May day |
අප සතු සෑම වරප්‍රසාදයක්‌ම කිසියම් කාලයක, කිසියම් වකවානුවක කවර හෝ ජන කොටසක් විසින් කරන ලද වෘත්තීය සටන්වල ප්‍රතිඵලයක් ලෙස අප අමතක කළ යුතු නොවේ.
වරප්‍රසාද දිනා ගැනීමට සිදුකළ වෘත්තීය සටන් කෝටි සංඛ්‍යාත වැඩකරන ලෝක ජනතාව ජීවිත පරිත්‍යාගයෙන් ගෙනගිය සටන්වල ප්‍රතිඵලයක් වන අතර කම්කරුවන්ගේ දිනය වන මැයි දිනය බිහිවන්නේද එලෙසය. වැඩකරන ජනතාවගේ උරුමයක් වන මැයි දිනය මේ වන විට අවස්‌ථාවාදී දේශපාලනඥයින් විසින් සින්නක්‌කර අයිතියට පවරාගෙන භුක්‌ති විඳින බව අප සැමට ඇස් පනාපිට පෙනෙන්නට ඇත.
ඒ කෙසේ වෙතත් කම්කරුවන්ගේ උත්කෘෂ්ඨ සැමරුම් දිනයක් වන මැයි දිනය දේශපාලන පක්‍ෂවල නාඩගම් උළෙලක් විය යුතු නැති අතර එම දිනය බිහිවුණේ කෙසේද යන්න අප විමසා බලමු.
කාර්මික යුගයේ මුල් අවධියේදී (1760-1830) කම්කරුවන් ගත කළ ජීවිතය අතිශය ශෝචනීය එකක් විය. කර්මාන්ත හිමියන්ගේ අධික ලාභ ඉපැයීමේ අරමුණ නිසා කම්කරුවෝ දිනකට පැය පහළොවක පමණ කාලයක් වැඩකළ යුතුවූ අතර ඉන්න හිටින්න තැනක් හෝ නිසි ආහාරයක් ඔවුනට නොවීය.
මෙම තත්ත්වයෙන් මිදීමට බුද්ධිමත් කම්කරු නායකයන්ගේ මෙහෙවීම යටතේ වෘත්තීය සමිති මගින් සංවිධානය වූ කම්කරු ජනතාව උද්ඝෝෂණ කරන්නට වූහ. ඒ අනුව එංගලන්තය, ඇමරිකාව, ජර්මනිය,
ප්‍රංශය වැනි සෑම රටකම වෘත්තීය සමිති බිහිවන්නට විය.
වැඩ කිරීමට යහපත් තත්ත්වයක්, සරිලන වැටුපක් පැය අටක වැඩ දිනයක්, මිනිස් අයිතිවාසිකම් යන ප්‍රධාන ඉල්ලීම් මුල්කර ගනිමින් උද්ඝෝෂණ ඇති වන්නට විය.
වෘත්තීය සටන් තීව්‍රර වුවද පාලකයින් හා කර්මාන්ත හිමියන් එම සටන් අඩපණ කිරීමට නොයෙකුත් ක්‍රියාමාර්ග ගත් අතර මේ හේතුවෙන් 1884 දී රැස්‌වූ සංවිධානය වූ කම්කරුවන්ගේ සමිති සම්මේලනය 1886 මැයි පළමු වැනිදා සිට නිත්‍යානුකූලව වැඩකරන කාලය පැය අටක් බවට කම්කරුවන් විසින්ම සම්මත කර ගත යුතු බවට තීරණය කෙරිණි. ඒ සඳහා 1886 මැයි 01 වැනිදා මහා වැඩවර්ජනයක් කිරීමටද තීරණය විය.
ඒ අනුව 1886 මැයි 01 වැනි දින ඇමරිකා එක්‌සත් ජනපදයේද ප්‍රධාන කාර්මික නගරවල පැය අටක වැඩ කරන දවසක් ඉල්ලා උද්ඝෝෂණ දියත් විය.
මරණය සඳහා රට පුරා විසිරුණු කර්මාන්ත ශාල එකොළොස් දහසකට අධික සංඛ්‍යාවක කම්කරුවෝ ලක්‍ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් එක් වූහ.
වැඩ වර්ජනය ආරම්භයත් සමගම ඇමරිකා එක්‌සත් ජනපදයේ කම්කරුවන්ගේ උද්ඝෝෂණ ඒ පිළිබඳව වැඩි වන්නට විය. චිකාගෝ නුවර කර්මාන්ත ශාලා වැඩපළවල සේවා ඇන හිටිනි.
ඇමරිකානු ධනපති පන්තිය මෙම අරගලය පිළිබඳව දැඩි තැති ගැන්මට හා කණස්‌සල්ලට පත්වූ අතර එරට පුවත්පත් භයානක කොමියුනිස්‌ට් තර්ජනයක් පිළිබඳව අනතුරු ඇඟවීම් කරන්නට විය.
කම්කරු සටන්වල තිබූ උද්ෙHdගයක් තීව්‍රර බවත් නිසා චිකාගෝ නගර ප්‍රධානීන් සහ ධනපති පන්තිය කම්කරු සටන් ව්‍යාපාරය තහනම් කිරීමට සහ කඩාකප්පල් කිරීමට අර අඳිමින් සිටියහ. විශාල පොලිස් හා හමුදා නගරයට කැඳවීමට ඔවුන් කටයුතු කළ අතර කුලී හේවායින්ද ඒ අතර විය.
එහි කම්කරු සටන මෙහෙය වූ කම්කරු නායක ඇල්බට් පාර්සන්ස් සහ ඔහුගේ සහායක ඔගස්‌ටස් ස්‌පයස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් විය.
