලා, තරුණයන්ගේ මූණ ඉඹලා, මහලොකු දරුකැක්කුමක් පෙන්වන මහින්ද රාජපක්ෂ ‘තාත්තා’ මේ තරුණයන් තමන්ගේ නැතිවීගන යන අයිතිය තමන්ගේ අනාගත පරපුර වෙනුවෙන් රැුකගන්න සටන් වදිනකොට ඉතාම නින්දිත තිරිසන් විදියට හැසිරෙන තත්ත්වයක් තමයි අද නිර්මාණය වෙලා තියෙන්නේ.

මේ තත්ත්වයට එරෙහිව මේ රටේ ජනතාව අවධි විය යුතුව තිබෙනවා. මේ රටේ ජනතාව ගැන කතාකරන සියළු දේශපාලන පක්ෂ අවධි විය යුතුව තිබෙනවා. මේ රටේ වෘත්තීය සමිති හා අනෙකුත් සිවිල් සංවිධාන අවධිවිය යුතුව තිබෙනවා. මේ සියළු දෙනා අවධිවෙලා මේ සැළසුම් සහගතව කුමන්ත‍්‍රණකාරීව කරන මර්දනයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයකට දින නියම කරලා, මේ ආණ්ඩුවේ මේ මර්දනකාරී මිලිටරි ආඥාදායක, ඒකාධිපති වැඩපිළිවෙළ පරාජය කරන්න අපි ඉදිරියට එනවැයි කියන පණිවිඩය එක්සත් සමාජවාදී පක්ෂය වෙනුවෙන් ලබාදෙනවා.

නව සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභික රංජිත් ගමගේ

ඇත්තටම මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුධ ජයග‍්‍රහණයකින් ආරම්භ කරලා, ඉතාම මර්දනකාරී පිළිවෙතක් තමයි අද දකුණෙත් උතුරෙත් අනුගමනය කරමින් යන්නේ. ඊයේ අපි දැක්කා යුද්ධයේන් මිය ගිය අය සැමරීම සඳහා උතුරේ පළාත් සභා මණ්ත‍්‍රීවරු උත්සාහ ගන්නවා, ඒක වලක්වනවා. ඒ වගේම අද දකුණු ප‍්‍රදේශයේ මේ ශිෂ්‍යයෝ තමන්ගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් කරනකොට විශාල විදියට මර්දනය දියත් කරනවා. මේක අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි, යුද්ධයේ ජයග‍්‍රහණයත් එක්ක තමයි මේ ආණුඩුව තහවුරු වුණේ.

මේක තුළ සිංහල ජාතිවාදය ආයිතියක තත්ත්වයක් බවට පත්කරගෙන තමයි මේ මර්දනය පවත්වාගෙන යන්නේ. පහුගිය කාලේ දිගටම මේ අරගලය ගෙනිච්චේ ශිෂ්‍යයෝ. මොකද ශිෂ්‍යයෝ දන්නවා මේ නිදහස් අධ්‍යාපනයේ වටිණාකම, මේක අනාගත පරපුරටත් උරුම කර දිය යුතුයි කියන අදහස තමයි ශිෂ්‍යයන්ගේ අදහස. අපි දැක්කා රජරට විශ්වවිද්‍යාලය වගේ තැන් වල ශිෂ්‍යයෝ දේශපාලන පක්ෂයත් බහුජනතාවත් එක්ක එකතු වෙලා විශාල උද්ඝෝෂණ දියත් කරනවා. ඒ වගේ අපි ඒකාබද්ධ වෙලා මේ මර්දනයට එරෙහිව සටන් වදින් ඕන. ආණ්ඩුව මේ මර්දනය ක‍්‍රියාත්මක කරලා තියෙන්නේ තමන්ගේ අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩපිළිවෙළේ දිගාන්තයක් විදියටයි. අපි දැක්කා අද කැලෙ ගහක් නසන්න කැලේ ගහක් ඕන වගේ එස් බී දිසානායකලා වගේ ශිෂ්‍ය සංගම්වල වැඩකරලා, කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කරපු අය දාලා තමයි අද ගෝලීය ධනවාදයේ උවමනාව ඉටුකරන්නේ.

ඒ නිසා අපි නව සමසමාජ පක්ෂය විදියට දිගින් දිගටම මේ ශිෂ්‍යයන්ගේ අරගලවලට සහාය දක්වමින් ඒකා බද්ධ වෙමින් ඒ වගේම වැඩකරන ජනතාවගේ අරගලයත් මෙයට බද්ධ කරමින් මේ ශිෂ්‍යයන්ගේ සටන තනි නොකර ඉදිරියට ගෙන යන බවට අපි පොරොන්දු වෙනවා.

සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පී. ඞී. සරණපාල

මේ මාධ්‍ය සාකච්ඡුාව ශිෂ්‍ය මර්දනයට එරෙහිව යම් කිසි මතවාදයක් හඬක් ගෙනයාම වෙනුවෙන් සංවිධානය වූ එකක්. මේ රටේ වැඩකරන ජනතාව වේවා, ශිෂ්‍ය ව්‍යාපාරය වේවා වෙනත් වෘත්තිකයන් වේවා තමන්ට මතුවන ගැටළුව ආණ්ඩුවත් එක්ක විසඳගන්න ඕන. ආණ්ඩුවට කියන්නේ නැතුව කාටද කියන්නේ? මේ රටේ ජනතාවට නිදහසෙන් පස්සේ වසර ගණනාවක් මේ වගේ උද්ඝෝෂණ, මේ වගේ පාගමන් මේ වගේ පෙළපාලි පිළිබඳ අත්දැකීම් තියෙනවා. ඒවාට ගහපු අත්දැකීනුත් තියෙනවා. නමුත් ප‍්‍රශ්නය තියෙන්නේ මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වුණේ ඒ පසුගිය කාලයේ පැවති ආණ්ඩුවලට වඩා එහා ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් අයිතියක් මේ රටේ ජනතාවට අතපත් කරන්න. නමුත් මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා කෙරුවේ මිනිස්සු මරණ එක. දැන් මේක කොයි පැත්තෙන් බැලූවත්, උතුරේ මිනිස් ඝාතන, කම්කරුවො ඉස්සරහට ආවම -උදාහරණයකට රොෂේන් චානක- මරලා තමයි ප‍්‍රශ්න විසඳුවෙ.

ජනතාවට හැෙඟනවා නම් පාගමන්, පෙළපාලි, සමාකාමී සත්‍යග‍්‍රහ වලින් විසඳුම් නෑ කියලා, ඒවා කළහම මර්දනය කරනවා කියලා, මොකද්ද ඊට පස්සේ එන්න පුළුවන් හැඟීම? මේ රටේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැත්නම් ඊළඟට එන්න පුළුවන් හැඟීම මොකද්ද? ඊට පස්සේ එන්න තියෙන හැඟීම තමයි මේ ආණුඩුව එලවීමේ හැඟීම. මේ ආණ්ඩුවත් එක්ක සාකච්ඡුා මාරගයෙන් ප‍්‍රශ්න විසඳගන්න බැරිනම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නමට නම් තියෙන්නේ මේ ආණුඩුව එලවීම දක්වා මේ උද්ඝෝෂණ අපි තීව‍්‍ර කරන්න ඕනෑ. කම්කරු පන්තිය පහුගිය කාලේ අපි දැක්කා විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දිගින් දිගටම ප‍්‍රශ්න මතුවෙමින් තිබෙනවා. ඊයේ පෙරේදා සෞඛ්‍ය ඇමතිවරයා කියනවා ‘‘සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට වැඩවර්ජන සුදුසු නෑ’’ කියලා. ඒක තමයි න්‍යාය. එහෙනම් මොකටද සුදුසු? ශිෂ්‍යයො මහපාරට ආවම අතපය කැඩෙන්න, ඇස් ගැලවෙන්න ගහනවා, පොලිසියෙන් අරගෙන යනවා, කරුණු විරහිත ලෙස මේ විදියට ක‍්‍රියාකරනවා.

අපි තේරුම් ගන්න ඕනේ (පොලීසියත් බබ්බු නෙමෙයිනෙ) පොලිසියට මේ වගේ ක‍්‍රියා කරන්න කොහොමද ධෛර්යය එන්නේ? පොලිසිය මේ මිනිස්සු අරගෙන ගිහිල්ලා බොම්බ දාලා ‘‘බෝම්බෙන් දමලා ගහන්න එනකොට වෙඩි තිබ්බා’’ කියලා කියන්නේ පොලිසියේ නිර්මාණද? මේ විදියට සිවිල් ඇඳුමෙන් ගිහිල්ලා ශිෂ්‍යයන්ව වෙනම බේරලා අරගෙන ගහන්න තියෙන රුදාව මොකද්ද? මේක ආණ්ඩුව පුරුදු පුහුණු කරලා කරන්නේ. ඒ නිසා මේක බොහොම සැළසුම් සහගතව කරන මර්දනයක්. මේක සාකච්ඡුාවෙන් සංහිඳියාවෙන් කරගන්න පුළුවන් කමක් නෑ. මොකද දිගින් දිගටම ආණ්ඩුව මේ කාරණාව ඉස්සරහට අරගෙන යනවා. ඒ නිසා මේ රටේ ජනතාවට ඉතිරිවෙලා තියෙන්නේ සත්‍යග‍්‍රහයෙන්, පෙළපාලියෙන් එහා ගිහිල්ලා මේ ආණ්ඩුව පරාජයට පත් කරන් ආණ්ඩුව එලවාදමන ක‍්‍රියාමාර්ගයකට යොමු වීමයි කියන කාරණාව අපි මේ මාධ්‍ය සාකච්ඡවේදී අවධාරණය කරනවා.පසුගිය 16 දින සවස 3ට පමණ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් බුද්ධි අංශ නිළධාරීන් පිරිසක් විසින් එදින පැත්වූ සම සෞඛ්‍ය සිසු උද්ඝෝෂණයට සහභාගි වී ආපසු යමින් සිටි සිසුන් 17 දෙනෙකු පැහැරගන්නා ලදී. මෙම සිසුන් පළමුව 4 දෙනෙක් හා දෙවනුව 13 දෙනෙක් වශයෙන් පැහැරගත් අතර පසුව පොලිසිය සඳහන් කළේ ඔවුන් පොලිස් අත්අඩංගුවේ පසුවෙන බවයි.

තවද ඔවුන්ට විරුද්ධව වරෙන්තු නිකුත් කර තිබූ බවට ප‍්‍රකාශ කළ පොලීසිය විසින් අත්අඩංගුවේදී සිසුන්ට පහරදී තුවාල සිදුකරන ලදී. පසුව පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සිදුවූ පොරබැදීමක් හේතුවෙන් තුවාල සිදු වූ බවයි.

