Wednesday, March 13, 2013

ආණ්ඩුව රාජ්‍ය විශ්වවිද්‍යාල පෞද්ගලික විශ්වවිද්‍යාල බවට පත් කරමින් සිටිනවා - අ.වි.ශි.බ.ම


ආණ්ඩුව මේවන විට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය හා පෞද්ගලික විශ්වවිද්‍යාල අතර සමපාත බවක් ඇති කිරීමට උත්සහ කරමින් සිටින බවත් ඒ සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල වල සිසුන්ගෙන් අර්ධ වශයෙන් මුදල් අයකරමින් සිටින බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

ඊයේ (12) මරදාන CSR ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා මේ බව අනාවරණය කළේය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේ කරුණු දැක්වූහ.

2011වසරේ උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් මේ දිනවල විශ්වවිද්‍යාල වලට බඳවා ගැනීම් සිදුකරන අතර මේ වසරේදී මෙතෙක් අයනොකල ගාස්තු සිසුන්ගෙන් අයකරමින් සිටී.

උදාහරණ ලෙස

සබරගමුව විශ්වවිද්‍යාලය ලියාපදිංචි ගාස්තු වැඩිවීම - රු 950සිට රු 2600දක්වා

මේ අනුව සබරගමුව විශ්වවිද්‍යාලය මේ වර්ෂය පවත්වාගෙන යාමට අවශ්‍ය පුනරාවර්ථන වියදම් සිසුන්ගෙන් අයකරගන්නා බව සඳහන් කළ ඔහු නවක ශිෂ්‍යයන්ගෙන් පමණක් රු 53ලක්ෂයක් විශ්වවිද්‍යාලය උපයාගෙන ඇති බව දැක්වීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලියාපදිංචි ගාස්තු වැඩිවීම - රු 250සිට රු 500දක්වා

රුහුණ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ගාස්තු වැඩිවීම - රු 300සිට රු 600දක්වා

රුහුණ කෘෂිකර්ම පීඨය හා වෛද්‍ය පීඨය - නේවාසිකාගාර විදුලි හා ජල බිල් සිසුන්ට ගෙවීමට

නියම කර ඇති අතර මේවන විට කාමර වලට ජල හා විදුලි මීටර් සවිකර ඇත.

කොළඹ විශ්වවිද්‍යාලය - සමාසිකයකට පරිගණක භාවිතයට රු 500.

නේවාසිකාගාරයේ දුරකථන භාවිතා කරන්නේ නම් රු 100

ශ‍්‍රී පාලි මණ්ඩපයේ නේවාසිකාගාර ගාස්තු රු 3000

"මෙලෙස රාජ්‍ය විශ්වවිද්‍යාලවල ගාස්තු වසරින් වසර ඉහළ දමමින් ආණ්ඩුව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අර්ධ පෞද්ගලික විශ්වවිද්‍යාල බවට පත්කිරීමට උත්සහ කරනවා. මෙනිසා දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට විශ්වවිද්‍යාල වලට ඇතුළත් වීමට අවස්ථාව ක‍්‍රමයෙන් අඩුවෙනවා. මෙලෙස ගාස්තු වැඩිවුණත් මහපොළ හෝ ශිෂ්‍යාධාර වසර 5කින් පමණ වැඩිවී නැහැ. දැනටමත් සිසුන් බොහෝ දෙනෙක් විවිධ අර්ධ රැකියාවල නියෙලෙමිනුයි මෙම ගාස්තු ගෙවාගන්නේ. මේ අතර විභාග වලට ඉදිරිපත් වීම සඳහා පැමිණීම 80%බලනවා. මෙයින් සිදුවන්නේ සිසුන්ට රැකියාවක් කරලාවත් ජීවත් වීමට නොහැකිවීමයි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලසීමාව තුළ අධ්‍යයන මානසිකත්වයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වෙමින් ශිෂ්‍යයන්ට රැකියාවන් කරමින් ඉගෙනීමට සිදුවීම අ.වි.ශ.බ.ම ලෙස අපි කොහොමටවත් අනුමත කරන්නේ නෑ."

ඒ වගේම මෙවර සිසුන් 2500ක් වැඩිපුර විශ්වවිද්‍යාල වලට බඳවාගන්න බවට ආණ්ඩුව පාරම්බෑ නමුත් බරපතල ලෙස බඳවාගැනීම් කප්පාදුකර ඇති බවත් සමහර විශ්වවිද්‍යාල වල 40%ක් පමණ පුරප්පාඩු ඇති බවත් ඔහු සදහන් කර සිටියා

පුරප්පාඩු ප‍්‍රමාණය

සබරගමුව විශ්වවිද්‍යාලය

සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය - 53%

ව්‍යවහාරික විද්‍යා පීඨය - 74%

භූ විඥාපන පීඨය - 52%

කළමණාකරණ පීඨය - 11%ව්‍යවහාරික විද්‍යාපීඨයේ පරිගණක විද්‍යා හා ක‍්‍රීඩා කළමණාකරණ උපාධිය යන විෂයන් 2ට ප‍්‍රායෝගික පරීක්ෂණ පවත්වා අවසන් වන අතර නැවත කිසිවකුත් බඳවා ගන්නේ නැහැ.

