Showing posts with label Press. Show all posts
Showing posts with label Press. Show all posts

Sunday, May 18, 2014

නීතිය කියලා කියන්නේ මේ රටේ පාලකයින්ගේ කැමැත්ත - දුමින්ද නාගමුව

මේ තරුණයගෙ සිද්ධිය විතරක් නෙමෙයි පහුගිය කාලයට අදාලව අත්අඩංගුවටගැනීම්, පැහැරගැනීම්, පහරදීම් විශාල ගණනක් වුණා. හැබැයි ඒ හැම එකකටම පස්සෙම අර පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියලා ආණ්ඩුවේ වුවමනාව සපුරන්න, ආණ්ඩුවේ නිළ ප‍්‍රචාරක කටයුතුවලට දාලා තියෙන මහත්තයෙක් ඉන්නවා උන්නැහැ මොකක් හරි කතාවක් කියනවා. ඇත්තටම මේ පොලිසිය නාට්‍ය පිටපතක් ලියලා, නාට්‍යයන් කළානම් එහෙම සම්මාන ගන්නත් තිබුණා. ඒ තරමට පිටපත් ලියනවා. හැබැයි දැන් මනුෂ්‍යයෙක් පැහැර ගත්තට පස්සේ හැමදෑම ලියන්නේ එකම පිටපත. කෙනෙක් අත්අඩංගුවට ගත්තා, එයා ආයුධ පෙන්වන්න ගියා, ඒ ආයුධ වලින් වෙඩි තියන්න හැදුවා, එතකොට පොලිසිය ආරක්ෂාවට වෙඩි තිබ්බා, එතකොට මැරුණා. මේක සිය දහස් වතාවක් මේ රටේ මිනිස්සු අහලා තියෙනවා....

Thursday, April 24, 2014

සමසෞඛ්‍ය උපාධිය කප්පාදු කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි

සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ උපාධි කාලසීමාව කප්පාදු කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් බවත්, සමසෞඛ්‍ය විද්‍යාපීඨ සිසු ප්‍රශ්නය ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පමණක් බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය. මඩකලපුව හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල එම තත්ත්වය නොමැති බවද ඒ මහතා පැවසීය. උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඒ බව ප්‍රකාශ කර සිටියේ විශ්වවිද්‍යාල සිසුන් හත්සිය එකොළොස් දෙනෙකුට මහපොළ ශිෂ්‍යත්ව ආධාර මුදල් ලබාදීම සඳහා උඩරට කලා සංගම් ශාලාවේදී පැවති උත්සව සභාව අවසානයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමසෞඛ්‍ය විද්‍යා...

Tuesday, March 18, 2014

පොරොන්දු ඉටු නොකළහොත් අප්‍රේල් 10 වැනිදායින් පසු සරසවි ඇදුරන් නැවතත් වර්ජනයේ

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ගෙන ගිය වෘත්තීය ක්‍රියාමාර්ගය නවතා දැමීමට අදාළව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර ඇතිකරගත් ගිවිසුම අමාත්‍යාංශය විසින් වසර එකහමාරක කාලයක් තුළදී අවස්ථා ගණනාවකදී කඩකර තිබෙන බවත් දැනට සිදුවන සියලුම ගිවිසුම් උල්ලංඝනය කිරීම් නවතා දමා විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලු විසඳීමට ගිවිසුමෙන් ඇතිකරගත් කරුණු ඉෂ්ට කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් අප්‍රේල්10 වැනිදායින් පසු, 2012 වසරේ නොවැම්බර් මාසයේදී තාවකාලිකව නවතා දැමූ වෘත්තීය ක්‍රියාමාර්ගය යළි ආරම්භ කරන බව දැනුවත් කරමින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමුකර ඇති බව විශ්වවිද්‍යාල ආචාර්වනරු‍න්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර...