සිසුන් 17 දෙනා, පළමුව අත්අඩංගුවට ගත් සිසුන් 4දෙනා කොළඹ අළුත්කඬේ මහේස්ත‍්‍රාත් ඉදිරියට හා පසුව අත්අඩංගුවට ගත් සිසුන් 13 දෙනා කොටුව මහේස්ත‍්‍රාත් ඉදිරියට පැමිණවීමෙන් අනතුරුව මෙම මස 19 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. පළමුව අත්අඩංගුවට ගත් සිසුන්ගෙන් සිසුන් 3දෙනෙකුට එරෙහිව පසුගිය 6 දින පැවති පාගමනකදී ‘අධිකරණ නියෝග කඩ කළේය’ යන චෝදනාව මෙම මස 19 දින උසාවියේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබූ අතර ඉතිරි සිසුන් 14 දෙනාට විරුද්ධව කිසිඳු වරෙන්තුවක් නිකුත් කර නොතිබිණි. පොලීසිය ඔවුන්ට විරුද්ධව ගොනු කළ චෝදනාව වූයේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ‘පොලිස් රාජකාරියට බාධා කිරීම’ යන්නයි.

මේ සිද්දියට විරෝධය පළකිරීමට හා පොදුවේ ශිෂ්‍ය ව්‍යාපාරයටත් රටේ සමස්ථ ජනතාවටත් එරෙහිව ක‍්‍රියාත්මක වන මර්දනයට විරෝධය පළකිරීම හා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (17) දින වාමාංශික පක්ෂ කිහිපයක් හා වෘත්තීය සමිති කිහිපයක් එක්ව මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණි. මේ මාධ්‍ය හමුව සඳහා නව සම සමාජ පක්ෂය වෙනුවෙන් එම පක්ෂයේ මධ්‍යම කාරක සභික රංජිත් ගමගේ, එකසත් සමාජවාදී පක්ෂය වෙනුවෙන් එම පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය, සමාජවාදී පක්ෂය වෙනුවෙන් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පී. ඞී. සරණපාල, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් එම පක්ෂයේ මධ්‍යම කාරක සභික දුමින්ද නාගමුව හා වෘත්තීය සමිති නියෝජනය කරමින් ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් යන සහෝදරවරු සහභාගී විය.

එහිදී පළවූ අදහස් පහතින් දැක්වේ.


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික දුමින්ද නාගමුව

අද අපි මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ ඊයේ දවසේ සම සෞඛ්‍ය ශිෂ්‍යයින්ගේ උද්ඝෝෂණයකින් පසුව සිදුවූ සිද්ධි දාමයක් සම්බන්ධයෙන් මාධ්‍යයට, මේ රටේ ජනතාවට කරුණු හෙලිදරව් කිරීම සඳහා. මේ වෙන කොට සම සෞඛ්‍ය විද්‍යා සිසුන් දින 145කට ආසන්න කාලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙත්, ගාල්ල නඟරයේ දින 138 කට ආසන්න සංඛ්‍යාවක් අඛණ්ඩ සත්‍යග‍්‍රහයක නිරත වෙලා ඉන්නවා. ඒ වගේම රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ ශිෂ්‍ය මර්දනයට එරෙහිව දින 159ක සත්‍යග‍්‍රහයක නිරතවෙලා ඉන්නවා. ඒ වගේම මේ වන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ශිෂ්‍යයොත් සත්‍යග‍්‍රහයක් ආරම්භකරලා තියෙනවා ඔවුන්ට එරෙහිව තියෙන ශිෂ්‍ය මර්දනය පිළිබඳව. පසුගිය අවුරුදු කිහිපයක් තිස්සේ ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව ආණ්ඩුව ගෙන ගිය ප‍්‍රතිපත්තියේ ප‍්‍රතිඵලයක් විදියට තමයි මේ අරගල නිර්මාණය වෙලා තියෙන්නේ.

එක පැත්තකින් අධ්‍යාපනයට වෙන්කරන ප‍්‍රතිපාදන කැපුවා. අධ්‍යාපනය නගාසිටුවීම සඳහා සැලැස්මක් නෙමෙයි පාලකයන්ට තිබුණේ අධ්‍යාපනය කොහොමද වෙළඳ භාණ්ඩයක් කරගන්නේ කියලා සැලැස්මක් තමයි ආණ්ඩුවට තිබුණේ. එස්. බී. දිසානායක ඇමතිවරයාගේ මුඛ්‍ය අරමුණ වුණේ අධ්‍යාපනය වෙළඳපොලට ගෙන ඒම. මේ ආණ්ඩුවේ ප‍්‍රශ්නෙ වෙලා තිබුණේ කොහොමද අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කරන්නේ කියන එක. අධ්‍යාපනය සම්බන්ධයෙනුත් තව බොහෝ කරුණු සම්බන්ධයෙනුත් වර්තමානයේ භාවිතා වන මහින්ද චින්තන ප‍්‍රතිපත්තියෙයි, ඊට කලින් එක්සත් ජාතික පක්ෂය ගෙනාපු යළි පුබුදමු ශ‍්‍රී ලංකා වැඩපිළිවෙලෙයි කිසිඳු වෙනසක් නෑ. පාලකයන් අනුගමනය කළේ මේ ප‍්‍රතිපත්තිය.

ඒකේ ප‍්‍රතිඵලය තමයි විශ්වවිද්‍යාලවල පාඨමාලා ගණනාවක් අර්බුදයට ගිය එක. මීට කලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් බඳවාගන්නේ නැතිව වැසී යන තත්ත්වයක් උත්ගතවෙලා තිබුණා, රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය අර්බුදයක තිබුණා. සම සෞඛ්‍ය පීඨයට අදාල ප‍්‍රශ්නයත් මේ කතාවෙම කොටසක්. අවුරුදු හතරකට ආරම්භ කළ පාඨමාලාව ආණ්ඩුව මැදිහත් වෙලා අවුරුදු තුනට කප්පාදු කරනවා. දැන් ආණ්ඩුව උත්සාහ කරනවා ඒක තව වෘත්තීය සමිතියක කරේ ගහන්න. ඒ විවිධ වෘත්තීය සමිතිවල නායකයෝ පත්වෙන්නේ කොහොමද කියලා මේ රටේ දේශපාලනය දන්න මිනිස්සු දන්නවා. ඒ වෘත්තීය සමිතිවලින් පියවන්නෙත් ආණ්ඩුවේ වුවදනාව, මේ රාජ්‍යයේ වුවමනාව. ඒ නිසා වෘත්තීය සමිතියක් පිට පටවලා මේ ප‍්‍රශ්නෙන් ගැලවෙන්න බෑ. මේක පැහැදිලිවම අධ්‍යාපනය පිළිබඳ ප‍්‍රතිපත්තියත් වැඩපිළිවෙළත් විසින් ඇතිවෙච්ච ප‍්‍රශ්නයක්. එතකොට ප‍්‍රශ්නෙ ආරම්භ වෙන්නේ ඔහොම.

මීට සතියකට කලින් ආණ්ඩුවේ ප‍්‍රතිචාරය වුණේ ‘අපිත් කැමතියි’ කියන එක. ඒ කියන්නේ සතියකට කලින් ආණ්ඩුවට ලොකු වුවමනාවක් තිබුණා රටේ හොඳ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තියෙනවා, ජනාධිපතිවරයාගේ ගේ ලඟට ඇවිත් කෑ ගැහැව්වත් මොකුත් කරන්නේ නෑ කියලා පෙන්වන්න. ඒ ලෝකෙ එක එක රටවලින් තරුණයෝ මෙහෙට ගෙන්නලා පවත්වපු සමුළුවට හොඳ චිත‍්‍රයක් පෙන්වීමට ඇරෙන්න වෙන දෙයකට නෙමේයි. ඒ හින්දම එදා පාගමන් යද්දි ප‍්‍රශ්නයක් නෑ, පොලිසිය බොහොම කාරුණික මැදිහත්වීමක් කරනවා එදා පාගමනෙදි. ඒ සමුළුව ඉවර වුණා විතරයි, අපායේ විවේක කාලය ඉවර වුණා වගේ ආපහු වැඬේ පටන් අරගෙන තියෙන්නෙ. දැන නැවත සුපුරුදු ප‍්‍රතිපත්තියට ඇවිත් තියෙනවා. ඒකෙ ප‍්‍රතිඵලයක් තමයි ඊයේ උද්ඝෝෂණයට අතපත් වුණේ. ඒ පාගමන සම්බන්ධයෙන් ආණ්ඩුවේ තිබුණේ වෙනස් ප‍්‍රතිපත්තියක්. අත්අඩංගුට ගන්නවා කියනවා, වරෙන්තු නිකුත් කළා කියනවා, දෙමාපියන්ට ගිහින් කියනවා අත්අඩංගුවට ගන්නවා කියලා. (එක ගෙදරකට ගිහින් කියලා තියෙන්නේ පුතා ගන්න බැරි වුණොත් තාත්තාව ගන්නවා කියලා) හැබැයි කිසිකෙනෙක් අත්අඩංගුවට ගත්තේ නෑ. මොකද ආණ්ඩුවට ඕන වුණා තරුණ සමුළුව අවසන් වෙනකල් ඉන්න. ඒක ඉවර කරගත්තට පස්සේ ආපහු වැඬේ පටන් ගත්තා. ඒකෙ ප‍්‍රතිඵලේ තමයි ඊයේ දවසේ සිද්ද වුණේ.

ඊයේ ශිෂ්‍යයෝ සම සෞඛ්‍ය ප‍්‍රශ්නය මූලික කරගෙන විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉස්සරහ උද්ඝෝෂණයක් කළා. උද්ඝෝෂණය අවසන් වෙලා ශිෂ්‍යයෝ ගියා. උද්ඝෝෂණය අවසන් වෙලා ශිෂ්‍ය නායකයොත් ශිෂ්‍යයොත් ඔක්කොම යන්න පිටත් වුණා. උද්ඝෝෂණය අවසන් වෙලා යන ශිෂ්‍යයෝ පිටිපස්සේ සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් පන්නනවා. ඒ පිළිබඳව අවධානයෙන් ඉඳපු ශිෂ්‍යයෝ ඒක මගඅරින්න උත්සාහයක් ගන්නවා. එක පාරටම දහයක්, පහළොවක් පැනලා එතන ඉඳපු ශිෂ්‍යයෝ හය දෙනාගෙන් හතර දෙනෙක් පැහැර ගන්නවා. ඊට පස්සේ ඒ ශිෂ්‍යයෝ කොහෙද ඉන්නේ කියලා, ශිෂ්‍ය නායකයෝ, නීතීඥයෝ මැදිහත්වෙලා පොලිසියෙන් විමසීමක් කරනවා. ඒ අවස්ථාවේදී පොලීසියේ ප‍්‍රතිචාරය වුණේ ‘‘එහෙම පැහැර ගැනීමක් වෙලා නෑ, ඒ සම්බන්ධයෙන් කිසිම තොරතුරක් දන්නේ නෑ’’ කියන එක. තවදුරටත් පොලිසිවලට ගිහින් හොයද්දී තමයි හම්බවෙන්නේ කිරුළපන පොලිසියේ ඉන්නවා කියලා.

