Thursday, November 15, 2012

අකුරු කරන්නට වලවේ ගඟට උඩින් අවධානම් ගමනක්‌

මොණරාගල දිස්ත්‍රික්කයත්, රත්නපුර දිස්ත්‍රික්කයත් යා කරන මායිමක් වන හම්බෙගමුව, ඇඳගලයාය ගම්මානයේ ජනතාව වසර 40 ක් පුරා වලව ගඟ හරහා කම්බි තුනක් උපයෝගී කරගෙන තනා ඇති කූඩුවේ නැග එගොඩ යාම දිනපතා පතා සිදුකරයි.

තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් හම්බේගමුව, ඇඳගලයාය ගම්මානයේ පවුල් 3000 කට ආසන්න සංඛ්‍යාවක් වෙති. පාසල් ළමුන් සියයකට අධික පිරිසක් දිනපතා කෝන්ගහමංකඩ විද්‍යාලයටත්, ර/වැලිපත යාය මහ විද්‍යාලයටත් යන්නේද  වලව ගඟ හරහා යොදා තිබෙන මෙම කම්බිවල ආධාරයෙනි.

ලෙඩුන් පවා කල්තොට රෝහලට ගෙනයන්නේ මෙම කූඩුවේ තබා ගෙනය. මෙය ඉතා අනාරක්ෂිතය. අඩි 70 ක් පමණ ඉහළින් පිහිටි කූඩුවේ නැග මෙම ග‍ඟෙන් එගොඩ මෙගොඩ යාම සිදුවේ. ග‍ඟේ ජල මට්ටම සාමාන්‍ය දිනක අඩි 10 ට වඩා වැඩි අතර වැසි කාලයට එය අඩි 50 ක් පමණ ඉහළ නගී.

ඇඳගලයාය ගම්වාසීන්ගේ එකම ඉල්ලීම වන්නේ වලව ගඟ හරහා පාලමක්‌ ලබා දෙන ලෙසයි. ප්‍රදේශයේ දේශපාලනඥයන්ට නොයෙක්‌ විට ලිපි මගින් හා වාචිකව ඉල්ලීම් කළද ඔවුන්ගේ පොරොන්දු ඡන්ද කාලයට පමණක්‌ ලබා දෙන කඩ වුණු පොරොන්දු බවද ප්‍රදේශවාසීහු පවසති.




Wednesday, November 14, 2012

අප තවත් නිහඩව ඉමු?

අසාධාරණය හමුවේ
මුළු ලොවම හිස නවන විට
අසාධාරණයට එරෙහිව නැගී සිටින උන්
කරන්නේ වරදක්ද?
නීතියද අසාධාරණයට හිස නමයි නම්
වෙන කුමක් කරන්නද?
අසාදරණයට එරිහිව
හඩක් නගනු මිස..?
එහෙත් ඔවුනට අයිති සිපිරිගෙය නම්....?

අප තවත් නිහඩව සිටින්නද?
අසාධාරණ පාලනය
අපව තවත් තලා දමනතෙක්
සාධාරණයක් ඉටු නොවන ලෝකයේ
අසාධාරණයට හිස නවනවාට වඩා
සිපිරිගෙයත් සැපකි
එහෙයින් නැගී සිටින් සාධාරණය ඉටුවන තෙක්
සටන් වැදුමට
එකා පිට එකා නිහඬ කලත්
ණයක් නැත පොලවට...

අධ්‍යාපනයේ වත්මන් අර්බුදය - සංවාදය (පේරාදෙණිය සරසවිය)

අධ්‍යාපනයේ අරබුධය යන තේමාව යටතේ වූ විශේෂ සංවාදයක් පේරාදෙණිය සරසවියේදී ලබන 15 දින පැවැත්වීමට නියමිතය.

පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනලද මෙම සංවාදය සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීම බණ්ඩාර සහෝදරයා, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සහ මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි මහතා සහභාගීවීමට නියමිතය.

මෙය නොවැමිබර් මස 15 දින සවස 5.15 ට පේරාදෙණිය සරසවියේ කලාගාරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්කොට තිබේ.