Saturday, September 22, 2012

නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් වෙනුවෙන් පෙළගැසෙමු...!!

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ඉතාමත්ම දැඩි ලෙස අර්බුදකාරී තත්වයකට පත්ව ඇති මෙම කාළ වකවානුව විශ්වවිද්‍යාල සිසුන් ලෙස අප හට ඉතාමත්ම තීරණාත්මක බව ඔබ අප සැම හොදාකාරව දන්නෙමු. මන්ද එක වසර ප්‍රාථමික අධ්‍යාපනයේ සිට මේ දක්වාම නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය වූ අප සැම අපට මේ දක්වා නිදහසේ අකුරු කිරීමට උපකාරී වූ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට එකාවන්ව පෙරට ආ යුතු කාළයයි මේ..

මෙම මස 24 දින සිට 28 යන දිනයන්හි ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල නියෝජනය වන ලෙස පේරාදෙනිය ගලහ මංසන්ධියේ සිට කොළඹ කොටුව දක්වා දැවැන්ත පා ගමනක් සංවිධානය කර ඇති අතර එහි දෙවන දවස එනම් සැම්තැම්බර් මස 25 වන දින මාවනැල්ල නගරයේ සිට අඹේපුස්ස මංසන්ධිය දක්වා වූ පා ගමන අප විශ්වවිද්‍යාලයේ මූලිකත්වයෙන් සිදු කිරීමට නියමිතය.කවදත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙනී සිටි සබරගමුව විශ්වවිද්‍යාල සිසුන් වන අපද නිදහස් අධ්‍යාපන සංහාරයට එරෙහිව සියලු දෙනා සමග එක්ව එකාවන්ව පෙළ ගැසෙමු..!!


0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...