Saturday, November 17, 2012

සිසුන් බඳවා ගැනීම් කඩිනම් නොකළහොත් යළි අරගල කරනවා - SSU

SSU Logo
2011 උසස් පෙළ සමතුන් කඩිනමින් විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා ලෙසත් එසේ නොවුන හොත් සිසුන් බඳවා ගන්නා ලෙස බලකරමින් යළි අරගල ක්‍රියාමාර්ගවල නිරතවීමට පසුබට නොවන බව සමාජවාදී ශිෂ්‍ය සංගමය පවසයි.

එහි ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇති අතර එම සම්පූර්ණ නිවේදනය පහත පළවේ.

‘‘2011 අගෝස්තු මාසයේ පැවැති අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසු සිසුවියන් විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා දිනය සති, මාස ගණන්වලින් ප‍්‍රමාද වෙමින් තිබේ. දැන් විභාගයට ලියා මස15ක් ගත වී ඇති අතර, තවම විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා නිශ්චිත ආකාරයක් හෝ දිනයක් පිළිබඳ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශයට පත්කර නොමැත.

ශ‍්‍රී ලංකාවේ උසස් පෙළ විභාග ඉතිහාසය තුළ විභාග දෙපාර්තමේන්තුව හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වැඩිපුරම පීඩාවට පත්කළ ශිෂ්‍ය පිරිස වන්නේ මෙම කණ්ඩායමයි. ඔවුන්ගේ විභාග ප‍්‍රතිඵල නිකුත් කළ යුතුව තිබුණේ 2011 නොවැම්බර් මාසයේදී වුවද එය මාසයකින් ප‍්‍රමාදවිය. නිකුත් කළ ප‍්‍රතිඵල වාර 04දී වෙනස් කළ අතර අවසන් ප‍්‍රතිඵලය ලැබූනේ 2012 ජූලි මාසයේදීය. වෙනදා සිය ප‍්‍රතිඵල එනතෙක් නිවසට වී බලාසිටි සිසුන්ට මෙවර නිවැරදි ප‍්‍රතිඵල ඉල්ලා උද්ඝෝෂණ කරන්නට, පෙළපාළි යන්නට, සත්‍යග‍්‍රහ උපවාස කරන්නට පවා සිදුවිය. අවසානයේ සිසුන්ට යම් සාධාරණයක් ලබාදුන්නේ අගවිනිසුරුවරිය ප‍්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිරණය විසිනි.

වෙන වසරවලට වඩා වැඩිපුර සිසුන් 5600ක් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට නඩු තීන්දුවක් බලාදුන් අතර තවම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය එය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කර නැත. කෙසේ වුවද මෙම සිසුන්ගේ ප‍්‍රතිඵල අවුල ඇරඹි 2011 දෙසැම්බර් මාසයේ සිට අධ්‍යාපන අමාත්‍යවරයාත්, උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත් හැසිරුනේ අර්බුදයට පිළියම් සෙවීමට නොව තමන්ගේ වැරද්ද සිසුන් හා අධිකරණය මත පැටවීමටය. මේ ප‍්‍රශ්නය සම්බන්ධව ඇමතිවරුන් හැසිරනු උද්ධච්ච හා මුරණ්ඩු ආකාරය කිසිසේත් අධ්‍යාපනය සම්බන්ධ, වගකිවයුතු අමාත්‍යවරුන්ට තරම් නොවන බව ජනතාව දනී. හිටපු විභාග කොමසාරිස්වරයා හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ හැසිරීමද ඇමතිවරුන්ට දෙවෙනි වූයේ නැත.

දැන් අධිකරණය මගින් ගැටළුව විසඳා තිබියදී අධ්‍යාපන ඇමතිවරුන් හා බලධාරීන් හැසිරෙන්නේ 2011 උසස් පෙළ සිසුන් සිය සතුරන් ලෙස සලකා ගෙන දැයි සිතෙන තරමට විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම ප‍්‍රමාද කරමින් තිබේ. ආණ්ඩුව මේ නොසලකා හරිමින් තිබෙන්නේ සිසුන්ගේ අනාගතයයි. වර්තමානයේ ඔවුන්ට සති, මාස ගණන්වලින් සිදුවන ප‍්‍රමාදය අනාගතයට බලපාන්නේ වසර ගණන්වලිනි. විශ්වවිද්‍යාලයකට ඇතුළත්ව උපාධිය ලබාගත්තද රැකියා පෝළිමේ තවත් වසර ගණනක් බලා සිටීමට සිදුවීමෙන් මේ ශිෂ්‍ය කණ්ඩායමේ ජීවිත තව තවත් අවුලට පත්වෙනු ඇත.