ක‍්‍රීඩා කළමණාකරණ උපාධිය සඳහා වෙනත් වසර වලදී සිසුන් 155බඳවා ගත් අතර මෙවර එම විෂය සඳහා ඇතුළත් කර ගෙන ඇත්තේ සිසුන් 33දෙනෙකි.

පරිගණක විද්‍යා උපාධිය සඳහා සිසුන් 105ක් ගත යුතුයි. නමුත් බඳවාගෙන ඇත්තේ සිසුන් 39ක් පමණයි.

භූ විඥාපන පීඨයට සිසුන් 102ක් සඳහා ඉඩ ප‍්‍රස්තා ඇති අතර මෙවර බඳවාගෙන ඇත්තේ 52ක් පමණි.

රජරට විශ්වවිද්‍යාලය

රජරට විශ්වවිද්‍යාලය කළමණාකරණ පීඨය සඳහා සිසුන් 395ක් ගත යුතුයි. නමුත් බඳවාගෙන ඇත්තේ සිසුන් 309ක් පමණයි.

රජරට කෘෂිකර්ම විද්‍ය පීඨය සඳහා සිසුන් 155ක් ගත යුතුයි. නමුත් බඳවාගෙන ඇත්තේ සිසුන් 58ක් පමණයි.

රුහුණ විශ්වවිද්‍යාලය

රුහුණ විද්‍යා පීඨය සඳහා සිසුන් 402ක් ගත යුතුයි. නමුත් බඳවාගෙන ඇත්තේ සිසුන් භාගයකටත් අඩුවෙන්.

රුහුණ ධීවර හා සාගර සහ තාක්ෂණ විද්‍යා පීඨය සඳහා සිසුන් 93ක් ගත යුතුයි. නමුත් බඳවාගෙන ඇත්තේ සිසුන් 32ක් පමණයි.

වයඹ විශ්වවිද්‍යාලය

වයඹ ව්‍යවහාරික විද්‍යා පීඨය සඳහා සිසුන් 200ක් ගත යුතුයි. නමුත් බඳවාගෙන ඇත්තේ සිසුන් 60ක් පමණයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය

පේරාදෙණිය කළමණාකරණ පාඨමාලාව ගොඩනැගිල්ලක් නොමැති කමෙන් මෙම වසරේ සිට නවතා දැමුණා.

පේරාදෙණිය කෘෂිකර්ම පීඨයේ සත්ව පාලන හා මත්ස්‍ය විද්‍යා පාඨමාලාවට ගිය වසරේ සිසුන් 150ක් බඳවා ගත් නමුත් මෙවර 50ක් දක්වා අඩුකර තිබෙනවා.

"මේවා ගැන විමසුවහම පීඨ පරිපාලනය කියන්නේ බඳවා ගන්න බැහැ මුදල් ප‍්‍රතිපාදන නැහැ කියලා. විශ්වවිද්‍යාල පරිපාලන කොමිෂන් සභාව කියන්නේ ලබන වසරෙදි මේ පුරප්පාඩු වෙනුවෙනුත් බඳවා ගන්නවා කියලයි. නමුත් අපි අහනවා මෙවර අසාධාරණයට ලක්වු සිසුන්ට ලබන වර්ෂයේදී සාධාරණය ඉටුවෙන්නේ කොහොමද කියලා.

