Sunday, September 23, 2012

ආචාර්ය-සිසු අරගලවලට පෙ.ස.ප. සහය

අධ්‍යාපන අයිතිය රැකගැනීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හෙට ගාල්ලෙන් සහ නුවර සිට ආරම්භ කරන පාගමන්වලට සිය සහයෝගය ලබා දෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. ඒ අනුව තම පක්ෂය ඊට සමගාමීව ක්‍රියාමාර්ග රාශියක් සංවිධානය කළ බව නිවේදනයක් නිකුත් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලය පවසයි.

එම නිවේදනය මෙසේය.

කාලයක් තිස්සේ ලංකාවේ පාලන බලය හෙබ වූ පක්ෂ විසින් අනුගමනය කරනු ලැබූ නව ලිබරල් ධනවාදී සමාජ-ආර්ථික ප‍්‍රතිපත්තිය මත පදනම්ව සිදු කළ අධ්‍යාපන සංහාරය මේ වන විට බරපතළ අර්බුදයක් දක්වා වර්ධනය වී ඇත. මේ වසරේ විශ්වවිද්‍යාල විවෘතව පැවතියේ මාස දෙකක පමණ කාලයක් වන අතර, විභාග ප‍්‍රතිඵල අක‍්‍රමිකතා, විභාග ප‍්‍රශ්න පත‍්‍ර දෝෂ ආදී හේතු මත පාසල් අධ්‍යාපනයේද බරපතළ බිඳ වැටීමක් සිදුව ඇත. මෙම අර්බුද පැන නැගී ඇත්තේ ප‍්‍රතිපාදන කප්පාදුව, ගුරු හිඟය, පාසල් වැසීම, කාර්මික විද්‍යාල බිඳ දැමීම ආදී කාලයක් තිස්සේ පවතින කප්පාදුවට අමතරවය. අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමත්, රජය අධ්‍යාපනයේ වගකීමෙන් ඉවත් වී සමාජ ස්ථර අධ්‍යාපනයෙන් පිටමං කිරීමත් රජයේ නිල ප‍්‍රතිපත්තිය බවට පත්ව ඇත. වත්මන් අර්බුදයේ සැබෑ මූලය එම ප‍්‍රතිපත්තිය වන අතර රාජපක්ෂ ආණ්ඩුව විසින් එය අලුත් වටයකින් වර්ධනය කර ඇත.

අධ්‍යාපන අයිතිය රැක ගැනීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පාසල් ගුරුවරුන්, අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වෘත්තිකයින්, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් හා ශිෂ්‍යයින් අරගල බිමට පිවිස ඇත්තේ මෙම පසුබිම තුළය. සැප්තැම්බර් 24වැනිදා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගාල්ලේ සිටත් ශිෂ්‍ය ව්‍යාපාරය මහනුවර සිටත් කොළඹට මහා පා ගමන් දෙකක් සංවිධානය කර තිබේ. එම අරගලවලට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහාය ප‍්‍රකාශ කරන අතර එම සහාය පළ කිරීම වෙනුවෙන් ක‍්‍රියාමාර්ග ගණනාවක් සැලසුම් කර තිබේ.

සැප්තැම්බර් 24- රට පුරා ප‍්‍රධාන නගරවල අධ්‍යාපනයේ අර්බුදය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා අත් පත‍්‍රිකාවක් බෙදීම

සැප්තැම්බර් 25 - අධ්‍යාපන අයිතිය රැක ගැනීම පිළිබඳ පෝස්ටර් ව්‍යාපාරය

සැප්තැම්බර් 27 - අධ්‍යාපන කප්පාදුවට එරෙහි උද්ඝෝෂණය

සැප්තැම්බර් 24සිට - ගම් මට්ටමෙන් වත්මන් අර්බුදය පිළිබඳව ජනතාව දැනුවත් කෙරෙන ජනහමු හා ගෘහස්ත සාකච්ඡා රට පුරා පැවැත්වීම

අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ මතුවී ඇති අරගලවල යම් සාපේක්ෂ සීමාකාරීත්වයන් පැවතුනත් මෙම අරගල ආරක්ෂා කිරීමටත්, ඒවා පවතින සීමාවන් ඉක්මවා සියලු පුරවැසියන්ට අධ්‍යාපනය සඳහා ඇති සම අයිතිය දිනා ගැනීමේ අරගලයක් දක්වා පුළුල් කිරීමටත් ජනතාව පෙරට පැමිණිය යුතු යැයි අපි විශ්වාස කරමු. මේ මොහොතේ අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් ගොඩනැගෙන ජනතා අරගල මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයන් පැරදවිය හැක්කේත්, එම අරගල අධ්‍යාපන අයිතිය පිළිබඳ ක්ෂේත‍්‍රයේ සමාජයට දිගු කාලීන ජයග‍්‍රහණ ගෙන එන මට්ටමට පුළුල් කිරීම වෙනුවට සිය පටු න්‍යාය පත‍්‍රවලට කළමනාකරණය කිරීමට විවිධ බලවේග දරන උත්සාහයන් පැරදවිය හැක්කේත් ජනතාවගේ සක‍්‍රිය හා විචාරශීලි ක‍්‍රියාකාරීත්වයකින් පමණි. ඒ සඳහා පෙරට එන මෙන් සමස්ත ලාංකීය ජනතාවට ආරාධනා කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂය, අධ්‍යාපනයේ අර්බුදයට සැබෑ විසඳුම් සොයා ගැනීම සඳහා සමාජ-ආර්ථික-දේශපාලන ප‍්‍රතිපත්තියේ පරිවර්තනයක් ඉලක්ක කර සිය අරගල පුළුල් කරන මෙන් සටන්කාමී බලවේගයන්ගෙන් ඉල්ලා සිටී.

1 comments:

ඇත්තටම FUTA අරගලය ජයග්ර හන නැතිව අවසන් වෙනවනම් ඒකට මේ කුරුටුගාමීනුත් වගකියන්න ඕන.
1.බහුතර සිසුන් ආචාර්යවරුන්ගේ අරගලයට උදව්කරන්න කැමැත්තෙන් ඉද්දි අන්තරේ ඉහල නායකත්වයෙ ඉන්න මෙයාලගෙ ඉත්තො දෙතුන් දෙනා පාවිච්චි කරල UNP එක එනවනම් එන්නෙ නෑ කියල බොරු තර්ක දමල ශිෂ්යයව්යාැපරය මේ අරගලයෙන් ඈත් කලා.(මෙයාලගෙ ලොක්කො අතුරුදහන් කියල රවීකරුනානායකල එක්ක එකට මාධ්ය් සාකච්චා තියන එක අවුලක් නෑ, ජපුරෙ අර්බුදය වෙලාවෙ සිරිකොතට ගිහිල්ල සකච්චාකරන කොට අවුලකුත් නෑ.)
2.රාජ්ය අධ්යාරපනය රැකගැනීමෙන් විතරක් සෑහීමකට පත්වෙන්න බෑකියපු මෙයාල දැන් කියනව පෞද්ගලික විශ්වවිද්යාරල වල ගාස්තු අඩුකරන්නලු(තිබුනට කමක් නැද්ද? )
3. එතනින් නවතින්නෙ නැතුව මෙයාලගෙ ගෝලයො දමල මාධ්යන සාකච්චා තියල ආන්ඩුවටත් දැනුම් දුන්නා ශිෂ්යදයො මේ අරගලයත් එක්ක නෑ කියල(ඊට පස්සෙ පියසිරි විජේනායක සහ SB TV.එකේ අන්තරේ දරුවන්ට(නායකයින්ට ) ස්තුති කලා අචාර්යා වරුන්ගෙ අරගලයට සහය දෙන්නෙ නෑ කියල.)
3.ශි.ව්යාඅපාරයට මුලු බරින්ම මෙම අරගලයට සම්බන්ධවීමට ඉඩ දුනිනම් තත්වය වෙනස් වීමටද ඉඩ තිබුනි.
අද්යාපනයට,සෞඛ්ය්ට මුදල් වැඩිකරන්න ඕන කියන එක, රාජ්ය සුභසාධන වැඩි කරන්න් ඕන කියන එක තනි වුර්තීය සමිතියකට ජයග්රිහණය කරන්න පුලුවන් එකක් නෙවෙයි.ඒකට සමාජ අරගලයක් අවශ්යකයි.
වි,වි ආචාර්ය වරු වගේ පිරිසක් මෙච්චර දුරක් ප්ර ගතිශීලී සටන් පාඨ යටතේ මේ වගේ අරගලයක හිටපු එක ගැන අපි ඔවුන්ට ආචාර කලයුතුයි

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...