දින 100 කට ආසන්න සිය වෘත්තීය අරගලය අවසන් බව FUTA පසුගිය බ්‍රහස්පතින්දා දැන්වීය. මෑතකාලීන ඉතිහාසයේ සම්ප්‍රදායික වෘත්තීය අරගල ක්‍රියාවලියෙන් ඔබ්බට ගිය FUTA වෘත්තීය අරගලය, සිවිල් ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන, විවිධ මතධාරී දේශපාලකයන්, දේශපාලන පක්ෂ, ආදී එකී මෙකී නොකී සියලු පාර්ශවයන් සිය අරගලයට එකතු කරගනිමින්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහජන ව්‍යාපාරයක් බවට පත්වෙමින්, පසු ගිය කාලය තුල සමාජය හෙල්ලූ මාතෘකාව බවට පත් විය. කෙසේ නමුත් දීර්ඝ කාලීන සකච්ඡාවලියකින් පසුව මෙරට ජන සමාජයට හරි හැටි පැහැදිලි චිත්‍රයක් ලබා නොදුන්, රජය සමග වූ එකඟතාවන් සමග එම වෘත්තීය සටන අවසන් විය.