මෙවර විෂය නිර්දේශ යටතේ වෙන වෙනම එක් එක් පාඨමාලාවලට සිසුන් බඳවා ගැත යුතු වුවද, එසේ බඳවා ගන්නා ප‍්‍රමාණයන් පිළිබඳව තවම ප‍්‍රකාශයට පත්කර නැත. එමනිසා තමන් විශ්වවිද්‍යාල වරම් ලබයිද නැද්ද යන්න ගැන පවා සිසුන්ට ඇත්තේ බලවත් අවිශ්වාසයකි.

එනිසා මෙම සිසු ජීවිත තවදුරටත් අඳුරු නොකර, 2011උසස් පෙළ සමතුන් වහා විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා ලෙස සමාජවාදී ශිෂ්‍ය සංගමය ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිමු. එසේ නොවුනහොත් පසුගිය කාලයේ නිවැරදි ප‍්‍රතිඵල ඉල්ලා උද්ඝෝෂණ, පාගමන්, සත්‍යග‍්‍රහ,අධිකරණ ක‍්‍රියාමාර්ග සිදුකළා මෙන් නැවත වතාවක් එම සිසුන් සමග එක්ව අරගල කිරීමට පසුබට නොවන බව ආණ්ඩුවට මතක්කර සිටිමු.''

Friday, November 16, 2012

සරසවි කුරුටු ගී - 01

බැජා උනත්
බොග වේ නම්
බිම හෙලනු
ජුන්ඩන්ටත්
නිවැරදිනම්
ගරු කරනු
වේල් දෙකක්
දිනකට කැන්ටිමෙන් කනු
කන විට
හෙළන ටික
හොඳහැටි පිසදමනු
කැන්ටිමෙ මැල්ලූමයි
පොල් සම්බොලෙ නොකනු
දුප්පත් කමවත්
එම් සී නොයනු
කැන්ටිම වහන දවසට
පන්සලය යනු

නත්තල දාට
මාතර පල්ලියට යනු
පන්සිල් කඩනු
එක පදයක් අත්හරිනු
අන්සතු දෙයක්
කිසි විටකදී නොගනු
අතේ දුරින් නුඹ
ඇදුරන් තබාගනු
අවැසි විටදි පමණක්
ඵල නෙලාගනු ඕනැමනම්
ඉඳහිට අඩියක් ගසනු
කිසිවිටකදී බීලා
පාරට නොයනු
කේලම් කීම
ලිඳ ලඟ වැට අත්හරිනු
ඉවසනු නොහැකිනම්
කොක්කක් ගසනු
යුක්තිය ලඟදි
සැමවිට නුඹ හිස නමනු
අයුක්තියෙදි තනිවම උව
හ`ඩ නගනු

පියා උන්ත්
පොලිසියෙනම් සැක කරනු
පොලිසිය උසාවිය
මේවට ගාවා නොගනු
ගජයත් ගසනු
සැමවිට නුඹ
හැඩට ඉනු
අමතක නොකර
ගත් දේ යලි ගෙනත් දෙනු
හෙලූවෙන් නටනු
 ඕනැම නම් නිදාගනු
පාරට බසින විට
හොඳහැටි රෙදි අඳිනු
විනය කමිටු තුල
හොදහැටි පච කියනු
ආ විගසින් කියු පච ටික
ලියා ගනු
පොලිසිය උසාවිය
මේවට ගාවා නොගනු
පණ කඳ ගියත්
කිසිවිට පාවා නොදෙනු

(මැද්දවත්ත නේවාසිකාගාරය - රුහුණ විශ්වවිද්‍යාලය)

රුහුණ වෛද්‍ය පීඨයේ තෙවන ඇස අධ්‍යයන කවය 

Thursday, November 15, 2012

වතුර නටන තුරු හැලියේ නටමුද?

"If you toss a live frog into a pot of boiling water, he’ll immediately jump out to escape the heat. But if you put that same frog in a pot of tepid water and increase the heat ever so slowly, he’ll never notice and he’ll end up boiled alive."

ඔබ ඉහත කියමන අසා තිබේද?

මෙයින් කියවෙන්නේ උතුරන වතුර බඳුනකට දමා,ඔබට මැඩියෙකු මැරීමට නොහැකි බවයි.ඌ ක්ෂණිකව ඉවතට පනිනු ඇත.ඔබට ඌ මැරීමට අවශ්‍යනම් කලයුත්තේ, මැඩියාව සීතල වතුර භාජනයක දමා ක්‍රමක්‍රමයෙන් රත්කිරීමයි.එවිට ඌට නොදැනීම ඌව මියයනු ඇත.

මදක් සිතා බලන්න.....

ඔබත් මමත් දිනවූ නිදහස් අධ්‍යාපනයට සිදුවෙමින් පවතින්නේත් සිදු කරමින් පවතින්නේත් මෙයම නොවේද?

අනාගත පරපුර සඳහා නිදහස් අධ්‍යාපනය දිවිහිමියෙන් රැකගත යුතු නොවේද?
තීරණය ඔබ සතුය.....