Sunday, September 9, 2012

කිසිඳු බලවේගයකට අප යටත්වන්නේ නැහැ - FUTA

රටේ සමස්ත අධ්‍යපනය වෙනුවෙන් ගෙන යන මෙම අරගලය ජයග්‍රණයෙන් කෙලවර කනවා මිස කිසිසේත් යටත් වීමට සූදානම් නැතැයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවැසීය.

ඊයේ (7) කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවැසීය. තම සාධාරණ ඉල්ලීම් දිනා නොගෙන ආපසු හැරීමට හැකියාවක්‌ නැතැයි ද පිළිගත හැකි එකඟතාවකින් තොරව කිසිදු හේතුවක්‌ මත සිය වැඩවර්ජනය අත් නොහරින බව ඔහු එහිදී අවධාරණය කළේය.

සිය ඉල්ලීම්වලට විසඳුම් නොදෙන්නේ තමන්ගේ අභිමානයට ගැටලුවක්‌ වේ යෑයි ආණ්‌ඩුව සිතන නිසා විය හැකි බවත් තමන්ගේ හිසට උඩින් මැස්‌සෙක්‌ ඉගිළෙනවාටත් අකැමැති පිරිස්‌ ආණ්‌ඩුවේ සිටින බවත් කී සභාපතිවරයා ආචාර්යවරුන්ට වැටුප් නොමැතිව දිගු කාලයක්‌ වර්ජනයේ යෙදිය නොහැකිය යන උපකල්පනයත් විසඳුම් ලබා නොදීමට හේතුවක්‌ විය හැකි යෑයිද සඳහන් කළේය. තමන් මෙම අරගලය ආරම්භ කළේම ඒ සියලු කාරණා හොඳින් අවබෝධ කරගෙන යැයිද ඒ මහා වැඩිදුරටත් පැවසීය.


0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...