ඊට පස්සේ ඊලඟ සිදුවීම් වෙනවා 13 දෙනෙක් ගන්නවා. මේ 13 දෙනා කොහොමද ගත්තේ? ඒ විදියටම උද්ඝෝෂණය ඉවර වෙලා යන ශිෂ්‍යයෝ 138 බස් මාර්ගයේ යන බස් රථයකට නගිනවා. අරවිදියටම පොලිස් සිවිල් ඇඳුමෙන් සැරසුණු කීපදෙනෙක් ඒ බස්රථයට නගිනවා. නැගලා ශිෂ්‍යයකුට ඉදිරිපත් කරනවා ‘‘ඔයාට වරෙන්තුවක් තියනවා මෙන්න වරෙන්තුව’’ කියලා. ඒ වරෙන්තුවේ තියනවා නමක් ඊට පස්සේ ඒ ශිෂ්‍යයා කියනවා ‘‘නෑ මේ නම මගෙ නම නෙමෙයි, මෙන්න මගේ හැඳුනුම්පත, වෙන කෙනෙක් ඔයාලා ඉදිරපත් කරන්නේ, මේක මට අදාල නෑ’’ කියලා. ඒක තමා වෙන සිද්දිය. ඒක තහවුරු කරද්දී බලහත්කාරයෙන් අත්අඩංගුවට ගන්න උත්සාහ කරනවා. එතකොට අනෙක් ශිෂ්‍යයෝ අහනවා ‘‘කොහොමද එහෙම අත්අඩංගුවට ගන්නේ?’’ කියලා. ඊට පස්සේ ‘‘පොලිසියේ රාජකාරියට බාධා කෙරුවා’’ කියලා ශිෂ්‍යයෝ 13 දෙනෙක් අත්අඩංගුවට ගන්නවා.

එතකොට පොලිසියේ රාජකාරිය තමයි කොහේ හරි ඉන්න කෙනෙක්ගෙ (වෙන රටක ඉන්න කෙනෙක්ගේ හරා කමක් නෑ) අරගෙන ඇවිත් උද්ඝොෂණයට මැදිහත් වුණ ශිෂ්‍යයෙක් ඉන්නවා නම් එයාව අත්අඩංගුවට ගන්න එක. ඊට පස්සේ මේක පාලනය කරගන්න නොහැකි වුණාට පස්සේ නිළ පොලිස් කට්ටියත් බස් එකට නගිනවා. නැගලා නිළ පොලිසියයි, නිළ නොවන පොලිසියයි දෙකම එකතු වෙලා බස් එක පොලිසියට අරගෙන යනවා. එතනදි ශිෂ්‍යයෝ බස්සලා ශිෂ්‍යයන්ට පහර දෙනවා. පොලිසිය ප‍්‍රකාශය කරනවා ‘‘අපි දැන්නෙ නෑ. අපිට දෙනකොට ගහලම තමා තිබුණේ’’ කියලා. ඒත් පහරදීම වෙන්නේ පොලිසියේදී. පොලිසියේදී පහරදීම වෙන්නේ සාමාන්‍ය මිනිස්සු ඉස්සරහදි. මගී ජනතාව දකිද්දි තමයි පහරදීම කරන්නේ. ඒක තමයි වෙච්ච සිද්දිය.

මේ සිද්දියෙන් පස්සේ ශිෂ්‍යයෝ නීතීඥයන්ව මැදිහත් කරලා තිබුණා. ඊට පස්සේ 17 දෙනාම විනිසුරුවරයාගේ නිළ නිවසට අරගෙන යනවා. එතනදී ‘‘ශිෂ්‍යයන්ට පහරදීලා තියෙන්නේ, එයාලට අමාරුයි ඒ හින්දා ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කරන්න කියලා’’ ශිෂ්‍යයෝ වෙනුවෙන් පෙනීසිටි නීතීඥයින් ඉල්ලීමක් කරනවා. නමුත් ප‍්‍රතිකාර සඳහා ශිෂ්‍යයන්ව රෝහල්ගත කරන්නේ පැය 18කට පස්සේ. අද දවල් 12නුත් පස්සේ තමයි ප‍්‍රතිකාර සඳහා යවන්නේ. දැන් මේ වෙද්දී හදිසි අනතුරු අංශයේ එක්කෙනෙක් ඉන්නවා, ඇස් රෝහලේ එක්කෙනෙක් ඉන්නවා. එක්කෙනෙක්ගේ ඇහැට ලේ බැහැලා. එහෙම තියෙද්දී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ප‍්‍රකාශයක් නිකුත් කරනව මෙතන පහරදීමක් වෙලා නෑ කියලා. පොලිසිය අර විදියට බස්එක පොලිසියට අරගෙන ගැහැව්වේ නැත්නම් කොහොමද ශිෂ්‍යයන්ගේ ඔලූ පැළිලා තියෙන්නේ? කොහොමද ඇස්වලට ලේ බැහැලා තියෙන්නේ? ඇයි එහෙනම් තුන්දෙනෙක්ව හදිසි අනතුරු ඒකකයේ නවත්ත ගත්තේ? ඇයි එක්කෙනෙක්ව ඇස් රෝහලට යැව්වේ?

දැන් මේකේ බරපතල ප‍්‍රශ්වයක් තියෙනවා. මේක ශිෂ්‍යයින්ට විතරක් උදාවෙච්ච ඉරණමක් නෙමෙයි. පහුගිය කාලේ මේ රටේ මෙවැනි සිදුවීම් ගණනාවක් වුණා. පොලිසියට මෙවැනි සිදුවීමකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. එතකොට පොලීසිය ගොඩාක් කලබල වෙලා තියෙනවා. විශේෂයෙන් යම් දේශපාලන ක‍්‍රියාකාරීත්වයක ඉන්න කොටස්, මාධ්‍යවේදීන්, මොනවා හරි ආණ්ඩුවට එරෙහිව දේශපාලනය කරන හැමකෙනෙක්ම මේ අනතුර සහිතව තමයි දේශපාලනය කරන්නේ. දේශපාලන ක‍්‍රියාකාරීත්වයක ඉන්න කෙනෙක් නෙමෙයි, සාමාන්‍ය තරුණයෙක්ව අත්අඩංගුවට ගත්තම මේ උන්නැහෙලා මොකද්ද කරන්නේ?

මීට දින කිහිපයකට කලින් බදුල්ල, කන්දකැටිය ප‍්‍රදේශයේදී අවුරුදු 18ක තරුණයෙක් අත්අඩංගුවට අරගෙන ඔහුට පහර දෙනවා. පහර දිදී අහනවා කොහෙද නිදන් හෑරුවේ කියලා. අන්තිමට ඔහු පහර කෑමෙන් මියයනවා. දැන් මේ පහුගිය කාලෙම පොලිසියේ හැසිරීම ඒක. එතකොට එකපැත්තකින් තමන්ට ඕන විදියට පැහැරගන්නවා, තමන්ට ඔන විදියට පහර දෙනවා, තමන්ට ඕන විදියට නඩු පවරනවා. දැන් මේක පටලවනවා කලින් පාගමනත් එක්ක. එහෙම පටලවන්න තමයි මේ වරෙන්තු කතාවක් කියන්නේ. අපි අහනවා මොකද්ද නීතිමය තත්ත්වය? (ඔය නීතිය අපි පිළිගන්නේ නෑ) නමුත් අඩුම තරමෙ ඒ තියෙන නීතියෙන් හරි මොකද්ද නීතිමය තත්ත්වය මේ ක‍්‍රියාවලියට අදාලව?



Friday, May 16, 2014

පොලීසිය කොළඹදී සිසුන් සිව් දෙනෙකු පැහැර ගනී...

විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිට අද (16) පැවති උද්ඝෝෂණයකින් අනතුරුව ශිෂ්‍ය නායකයන් සිව් දෙනෙකු පැහැර ගැනීමට ලක්ව ඇත. ඔවුන් පැහැර ගනු ලැබූවේ සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් වන අතර අනතුරුව ශිෂ්‍ය නායකයන් සිව් දෙනා ත‍්‍රී රෝද රථයකට බලහත්කාරයෙන් නංවාගෙන ගෙන ගොස් තිබේ. නමුත් පසුව පොලිසිය පවසන්නේ ඔවුන් අත්අඩංගුවට ගෙන කිරුළපන පොලීසියේ රඳවාගෙන සිටින බවයි. මෙසේ පැහැරගෙන ඇත්තේ පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිමුතු ගුණසේකර, පේරාදෙණිය සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති රජිත ප‍්‍රසාද් නන්දසේන, පේරාදෙණිය සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ උප සභාපති පසන් හේවාවිතාරණ සහ රුහුණ සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති සුරේෂ් මධුසංක යන සිසුන්ය.

මොවුන් පැහැරගෙන ඇත්තේ උද්ඝෝෂණය නිමාවී යමින් සිටියදීය. පොලීසිය පවසන්නේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වරෙන්තුවක් මත බවයි. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයකු පවසා සිටියේ ඔවුන්ට කිසිඳු වරෙන්තුවක් නිකුත් කර නොමැති බවයි. 

පසුගිය 06 වෙනිදා සිසුන් 17 දෙනෙකුට කොළඹ උද්ඝෝෂණය නොකරන ලෙස උසාවි නියෝගයක් නිකුත් කරන ලද අතර උසාවි නියෝග නොතකා සිසුන් උද්ඝෝෂනයේ නිරතවීම හේතුවෙන් සිසුන් 17 දෙනාට මෙම මස 19 දින අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබුණි. කෙසේ වෙතත් අද පැහැරගත් සිසුන් සිව් දෙනාගෙන් සුරේෂ් මධුසංක එම 17 දෙනාට ඇතුළත් නොවන අතර ඔහුට එරෙහිව චෝදනාවක් නොතිබිණි.

සිතාසි නිකුත් කර ඇති සිසුන් 17 දෙනා

1. නජිත් ඉන්දික - අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු

2. චින්තක රාජපක්ෂ - අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු වැඩබලන කැඳවුම්කරු

3. රයන් ජයලත් - වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රීයාකාරී කමිටුවේ කැඳවුම්කරු

4. දිමුතු ගුණසේකර - පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති

5. රජිත ප‍්‍රසාද් නන්දසේන - පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති

6. පසන් හේවාවිතාරණ - පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ උප සභාපති

7. ජානක දර්ශන - පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ලේකම්

8. නිපුන් දමිත් සේනාරත්න - පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ භාණ්ඩාගාරික

9. ප‍්‍රභාෂණ රාජපක්ෂ - පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සංස්කාරක

10. රොෂේන් චානක - රුහුණ විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති

11. අනුරුද්ධ ඉසුරු බණ්ඩාර - රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති

12. දිනේෂ් කුමාර - රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති

13. අමිල පෙරේරා - රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්

14. චන්දන විජේරත්න - රජරට විශ්වවිද්‍යාලයීය සමාජ විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ සංස්කාරක

15. දිනේෂ් පුෂ්ප කුමාර - රජරට විශ්වවිද්‍යාලයීය කලමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති

16. ලහිරු වීරසේකර - රජරට විශ්වවිද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති

17. ඩබ්. එස්. සජින්ත - රජරට විශ්වවිද්‍යාලයීය කලමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති

Original source - www.lankaviews.com/sn

Thursday, May 15, 2014

අපි අහනවා... මොකක්ද මේ නීතිය? අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික

Najith Indika
පසුගිය 07 වැනිදා පැවති පාගමනට හේතුව මොකක්ද?

