Wednesday, September 26, 2012

සංජීව සහ මාලක අප ගෙන යන්නේ කොතැනකටද?


අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර ඊයේ කොළඹ කොටුවේ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න විසින් ඇප පිට මුදාහරින ලදී. අගෝස්තු 29 වෙනිදා කොළඹ කොටුවේ පැවති නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් පැවති රැලියේදී පොලිස් භටයින්ට පහර දීම මොහුට විරුද්ධව තිබු චෝදනාව විය. සංජීව අත් අඩංගුවට ගනු ලැබුයේ මෙම විරෝධතා රැලිය අවසන්වී බස් රථයක තම නිවෙස බලා යමින් සිටියදී සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් විසිනි. නමුත් මීට පෙර ඔහු අත් අඩංගුවට ගත අවස්ථාවේදී පොලිසිය කියාසිටියේ ඔහු කොටුවේ දුම්රිය පල ඉදිරි පස උසාවිය විසින් උද්ගෝෂණ කිරීම තහනම් කොට තිබු ස්ථානයේ උද්ගොෂණයේ නිරතවී සිටි හෙයින් අත් අඩංගුවට ගත් බවකි. කෙසේ වුවද ශිෂ්‍යයින්ගේ ඉල්ලීම් මර්ධනය කිරීම සඳහා රජය
ගෙනයන වැඩපිළිවෙලේ ගිරයට, සංජීව අසුවුණු බව අපට පැහැදිලිය. හරිහැටි ගොනුකලහැකි චෝදනාවක් නොමැතිව කුඩුවක දින කිහිපයක් ගතකල සංජීව, අනාගත පරපුරටද, ජතියටද, අමතක වියහැකි පිළිම නෙලා නැති විරුවන් අතරට එක්වනු වැළකිය නොහැක. නමුත් බුද්ධි අංශයේ මේජර් වරයෙකුට රාත්‍රී සමාජ ශාලාවකදී පහර දී රෝහලේ දින ගණනක් ප්‍රතිකාර ගන්නට ඔහුට ඉඩ සලස්වා පොලිස් ඇසට වැලි ගසමින් දින කිහිපයක් සැඟවී සිටි, පසුව අත් අඩංගුවට ගත් මාලක සිල්වාට මෙම කොටුවේ මහේස්ත්‍රාත් අධිකරණයෙන්ම ඔහුව ඇප මත මුදාහැර, රට හැර යන්නට හැකි වෙන පරිදි ගමන් බලපත් ද මුදාහැර තිබීම අපරටේ නීතිය ක්‍රියාත්මක කරන මහේස්ත්‍රාත් වරුන්ගේ නීතිය ක්‍රියාත්මක කිරීමේ අක්‍රමිකතාව මොනවට පෙන්වා දෙයි. මෙයින් පෙන්වා දෙනුයේ රටට අවශ්‍ය, මාලකලා මිස රටවෙනුවෙන් දිවි පිදීමට වලිකන සංජීව ලා නොවන වගයි. දේශපාලකයින්, නීති සම්පාදකයින්, නීති ක්‍රියාවේ යොදවන්නන් යන මේ ගමනේ කෙලවර තවත් රුවන්ඩාවක් රටතුල බිහිකිරීම නොවේද?

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...