Wednesday, September 12, 2012

විදුහල්පති "කර්නල්" පුහුණුව ඇරඹේ


විදුහල්පතිවරුන්ට "කර්නල්" නාමය ලබාදෙන ජාතික ශිෂ්‍ය භට බළකා පුහුණුව රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බළකා පුහුණු කඳවුරේ දී ඊයේ (11වැනිදා) ආරම්භ කෙරිණි.මෙම පුහුණුව සඳහා කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල විදුහල්පතිවරුන් හා විදුහල්පතිවරියන් විසිතුන් දෙනකු සහභාගිව සිටින අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුද පුහුණුවට එක්‌ව සිටියි. පුහුණු කාලය සතියක්‌ වන නමුත් රන්ටැඹේ යැමට සහ ඒමට ගතවන කාලය අනුව පුහුණුව දින පහකට සීමා වන බව විදුහල්පතිවරු පවසති. විදුහල්පතිවරු දස දෙනෙක්‌ සහ විදුහල්පතිවරියෝ දහතුන් දෙනෙක්‌ පුහුණුවට එක්‌ව සිටිති. මෙම පුහුණුවෙන් පසුව ඔවුන්ට "කර්නල්"නාමය හිමිවෙයි.

සමස්ථ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ බර සෘජුවම දෙමාපියන් මත පැටවීම ඉලක්කකරගනිමින් ක්‍රියාතමකවන වත්මන් වැඩසටහන කිසිදු බාධාවකින් තොරව සිදුකරගැනීට අවශ්‍ය කරන පසුබිම සකසාගැනීම මෙවැනි වැඩසටහන්වල අරමුණ බව ඉතා පැහැදිලිය. ඉතා දුශ්කර ප්‍රදේශවල මෙන්ම නාගරික ප‍්‍රදේශවල සේවයකරන ගුරුවරුන්ට ඇති එකම ගැටලුව කර්නල් තනතුරක් නොතිබීම බව ඕනෑමඅයකුට තේරුම්ගතහැකි කාරණාවකි. එවන් තත්වයක් තුල ක්‍රියාත්මක කරන මෙවැනි වැඩසටහන් වලින් වත්මන් රජය අපේක්ෂා කරන්නේ, පාසල් පද්ධතියද දේෂපාලනීකරණය කර තමන්ගේ ජනතා විරෝධී න්‍යායපත්‍ර පහසුවෙන් ක්‍රියාත්මක කරගැනීමට අවශ්‍ය පසුබිම සකසාගැනීම බව ඉතා පැහැදිලිය.
Source - IUSF

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...