රජරට විශ්වවිμාලයේ සිසුන් 27 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමටත්, සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කිරීමටත් විරුද්ධව රජරට සරසවියේ සිසුන් ආරම්භ කළ සත්‍යග‍්‍රහයට දින 150 ක් වෙනවා. සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කිරීමට විරුද්ධව පේරාදෙණියේ සත්‍යග‍්‍රහයට දින 135යි, ගාල්ලෙ දින 127 යි, කොටුවේ දින 42යි. මේ දින 150 තුළ ජනාධිපතිවරයාගේ සිට සියලූ දෙනාට ලියුම් මඟින් දැනුම් දුන්නා. උද්ඝෝෂණ කළා. පාගමන් ගියා. සකච්ඡුා කළා. නමුත් උත්තරයක් නැති නිසා අරලිය ගහ මන්දිරය දක්වා පාගමනක් යන්න තීරණය කළා.

පාගමනෙන් විසඳුමක් ලැබුණද?

නැහැ. අරලියගහ මන්දිරය අසල දී පොලිස් නිලධාරියෙක් කිව්වා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡුාවක් දෙනව කියල. සාකච්ඡුා කිරීමේ ගැටලූවක් නැති නිසා ශිෂ්‍ය නියෝජිතයන් දස දෙනෙක් මාධ්‍යවේදීන් සමඟ එන්න සූදානම් කියලා අපි දැනුම් දුන්නා. ඔහු ඇතුළට ගිහින් නැවත ඇවිල්ලා කිව්වා, ජනාධිපති එක්ක නෙවෙයි ලේකම් කෙනෙක් හමු වෙන්න පුළුවන්, ඔහුට ප‍්‍රශ්න ටික ලියල දෙන්න පුළුවන් කියල. ප‍්‍රශ්න ලියල දෙන කාලය ඉවර වෙලා තමයි පාගමනින් ආවේ. ඒ නිසා සිසුන් තීරණය කළා, එවැනි එකකට එකඟ වෙන්න බෑ කියල.

පාගමනට විරුද්ධව අධිකරණ නියෝගයක් තියෙනව නේද?

ඔව් ! අන්තරේ කැඳවුම්කරුට, රුහුණේ සිසුන් දෙදෙනකුට පේරාදෙණියේ හයකට රජරට අටකට විරුද්ධව අධිකරණ නියෝගයක් තිබුණා. අධිකරණය නියෝග කළේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණය කරන්න කියලා.

ඒ අධිකරණ නියෝගය නොසලකා හැරලා පාගමන ගියේ ඇයි?

සිසුන් ඒකමතිකව තීරණය කළා උසාවි නියෝගය පිළිගන්නේ නැහැ කියලා. සිසුන්ගේ විරෝධතාවකට විරුද්ධව අධිකරණ නියෝග ලැබුණු පළමු අවස්ථාව මේක නෙවෙයි. කැලණිය සරසවියේ පාගමන් දෙකකට තහනම් නියෝග ගත්තා. පේරාදෙණිය සහ රජරට සිසුන්ගේ සත්‍යග‍්‍රහවලට විරුද්ධව අධිකරණ නියෝග ගත්තා. ඒ විතරක් නෙවෙයි, අනෙකුත් වෘත්තීය සමිතිවලට විරුද්ධව වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට විරුද්ධව අධිකරණ නියෝග අරගෙන තිබෙනවා. ශිෂ්‍ය පාගමනට විරුද්ධව අධිකරණ නියෝගය ආ හැටි දැක්කම නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල පැහැදිලියි. අධිකරණ නියෝගය මුලින්ම යන්නේ රූපවාහිනිවලට, මාධ්‍යයට. ඊළඟට පොලිසිය ඒ නියෝගය අරගෙන සිසුන්ගේ දෙමාපියන් හමුවෙන්න ගිහින් ඔවුන් බිය වද්දනවා. තර්ජනය කරනවා. ළමයින් පාගමනට එවන්න එපා කියනවා. උසාවි නියෝගය සිසුන්ට ලැබෙන්නෙ අන්තිමට, 07 වැනි දා උදේ. පාගමන කඩාකප්පල් කරන්න, සිසුන් බිය ගන්වන්නයි උත්සාහ කළේ. මොකද්ද නීතිය..? ශිෂ්‍යයන් රටේ නීතිය කඩ කරනවා කියලා චෝදනා කරන අයගෙන් අපි අහනවා, රෙදි ඇඳගෙනද කතා කරන්නෙ කියලා.

ඔබ කියන්නේ අධිකරණය දේශපාලනිකයි කියලද?

රජරට සිසුන්ට වසර පහකට පන්ති තහනම් කළේ අත්පත‍්‍රිකා බෙදීම නිසා. අධිකරණය හෝ වෙනත් ආයතනයක් ඒ ප‍්‍රශ්නයට මැදිහත් වෙන්නෙ නැහැ. කොටුවෙ දුම්රිය නතර කර තමන්ගේ අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණය කරන සේවකයන්ට විරුද්ධව ක‍්‍රියාත්මක වෙන නීතිය, චැනල් ෆෝ මාධ්‍යවේදියා ගිය කෝච්චිය අනුරාධපුරයේ දී නතර කර උද්ඝෝෂණය කළ ආණ්ඩුවේ උද්ඝෝෂකයන්ට විරුද්ධව ක‍්‍රියාත්මක වෙන්නෙ නැහැ. දැන් ආණ්ඩුවට ඕනෑම උසාවියකින්, ඕනෑම වෙලාවක තමන්ට අවශ්‍ය ඕනෑම තීන්දු ගන්න පුළුවන් තත්වයක් තියෙනවා. ඒකයි තත්වය. අපි ආණ්ඩුවට, මහින්දට එල්ලගෙන ගහල වැඩක් නැහැනේ. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම ආණ්ඩුවේ අවශ්‍යතාවක් විතරක් නෙවෙයි, වත්මන් සමාජ ක‍්‍රමයේ අවශ්‍යතාවක්. ආණ්ඩුව විතරක් නෙවෙයි රජය කියල ව්‍යුහයක් තියෙනවනේ. අධිකරණය, පොලිසිය, හමුදාව.. මේවා ක‍්‍රියාත්මක වෙන්නේ පවතින ක‍්‍රමය ආරක්ෂා කරන්න. දැන් ඕනෑම කෙනෙක් දන්නවා, පොලිසිය ඉන්නෙ ජනතාවගේ ආරක්ෂාවට නෙවෙයි කියල. ඉස්සර හිතුවේ පොලිසිය ජනතාව ආරක්ෂා කරනවා කියලා. සාමාන්‍ය කාලවල දී මේ ආයතනවල සැබෑ ස්වභාවය පේන්නෙ නැහැ. නමුත් ජනතාව අරගල කරන විට ඒ ආයතන සේවය කරන්නේ ජනතාවටද පාලක පන්තියට ද කියලා පේන්න පටන් ගන්නවා. දැන් වෙලා තියෙන්නෙ ඒක. පොලිසිය ජනතාව ආරක්ෂා කරනව නම් රතුපස්වල දී ජනතාවත් එක්ක එකතු වෙලා කර්මාන්තකරුවන්ට වෙඩි තියන්න එපැයි. අධිකරණයත් එහෙම තමයි. අධිකරණය කි‍්‍රයාත්මක කරන්නෙත් පාලක පන්තියේ උවමනාව.

නමුත් අධිකරණ නියෝග උල්ලංඝනය කිරීම නිසා ශිෂ්‍ය නායකයන්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක වෙන්න පුළුවන් නේද?

ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට ගන්නව කියල පොලිසිය කියල තිබුණා මමත් දැක්කා. උද්ඝෝෂණවලට විරුද්ධව පොලිසිය පහර දෙනවා. කැරලි මර්දන ඒකකය යොදවනවා. කඳුළු ගෑස්, ජල ප‍්‍රහාර එල්ල කරනවා. රහස් පොලිසිය ශිෂ්‍යයන්ව බය කරනවා. පැහැරගෙන යන්න උත්සාහ කරනවා. ගෙවල්වලට ගිහින් දෙමාපියන් බය කරනවා. ඔවුන්ට තර්ජනය කරනවා. මේ ලයිස්තුවටම දැන් අලූත් එකක් එකතු වෙලා තියෙනවා. ඒ තමයි අධිකරණයෙන් තහනම් නියෝග ගැනීම. අරවා නීති විරෝධියි, මේක නීත්‍යනුකූලයි කියලා අපි හිතන්නේ නැහැ. ශිෂ්‍ය ව්‍යාපාරය හිතන්නෙ මේ ඔක්කොම එකයි. ඒ නිසා කඳුළු ගෑස් ප‍්‍රහාරවලට, බැටන් ප‍්‍රහාරවලට, තර්ජනය කිරීම්වලට, අත්අඩංගුවට ගැනීම්වලට වගේම ඊටත් විරුද්ධයි. ඒ කිසිවක් හමුවේ සටන අත් හරින්න ශිෂ්‍ය ව්‍යාපාරය සූදානම් නෑ.

ශිෂ්‍ය ව්‍යාපාරය තීරණය කර තිබෙනවා, මේ සියල්ලම එකට ගෙන විරෝධය පළ කළ යුතුයි කියල. ශිෂය නායකයින් ශිෂ්‍ය ව්‍යාපාරයට වග කියනවා. ඒ නිසා අත්අඩංගුවට පත් වුණත් වෙනත් ඕනම ද`ඩුවමක් හිමි වුණොත් ඒ අවදානම බාර ගන්න අපි ලෑස්තියි. අපි යුක්තිය විශ්වාස කරනවා. ඒ අනුව වැඩ කරනවා.

සරසවි ඇදුරෝ 03 වනදා වැඩ වරති

සිය ඉල්ලීම්වලට මෙතෙක් නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් ලබන මස 03 වැනිදා වැඩවර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

ඉන් පසුවත් පිළිගත හැකි ප්‍රතිචාරයක්‌ නොලදහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව එම සම්මේලනය පවසයි.

