Showing posts with label Articles. Show all posts
Showing posts with label Articles. Show all posts

Sunday, April 27, 2014

නේවාසිකාගාර ගැටලුවට විසදුම් ඉල්ලීම හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 20 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහිමි කිරීම සම්බන්ධව සියලු පාර්ශ්වයන් දැනුවත් කිරීමයි.

කොළඹ විශ්වවිද්‍යාල නේවාසිකාගාර පිළිබද විස්තර හා එහි ඇති වී අති ගැට`එ කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුහු 10 000 ට අධික ප‍්‍රමාණයක් අධ්‍යාපන පීඨ 07 හා මණ්ඩප 02 ක ඉගෙනුම ලබති. මෙයින් වාර්ෂිකව නේවාසිකාගාර පහසුකම් ලැබෙන්නේ සිසුන් 3000 ට පමණ අඩු පිරිසකටය. එහිදි නේවාසිකාගාර පහසුකම් ලබාදීමේදි සලකා බැලෙන නිර්ණායක ලෙස, මු`එ පවුලේ වාර්ෂික ආදායම රුපියල් ලක්‍ෂයට වඩා අඩුවීමවිශ්වවිද්‍යාලයේ සිට නිවසට ඇති දුර කි.මී.50 ට වැඩිවීමශිෂ්‍යයා රැුකියාවක් නොකිරීම ආදි ලෙස ප‍්‍රධාන කරුණු සලකා බැලේ. මෙය විශ්වද්‍යාලය මගින් සාදාගන්නා ලද නිර්ණායක වන අතර පිටස්තර කිසිදු ආයතනයකින් හෝ මේ ස`දහා නිර්ණායක දක්වා නොමැත. මේ ආකාරයෙන් නේවාසිකාගාර ලබන මු`එ සිසුන් ප‍්‍රමාණයෙන්...

Saturday, April 5, 2014

වෛද්‍ය මා‍ෆියාව හා සම සෞඛ්‍ය ප්‍රශ්නය

පේරාදෙණිය හා රුහුණ සරසවි වල සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන් දැන් මාස 2 කටත් අධික කාලයක් තිස්සේ ගලහ මං සන්ධියේත්, ගාලු නගරයේත් අඛණ්ඩ සත්‍යග්‍රහයක් පවත්වමින් සිටිති. මෙම සත්‍යග්‍රහය ගැන අදාල කිසිම බලධාරියෙකුගේ අවධානය යොමුව ඇති බවක් නොපෙනේ.කාලයත් සමග සිසුන් උනන්දුව හීන වී සත්‍යග්‍රහය නවතා ආපසු දේශනවලට සහභාගි වනු ඇතැයි බලධාරින් සිතා සිටින බවක් ඔවුන්ගේ කියුම් කෙරුම් වලින් පෙනේ. මෙම වර්ජක සිසුන් ඉල්ලා සිටින්නේ කුමක්ද? 2006 දී මෙම සම සෞඛ්‍ය විද්‍යා පීඨ ආරම්භ කරන විට වසර 4ක්ව තිබී පසුව වසර 3කට කපාදු කරන ලද පාඨමාලා කාලය නැවත වසර හතර දක්වා දිගු කර දෙන ලෙස ඔව්හු ඉල්ලා සිටිති. ආරම්භයේදී වසර 4කට සැලසුම් කර සිසු කණ්ඩායම් කිහිපයක්ම උපාධිය ලබාගන්නා...

Monday, March 24, 2014

අරගල කරන සිසුවන් නොම වෙද අපගෙ දරුවන්!

ආශ්චර්යයේ වාගාලාප නහුතයකින් රටම වැසෙමින් පවතින මොහොතක විශ්වවිද්‍යාල සිසුහු දහස්‌ සංඛ්‍යාත පිරිසක්‌ මහමගට බැස සිටිති. ක්‍ෂිතිජයෙන් එපිට ලෝකය දකින ශිෂ්‍යයකු බිහි කිරීමේ තේමා පාඨය මතින් ගමන් කරන උසස්‌ අධ්‍යාපන බලධාරීන්ට මේ මහමගට බැස සිටින ශිෂ්‍ය ප්‍රජාවේ අරමුණ දේශපාලන වර්ණනාලේපයකින් වැසියහැකි යෑයි නොසිතමු. රජරට විශ්වවිද්‍යාලයේ පවතින ශිෂ්‍ය මර්දනයට එරෙහිව හා ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සිසුන් විසින් ආරම්භ කරනු ලැබ ඇති සත්‍යග්‍රහය දින සියය පසු කළේ නොබෝදාය. සිසුන්ගේ සත්‍යග්‍රහයට පදනමක්‌ තිබේ. මේ වන විට එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසි හත් දෙනකු දඬුවමට ලක්‌ කර තිබේ. ඇතැම් සිසුන්ට දඬුවම් පමුණුවීමට හේතුව වශයෙන් දැක්‌වෙන්නේ එහි...