Wednesday, September 19, 2012

UNP යැයි හංවඩු නොගසා සරසවි ඇදුරන් මගට බහින්න පෙර අර්බුදයට විසඳුම් ලබාදිය යුතුයි - එජාප මහලේකම්

Thissa attanayake
වෘත්තීය අරගලයක නිරතව සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එජාප සාමාජිකයන් ලෙස හංවඩු ගැසීම සාධාරණ නැතැයි එක්‌සත් ජාතික පක්‌ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවැසීය. ඔවුන්ගෙන් බහුතරයක්‌ පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ජයග්‍රහණයට උරදුන් බවද තිස්‌ස අත්තනායක මහතා කීවේය.

කොළඹ පිහිටි විපක්‌ෂ නායක කාර්යාලයේ ඊයේ (18 වැනිදා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ තිස්‌ස අත්තනායක මහතා-


විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 4000 ක්‌ වැඩ වර්ජනයේ නිරතව සිටිනවා. විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු නතර වෙලා. ආණ්‌ඩුව මෙය සැහැල්ලුවෙන් සිතන්නේ. යථාර්ථය තේරුම් ගෙන මෙය විස¹ගත යුතුයි. විවිධ අමාත්‍යවරු සමග විශ්වවිද්‍යාල වෘත්තිය සමිති සාකච්ඡා කරනවා විතරයි. විසඳුමක්‌ නැහැ. අද ආචාර්යවරුන් පාරට බහින්නයි ඉන්නේ. ඔවුන්ට සහාය දෙන්න විශාල පිරිසක්‌ බලා ඉන්නවා. ඔවුන් පාරට බහිනකම් බලා නොසිට වහාම විසඳුමක්‌ ලබාදීමට රජය කටයුතු කළ යුතුයි.

විශ්වවිද්‍යාල වසා දැමීමෙන් ආණ්‌ඩුවට පාඩුවක්‌ නැහැ. එහි පාඩුව සිසුන්ටයි. ආණ්‌ඩුව විශ්වවිද්‍යාල අකර්මණ්‍ය නොකර සාධාරණ ඉල්ලීම් ඉටු කිරීමට මැදිහත් විය යුතුයි. ඒ සඳහා සුබවාදීව සාකච්ඡා පැවැත්විය යුතුයි.

මේ වන විට රජයේ විශ්‍රාමිකයනුත් බරපතළ අර්බුදවලට මුහුණ දී තිබෙනවා. ඔවුන් දීර්ඝ කාලයක්‌ රටට සේවයක්‌ කළා. විශ්‍රාමිකයන්ට දෙවිදියකට සැලකීම සාධාරණ නැහැ. විශ්‍රාමික විදුහල්පතිවරුන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාව වහා ඉවත් කළ යුතුයි. 2005 මහින්ද චින්තනයෙන් පොරොන්දු වුණා වැටුප් විෂමතාව ඉවත් කරන බවට. නමුත් මෙතෙක්‌ එම පොරොන්දුව ඉටු කොට නැහැ.

රාජ්‍ය අංශයේ සෑම තැනකම ගැටලු තිබෙනවා. ඔවුන්ගේ වැටුප් අද පවතින ජීවන බරට ප්‍රමාණවත් නැහැ. ඔවුන්ට සාධාරණය ඉටුකිරීමට අවශ්‍යයි. රජය වහාම මේ සඳහා මැදිහත් විය යුතුයි. ඉදිරි අයවැයෙන් වත් විශ්‍රාම වැටුප් විෂමතාව ඉවත් කිරීමට පියවරගන්න.

1 comments:

අධාපනය විකුනන්න පටන්ගත්තේ ඔයාලාගෙම මහ උදවිය නේද? දැන් මෙතන පොරටෝක් දෙනව වැලේ වැල් නැතිඋනහම.... මේවට ඉතින් අපට දෙකොනෙන්ම හිනා......

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...