ද ඉන්ඩිපෙන්ඩන්ට් කළ විමසීමකට පිළිතුරු දෙමින් සභාපති චන්ද්‍රගුප්ත තේනුවර මහතා සදහන් කළේ ආචාර්යවරුන් දැනට මුහුණපාන වෘත්තීමය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය කටයුතු කර නැති බැවින් ආචාර්යවරුන්ගේ වැටුප් අරගලය යළි පණ ගැන්වීම සදහා මීට පෙරද කටයුතු යොදා තිබුණත් බලධාරීන් විසින් අදාළ ඉල්ලීම් මේ වර්ෂයේ ජුනි මාසය වන විට ඉටුකිරීමට පොරොන්දු වූ බවයි.

නමුත් රජය ලබාදුන් පොරොන්දුව මේ දක්වා ඉටු වී නැති බැවින් හා එවැනි සූදානමක් හෝ නැති බැවින් යළිත් වැඩවර්ජනයකට ගමන් කිරීමට සිදුවන බවත් මේ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දැන්වූ බවත්ය.

කෙසේ නමුත් තම ඉල්ලීම්වල පරම අරමුණ බවට පත්ව ඇත්තේ නිදහස් අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම සදහා ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය පිළිගැනීමක් දිනා ගැනීම බවත් පවසන සභාපතිවරයා ඒ සදහා වන අරගලය කිසියම්ම ලෙසකින් හෝ අත් නොහරින බවත් පැවසීය.

පසුගිය 2012 වසරේ පැවැති වැඩවර්ජනය අවසානයේදී ආචාර්යවරුන්ගේ වැටුපට අමතරව ලබා දුන් පර්යේෂණ දීමනාව ලබා ගැනීම සඳහා වන කොන්දේසි වැඩි වෙමින් පවතින බවත් එහෙයින් මින් ඉදිරියට එම කොන්දේසි ඉවත් කර පර්යේෂණ දීමනාව වැටුපට එකතු කළ යුතු යැයිද සම්මේලනය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

එමෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අසාධාරණ ලෙස මර්දනයට ලක්‌ වෙමින් පවතින බවද මෙතෙක්‌ පීඨ සභාවල පැවැති ශිෂ්‍ය නියෝජනය මේ වනවිට අහිමි වෙමින් පවතින බවද සඳහන් කරන සම්මේලනය එම මර්දනය නතර කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දෙයි.

මීට අමතරව 2012 වසරේ පැවති ආචාර්යවරුන්ගේ වර්ජනය අවසන් කිරීමේදී ඇති කරගත් එකඟතා ගිවිසුම මේ වනවිට කඩ වී ඇතැයිද සඳහන් කරන ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ඇති කිරීම සඳහා නව පනතක්‌ ගෙනෙමින් පවතින විශ්වවිද්‍යාල පනත හෑල්ලු කර ඇතැයිද සඳහන් කරයි.

Sunday, April 27, 2014

නේවාසිකාගාර ගැටලුවට විසදුම් ඉල්ලීම හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 20 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහිමි කිරීම සම්බන්ධව සියලු පාර්ශ්වයන් දැනුවත් කිරීමයි.

කොළඹ විශ්වවිද්‍යාල නේවාසිකාගාර පිළිබද විස්තර හා එහි ඇති වී අති ගැට`එ

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුහු 10 000 ට අධික ප‍්‍රමාණයක් අධ්‍යාපන පීඨ 07 හා මණ්ඩප 02 ක ඉගෙනුම ලබති. මෙයින් වාර්ෂිකව නේවාසිකාගාර පහසුකම් ලැබෙන්නේ සිසුන් 3000 ට පමණ අඩු පිරිසකටය. එහිදි නේවාසිකාගාර පහසුකම් ලබාදීමේදි සලකා බැලෙන නිර්ණායක ලෙස,
මු`එ පවුලේ වාර්ෂික ආදායම රුපියල් ලක්‍ෂයට වඩා අඩුවීම
විශ්වවිද්‍යාලයේ සිට නිවසට ඇති දුර කි.මී.50 ට වැඩිවීම
ශිෂ්‍යයා රැුකියාවක් නොකිරීම
ආදි ලෙස ප‍්‍රධාන කරුණු සලකා බැලේ. මෙය විශ්වද්‍යාලය මගින් සාදාගන්නා ලද නිර්ණායක වන අතර පිටස්තර කිසිදු ආයතනයකින් හෝ මේ ස`දහා නිර්ණායක දක්වා නොමැත. මේ ආකාරයෙන් නේවාසිකාගාර ලබන මු`එ සිසුන් ප‍්‍රමාණයෙන් 35% ක් පමණ වන අතර එය වාර්ෂිකව වෙනස්වීම්වලට ලක්වේ. මෙලෙස ලබාදෙන නේවාසිකාගාර නිසි කළමණාකරණයකින් තොරව ලබාදෙන අතර නිශ්චිත ප‍්‍රමිතියකට අනුව ද සිදු නොකරයි. විශ්වවිද්‍යාලයක නේවාසිකාගාර විශ්වවිද්‍යාල භූමියේම පිහිටා තිබිය යුතු අතර එමගින් ඔවුන්ගේ ශාස්ත‍්‍රීය කටයුතු වඩාත් පහසු කරගත හැකිය. එමෙන්ම වඩාත් ගුණාත්මකභාවයෙන් යුතු උපාධිධාරියකු නිර්මාණය කිරීමට නම් නිතර විශ්වවිද්‍යාලයට ප‍්‍රවේශ වීම මෙන්ම ප‍්‍රායෝගික කාර්යයන් සිදුකිරීමට අවැසි නිදහස, ඉඩකඩ සිසුන්ට නේවාසිකාගාර විශ්වවිද්‍යායට සමීපව පිහිටා තිබීමෙන් ලබාගත හැකිය. කොළඹ විශ්වවිද්‍යාලය ගත්විට බොහෝමයක් නේවාසිකාගාර පිහිටා තිබෙන්නේ විශ්වවිද්‍යාලයෙන් දුරින් වන අතර අවස්ථාව හා අවශ්‍යතාවය තිබුණ ද පරිපාලනය නිසි සැලකිල්ලක් හෝ වගකීම් සහගතව කටයුතු නොකරයි. නේවාසිකාගාර ගැට`එ විස`දීම වෙනුවට පරිපාලනය එය කල්මරමින් තව තවත් ගැට`එ උග‍්‍ර කරනු ලබයි. මෙම තත්වය හමුවේ සිසුන් ලෙස අපට ඇස් කන් පියාගෙන සිටිය නොහැකි අතර ඒ වෙනුවෙන් ශිෂ්‍ය කි‍්‍රයාමාර්ගවලට අවතීර්ණවීමට තීරණය කළෙමු. ඒ තත්වය තුළ ප‍්‍රශ්න නිර්මාණය කරන ලද පරිපාලනය සාධාරණත්වය හා අයීතීන් වෙනුවෙන් පෙනී සිටි සිසුන්ට මර්දනය දියත් කිරීමට පටන් ගෙන ඇත.

කොළඹ විශ්වවිද්‍යාලය සතුව දැනට තිබෙන නේවාසිකාගාර හා එහි විස්තර
University of Colombo owned Hostels[1]
Hostel Name
Address
Telephone
Warden
Sub Warden
Kithyakara Men’s Hostel
87, Anandarajakaruna Mawatha, Colombo 10.
0112681728
Dr.Chandsiri Niriell,Dept. Of Sociology.
Mr. W.W.G. Jayantha
Havelock Women’s Hostel
90, Sri Sambuddhathwa Jayanthi Mawatha, Colombo 05.
0112508223
DrS.Ukwatta, Dept. Of Demogrphy.
Mrs. K. M. Jayasinghe
Bullers Women’s Hostel
37/15, Bullers Lane, Colombo 07.
0112508222
Dr.Dilhara Atigala, Dept. Of Statistics.
Mrs. D. S. De Silva
Muttiah Women’s Hostel
48, Muttiah Road, Colombo 02.
0112304393
Mrs. Jeeva Niriella, Faculty Of Law.
Mrs. W. M. S. Weerasekara
De Saram Women’s Hostel
215, De Saram Place, Colombo 10.
0112681121
Dr.S.Sri Ranganathan, Dept. Of Pharmacology.
Mrs. M. N. P. Perera
Blomfontein Men’s Hostel
176, Norris Canal Road, Colombo 8.
0112691789
Dr. Malik Samarasinghe, Dept. Of Surgery.
Mr. P. K. Ekanayake
De Saram (New) Women’s Hostel
220, De Seram Place, Colombo 10.
0112681892
Dr. P.S. Saputhanthri, Dept. Of Plant Science.
Mrs. S. Kumarihamy
Thelawala Hostel (Male)
N0-92, Sri Sasanajothi mawatha, Thelawala, Rathmalana.
0112636396
Not Nominated
Not Nominated

University of Colombo rented out Hostels3

Hostel Name
Address
Telephone
Warden
Sub Warden
Green Path Bhikku House
71/3 & 71/4, Green Path, Anandacumaraswamy Mw, Colombo 07.
0113150577
Rev. Dr. M. Dhammajothi, Dept. Of Sinhala.
Mr. M.D. Jothipala
Nawinna Women’s House
445/1, Colombo Road, Nawinna, Maharagama
0112804748
-
Ms. G.D.C. Mangalika
Kirulapone Student House
47, Mahinda Place, Off High Level Road, Kirulapone.
0718016203
-
Mr. M.D. Jothipala
Rajagiriya Men’s House
107/12, Rajagiriya Road, Rajagiriya.
0112878875
-
Mr. M.D. Jothipala (Acting)
Boralesgamuwa Student House
290/2, Maharagama Road, Boralesgamuwa.
0112545205
-
Ms. G.D.C. Mangalika (Acting)

[1] http://www.cmb.ac.lk/?page_id=337 - úYajúoHd, fjí wvúh

නේවාසිකාගාර ස`දහා බ`දවා ගන්නා ලද මු`එ සිසුන් ප‍්‍රමාණය ආසන්න වසර 05 ක කාලය තුළ (1 වසර සිට 4 වසර දක්වා)

  j¾Ih
 n`ojd .ekSï ^jir 4 u tl;=j&
tl;=j
fjki
m%;sY;h
   .eyeKQ
    msßñ
   NsCIq
  2009
2136
881
58
3075
-
36]
  2010
2211
841
30
3082
¬07
35]
  2011
2210
814
37
3061
-21
34]
  2012
2159
728
31
2918
-43
28]
  2013
1741
621
33
2395
-23
26]
  2014






          
සැ.යු.- මු`එ සිසුන් 8500 ත් 10 000 ත් අතර සිටින අතර මෙහි ප‍්‍රතිශතය ආසන්න වශයෙන් ගණනය කර ඇත.

වර්තමාන තත්වය
මේ වනවිට නේවාසිකාගාර සම්බන්ධව උද්ගත වී ඇති නවතම තත්වය කරුණු වශයෙන් දැක්විය හැකිය.
01. විශ්වවිද්‍යාලයේ සිටින සිසුන්ගෙන් ප‍්‍රමාණවත් තරම් සිසුන්ට නේවාසික පහසුකම් ලබා නොදීම හා
ප‍්‍රමාණවත්් නේවාසිකාගාර ස්ථාපිත නොකිරීම.

02. කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් 60% ටවත් නේවාසිකාගාර ලබාදීම හා බ`දවා ගන්නා
ප‍්‍රමාණය වැඩිකිරීම කළ යුතුවීම.

03. නව නේවාසිකාගාර 03ක් වත් හැකි ඉක්මණින් ඉදිකිරීමට කටයුතු කළයුතුවීම

04. වාර්ෂික නේවාසිකාගාර ගාස්තුව රු.3000 ක් වැනි අධික මුදලක් අය කිරීම

05. නේවාසිකාගාර ස`දහා බ`දවා ගැනීමේදි සලකා බලනු ලබන රු.100000 වාර්ෂික ආදායම ඉවත්
කර එය රු.ලක්‍ෂ 300000 දක්වා හෝ ඉහළ දැමිය යුතු බවට සිසුන් ඉල්ලීම් කිරීම.

06. නේවාසිකාගාරවල ආරක්‍ෂාව, විදුලිය, ජලය, අධ්‍යයන කටයුතු ස`දහා ඉඩකඩ මදිවීම,
සනීපාරක්‍ෂාව ආදි අංශවල පහසුකම් අවම මට්ටමක පැවතීම
07. නේවාසිකාගාරවල අධික තදබදයක් පැවතීම, එනම් ප‍්‍රමාණයට වඩා සිසුන් ඇතුළත්
කිරීම.(කිත්‍යාකර දැමිය හැක්කේ 400ක් වුවද දැනට 800ක් පමණ දැමීම,

08. ඇතැමි නේවාසිකාගාරවල ආපන ශාලාවක් හෝ නොමැති වීම (නාවින්න, බොරලැස්ගමුව, භික්‍ෂු
ආදි නේවාසිකාගාර)

09. තෙලවල, නාවින්න, බොරලැස්ගමුව,ආදි නේවාසිකාගාර හා කුලි පදනමින් ගත් බොහෝමයක්
නිවාස විශ්වවිද්‍යාලයට දුරින් පිහිටා තිබීම

10. නේවාසිකාගාරවල අධ්‍යාපනයට සුදුසු පරිසරයක් නොමැතිවීම, එනම් ප‍්‍රමාණවත් අධ්‍යයන ශාලා
නොමැතිම, ගෘහ භාණ්ඩ හිගය, ප‍්‍රමාණයට වඩා සිසුන් ඇතුළත් කිරීම, ආරක්‍ෂාව සම්බන්ධ
ගැට`එ, කාමරවල විදුලි පංකා නොමැතිවී නිසා අධික රස්නයක් තිබීම, ආදිය ඒ අතර වේ.

මෙකී ගැට`එ රාශියක් හටගෙන ඇති අවස්ථාවක වුව ද විශ්වවිද්‍යාල පරිපාලනය විසින් නේවාසිකාගාරවල පහසුකම් සපුරාලනු වෙනුවට සිදු කරන ලද්දේ දිගින් දිගටම නේවාසිකාගාර ස`දහා අය කරනු ලබන මුදල ඉහළ දැමීමත් අවශ්‍ය සිසුන්ට නේවාසිකාගාර ලබා නොදෙමින් නේවාසිකාගාර ලබාදීම කප්පාදු කිරීමය. ඒ අනුව වසර 03ක් වැනි කාලය තුළ නේවාසිකාර ගාස්තු ඉහළ දැම්මේ මෙලෙසිනි.


j¾Ih
wh lsrSu
re'
by< oeuq .Kk
re'
  

2009
200
-
2010
1200
1000
2011
2000
800
2012
3000
1000
2013
3000
-
2012 isg fï olajd whlsÍu re'3000 ls'


                
 සැ.යු. වෛද්‍ය පීඨයේ පමණක් නේවාසිකාගාර ගාස්තුව රු.4200ක් වේ. එනම් නේවාසිකාගාර ස`දහා සාමාන්‍යයෙන් අයකරනු ලබන රු.3000 ට අමතරව නේවාසිකාගාර සංවර්ධන අරමුදල ස`දහා අමතර රු.1200 ක මුදලක් අය කරනු ලැබේ.

නේවාසිකාගාර ගැට`එවලට සිසුන්ගේ ඉල්ලීම්
01. නේවාසිකාගාර ගාස්තුව රු.800 ක් දක්වා පහත හෙළීම
කොළඹ විශ්වවිද්‍යාලයට ද සිසුන් ඇතුළත් කර ගනු ලබන්නේ අ.පො.ස.උ/පෙළ සමත් වී නියමිත සුදුසුකම් සපුරාගත් විටදීය. එහිදි සලකා බලනු ලබන එකම සුදුසු කම වන්නේ එකී විභාගය ඉහළින් සමත්වී අපේක්‍ෂිත මට්ටමින් විශ්වවිද්‍යාලයට ප‍්‍රවේශ වීමය. එහෙත් ඇතැම් අවස්ථාවලදි කොළඹ විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබීම හේතුවෙන් සිසුන්ට මුහුණ දීමට සිදුවන වෙනස්කම් රාශියකි. ඒ අතරින් අධික නේවාසිකාගාර ගාස්තු අය කිරීම හා ප‍්‍රමාණවත් තරම් පහසුකම් නොතිබීම පෙන්වා දිය හැකිය. මේ වන විට නේවාසිකාර ගාස්තුව රු.3000ක් වන අතර එය අනෙකුත් විශ්වවිද්‍යාල සාපේක්‍ෂව ගත්විට ඉතා අධික මුදලකි.

කැලණිය - 600,
ජ’පුර - 750,
පේරාදෙණිය - 750,
සබරගමුව - 500, කොළඹ රු.3000
රජරට - 500,
සෞන්දර්ය - 500,
රුහුණ - 600,
වයඹ - 550,
මෙකී ගැට`එව ඇතු`එව නේවාසිකාගාර සම්බන්ධ ගැට`එ මුල්කරගනිමින් සිසුන් විසින් පරිපාලනය හා අවස්ථා ගණනාවකදීම සාකච්ඡුා කළ ද ඉන් නිසි පිළිතුරු සිසුන් වෙත නොලැබුණි. මේ තත්වය තුළ සිසුන් තම ඉල්ලීම් ඉදිරිපත් කරමින් 2013.11.20 වන දින විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක යෙදුණ අතර එදින උසස් අධ්‍යාපන ඇමතිවරයා, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිනිය, උපකුලපතිතුමා, නියොජ්‍ය උපතුලපතිතුමා, ලේඛකාධිකාරීතුමා, සියලුම පීඨයන්හි පීඨාධිපතිවරු, අභ්‍යන්තර මුදල් විගණක, සහකාර ලේඛකාධිකාරී ශිෂ්‍ය හා කාර්ය මණ්ඩල යනාදි අයගෙන් සමස්ත නිලධාරීන් ඉදිරිපිටදී උසස් අධ්‍යාපන ඇමතිවරයා, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිනිය, උපකුලපතිතුමා, නියොජ්‍ය උපතුලපතිතුමා සිසුන්ගේ ඉල්ලීම් කෙරෙහි සාධාරණ විස`දුම් දීමට පොරොන්දු විය.
එකී පොරොන්දු ඉටුකිරීමට සති 02 ක කාලයක් ලබාදෙන ලෙස සිසුන්ගෙන් ඉල්ලා සිටි අතර එහෙත් මාස 03 ක් ගතවී ගිය ද එය ඉටුකළේ නැත.
2014.02.25 දින ශාස්ත‍්‍ර පීඨයේ නවක සිසුන් ලියාපදිංචි කරන දිනයේදි නියෝජ්‍ය උපකුලපතිතුමා විසින් දෙමාපිය රැුස්වීමේදි නේවාසිකාගාර ගාස්තු රු.1000 දක්වා අඩු කර ඇති බව ප‍්‍රකාශ කරන ලදි.
එසේ පොරොන්දු දෙමාපියන් ඉදිරිපිට දී ලබාදෙන විශ්වවිද්‍යාල පරිපාලනය 2014.03.20 දින ශිෂ්‍ය සංගම් නියෝජිතයන් හා පැවැති සාකච්ඡුාවේදි ප‍්‍රකාශ කරනුයේ නේවාසිකාගාර ගාස්තු පහත නොදමන බවයි.
මේ අනුව නියෝජ්‍ය උපකුලපතිතුමා විසින් දෙමාපියන් හා සිසුන් ද රවටමින් එතුමා ලකුණු දමා ගැනීමේ වෑයමක නියලුණු අතර උපකුලපතිතුමාගේ නියමෙන් හෝ තීරණය තුළ එවැන්නක් ස`දහන් නොවු අතර නවක සිසුන් බ`දවා ගැනීමේදි දිගින් දිගටම පොරොන්දු කඩකරමින් රු.3000 මුදලම ලබා ගැනීම සිදුකරන ලදි. එසේම 2014.03.23 වන දින ශාස්ත‍්‍ර පීඨයේ නවක සිසුන් නේවාසිකාගාර ලියාපදිංචියේදි ද රු.3000 මුදල ලබා ගැනීමට පරිපාලනය කටයුතු කරන ලදි. එහිදි ශිෂ්‍ය සංගම් නියෝජිතයන්, ජ්‍යෙෂ්ඨ සිසුන් හා දෙමාපියන්ගේ මැදිහත්වීම මත අදාල ලියාපදිංචිය අවලංගු කිරීමට පරිපාලනයට සිදු වු අතර එය සිසුන්ගේ පිට දමමින් ශාස්ත‍්‍ර හා අධ්‍යාපන පීඨ 02 වසා දමමින් පරිපාලනයේ අත්තනෝමතිකභාවය මෙන්ම නොහැකියාව ප‍්‍රදර්ශනය කරන ලදි. එපමණක් ද නොව මේ වන විට සිසුන් 20 කගේ පන්ති තහනම් ද කර ඇත.

