Wednesday, October 3, 2012

ආදරණීය මහින්ද මාමේ,

මම මේ ලියුම මහින්ද මාමට ලියන්නේ ඔත්තුවක් ලබා දීමතයි. අපේ අයියා ජෙප්පෙකි. මත ඒ බව හොදතෝම සුවර් ය. මගෙ ටොමියා පල්ල එයා දැන් හදන්නේ මහින්ද මාමත විරුද්දව ජාතියන්තල කුමන්තනයක් කොරන්නටය. ගමේ හැමෝම කියන්නේ අපේ අයියා ජෙප්පෙක් බවය.ඒ මොකෙක්ද කීල මම ඈව්වම අපේ ගමේ අය කීනව ඒ මහින්ද මාමත විරුද්ධ කට්ටියක්ලු.ඔය කැම්පොස් එකේ ඉන්න ඔක්කොම ඔය කීන ජෙප්පන්ත කඩේ යනවලු. ආන්න ඒ ගැන නම් මත පොදි සැකයක් තියෙනව මොකෝ ගෙදර ඉද්දි අම්ම මුත්ත කීවත් බඩුවක් ගේන්න කම්මැලි යියා ඔය ජෙප්පො කීවට කඩේ යයි ද?

ඔන්න මාමෙ මම ඔත්තුව දුන්න. එහෙනම් මාම ඔය කැම්පොස් වල ඉන්න ඔක්කොතම ගේම දෙන්න හොද ද? අනේ ඒ උනාත අපේ අයියට පොදි සමාවක් දෙන්න බැලිද? මොකෝ අයිය ඔය මොන පෙප්පෙක් උනත් කතිරෙ ගෑව්වෙ නම් මහින්ද මාමත කීල මම හොදතෝම දන්නව. මොකෝ එයා ඡන්දෙ කාලෙත් කැම්පොස් එකෙන් ගෙදල ආව දවස වල තාත්තියි යාලුවොයි එක්ක මහින්ද මාමත පෝස්තලුත් ගෑව්ව නෙ. තාත්ති නම් මහින්ද මාමත පණ ඇලල නෙ. අපේ ගෙදලත් බිත්තියෙ මහින්ද මාමගෙ පෝස්තලයක් ගාල තියෙන්නෙ. අයිය ඒ කාලෙ ගෙදෙත්ත එන යාලුවොත් එක්කත් කතා කලේ මහින්ද මාම ගැන මයි. ඒ කාලෙ නම් ඔය ජෙප්පෙක් බව කෝම වත් පෙනුනෙ නෑ.
අනික මහින්ද මාමෙ අපෙ අයිය තාත්තිත් එක්ක කීනව මම ආගෙන ඔය කැම්පොස් එකේ ඉන්න ඔක්කෝම ‍වගේ මහින්ද මාමට තමා ඡන්දෙ දෙන්නෙ කියල. අනේ අපෙ අයිය තාත්තිත නම් බොලු කීනව වෙන්න බෑ. අනිත් මත තීන පස්නෙ තමා ඔය ජෙප්පො ඔක්කොම කැම්පොස් යන්නෙ කෝමද කීන එක. ඒ කියන්නෙ ජෙප්පො කියන්නෙ ගොදක් මොලේ තීන කත්තියක් වෙන්න ඇති නේද? ඒත් මාමේ මත තීන පස්නේ අපෙ අම්මියි තාත්තියි මමයි ටොමියයි ඔක්කොම මහින්ද මාම‍ගෙ පැත්තත ඉන්න කොත අයිය විතරක් ජෙප්පෙක් උනේ කෝමද කියාය. අනිත් එක වෙන කොයේ වත් නැති ජෙප්පො ඔක්කෝම මේ කැම්පොස් එකත රිංගුවේ කෝමද? එතකොත මාමේ ඔය කැම්පොස් එකේ උගන්නන අයත් ඔක්කොම ජෙප්පො ද? අපේ තාත්තා නම් උදේ ඉදන් රෑ වෙනකල්ම බලන්නේ ජාතික සූප වාහිනියයි අයි තී එන් එකයි විතරයි. මොකෝ ඒ දෙකේ උදේ ඉදන් සෑ වෙන කල් ම යන්නේ මහින්ද මාමගෙ කෙලු වාව නේ. ඒ ව දකින කොත නම් වෙලාවකත හිතෙනව මහින්ද මාම මැදික් කාලයෙක් ද කීල. අනේ මාමේ එහෙවු මැදික් කාලයෙක් උන ඔයාතවත් බැලි උනාද අපේ අයියයි අනික් කැම්පොස් එකේ ඉන්න අයියලයි ජෙප්පො වෙන එක නවත්තන්න. ඒ නම් මාමෙ මම නවතිනෝ,

මීත විස්වාසී පොඩ්ඩා...........
ඒ නම් මාමෙ මම නවතිනෝ
මීත විස්වාසී පොඩ්ඩා..........

By @නිදහස් අධ්‍යාපනය උදෙසා.

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...