සමස්‌ත තරුණ පරපුරම අමතක කරදමා ඇති හැකි අයගේ දූ දරුවන්ට සැපවත් ජීවිතයකට අවශ්‍ය වටපිටාව මෙවර අයවැයෙන් සලසා දී තිබෙනවා යෑයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ බිමල් රත්නායක මහතා,
"2011 ජන සංඛ්‍යාලේඛන අනුව ගත්තාම මෙරට අවුරුදු 15-35 අතර තරුණ ජනගහනය ලක්‍ෂ 75 ක් පමණ සිටිනවා. ආණ්‌ඩුවේම සංගණනයන්ට අනුවම ගත්තාම මෙම ප්‍රමාණය තහවුරුවෙලා තිබෙනවා. අපේ රටේ වර්ෂයකට තුන්ලක්‍ෂ පනස්‌දාහක් පමණ දරුවන් පිරිසක් බිහිවෙනවා. ඉන් අති බහුතරයක් දෙනා අපේ රටේ සාමාන්‍ය දුප්පත් අම්මා තාත්තගේ දරුවන්. ඒ කියන්නේ එදිනෙදා කීයක් හරි හොයාගෙන ජීවත් වන සාමාන්‍ය ජනතාවගේ දරුවන්. ඔවුන්ගේ අධ්‍යාපන වටපිටාව ගත්තොත් එම තුන්ලක්‍ෂ පනස්‌දාහෙන් හරි අඩක් එනම් එක්‌ලක්‍ෂ හැත්තෑපන්දහසක් දෙනා පමණයි සා.පෙළ විභාගය සමත් වෙන්නේ. ඒ වගේම එම තුන්ලක්‍ෂ පනස්‌දාහක පිරිසෙන් 2/3 ක් පමණ පිරිසක් පමණයි උසස් පෙළ සමත් වෙන්නේ. එලෙස උසස් පෙළ සමත් වෙන පිරිසෙන් විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට හැකිවන්නේ 3% ක පමණ පිරිසකට පමණයි. උසස් පෙළ විභාගය සමත්වෙලා විශ්වවිද්‍යාල සුදුසුකම් ලබපු කී දෙනෙක් විශ්වවිද්‍යාලවල දොරටුව කුඩා නිසා ඇතුළු වීමට නොහැකිවී ඉන්නවද? ආණ්‌ඩුව කියන පරිදි සාමාන්‍යයෙන් වර්ෂයකට විසිදාහක පමණ පිරිසකට පමණයි විශ්වවිද්‍යාල වරම් ලැබෙන්නේ. එම විසිදහස කියන්නේ උසස් පෙළ විභාගයට දෙවැනි සහ තුන්වැනි වතාවටත් පෙනී සිටි ශිෂ්‍යයන් ඇතුළුවයි. ලෝකයේ අඩු අධ්‍යාපනයක් ලැබෙන රටවල් 10 න් එකක් බවට අපේ රට පත්වෙලා තිබෙනවා. එනිසා අපේ රටේ අධ්‍යාපනයේ අවස්‌ථා පුළුල් විය යුතුයි. රටේ ජනාධිපතිවරයා විදියට ප්‍රතිපත්ති සකස් කරන්නා ලෙස රටේ මුදල් ඇමැතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා මෙවර අයවැයෙන් උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත්කර නැහැ. අපට යම් බලාපොරොත්තුවක් තිබුණා එහෙම යෝජනාවක් මේ අයවැයේ තියෙයි කියලා.
මේ රටේ රුහුණු විශ්වවිද්‍යාලයෙන් පසුව රජයේ වැඩපිළිවෙළක් සහිතව දැක්‌මක් සහිතව, විශ්වවිද්‍යාලයක් ආරම්භ කර නැහැ අවුරුදු 34 ක් ගතවන තුරු. අනුබද්ධ විශ්වවිද්‍යාල නමින් විශ්වවිද්‍යාල කිහිපයක් ආරම්භ කළා. නමුත් ඒවා ගම් උදාවට හදන ලද ගොඩනැඟිලිවල, අත්හැර දමන ලද ස්‌ථානවල ස්‌ථාපිත කරපු පපඩම් විශ්වවිද්‍යාලයි. ඒවත් ශිෂ්‍යයන්ගේ අරගල නිසා ආණ්‌ඩුව විසින් ආරම්භ කළාට කිසිදු දැක්‌මක් වැඩපිළිවෙළක් සහිතව ආරම්භ කරන ලද ඒවා නොවෙයි. ලෝකයේ ගත්තාමත් අවුරුදු 34 කින් විශ්වවිද්‍යාලයක් ආරම්භ කර නැති එකම රට ශ්‍රී ලංකාව වෙන්නත් පුළුවන්. වත්මන් ජනාධිපතිතුමා තමන්ගේ දෙවැනි ධුර කාලය ඉතා උත්කර්ශවත් ආකාරයෙන් සැමරුවා. අවුරුදු 8 ක් ගතවෙලා තියෙනවා. ඒ අවුරුදු 8 තුළ උසස් පෙළ සමතුන් ආසන්න වශයෙන් දශලක්‍ෂයක් පමණ එළියට දාලා තිබෙනවා. විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා විශ්වවිද්‍යාලවලට ඇතුළු වෙන්න ඔවුන්ට අවස්‌ථාව නොලැබුණා. මේ රටේ විශ්වවිද්‍යාල සංවර්ධනයට යෝජනා නැහැ. සුදුසුකම් ලැබිලත් විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට නොලැබීම මහා ඛෙදවාචකයක්....... ... ....
මෙරට තරුණ ජනගහනය ලක්‍ෂ 75 ක් පමණ වෙනවා. ඔවුන්ගෙන් ලක්‍ෂ 20 ක් පමණ කිසිදු රැකියාවක් කරන්නේ නැහැ. රැකියා කරන ලක්‍ෂ හතළිහක පමණ පිරිසක් ඉන්නවා. ඔවුන් නිරත වන රැකියා ඉතා පීඩාකාරී තත්ත්වයකයි තිබෙන්නේ. විශේෂයෙන්ම ඇඟලුම් කම්හල් තුළ සේවය කරන තරුණියන්. ඒ වගේම සුපර් මාර්කට්, ප්‍රදර්ශනාගාරවල, ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියාවල සහ ඉන්ධන පිරවුම්හල්වල සේවය කරන තරුණ තරුණියන්ගෙන් බහුතරයක් උසස් පෙළ සමතුන්. ඔවුන් මහත් පීඩාවකින් රැකියාවේ නිරත වෙන්නේ. ඔවුන් ලැබෙන වැටුප ඉතාම අඩු අගයක්. එනිසා ඔවුන් කෙටි කාලයකින් එම රැකියා අත්හරිනවා. උගත්කමින් වැඩි ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් ඇඳුම් මහන්නේ ලංකාවේ කියලා ඇඟලුම් ක්‍ෂේත්‍රයේ නිරතවන විදේශිකයෙක් කියා තිබුණා මට මතකයි. මේ පීඩනය නිසා රැකියාව අහිමිවන සේවකයන්ට ආණ්‌ඩුවෙන් කිසිදු දීමනාවක් ලබාදෙන්නේ නැහැ. රටේ ජනාධිපතිවරයා වන මුදල් ඇමැති තරුණයන් ගැන අයවැයේ කිසිදු සඳහනක් කරන්නේ නැහැ. හැබැයි එක සඳහනක් තිබෙනවා. 2014 පැවැත්වෙන තරුණ ඇමැතිවරුන්ගේ සමුළුවක් සඳහා රුපියල් මිලියන 300 ක් වෙන්කළා"