02.තෙලවල නේවාසිකාගාරයේ තත්වය
තෙලවල නේවාසිකාගාරය නමින් භාවිතා කරන මෙම ගොඩනැගිල්ල පෙර රජයේ යම් ආයතනයක් ලෙස පැවතී අතර පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරක් ස`දහා එය ලබාදෙන ලදි. එය මුලින් පිරිමි නේවාසිකාගාරයක් ලෙස පවත්වාගෙන ගිය අතර පසුව එයට සිසුන් ඇතුළත් කිරීම ක‍්‍රමයෙන් අඩු කර එය 

වසා දමන ලදි. එහි යථාර්ථය නම් එය දේශපාලනිකව පරිපාලනය විසින් ගන්නා ලද කි‍්‍රයාමාර්ගයකි.
වසර ගණනාවක් වසා දමා තිබු මෙම නේවාසිකාගාරය මොරටුව විශ්වවිද්‍යාලයට ලබාදීමට විශ්වද්‍යාලය එකග වන අතර මොරටුව විශ්වද්‍යාලය ද ඊට කැමැති විය. එහෙත් අවසානයේ කුමන හෝ හේතුවක් නිසා එම ගිවිසුම අවලංගු වන අතර නැවත එය 2013 දි පිළිසකර කර භාවිතා කිරීමට කොළඹ විශ්වවිද්‍යාලය කටයුතු කරනු ලැබේ. එයට හේතුව වුයේ වසර ගණනාවකින් කොළඹ විශ්වවිද්‍යාලයේ නේවාසික පහසුකම් වැඩිදියුණු නොකිරීමේ ප‍්‍රතිඵලය තුළ වැඩිවන සිසුන් ප‍්‍රමාණයට නේවාසිකාගාර නොමැතිවීම හේතු කරගෙනය. ඒ අනුව 2013 පෙබරවාරී මස පැවැති සාකච්ඡුාවේදි වැඩබලන උපකුලපති ප‍්‍රමුඛ විශ්වවිද්‍යාල පරිපාලනය විසින් ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ට ප‍්‍රකාශ කර සිටිනුයේ මාස 02 ක් ඇතුළත මෙම නේවාසිකාගාරය ප‍්‍රතිසංස්කරණය කර නැවත සිසුන්ට ලබාදෙන බවයි. ඒ අනුව එහි ප‍්‍රතිසංස්කරන කටයුතු ස`දහා එය යුද හමුදාවට භාර දෙන අතර ඔවුන් එම ස්ථානය නවාතැන පළක් ලෙස භාවිතා කරමින් වෙනත් ස්ථාන වල කොන්ත‍්‍රාත් සිදු කළ අතර නේවාසිකාගාරයේ වැඩ මන්දගාමීව සිදු කිරීම හේතුවෙන් එය මාස 02න් ලබා දීමට නොව, වසර 1 1/2 ක් ගිය ද මේ වන විටත් වැඩ අවසන් කර භාරදී නොමැත.
මෙම නේවාසිකාගාරය පිළිසකර කර එය 2011/2012 අධ්‍යයන වර්ෂයේ සිසුන්ට ප‍්‍රථමයෙන්ම ලබාදෙන බවත් නේවාසිකාගාර ලබාදීමට නොහැකි එහෙත් නේවාසිකාගාර ලැබීමට සුදුසුකම් ඇති ශිෂ්‍යයාවන් වෙනුවෙන් විශ්වවිද්‍යාලය මගින් මසකට රු. 4000 ක නේවාසිකාගාර දීමනාවක් ලබා දෙන ලදි. එය ද විටින් විට ලබාදුන් අතර ශිෂ්‍ය සංගම් මැදිහත් වී එය නිසිකලට ලබාදීමට කටයුතු කරන ලදි.
අද වන විට එම නව අධ්‍යයන වර්ෂයකට සිසුන් ලියාපදිංචි කර ඇති අතර ඉහත නේවාසිකාගාර බලාපොරොත්තුවෙන් නාමලේඛනයේ පසු වු 2011/2012 අධ්‍යයන වර්ෂයේ ශිෂ්‍යාවන්ට නේවාසිකාගාර ලබානොදීමට විශ්වවිද්‍යාලය තීරණය කරන ලදි. එසේම 2012/2013 නව අධ්‍යයන වර්ෂයේ (2014 පළමු වසර) සිසුන් වෙත ද මෙම නේවාසිකාගාර අර්බුදය පරිපාලනය විසින් උරුම කරන අතර ඔවුනට නේවාසිකාගාර ලබාදීමේදි කටයුතු කළේ මෙලෙසිනි.
වෛද්‍ය පීඨයේ පිරිමි සිසුන් 68 ට පමණක් නේවාසිකාගාර ලැබී ඇති අතර ගැහැණු ළමයි කිසිවකුට නේවාසිකාගාර ලැබී නැත.
විද්‍යා පීඨයේ පිරිමි සිසුන් කිසිවකුටත් නේවාසිකාගාර ලබා නොදී ඇති අතර ගැහැණු ළමයි කොපමණ ප‍්‍රමාණයකට නේවාසිකාගාර ලැබී ඇත්ද යන්න තවම නොදනී.
නීති පීඨයේ පිරිමි සිසුන් 13 ක් බොරලැස්ගමුව කුලී නවාතැනට ද ගැහැණු ළමයි 89 ක් බුලර්ස් නේවාසිකාගාරයට ද අනුයුක්ත කරන ලදි.
ශාස්ත‍්‍ර පීඨයේ පිරිමි සිසුන් 28ක් නාවින්න කුලී නවාතැනට ද ගැහැණු ළමයින් 270ක් යොමු කිරීමට උත්සාහ කළේ භාගෙට වැඩ නිම වූ හමුදා සෙබ`එන් වැඩ කරමින් සිටින්නාවු ද අනාරක්‍ෂිත තෙලවල නේවාසිගාකාරයටය.

කළමණාකරණ හා මූල්‍ය පීඨයේ පිරිමි සිසුන් 16ක් නාවින්න කුලී නවාතැනට ද ගැහැණු ළමයි 35ක් බුලර්ස් නේවාසිකාගාරයට ද අනුයුක්ත කරන ලදි

මේ වන විටත් තෙලවල නේවාසිකාගාරය පිළිසකර කරමින් පවතින අතර 2014.03.23 දින ගැහැණු ළමයින් 

එයට අනුයුක්ත කිරීමට පරිපාලනය කටයුතු කරන වටත් එහි වැඩ අවසන් වී නොතිබුණී. ඒ අනුව

හමුදා සෙබ`එන් වැඩ පලෙන් ඉවත්ව නොසිටීම හා ඔවුන් එදින ද නේවාසිකාගාරයේ කොටසක අදාල 

ප‍්‍රතිසංස්කරන කටයුතු සිදුකරමින් සිටීම, ඔවුන් එහි දිවා ? වාසය කිරීම
ආපන ශාලාවක් හෝ සිසුන්ට ආහාර ලබාගැනීමට පහසුකම් නොතිබීම

වැසිකිළි හා අතැම් කාමරවල දොරවල් නොමැතිවීම
අඩි 03ක් පමණ උසින් යුතු අනාරක්‍ෂිත තාප්පය නිසා පිටස්තර පුද්ගලයන්ට ඊට ඇතු`එ විය හැකිවීම
ජල පහසුකම් නොතිබීම
කාමරවල විදුලි පංකා සවිනොකිරිම නිසා දැඩි රස්නයක් ගෙන දීම
කාමරවල යකඩ ඇදක් හා මෙටට්ටයක් පමණක් තිබීම, අවම තිබිය යුතු මේස, පුටු, ඇදුම් දමන රැක්ස් ලොකර්ස් නොතිබුණි
අධ්‍යයන කාමර, ඇ`දුම් වැනීමට ප‍්‍රදේශ පවා නොතිබුණි
මෙකී අඩුපාඩුකම් රාශියක් තිබු අතර මෙම ප‍්‍රදේශයේ කොළඹ විශ්වවිද්‍යාලය ස`දහා නේවාසිකාගාරයක් පවත්වාගෙන යාමෙන් ඇතිවන ප‍්‍රායෝගික අවාසි ද රාශියකි.
විශ්වවිද්‍යාලයේ සිට 70 කි.මී. පමණ දුරින් පිහිටා තිබීම නිසා ගමනාගමන අපහසුතාවයක් පැවතීම. (තුම්මුල්ල සිට අ`ගුලාන හංදිය දක්වා) ඒ අනුව සිසුන්ට වෙලාවට දේශන ස`දහා සහභාගිවීමට නොහැකිවීම, උදෑසන හා සන්ධ්‍යා කාලයේ රථවාහන තදබදයට හසුවීම ඇතු`එ ගැට`එවලට මුහුණ පෑමට සිදුවීම. (බස් රථ ගමනාගමනයකදි අවම පැය 1.15 ක් වත් ගතවේ)
එම නිසාම සවස් කාලයේ හෝ සවස 6ත් 8ත් අතර ගැහැණු ළමයින්ට එම ප‍්‍රදේශයේ හා මාර්ගයේ ගමන් කිරීම 
අනාරක්‍ෂිත වීම(මෙහිදි කලින් පිරිමි ළමයින් සිටියදී පවා ආයුධ පෙන්වා ඔවුන්ගේ මුදල් හා ජංගම දුරකතන 

පැහැර ගත් අතර එසේනම් ගැහැණු ළමයින්ගේ ආරක්‍ෂාව ගැන අමුතුවෙන් කිවයුතු නැත)
නේවාසිකාගාර පිහිටි ප‍්‍රදේශය තුළ ජනාවාස අඩුවීම.(ගාමන්ට් හා විවිධ කම්පැනි පිහිටා ඇත)

මේ ආකාරයෙන් තෙලවල නේවාසිකාගාරයක් බවට පත්කර ගැනීම තුළ ඇතිවන ගැට`එ මෙන්ම දැනට එහි තත්වය පෙන්වාදිය හැකිය.

03.නේවාසිකාගාර කප්පාදු සිදුකිරීම
ඉහතින් දක්වන ලද නේවාසිකාගාර හා කුලී පදනම මත ලබා ගන්නා ලද ගොඩනැගිලි පදනම් කරගෙන දැනට විශ්වවිද්‍යාලය මගින් නේවාසිකාගාර පවත්වාගෙන යන අතර ඒ අනුව ස්ථීර නේවාසිකාගාර 07 ක් හා කුලියට ගත් ගොඩනැගිලි 05 ක් මේ වන විට විශ්වවිද්‍යාලය සතුව ඇති අතර ආසන්න වශයෙන් ස්ථීර නේවාසිකාගාරවල සිසුන් 2900 ට වැඩි සිසුන් ප‍්‍රමාණයක් ද කුලියට ගත් ගොඩනැගිලවලින් කිහිපයක පමණක් සිසුන් 300 ක ප‍්‍රමාණයක් දැඩි තදබදයකින් යුතුව අනුයුක්ත කර පවත්වාගෙන යනු ලැබේ. ඒ හරහා අධ්‍යයන කටයුතුවලට, සනීපාරක්‍ෂාවට, මානසික නිදහසට මෙන්ම ඉඩකඩ සම්බන්ධයෙන් ගැට`එ මතු වී ඇති අතර එකී ගැට`එවලට පිළිතුරු සෙවීම වෙනුවට විශ්වවිද්‍යාලය මගින් දිගන් දිගටම සිදු කරනුයේ එම නේවාසිකාගාරවලට තව තවත් සිසුන් අනුයුක්ත කරමින් තදබ`දය තීව‍්‍ර කිරීමය. එසේම මෙහිදි විශ්වවිද්‍යාලය මගින් බ`දවාගනු ලබන සිසුන් ප‍්‍රමාණය විශ්වවිද්‍යාලයේ මු`එ සිසුන්ගෙන් 30% ටත් වඩා අඩු වේ.(සිසුන් 10 000 ගෙන් ආසන්න සිසුන් 3000 ට පමණ නේවාසික පහසුකම් ලබාදී ඇත* මේ අකාරයෙන් දහසකුත් අඩුපාඩු මධ්‍යයේ තිබෙන නේවාසිකාගාර නමැති ගොඩනැගිලිවලට සිසුන් ගාල් කරමින් ද බ`දවා ලනු ලබන ප‍්‍රමාණය අඩු කරමන් ද විශ්වවිද්‍යාලය කටයුතු කරන අතර කළ යුත්තේ නව ස්ථීර නේවාසිකාගාර හැකි ඉක්මනින් ඇති කරලමින් බ`දවාගනු ලබන සිසුන් ප‍්‍රමාණය වැඩි කිරීමත් ඒවායේ පහසුකම් වැඩිකිරීමත් වේ. අනෙකුත් විශ්වවිද්‍යාලයීය නේවාසිකාගාර ස`දහා අසසෙ වැනි තාක්‍ෂණික පහසුකම් ඇති කල ලංකාවෙන් පළමුවැනියා යැයි පුරසාරම් දොඩන කොළඹ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවලට නොව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාගාරවත් නිසි පහසුකම්වලින් සමන්විත නොවේ. එහෙයින් අසසෙ ගැන කවර කතාද? එයින් උපකුලපතිවරයා කොළඹ විශ්වවිද්‍යාලය අන්තර්ජාතික මට්ටමට ගෙනයනවා යැයි දොඩවන සිහිනයේ ආශ්චර්ය පෙන්නුම් කෙරේ.