මෙලෙස විශ්වවිද්‍යාල වල ඉඩකඩ තිබියදිත් බඳවා ගැනීම් නොකර ජනාධිපතිතුමා පසුගිය දවසක කිව්වා ‘‘උසස් පෙළ A 3ක් අරගෙනත් විශ්වවිද්‍යාල යන්න බැරි සිසුන්ට ණයක් දීලා හරි පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යන්න කියලා’’. එස් බී මහත්තය ‘‘කියනවා වැඩිපුර සිසුන් 2500ක් ගන්න කියන අධිකරණ තීන්දුව ශිරාණි නෝනගෙ පිස්සුවක් කියලා’’. නමුත් අපිට තියෙන ප‍්‍රශ්නය තමයි වැඩිපුර සිසුන් ගැනීම කෙසේවෙතත් තිබෙන පුරප්පාඩු වත් පුරවන් නැත්තේ ඇයි කියන එක. විශ්වවිද්‍යාල වලට සිසුන් බඳවා ගැනීමට මුදල් නොමැති ආණ්ඩුවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය පුරා CCTVකැමරා පද්ධතියක් සවිකරන්න කෝටි 4ක මුදලක් හා නව ආරක්ෂක නිලධාරීන් බඳවා ගන්න මුදල් තිබෙනවා. අනෙක් විශ්වවිද්‍යාල වලටත් කෝටි ගණන් මුදල් වැය කරමින් කැමරා උපකරණ සවිකර තිබෙනවා. ආණ්ඩුවේ නිල ප‍්‍රතිපත්තිය අධ්‍යාපනය විකුණන එක. ශිෂ්‍යයො ඒකට විරුද්ධව හඬ නඟන නිසා ශිෂ්‍යයන්ව මර්දනය කිරීම වෙනුවෙන් වියදම් කරන්න මුදල් ආණ්ඩුවට තියෙනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපි රජයට අවධාරණය කර සිටිනවා සියලූ ශිෂ්‍යයො පාරට බහින්න කළින් අධ්‍යාපන සංහාරය නවත්වා සුබසාධන පහසුකම් වැඩිකර බඳවා ගැනීම් වැඩිකරන්න කියලා ඒ වගේම ශිෂ්‍ය මර්දනය නවත්වන්න කියලා. අපි ජනතාවට ආරාධනා කරනවා අධ්‍යාපන සංහාරය නවත්වන්න අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අප කරන අරගලයත් එක්ක දැනුවත්ව එකතු වන්න කියලා."

4 comments:

පිස්සු නොකර ඉන්නවා හලෝ රැවුල වවාගත්ත බෝඩ් උස්සගෙන කැම්පස් එකේ ඉගෙන ගන්න එවුටත් වලකපන තමුන්ලා කොහොමද කන්නන්ගර දරුවෝ වෙන්නේ...

හැබැයි මචන් උඹ වගේ කොන්ද පනනැති හත්තිලව් ඉස්සරත් හිටියනම් අද වෙනකොට රාගම වෛද්‍ය පීඨයක් නෑ .ඒ වෙනුවට එතන පෞද්ගලික විශ්වවිද්‍යාලයක් තියෙයි.හොදවෙලාවට ඒකාලෙ කොන්ද පනතියන මිනිස්සු ඉදල තියනව. ඒකනිසා නොදන්න හත්තිලව්කතා නොකර හිටපන් යකෝ...

බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා මහතා අපරාදේ මහතා කියන වචනේ....
කැදවුම් කරුගෙන්ම පුලුවනි සටන ගැන කියන්න. ඉස්සර වෙලා බලනවා සංජිව බණ්ඩාර තමන්ගේ ඩිග්‍රිය ගන්න බැරුව දැන් අවුරුදු කියක් කාලකන්නි වෙනවද..

අහිංසක දෙම්වි‍පියෝ දෙන සල්ලි නාස්ති කර කර ඉන්න ර‍ටටත් වැඩක්නැති හදපු දෙමව්පියන්ටත් වැඩක් නැති එවුන් වගේ ඉන්නේ නැතිව කැම්පස් ගියානම් තමන්ගේ වැඩේ කරගෙන ආවම ඉවරයි..

මොනවද මුන්ට වෙන්නේ සා.පෙල/ උ.පෙල හොදට ඉන්නවා කැම්පස් ගියාම ඇගට එනවා අරගල කරන්න..

අනේ මන්ද සහෝදරයා ඔයත් දැන් කැගහයි එත් තව අවුරුදු 05ක් විතර ගිහින් කරුමෙට(මොකද කැම්පස් ගිහින් ඉගෙන ගත්තේ නැ‍.. නේ. ඒ නිසා..) වගේ හොද ජොබ් එකක් ලැබිලා කසාදයක් ‍එහෙම කරගෙන ඉන්නකොට හිතෙයි අපි මොනතරම් කැම්පස් එකේදි මෝඩ වැඩ කලාද කියලා...

බලපන් 2011 උසස්පෙල කරපු උන් දිහාවත් .උන් උන්ට උන අසාදාරනයට විරුද්දව පාරට බැහැල සටන් කරේ නැත්තන් නඩු දැම්මෙ නැත්තන් .උන් තාම ගෙදර .උන් සටන් කරල උන්ගේ අයිතිය දිනාගත්ත. ඒකනිසා කැමස් එකට වැඩිපුර 5000ක් ගන්න වුනේ .නැතුව අපේ ආඩම්බරකාර තාත්ත වත් ඒස්බි වත් ඒව බන්දේසියක තියල ගෙනත් දුන්නෙ නෑ.

ඇත්ත සහෝදරය උඹවගේ ආත්මාර්තකාමියොත් මේ සමාජෙ ඉන්න ඕන .නැත්තන් සමාජෙ සමබර නෑ. හොද ජොබ් එකක් ලැබිලා කසාදයක් ‍එහෙම කරගෙන ඉන්නකොට පට්ට ආතල් තමයි.හැබැයි තමන් නැග්ග ඉනිමගට පයින් ගහන්න එපා. කාටවත් ගහන්න දෙන්නත් ඒපා.

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...