කම්කරු සටනට සහාය නොදුන් චිකාගෝ නුවර ප්‍රධාන සමාගමක් මැයි 03 වැනිදා සටනට සහාය දැක්‌වීමත් සමගම කම්කරු සටන වඩාත් තීව්‍රර වන්නට විය. මේ අතර වැඩ වර්ජනය කඩාකප්පල් කිරීමට පොලිස් රැකවරණ යටතේ යෙදූ කුලී හේවායන්ට විරුද්ධත්වය පළ කිරීම සඳහා කම්කරුවෝ රැස්‌වීමක් සංවිධානය කරන්නට වූහ. මෙම රැස්‌වීමේදී නිරායුද කම්කරුවන්ට පොලිසිය විසින් ජීව උණ්‌ඩ යොදා ගනිමින් වෙඩි ප්‍රහාර එල්ල කළ අතර එහිදී කම්කරුවන් සිවු දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල වූහ.
ඊළඟ දිනයේදී එනම් මැයි 04 වැනිදා පොලිසිය එම දුෂ්ඨ ක්‍රියා මාර්ගයට එරෙහිව විරුද්ධත්වය ප්‍රකාශ කිරීමේ රැස්‌වීමක් "හේ මාර්කට්" චතුරශ්‍රයේ පැවැත්වීමට කම්කරුවෝ තීරණය කළහ.
ඒ සඳහා පුරපතිවරයාගේ අනුමැතියද අවසරයද හිමිවිය. රැස්‌වීම පස්‌වරු 8.00 ට පමණ ආරම්භ කරමින් කම්කරු නායක ඇල්බට් පාර්සන්ඩ් අදහස් දැක්‌වීය. ඉන් අනතුරුව කම්කරු නායකයින් දෙදෙනකු වන ස්‌පයස් සහ µsල්ඩන් අදහස් දැක්‌වූ අතර ඒ වන විට වෙලාව රාත්‍රි 10.00 ට ආසන්න වෙමින් තිබිණි. දැඩි වර්ෂාව හේතුවෙන් රැස්‌වීම අවසන් කෙරුණු අතර රැස්‌වීමට එක්‌ව සිටි පුරපතිවරයා සහ පර්සන්ස් ඇතුළු කම්කරුවන් කොටසක් ඉන් ඉවත්ව ගොස් සිටියේය.
මේ අතරතුර කැප්ටන් බොන්µsල්ඩ් යටතේ පොලිස් නිලධාරීන් 2000 ට අධික පිරිසක් චතුරශ්‍රය තුළට ඇතුළු වන්නට විය. කැප්ටන් බොන්µSල්ඩ් ඉතිරිව සිටි කම්කරුවන්ට වහාම ඉන් ඉවත්වන ලෙස දන්වන ලදී. මෙහිදී කම්කරු නායකයකු වන ටී. µsල්ඩන් මෙම රැස්‌වීම සාමකාමී රැස්‌වීමක් බව කැප්ටන්වරයා වෙත දන්වන ලදී.
එම සාකච්ඡාව එසේ සිදුවද්දී යම් අයකු විසින් අත්බෝම්බ ප්‍රහාරයක් එයට එල්ල කළ අතර එය සටනක් ඇරඹුමට සංඥවක් බඳු විය. එම බෝම්බය එල්ල කළේ කවුරුන්ද යන්න අනාවරණය නොවුණු අතර ඔහු පොලිසිය විසින් කුලියට ගත් මැරවරයකු ලෙස සැලකේ.
මෙම බෝම්බ ප්‍රහාරයෙන් එක් අයකු මරු තුරුළට ගිය අතර පස් දෙනෙකුට තුවාල සිදුවිය. අනතුරුව සිදුවූ උණුසුම්කාරී තත්ත්වයේදී පොලිසිය විසින් කිසිදු ඉවක් බවක් නොමැතිව කම්කරුවන්ට බැටන් ප්‍රහාර හා වෙඩි ප්‍රහාර එල්ල කරන්නට විය. එහිදී කම්කරුවන් හය දෙනෙකු මරණයට පත්වූ අතර තුන්සියයකට අධික පිරිසක් බරපතළ තුවාල ලැබූහ. පෙළපාලිකරුවන් අත තිබූ සුදු කොඩි ලෙයින් තෙමී රතු පැහැ ගැන්විය. මැයි දිනය ලෙසින් රත්වූයේ එලෙසය.
පසුව පොලිසිය විසින් නගරය දැඩි සෝදිසියට ලක් කළ අතර කම්කරු සංවිධාන මූලස්‌ථාන, මුද්‍රණාල, සැකකටයුතු ස්‌ථාන දැඩි පරීක්‍ෂාවට ලක් කෙරිණි. කම්කරුවන් දැඩි හිංසාවට ලක් කළ අතර සිය ගණනක් කම්කරුවන් සිර භාරයට ගන්නා ලදි.
කම්කරුවන්ගේ රුධිරයෙන් පළමු මැයි දිනය තෙත් කිරීමට පොලිසිය කටයුතු කළ අතර ලෝක වැඩ කරන ජනතාවගේ සටන්කාමී සංකේතය "රතු" වූයේ එලෙසය. එදා සිට කම්කරු කොඩිය රත්පැහැ ගැන්විය.
කම්කරුවන්ගේ ලෙයින් රත්වූ මැයි දිනයේදී වෘත්තීය අයිතීන් ගැන සටන්කාමී ස්‌මරණය කරනු විනා නාඩගම් නටා විකාරරූපී සංදර්ශන පවත්වා දේශපාලන විළි වසා ගැනීමට කටයුතු කළයුතු නොවේ.
සිරිමන්ත රත්නසේකර(Divaina)
0 comments:
Post a Comment
කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...