Sunday, March 16, 2014

ඖෂධ පනත ප‍්‍රසිද්ධ නොකරන්නේ ඇයි ? - ජයන්ත බණ්ඩාර

ඉදිරියේදී සම්මත කරගන්නා බවට ප‍්‍රචාරය කර ඇති ඖෂධ පනත ප‍්‍රසිද්ධ නොකිරීම තුළින් බරපතල සැකයක් පවතින බවත් ආණ්ඩුව වහා එය ජනතාවට හෙළිකළ යුතු බවත් මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානයේ ජාතික සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි. ඖෂධ ප‍්‍රතිපත්තියකින් අපේක්ෂිත අරමුණු ඉටුවන ආකාරයට පනත සකස්වී ඇතිද? එය ක‍්‍රියාත්මක තලයට ගෙන ඒම සඳහා නිශ්චිත කාල වකවානු සහිත ප‍්‍රායෝගික වැඩපිලිවෙලක් සකස් කර ඇතිද? ඒ සඳහා මූලික වශයෙන් වැය කළ යුතු මූල්‍ය ප‍්‍රතිපාදන වෙන් කර ඇතිද? යන කාරණා ගැන කිසිදු පැහැදිලි කිරීමක් මෙතෙක් සිදුකර නොමැතිවීම තුළින් මෙම පනත සැකයකට ලක්වීම සාධාරණ බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර පෙන්වා දෙයි. මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය මගින් අද (16)...

Saturday, August 24, 2013

මාලඹේ නීත්‍යානුකූල කිරීමට දෙවන ගැසට් පත‍්‍රයත් ළඟදීම ! ආණ්ඩුව හොරු සමග හෙළුවෙන් !

‘‘මේ වන විට ඉතාමත් රහසිගත අයුරින් මාලඹේ SAITM ආයතනයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්ය කියා ගන්නා ආයතනයකට නීත්‍යානුකූලභාවයක් ලබා දීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් යනවා. දෙනෝදාහක් ඉස්සරහා, සමාජයක්ම රවට්ටමින්, මිනිසුන් නොමඟ යවපු ආයතනයක් නීත්‍යානුකූල කරන්නයි ඔවුන් කටයුතු කරමින් යන්නෙ. මේ වෑයම සාර්ථක වුවහොත් හෙට අනිද්දට මුදලට මිනී මරන්න, මංකොල්ල කන්න එහෙමත් ආණ්ඩුවෙන් නිළ වශයෙන් ලයිසන් ලබා ගන්න පුළුවන් වේවි. නිදහස් අධ්‍යාපනය අහෝසි කරලා, අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කරන්න පාලකයන් ඕනෑම ජඩ වැඩක් කරන්න පැකිලෙන්නේ නැති බවට මේක හොඳම උදාහරණයක්.’’ මේ අදහස් පල කළේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු නජිත් ඉන්දික සහෝදරයා විසින්. ඒ අද දින (අගෝස්තු...

Friday, August 23, 2013

ඇමති ඇතුළු බලධාරීන්ගේ වැරදි වහන්න අධ්‍යාපන අයිතිය උදුරාගන්න බෑ

Joseph stalin විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම වළක්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග දරුවන්ගේ අධ්‍යාපන අයිතිය පැහැරගැනීමක් සඳහා නොවිය යුතු බව ලංකා ගුරු සංගමය පවසයි.  රජය විසින් නිකුත් කරනු ලැබූ 2013.06.21 දිනැති 1816 දරණ ගැසට් පත‍්‍රයෙන් ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින්ට සිදුවන අසාධාරණය පිළිබඳ ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා කියා සිටියි.  ඔහුගේ අත්සනින් යුතුව නිකුත් කළ එම ප්‍රසිද්ධ ලිපියේ මෙසේද සඳහන්ය.  අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 1965 අංක 25 දරණ ප‍්‍රසිද්ධ විභාග පනතේ 22 වෙනි වගන්තියට අනුව නියෝග පැනවීමට ඔහු සතු බලය උපයෝගී කරගෙන විභාග දිනට පූර්වයෙන් දින 5 කට පෙර විභාගය...

