
එහිදී අදහස් දැක්වූ පේරාදෙණිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති බිනාල් මධුසංඛ ප‍්‍රකාශ කර සිටියේ 2009 වර්ෂයේ ආරම්භ කොට මේ දක්වා වසර තුනක කාලයක් තිස්සේ ගෙනයන මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ශ‍්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයට පිළිලයක් වී ඇති බවයි.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මුදල් මත පමණක් පදනම්ව ලක්ෂ 60 ක පමණ මුදලකට වෛද්‍ය උපාධිය විකුණමින් මේ රටේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය වනසන මාළඹේ හොර උපාධි කඩය වහාම අහෝසි කොට රාජ්‍ය වියදමෙන් හා දළ දේශිය නිෂ්පාදිතයෙන් සම්මත ප‍්‍රතිශත අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයට වෙන්කරන ලෙසයි. දිනෙන් දින අගාධයට යමින් පවතින වත්මන් විශ්ව විද්‍යාල ක්‍ෂෙත‍්‍රයට නියමිත භෞතික හා මානව සම්පත් ලබදී ස්ථාවර තත්ත්වයට ගෙනඒම යුගයේ අවශ්‍යතාවක් වී ඇති බවද සදහන් කෙරිණි.
වෛද්‍ය පීඨ්‍ය ශිෂ්‍ය ක‍්‍රියාකාරි කමිටුව ලෙස සමස්ථ වෛද්‍ය පීඨ 06 සහ රටේ බුද්ධිමත් ජන කොටස් සහභාගිත්වයෙන් දැවැන්ත ජන බලවේගයක් ඇති කරමින් මාළඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය, කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ වෛද්‍ය විද්‍යාලය ඇතුළු සමස්ථ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නුදුරු අනාගතයේදීම වසා දමා, මෙරට නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය ස්ථාපිත කරන බවද ප‍්‍රකාශ විණි.
1 comments:
balamu wahanahati, hooooooooo.........
Post a Comment
කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...