Sunday, September 23, 2012

මේ නිදිගැට හැර අවදි විය යුතු කාලයයි.!

ඉඩි අමීන් මැරුණේ කොහොමදැයි ඔබ දනී , ගඩාෆි මැරුණේ කොහොමදැයි ඔබ දනී , හොස්නි මුබාරක්ට සිදු වුනේ මොකද්දැයි ඔබ දනී , හිට්ලර්ට හා මුසොලනීට වුන දේද ඔබ නොදන්නවා විය නොහැක....
නෙල්සන් මැන්ඩෙලා , විලදිමීර් ඉලීච් ලෙනින් , ඒබ්‍රහම් ලින්කන් , ජවහර්ලාල් නේරු , හට හිමි තැනද ඔබ දනී නම් අසන්නට ප්‍රශ්නයක් ඇත මහින්ද මාමා ගෙන් .......

""දෙසීයකට වැඩි උපදේශකයන් (පිල්ලෙයාන් ඇතුළුව ) පිරිසක් ,

අධ්‍යාපනය සම්බන්දව ඇමතිවරු , උපදේශක ඇමතිවරු , සම්බන්ධීකරණ මන්ත්‍රීවරු ඇතුළු 8 දෙනෙක් ඔබට සිටී . එත් අධ්‍යාපනය හා රට ඉවරය. අරාබි වසන්තය උදාවුයේ වඩේ කඩයකට රජයේ මැරයෝ චන්ඩි පාට් දැමීම නිසා ඇතිවූ අසාධාරණයට එරෙහි පිබිදීමෙනි . ජනතාව අද ජොන්ස්ටන්ගේ කුඩා නීතියෙන්ද , රොෂේන් චානක බිලිගත් අන්දමේ හොර පනත් වලින්ද , බදු මිලෙන්ද , බදු වලින්ද , ජාල - විදුලි බිල් වලින්ද හෙම්බත්ව සිටී ...
එරෙහි මත දරන ෆෙඩ්රිකා ජෑන්ස් දොට්ට දමා ඇත , සංජීව බණ්ඩාර හිර කර ඇත . නිර්මාල් දෙවසිරිට මරණ තර්ජන කර ඇත , සරත් ෆොන්සේකාගේ අයිතිවාසිකම් උදුරාගෙන ඇත , ජනතාව කබලෙන් ලිපට දමා ඇත . ඔබ ව්‍යවස්තාව සංශෝදනය කරගෙන ඕනා තරම් කල් බලයේ ඉදීමට මාන බලති . අධිකරණ සේවා කොමිෂමට තර්ජනය කරති . අගවිනිසුරුට අනතුරු අගවති . දිවි නැගුම කෙටුම්පත තුලින් සමුර්ධිය මුදල් කොල්ලකෑමට සැරසෙති. ඒ අතර කුඩා දරුවන් වඩාගෙන ඉඹ ,කොනිත්තා අයි ටී එන් එකේ 'විමසුමෙන්' මහින්ද අබේසුන්දරලා ලවා මඩ ද හෝදා ගනිති ------------------
ජනතාව 20 -20 ක්‍රිකට් බලා ස්වප්නවල ගිලී කොට්ටය බදාගෙන නිදියති.
මේ නිදිගැට හැර අවදි විය යුතු කාලයයි.!!!!!!!!!!!!!!!

1 comments:

ඇත්ත කොල්ලනේ...එල..

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...