Sunday, June 9, 2013

ශිෂ්‍ය මර්දනයට එරෙහිව පෙළ ගැසෙන්න - දුමින්ද නාගමුව

Duminda Nagamura - FLSF අධ්‍යාපනය වෙළඳභාණ්ඩයක් බවට පත් කිරීමට විරුද්ධව ශිෂ්‍යයින් ගෙන යන අරගලය මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයන් පැරදවීමට සියලු දෙනා එක් විය යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පවසයි. කැලනිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට පහර දීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සම්බන්ධ බවට උසස් අධ්‍යාපන ඇමතිවරයා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුමින්ද නාගමුව මහතා මෙසේ පැවසීය. ‘‘ශිෂ්‍යයින්ගේ අරගලයේ ප‍්‍රධාන තේමාවක් වෙලා තිබෙන්නේ, ආණ්ඩුව නව ලිබරල් ධනවාදී ප‍්‍රතිසංස්කරණ යටතේ ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කරන අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ, එහෙමත් නැත්නම් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළට...

Monday, April 29, 2013

විදෙස් සිසුන් ගෙන්වා ගැනීමට පෙර අපේ රටේ සිසුන්ට සරසවි වරම් ලබා දෙනු - SSU

අප රටේ ශිෂ්‍යයන්ට අවස්ථාව අහිමි කර විදෙස් සිසුන්ට රටේ අධ්‍යාපනය විකිණීමේ ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ගයට සමාජවාදී ශිෂ්‍ය සංගමය සිය දැඩි විරෝධය පලකර සිටින බවත් සිය පුරාජේරුව වෙනුවෙන් එස්.බී. දිසානායක ඇමතිවරයා ඇතුළු ආණ්ඩුව සිදුකරන මෙම නින්දිත කටයුත්ත වහාම නතරකර එම මුදල් රාජ්‍ය විශ්වවිද්‍යාල සංවර්ධනයට යොදවා, අපේ රටේ සිසුන් වැඩි ප‍්‍රමාණයක් බඳවා ගැනීමට කටයුතු කරන ලෙස අපි ආණ්ඩුවට බලකර සිටින බවත් සඳහන් කරමින් සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම ශිෂ්‍ය සංමයේ ජාතික සංවවිධා‍යක නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන්වේ. "මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා පැමිණෙන විදෙස් සිසුන්ට නොමිලේ ගුවන් ටිකට්...

Monday, January 21, 2013

මොරටුව ගැටුම පිළිබඳ අන්තරෙන් නිවේදනයක්

පසුගියදා මොරටුව විශ්වවිද්‍යාලය තුළ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මේසේය,  "මේ වන විට නැවතත් සරසවි දෙස මුලූමහත් සමාජ අවධානයම යොමුවී ඇත. ඒ අධ්‍යාපන අයිතීන් දිනාගැනීමට හෝ සිසු අයිතීන් දිනාගැනීමට කරන අරගලයක් හෝ සටනක් නිසා නොවේ. උත්සන්න වෙමින් තිබෙන සිසු ගැටුම් හේතුවෙනි. මෙම තත්ත්වය මසක පමණ කාලයක සිට වර්ධනය වෙමින් තිබෙන අතර එහි ඉතාමත් කුරිරු හා ම්ලේච්ඡ සහගත අවස්ථාවක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ සිසු ගැටුම හදුනාගත හැකිය.  පාලකයන් සිය දේශපාලන හෙන්චයියන් යොදවා සරසවි තුළ ගැටුම් නිර්මාණය කිරීමට උත්සාහකළ පළමු අවස්ථාව මෙය නොවන අතර අනෙකුත් විශ්වවිද්‍යාලවලදී ගන්නාලද උත්සාහයන්...

Wednesday, December 19, 2012

බිහිරන්ට ඇසීමට වඩාත් වැඩි ශබ්දයක් අවශ්‍යයි - වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ කැඳවුම්කරු නජිත් ඉන්දික සහෝදරයා

