Monday, May 19, 2014

කොටුව උසාවියෙන් පොලිසියට දොස්

උසාවි නියෝග කඩ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යෑමේ දී පොලිසියේ රාජකාරියට බාධා කළැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ විශ්ව විද්‍යාල සිසුහු නව දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් රුපියල් ලක්ෂයේ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබූහ.

තවත් සිසුන් හතර දෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය අධිකරණයට දැන්වීය.

විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා දැන්වූයේ පොලිසිය සිසුන්ට පහර දී ඇති බවයි. ඉතිරි සිසුන් සිව් දෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද නීතීඥවරයා කීවේය.

තමන් අවම බලය භාවිත කළ බව පොලිසිය මහේස්ත්‍රාත්ට කීවේය.

මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පැවසුවේ අවම බලය යනු ඇස් එළියට පනින තුරු පහර දීම නොවන බවයි. විශ්ව විද්‍යාල සිසුන් වැනි තරුණ පිරිසක් සමග කටයුතු කිරීමේ දී පොලිසිය ඔවුන්ගේ හැඟීම් තේරුම් ගෙන කටයුතු කළ යුතු බව ද මහේස්ත්‍රාත් කීවේය.

මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන් හතර දෙනා බැලීමට යෑමට නියමිතය.

1 comments:

පොලිසිය යනු උගත් හෝ ඉගෙනුම ලබමින් සිටින්නන් කෙරෙහි බද්ධ වෛරයෙන් පෙලෙන්නන් පිරිසකි. මන්ද රෝහල් කම්කරුවෙක් උවද අවම වශයෙන් සාමාන්‍ය පෙල හෝ අධ්‍යාපන සුදුසුකම් මත රැකියාවේ යෙදෙන්නන් වන අතර (රෝහල් කම්කරුවන් උපහාසයට ලක් කරනවා නෙවෙයි) පොලිසියේ උං එහෙමටවත් සුදුසුකම් ඇති අය නොවීමයි.

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...