04. විශ්වවිද්‍යාලය තුළ බාහිර පාර්ශ්වයන් ස`දහා පොදු වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම
මේ වන විට ආචාර්යවරුන්ගේ හා සිසුන්ගේ විරෝධය හමුවේ උපකුලපතිවරයා විසින් රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික අමාත්‍යංශයේ ලේකම්වරයාගේ උවමනාව සංසිදුවමින් කොළඹ ටොරින්ටන් හා ඒ අවට ජොගින් කරන අයගේ අවශ්‍යතාවයට විශ්වවිද්‍යාලය වැනි ස්වාධීන උතුම් ස්ථානයක පොදු වැසිකිලි පද්ධතියක් ඉදිකිරීමට අනුමැතිය ලබාදී ඇති අතර සිසුන් අවස්ථා ගණනාවකදීම ඊට විරෝධය පා විශ්වවිද්‍යාල පරිපාලනය, නාගරික සංවර්ධන අධිකාරීය හා රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික අමාත්‍යංශයට නිල වශයෙන් දැනුම් දී ඇතත් ඒ පිළිබ`දව මෙතෙක් අවධානය යොමු කර නොමැත. සිසුන් වශයෙන් මේ පිළිබ`දව දිගින් දිගටම හ`ඩ නැගු අතර ඊට පරිපාලනය මගින් නිසි පිළිතුරු ලබා නොදුන් අතර ඔවුන් පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාල භූමිය ස`දහා ඔප්පු නැති බවකි. එසේනම් මේ ආකාරයෙන් වෙනත් පිටස්තර අයෙකුට වුව ද විශ්වවිද්‍යාල භූමියේ ඉදිකිරීම් කළ හැකි අතර විශ්වවිද්‍යාලය මගින් 1921 සිට වසර 90 කාලයක් පුරා ආරක්‍ෂක සේවාවක් පවත්වාගෙන යමින් යම් පරිපාලනමය ක‍්‍රියාවලියක් තුළ බලාධිකාරයක් පවත්වාගෙන යාමේ ඇති නෛතික අයිතිය අපි ප‍්‍රශ්න කරන්නෙමු.

2014.03.22 වන දින ‘සරසවි මිතුරෝ’ සංගමයේ වාර්ෂික රැුසවිීමේදි හා සෙසු අවස්ථා ගණනාවකදීම උපකුලපතිතුමා ප‍්‍රකාශ කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලය අන්තර් ජාතික මට්ටමට ගොඩනගන බවයි. විශ්වවිද්‍යාලයේ සම්පත් නගර සභාවට විකිණීමෙන් එතුමා පවසන මට්ටම ගොඩනගන්නේදැයි අපි ප‍්‍රශ්න කරන්නෙමු. එසේම විශ්වවිද්‍යාල සිසුන්ගේ වැසිකිළිවල තත්වය ඉතාම කණගාටුදායක මට්ටමක් පවතිද්දී මෙලෙස බාහිර පාර්ශ්වයන්ට පොදු වැසිකිලි විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම තුළින් පෙන්නුම් කරන්නේ උපකුලපතිවරයාගේ ආණ්ඩු පාර්ශ්වීය ගැති දේශපාලනය තුළ තනතුරු වරප‍්‍රසාද ලබාගැනීමේ අරමුණින් ආණ්ඩුව සතුටු කිරීමේ අරමුණ ද නැත්නම් සැබෑ ලෙසම කොළඹ විශ්වවිද්‍යාලය ගොඩනැගීමේ යහපත් චේතනාව ද යන්න ප‍්‍රශ්න කරන්නෙමු.

මේ අනුව විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන පිවිසුම් දොරටුවක් වන එමෙන්ම ිඒෙෙ ෘැඩැකදචපැබඑ ක්‍ැබඑරු හා බෞද්ධාලෝක මාවතට මුහුණලා දිවෙන ප‍්‍රධාන පාරට මුහුණලා ඉදි කෙරෙන මෙම පොදු වැසිකලි පද්ධතියට සිසුන් ලෙස අප දැඩි විරෝධය දක්වන අතර එය හකුලා ගන්නා ලෙස ද දන්වා සිටින්නෙමු.

සිසුන් 20 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමේ පරිපාලනයේ අත්තනෝමතික ක‍්‍රියාදාමය මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ශිෂ්‍ය හිමිනමකගේ හා ශාස්ත‍්‍ර පීඨයේ සිසුන් ඇතු`එව සිසුන් 20 දෙනෙතුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරය විසින් කි‍්‍රයාකර ඇත. එයට හේතුව වන්නේ ශිෂ්‍ය ගැට`එවලට විස`දුම් ඉල්ලා සිටිමයි. එහි ආසන්නම සිදුවීම වු 2014.03.23 දින තෙලවල නේවාසිකාගාරයට ශාස්ත‍්‍ර පීඨයේ නවක ශිෂ්‍යයාවන් ඇතුළත් කිරීමේදි සිසුන්ට දුන් පොරොන්දු පරිපාලනය විසින් තව දුරටත් කඩ කරමින් කටයුතු කිරීමට යාමේදි සිසුන් හා දෙමාපියන් ඊට මැදිහත් වී එය වලක්වාලීමට කටයුතු කර අතර එහිදි ජ්‍යෙෂ්ඨ සිසුන් මැදිහත්වීම පදනම් කරගෙන සිසුන් 20 දෙනෙතුගේ පන්ති තහනම් කිරීමට කටයුතු කරන ලදි. (ශිෂ්‍ය සංගම් නියෝජතයන් මෙන්ම ජ්‍යෙෂ්ඨ සිසුන් තම සහෝදර සිසුන්ගේ නේවාසිකාගාරවල පහසුකම් වෙනුවෙන් පෙනී සිටින ලදි. විශේෂයෙන් මෙම තෙලවල නේවාසිකාගාරය සම්බන්ධව ගැට`එ රාශියක් ඒ වන විට උද්ගත වී තිබුණි.
විශේෂයෙන් සිසුන්ට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම හේතුවෙන් සිසුන් ඒ පිළිබ`දව කතා කිරිමද තෙලවල නේවාසිකාගාරයේ ඇති ගැට`එ (ඉහත දක්වා ඇති* පෙන්වා දෙමින් ද බාහිර පාර්ශ්වයන්ට විශ්වවිද්‍යාල භූමියේ වැසිකිළි පද්ධතියක් ඉදිකිරීමට විරෝධය පෑම, නේවාසිකාගාර ගාස්තුව රු.3000 සිට 800 දක්වා අඩු කරන ලෙස ඉල්ලා සිටීම, ඈත ගම්වල සිට ප‍්‍රථම වතාවට කොළඹ නගරයට පැමිණි ශිෂ්‍යාවන් 270 ක් හමුදාවේ සෙබ`එන් සම`ග භාගෙට වැඩ නිම වු ගොඩනැගිල්ලක ආහාර, ජලය, ආරක්‍ෂාවක් නැතිව හුදකලාව එහි ඇතු`එ කිරිමට එරෙහිව එය අභියෝග කිරීම ආදි තමන්ට බලපාන ලද තමාගේ ප‍්‍රශ්න හා සමස්ත විශ්වවිද්‍යාලයේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටමින් ඒ පිළිබ`දව කතා කිරීමේ අයිතිය වෙනුවෙන් පරිපාලනය සිසුන් 20 දෙනෙකුට ලබා දෙන්නේ ඔවුන්ගේ පන්ති තහනම් කිරීමේ නියෝගයකි. එසේම ඊට කිසි`දු ආකාරයකින් සම්බන්ධයක් නැති ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු නවතාලමින් ශාස්ත‍්‍ර හා අධ්‍යාපනය පීඨයන් දින නියමයක් නැතිව වසා දමන්නේද පරිපාලනයට මෙවැනි සු`එ කාර්යයක්වත් කර ගැනීමට නොහැකි බව තවදුරටත් පෙන්වමිනි. එසේ සිසුන් වෙත ලබාදෙන ලද ලිපිවල ද දුර්වලතා දක්නට ලැබේ. එමගින් විශ්වවිද්‍යාල පරිපාලනයේ කෙරුවාවේ තරම හෙළි වේ. 
ගැට`එ ඇති කළේ පරිපාලනයයි නමුත් වරදකරුවන් කර ඇත්තේ සිසුන්ය.
මේ ආකාරයෙන් පරිපාලනය විසින්ම ඇති කරනු ලබන හා ඔවුන්ගේ දුර්වලතාවය නිසා උද්ගත වන්නාවු ද ගැට`එවලට විස`දුම් ඉල්ලා සිටින සිසුන්ට ලබාදෙනු ලබන පන්ති තහනම ඉතා අසාධාරණ එමෙන්ම පළිගැනීමේ පටු අරමුණින් සිදුකළ එකක් බව පෙන්වා දෙන අතර එමගින් සිසුන්ගේ පෞද්ගලිකත්වයට මෙන්ම අනාගත දිවියට ද හානි ගෙන දෙන ආකාරයෙන් ඉතා දුෂ්ට ලෙස කටයුතු කර ඇති බව අපි පෙන්වා දෙන්නෙමු. 

සමස්තපීඨ ශිෂ්‍ය එකමුතුව - කොළඹ විශ්වවිද්‍යාලය

පිටපත්
සියලුම මාධ්‍ය ආයතන
විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනය
විශ්වවිද්‍යාල අචාර්යවරු - කොළඹ විශ්වවිද්‍යාලය
සියලුම පීඨ ශිෂ්‍ය සංගම් - කොළඹ විශ්වවිද්‍යාලය