Thursday, April 24, 2014

සමසෞඛ්‍ය උපාධිය කප්පාදු කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි

සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ උපාධි කාලසීමාව කප්පාදු කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් බවත්, සමසෞඛ්‍ය විද්‍යාපීඨ සිසු ප්‍රශ්නය ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පමණක් බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය. මඩකලපුව හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල එම තත්ත්වය නොමැති බවද ඒ මහතා පැවසීය. උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඒ බව ප්‍රකාශ කර සිටියේ විශ්වවිද්‍යාල සිසුන් හත්සිය එකොළොස් දෙනෙකුට මහපොළ ශිෂ්‍යත්ව ආධාර මුදල් ලබාදීම සඳහා උඩරට කලා සංගම් ශාලාවේදී පැවති උත්සව සභාව අවසානයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමසෞඛ්‍ය විද්‍යා...

Saturday, April 5, 2014

වෛද්‍ය මා‍ෆියාව හා සම සෞඛ්‍ය ප්‍රශ්නය

පේරාදෙණිය හා රුහුණ සරසවි වල සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන් දැන් මාස 2 කටත් අධික කාලයක් තිස්සේ ගලහ මං සන්ධියේත්, ගාලු නගරයේත් අඛණ්ඩ සත්‍යග්‍රහයක් පවත්වමින් සිටිති. මෙම සත්‍යග්‍රහය ගැන අදාල කිසිම බලධාරියෙකුගේ අවධානය යොමුව ඇති බවක් නොපෙනේ.කාලයත් සමග සිසුන් උනන්දුව හීන වී සත්‍යග්‍රහය නවතා ආපසු දේශනවලට සහභාගි වනු ඇතැයි බලධාරින් සිතා සිටින බවක් ඔවුන්ගේ කියුම් කෙරුම් වලින් පෙනේ. මෙම වර්ජක සිසුන් ඉල්ලා සිටින්නේ කුමක්ද? 2006 දී මෙම සම සෞඛ්‍ය විද්‍යා පීඨ ආරම්භ කරන විට වසර 4ක්ව තිබී පසුව වසර 3කට කපාදු කරන ලද පාඨමාලා කාලය නැවත වසර හතර දක්වා දිගු කර දෙන ලෙස ඔව්හු ඉල්ලා සිටිති. ආරම්භයේදී වසර 4කට සැලසුම් කර සිසු කණ්ඩායම් කිහිපයක්ම උපාධිය ලබාගන්නා...

Monday, March 24, 2014

අරගල කරන සිසුවන් නොම වෙද අපගෙ දරුවන්!

ආශ්චර්යයේ වාගාලාප නහුතයකින් රටම වැසෙමින් පවතින මොහොතක විශ්වවිද්‍යාල සිසුහු දහස්‌ සංඛ්‍යාත පිරිසක්‌ මහමගට බැස සිටිති. ක්‍ෂිතිජයෙන් එපිට ලෝකය දකින ශිෂ්‍යයකු බිහි කිරීමේ තේමා පාඨය මතින් ගමන් කරන උසස්‌ අධ්‍යාපන බලධාරීන්ට මේ මහමගට බැස සිටින ශිෂ්‍ය ප්‍රජාවේ අරමුණ දේශපාලන වර්ණනාලේපයකින් වැසියහැකි යෑයි නොසිතමු. රජරට විශ්වවිද්‍යාලයේ පවතින ශිෂ්‍ය මර්දනයට එරෙහිව හා ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සිසුන් විසින් ආරම්භ කරනු ලැබ ඇති සත්‍යග්‍රහය දින සියය පසු කළේ නොබෝදාය. සිසුන්ගේ සත්‍යග්‍රහයට පදනමක්‌ තිබේ. මේ වන විට එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසි හත් දෙනකු දඬුවමට ලක්‌ කර තිබේ. ඇතැම් සිසුන්ට දඬුවම් පමුණුවීමට හේතුව වශයෙන් දැක්‌වෙන්නේ එහි...

Friday, March 21, 2014

වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට විරුද්ධ අජිත් පමණයි

ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට අවශ්‍ය නීති සංශෝධනය කෙරෙන පනත් සංශෝධනය ඊයේ පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමට ලක් විය. එහිදී ඊට පක්ෂව ඡන්ද 15ක් හා විපක්ෂව එක් ඡන්දයක් ප්‍රකාශ විය. පනතට විරුද්ධව ඡන්දය භාවිත කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා පමණි. ශ්‍රී රංගා මහතා ඡන්දය දීමෙන් වැළකී සිටියේය. මෙම ඡන්ද විමසීමේ අනෙක් විශේෂත්වය වන්නේ පාර්ලිමේන්තුවේ ඝනපූර්ණය 20ක් වුවත් ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ සභාවේ සිට ඇත්තේ 17 දෙනකු පමණක් වීමයි. ඒ අනුව එය ඝනපූර්ණයක් නොමැතිව පනත් සංශෝධනයක් සම්මත කළ අවස්ථාවක් බවත් එය නීත්‍යනුකූල නොවන බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරය...

Pages 37« 123456 »