Thursday, November 15, 2012

වතුර නටන තුරු හැලියේ නටමුද?

"If you toss a live frog into a pot of boiling water, he’ll immediately jump out to escape the heat. But if you put that same frog in a pot of tepid water and increase the heat ever so slowly, he’ll never notice and he’ll end up boiled alive."

ඔබ ඉහත කියමන අසා තිබේද?

මෙයින් කියවෙන්නේ උතුරන වතුර බඳුනකට දමා,ඔබට මැඩියෙකු මැරීමට නොහැකි බවයි.ඌ ක්ෂණිකව ඉවතට පනිනු ඇත.ඔබට ඌ මැරීමට අවශ්‍යනම් කලයුත්තේ, මැඩියාව සීතල වතුර භාජනයක දමා ක්‍රමක්‍රමයෙන් රත්කිරීමයි.එවිට ඌට නොදැනීම ඌව මියයනු ඇත.

මදක් සිතා බලන්න.....

ඔබත් මමත් දිනවූ නිදහස් අධ්‍යාපනයට සිදුවෙමින් පවතින්නේත් සිදු කරමින් පවතින්නේත් මෙයම නොවේද?

අනාගත පරපුර සඳහා නිදහස් අධ්‍යාපනය දිවිහිමියෙන් රැකගත යුතු නොවේද?
තීරණය ඔබ සතුය.....

1 comments:

නිදහස් අධ්‍යාපනයේ එදා තිබූ වටිනාකම අද පෙනෙන්නට නොමැත. හෙවත් අද සිටිනා ගුරුවරුන්, වෛද්‍යවරුන්, නිලධරුවන් හැසිරෙන්නේ ඔවුන් නිදහස් අධ්‍යාපනය නොලැබූ සේය. ඔවුන් නිදහස් අධ්‍යාපනයෙන් පසු රැකියා ලබාගන්නේද රටට හිතකර අයුරින් නොවේ. වෘත්තීය අයිතිවාසිකම් කියා මහජනතාව නිරතුරු පීඩාවට පත් කරන්නෝ ඉන්නේ අප වැනි රටවලය. "නිදහස් අධ්‍යාපනය" නොලැබුවෝ අධ්‍යාපනයට වියදම් කළ ණය බරින් මිරිකී සිටින නිසාදෝ, ඔවුන් අප රටේ මෙන් මහජනතාව පීඩාවට පත් නොකරන්නෝය. නිදහස් අධ්‍යාපනය ලැබුවෝද විදෙස් ගතවන්නට ආශා කරන්නේ එවන් නිදහස් අධ්‍යාපනය නොලැබූ පරිසරයක 'සැප' විඳීමටය.

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...