
කාගේ හෝ උවමනාවකට මිනියක් මැරීමට plan කරන සමුහයක් හිතන ආකාරය හිතන්න. ඔවුහු තමන් කිරීමට සැරසෙන්නේ අපරාධයක් බව දනිති. එම අපරාධය එළිවුවහොත් තමනට දැඩි අවාසි සිදුවිය හැකි බව දනිති. සමාජයෙන් කොන් වීමට සිදුවන බව දනිති. හිරේ විලංගුවේ වැටීමට සිදුවන බව දනිති. නමුත් කෙසේ හෝ මිනිය මරා ඒ පිළිබඳව රහසක් සේ තබා ගැනීමට හැකිවුවහොත් එම අවාසීන්ට වඩා ලැබෙන දැඩි වාසි පිලිබඳ සිහින මවමින් ඔවුන් තම ගොදුර කරා ඇදෙති. ඇතිවිය හැකි අවාසි සහගත තත්වයන් පිළිබඳවත් එම තත්වයන්හිදී කටයුතු කලයුතු ආකාරය පිළිබඳවත් ඔවුන් එක්ව සාකච්චා කරති. එසේ සාකච්චා කර ඇතිවිය හැකි සෑම ගැටළුවකටම පිළිතුරු සුදානම් කර ගනිති. ඔවුන් සියළු දෙනාගේ ගැලවීම තීරණය වන්නේ සියලුම දෙනාගේම ක්‍රියාකාරිත්වය මත බව දන්නා...