Wednesday, November 28, 2012

අධ්‍යාපනයේ වත්මන් අර්බුදය කුමක්ද? (සංවාදයට ප‍්‍රවේශයක්)

අධ්‍යාපනයේ වත්මන් අර්බුධය කුමක්ද යනමැයෙන් එලිදක්වා ඇති සම්පූර්ණ පොත මෙහි දැක්වේ. මෙහිදී ඔබයේ අදහස්, හෝජතා, චෝදනා අප ඉතා අගය කරමු. ඒ සඳහා මෙහි පහලින් ‍කොමෙන්ටු වශයෙන් හො අන්තර් විශ්වවිද්‍යාලයීය නිල වෙබ් අඩවියට (www.iusfsl.org) ගොස් ඔබගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න. 

පැදුරු සාජ්ජේ 2012 - රජරට සරසවිය

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයිය සමාජ විද්‍යා හා මානවශාස්ත්‍ර පීඨ සිසුන් විසින් සංවිධානය කරනලද පැදුරු සාජ්ජේ 2012 වැඩසටහන පසුගිය 23 වන දින රජරට විශ්වවිද්‍යාලයිය සුගතපාල ද සිල්වා එළිමහන් රංග පීඨයේදී පැවැත්වින. මේ එහි සොදුරු අවස්ථාවේ මතක සටහන් කිහිපයකි.


සියලු ඡායාරූප මෙතනින් බලන්න...

රජරට උපකුලපති පුටුව මාස 3 ක්‌ තිස්‌සේ හිස්‌

University of Rajarata

රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය පුරප්පාඩු වී මාස තුනකට ආසන්න කාලයක්‌ ගතවී තිබේ.

හිටපු උපකුලපති මහාචාර්ය කේ. ඒ. නන්දසේන මහතාගේ නිල කාලය පසුගිය සැප්තැම්බර් මස 16 වැනිදා අවසන් වූ අතර එම ධුරය සඳහා සුදුස්‌සන් තිදෙනකුගේ නම් පසුගිය මාසයේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යවා ඇත.

මහාචාර්ය රංජිත් විෙ-වර්ධන, ආචාර්ය කේ. ජී. උදයකුමාර හා ආචාර්ය ආනන්ද කුමාරසිරි යන මහත්වරුන්ගේ නම් මෙලෙස යවා ඇති අතර ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒවා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ අතරින් සුදුස්‌සකු උපකුලපති ධුරය සඳහා නම් කිරීම ජනාධිපතිවරයාට පැවැරී ඇත.

උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වීම හා නවක සිසුන් බඳවා ගැනීම යන කටයුතු සඳහා උපකුලපතිවරයකු පත් කිරීම අත්‍යවශ්‍ය යෑයි එම විශ්වවිද්‍යාල ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

-නිලන්ත මදුරාවල divaina