Friday, October 5, 2012

මොහොතක් සිතන්න...

සරසවි සිසුන් ලෙස අපටත්, ආචාර්ය වරුන්ටත්, අධ්‍යාපනය ලැබීම අයිතියක් වූ සමස්ත රටේම ජනයාටත් මුහුණ දීමට සිදුව ඇති අඳුරුම යුගයක් එළඹ ඇත. ඉතිහාසයේ වූ එවන් යුගවල මෙන්ම මෙම අසීමිත බලයෙන් උදම් වූ නරුම පාලකයින අපට ඉතිරි කර ඇත්තේ ක්‍රමයට එරෙහිව සටන් කිරීම පමණි. බුද්ධිමත් ප්‍රජාවක් ලෙස ඔබට සියලු කරුණු කාරනා හොදින්ම අවබෝධ වී ඇති බව සිතමු.

එහෙත් ඔබට උද්ඝෝෂණ වලට එන්න
ඉඩහදාගන්න තරම් පැහැදිලි කිරීමක් දෙමවුපියන්ට කල නොහැකිව ඇති. පෙත්සම් අත්සන් කරන්න, පාගමන් යන්න, සත්‍යග්‍රහ කරන්න එන්න බැරි තරම් සාධාරණ ප්‍රශ්න ඇති. ඒ බව අප හොදින්ම අවබෝධකරගෙන සිටිමු. නමුත් ඔබ නිතර සැරිසරන Facebook වෙබ් අඩවියේ මෙම සටන වෙනුවෙන් ඔබට ඉතා පහසුවෙන් කල හැකි නමුත් ඉතා වටිනා මෙහෙයක් තිබේ. මෙම සටනට සම්බන්ධ ඕනෑම දෙයක් share කිරීම like කිරීම මගින් සිදුවන දේ ඔබ නොසිතන තරම් වටිනා සහයෝගයක් වේ. එමගින් තව එක් සගයෙකුට හෝ තමන් දරන මතය පැහැදිලි කිරීමට හැකි වනවා යනු සටනේ ඉදිරි පිම්මකි.

ඉතින් ගෙදරින් හා පෞද්ගලික වශයෙන් ඇති සාධාරණ හේතු හේතුවෙන් සිසු සටන් වලට සහභාගී නොවන ඔබ නිතර කාලය කා දමන Facebook වැනි වෙබ් අඩවි හරහාවත් තම සහයෝගය පළකර නොසිටීම පිළිබඳව ඔබේ හර්දය සාක්ෂිය ප්‍රශ්න කරගත යුතු නොවේද? එවැනි දෙයක්වත් කල නොහැකිනම් ඔබ කරන්නේ කවුරුන් හෝ කෙසේ හෝ සටන් කර ජීවිතය පූජා කර හෝ තමන්ගේ ප්‍රශ්න වලටත් විසඳුමක් දිනා දෙනකම් ආත්මාර්ථකාමී හැගීමෙන් යුතුව බලාසිටීම නොවන බව ඔබට හිතට එකඟව කිව හැකිද???

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...