Najith Indika - MFSAC ආණ්ඩුවේ වාර්තාවන්ට අනුවම මේ රටේ ජනතාවගෙන් 41%කගේ දවසක ආදායම රුපියල් 200 ට අඩුයි. එහෙම මිනිස්සු ඉන්න රටක තමයි ඔවුන් රුපියල් ලක්ෂ 65කට උපාධි ගන්න අධ්‍යාපන ක‍්‍රමයක් ස්ථාපිත කරන්න යන්නේ. මේක සරල ජනවහරකින් කිව්වොත් රටේ මිනිස්සුන්ට කුඩු කන්න පිච්චිය නැතිව ඉද්දි අණ්ඩුව බල්ලන්ට හැට්ට මහනවා මේක අපේ ප‍්‍රශ්නයක් නෙමෙයි. සමාජ ප‍්‍රශ්නයක්’’ යි වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ කැඳවුම්කරු නජිත් ඉන්දික සහෝදරයා ඊයේ මරදාන CSR ශාලාවේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු , ‘‘මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළේ 2009 සැප්තැම්බර් පළමුවැනිදා. මේ වෙනකොට අවුරුදු 03ක් ඉක්මවලා. ආරම්භයේ සිටම සියලූ ආයතන,...

Monday, December 17, 2012

සාපෙළ ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවීම අධ්‍යාපනයේ සමස්ත අර්බුදයේම ප‍්‍රකාශනයක්

Duminda Nagamuwa - FLSF සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමස්ත අර්බුදයේම ප්‍රකාශනයක් බවත් ආණ්ඩුවට බලය සම්බන්ධ කරුණුවලදී වරදින්නේ නැති නමුත් ජනතාවගේ ජීවිත සම්බන්ධ ගැටලුවලදී නිතරම වැරදීම් සිදු වන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පවසයි. සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කලින් පිටවීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ අධ්‍යාපනය හා අධ්‍යාපන සඳහාත් අධ්‍යාපනය මුදලට විකිණීම සඳහාත් නිර්මාණය වී ඇති තරගය නිසා මෙවැනි තත්වයක් ඇති වන බවයි. දුමින්ද නාගමුව මහතා නිකුත් කළ නිවේදනය‍ මෙසේය. "දෙසැම්බර් 15වැනිදා පැවැත් වුණු අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ...

විභාග දෙපාර්තමේන්තුව නැමති රන් දෙවොලට හෙන වැදී හමාරයි.

මෙවර අපොස ස/පෙළ විභාගයේ විද්‍යාව බහුවරණ ප‍්‍රශ්ණ පත‍්‍රයේ ප‍්‍රශ්න හතලිහෙන් 19ක් අනුමාණ කර ඇති බවත් මෙය 542,260 ක් වූ විභාග අපේක්‍ෂකයින්ට සිදුවූ බරපතල අසාධාරණයක් බවත් එබැවින් වහා මේ පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන ලෙසත් ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි. ඔහු මේ පිළිබඳව ප‍්‍රකාශ කළේ අද (16) නිපොන් හෝටලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ඔහු එහිදී දැක්වූ අදහස් පහත පළවේ. "ඔබ කව්රුත් දන්නවා මේ වන විට සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බව. ඊයේ (15) වන විට විෂයන් පහක් අවසන් වී තවත් විෂයන් හතරක් පමනයි පැවැතැවීමට නියමිතව තිබෙන්නෙ. දැනට පවත්වනු ලැබූ සමහර විෂයන් වල තොරතුරු ළමුන් අතට පත්ව ඇතැයි කටකතා අහන්නට ලැබිලා තියෙනවා. නමුත් ඒ කටකතා...

Thursday, December 6, 2012

අත්අඩංගුවට ගත් යාපනය සරසවි සිසුන් වහා නිදහස් කරනු ! - IUSF/FUTA

යාපනය විශ්වවිද්‍යාලය තුළ වර්ථමානය වන විට උද්ගතව ඇති තත්වය පිළිබඳව දැනුවත් කිරීමට හා අත්අඩංගුවට ගෙන සිටින සිසුන් නිදහස් කරන ලෙස බලකරමින් අ.වි.ශි.බ.ම හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පසුගිය 03 වැනිදා ඒකාබද්ධව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා, මීට දින කිහිපයකට උඩදී අප දැනුවත් කළ පරිදි මේ වන විට යාපනය විශ්වවිද්‍යාලය තුළ මතුවී ඇත්තේ ඉතාමත් බරපතල තත්වයක්. යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට හා ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයන්ට එරෙහිව රජයේ ආරක්ෂක අංශ විසින් බරපතල මර්දනයක්, ප‍්‍රචණ්ඩත්වයක් මුදාහරිමින් තියෙනවා. මේ වන විට යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය...