යාපනය විශ්වවිද්‍යාලය තුළ වර්ථමානය වන විට උද්ගතව ඇති තත්වය පිළිබඳව දැනුවත් කිරීමට හා අත්අඩංගුවට ගෙන සිටින සිසුන් නිදහස් කරන ලෙස බලකරමින් අ.වි.ශි.බ.ම හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පසුගිය 03 වැනිදා ඒකාබද්ධව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී.
එහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා,
මීට දින
කිහිපයකට උඩදී අප දැනුවත් කළ පරිදි මේ වන විට යාපනය විශ්වවිද්‍යාලය තුළ
මතුවී ඇත්තේ ඉතාමත් බරපතල තත්වයක්. යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට හා
ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයන්ට එරෙහිව රජයේ ආරක්ෂක අංශ විසින් බරපතල මර්දනයක්,
ප‍්‍රචණ්ඩත්වයක් මුදාහරිමින් තියෙනවා. මේ වන විට යාපනය විශ්වවිද්‍යාලයේ මහා
ශිෂ්‍ය සංගමයේ ලේකම් සහෝදරයා ඇතුළු ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයන් 4 ක්
අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් ශිෂ්‍ය නායකයින් ගණනාවක් අත්අඩංගුවට ගැනීම
සඳහා විශාල මෙහෙයුමක් ක‍්‍රියාත්මකයි.
ගණකාධිකරණ
පීඨයේ සභාපති දර්මන් හා විද්‍යා පීඨයේ සොලමන් යන සහෝදරවරුන් පසුගිය 30
වෙනිදා දහවල් අත්අඩංගුවට ගෙන තියෙනවා. ඒ ඔවුන්ට විරුද්ධව පැමිනිල්ලක්
විභාගකිරීමට ඇතැයි කියමින් කෝපායි පොලිසිය කළ කැඳවීමකට අනුව පොලිස්
ස්ථානයට ගිය අවස්ථාවේදීයි. මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පරමලිංගම් දර්ශනාත් හා
ගනේෂලිංගම් සුදර්ශන් යන සහෝදරවරුන්ව පසුගිය 30 වෙනිදා මධ්‍යම රාත‍්‍රියේ
නිවෙස්වලට පැමිණ අත්අඩංගුවට ගෙන තියෙනවා. දැනට දින දෙකකට වඩා වැඩි කාලයක්
ගතවී ඇතත් තවමත් ඔවුන්ව කිසිදු අධිකරණයකට ඉදිරිපත් කිරීමට හෝ නිදහස්
කිරීමට කටයුතු කර නැහැ. විශ්වවිද්‍යාලය අවට විශාල හමුදා සෙබළුන්
ප‍්‍රමාණයක් රඳවා තබමින් යුධ පිටියක වැනි ස්වභාවයක් ඇති අතර යාපනය නගරය තුළ
විශාල මර්දනයක් ක‍්‍රියාත්මකයි. 28 වෙනිදා යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයො
සිදුකරපු උද්ඝෝෂණයට එල්ලකරන ලද අමානුෂික ප‍්‍රහාරය වගේම මේ විදිහට බොරු
චෝදනා එල්ල කරල ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයො අත්අඩංගුවට ගැනීමත් අවිශිබම ලෙස
අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. ඒ විතරක් නෙවෙයි අත්අඩංගුවට ගත් මේ
සියළුම සහෝදරවරු වහාම නිදහස් කරන්න කියන බලපෑමත් යාපනය විශ්වවිද්‍යාලය තුළ
සිසුන්ට නිදහසේ ඉගෙන ගත හැකි වටපිටාවක් නිර්මාණය කරන්න වගේම දිගින් දිගටම
ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් සිදුකරන බලපෑම නතරකරන්න කියන බලපෑමත් අපි ආණ්ඩුවට
කරනවා.
ආණ්ඩුව
උතුරේ මර්දනය ක‍්‍රියාත්මක කරන අතර තුර ඒ සියලූ සැහැසිකම් දකුණේ ජනතාවට
සාධාරණීකරණය කිරීම සඳහා රාජ්‍ය මාධ්‍ය යොදාගනිමින් ව්‍යාජ ප‍්‍රචාරයන්
දියත්කරනවා. දකුණේ ජනතාව සිය අයිතීන් වෙනුවෙන් අරගල කරද්දීත් අනුගමණය
කලෙත් ඒ ප‍්‍රතිපත්තියම තමයි.
ගෙවුණු
වසර තුනකට අධික යුද කාලීන වකවානුව තුළ උතුරු නැගෙනහිර පළාත් තුළ විශාල
වශයෙනුත් දකුණේ යම් යම් ප‍්‍රදේශවලත් සිංහල දෙමළ මුස්ලිම් සියලූම ජාතික
ප‍්‍රජාවන්ට එරෙහිව විශාල ත‍්‍රස්තවාදයක් දෙපාර්ශවයෙන්ම ක‍්‍රියාත්මක වූනා.
LTTE සංවිධානය පැත්තෙන් වගේම රජයේ පාර්ශවයෙනුත් ක‍්‍රියාත්මක වුණු
ත‍්‍රස්තවාදය එතරම්ම භයානකයි. මේවන විටත් රජය උතුරෙදි වගේම දකුණෙදිත්
ක‍්‍රියාත්මක කරමින් තියෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට, මානව නිදහසට එරෙහි
ත‍්‍රස්ත‍්‍රවාදයම තමයි. අපි ශිෂ්‍ය ව්‍යාපාරය විදිහට කවාරාකාරයකවත්
ත‍්‍රස්තවාදයක් අනුමත කරන්නේ නෑ. කවුරු කළත් ත‍්‍රස්තවාදය
ත‍්‍රස්ත‍්‍රවාදයමයි. අද යාපනය තුළ ක‍්‍රියාත්මක වෙන ත‍්‍රස්තවාදයක්
තියෙනවා. ඊට එරෙහිව අපි කොන්දේසි විරහිතව අපගේ විරෝධය ප‍්‍රකාශකරනවා.
ත‍්‍රස්තවාදයට අපි විරුද්ධ බව ඇත්ත නමුත් දෙමළ ජනතාවට සිතන්න පතන්න තියෙන
අයිතිය, ඔවුන්ගේ විශ්වාසයන් හා ඇදහිලි සඳහා ඔවුන්ට තියෙන අයිතිය, ඔවුන්ගේ
මිනිසුන් සමරන්න තියෙන අයිතියට අපි ගරුකරනවා. මොකද ඒවා මානුෂීය කාරණා. ඒවට
බලපෑම් කරන්න කිසිවකුටත් අයිතියක් නෑ. ඒවා තීරණය කිරීමේ අයිතිය රජයට
පවරන්න කොහෙත්ම අපි එකඟ නෑ. ඔවුන් හිතන විදියට, ඔවුන්ගෙ විශ්වාසයන්ට,
ඔවුන්ගෙ වීරයන්ට අපි එකඟ නොවෙන්න පුළුවන් ඒත් ඔවුන්ට එහෙම කරන්න එපා කියලා
බලපෑම් කරන්න අපට තියෙන අයිතිය මොකද්ද? මැරුණු මිනිස්සු හරිද වැරදිද,
ඔවුන්ගෙ මතවාදයන් අපි පිළිගන්නවද නැද්ද ඒදේවල් කුමක් වුවත් දෙමළ ජනතාවට
තමන්ගේ මියගිය මිනිසුන් සමරන්න අයිතියක් තිබෙනවා. ඒක උතුරේ ජනතාවට විතරක්
නෙවෙයි දකුනේ ජනතාවටත් තියෙනවා. එවැනි සැමරුම් කරන එක නෙවෙයි ත‍්‍රස්තවාදය
කියල කියන්නේ ඒ අයිතිය ප‍්‍රචන්ඩත්වය යොදාගෙන වලක්වන එකයි. ආණ්ඩුව මේ කරන
දේවල් වලින් යළිත් රට තල්ලූ කරමින් තිබෙන්නේ ජනඝාතක ජාතිවාදී යුද්ධයක්
දෙසටයි. ජාතිවාදයන් කිසිවක් තනිව පවතින්නේ නෑ. මේවා එකිනෙකට අන්තර්
සම්බන්ධිතයි. එක ජාතිවාදයක් පෝෂණය කරද්දී අනික් ජාතිවාදයත් පෝෂණය වෙනවා.
රජය මැදිහත් වීමෙන් බොදුබල සේනා වැනි සංවිධාන හරහා මුස්ලිම් විරෝධී
ජාතිවාදයක් හදන්න හදනවා. ඒ වගේම දෙමළ ජනතාවට විරුද්ධ ජාතිවාදයක් හදනවා. මෙය
ඉතාම භයානක තත්ත්වයක්. අපි දන්නවා අවුරුදු 30 ක් තිස්සේ දෙකොන ඇවිලූණු
යුද්ධයක් තිබුණා. දැන් මේ හදන්නෙ තුන්කොනම අවුලූවපු යුද්ධයක් වෙත රට තල්ලූ
කරන්න. මේ විනාශයෙන් රටත් සමාජයත් ගලවා ගැනීමේ වගකීමක් අපි ඔබ කාටත්
තියෙනවා. අපි ශිෂ්‍ය ව්‍යාපාරය විදිහට මේ ජාතිවාදී අගුලේ නොවැටී අන්‍යෝන්‍ය
විමුක්තිය නිදහස වෙනුවෙන් සටන් වැදිය යුතුයි. මෙහිදී සිංහල ශිෂශ්‍යා සිංහල
ජාතිවාදයෙන් මිදිය යුතුයි වගේම දෙමළ ශිෂ්‍යාටත් විශාල වගකිමක් තියෙනවා
අන්තවාදයන්ට තල්ලූ නොවී සිය අයිතීන් දිනා ගැනීමේ අරගලය වෙනුවෙන් දකුණ හා
අත්වැල් බැදගත යුතුයි. ඒ වෙනුවෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
විදිහට අපි කොන්දේසි විරහිතව සටන් කරන්න සුදානම්. අපි ආණ්ඩුවට බලකරනවා
අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් සහෝදරයා
ඇතුළු සහෝදරවරු 4දෙනාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කර ඔවුන් වහා නිදහස් කරන ලෙස.
යාපනය විශ්වවිද්‍යාලයට සිදුකරන ආරක්ෂක අංශ මැදිහත්වීම් වහාම නවත්වල ඔවුන්ට
නිදහසේ ඉගෙනගන්න ඉඩදිය යුතුයි.
මෙහිදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතා,
පසුගිය
සතියේ යාපනය විශ්වවිද්‍යාලයේ ඇතිවු තත්වය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයීය
ආචාර්ය සමිති සම්මේලනයේ් බරපතල අවධානය යොමුවී තිබෙනවා. යාපනය
විශ්වවිද්‍යාලයේ මෙම තත්වය අළුත් තත්වයක් නොවෙයි. පසුගිය කාලය පුරාම යාපනයේ
ජන ජීවිතයට එල්ලවී ඇති බරපතල රාජ්‍ය මිලිටරීකරණයේම තවත් එක අවස්ථාවක්්.
රජයේ මැදහත් වීම ඇතුළෙ දකුණේ මාධ්‍ය වල පලවන තොරතුරු අනුව නැවත කොටි
ත‍්‍රස්තවාදය හිස එසවීමට ගත් උත්සහයක් ලෙසයි. එයට දකුණේ සිංහල බෞද්ධ සමාජයේ
පොදු එකඟතාවක් ඇති බවක් පේනවා. උතුරේ මේ තත්වය අපිව නැවත ගෙනයනවා ජේ. ආර්
ජයවර්ධන යුගයට. උගත් පාඩම් ප‍්‍රතිසංවිධානයක් ගැන පසුගිය කාලයේ කතා කරා.
කේ. පී රාජ්‍ය වරප‍්‍රසාද විදීම පිළිබඳ ප‍්‍රශ්න කරපු වෙලාවක රජයේ ඇමති
වරයෙක් එය ජනවර්ග අතර සංහිදියාව ඇති කිරීමට කටයුතු කිරීම ලෙස පිළිතුරු ලබා
දුන්නා. මේ රජය එවැනි ප‍්‍රවේශයක් යාපනයේ සාමාන්‍ය ජනයා, විශ්වවිද්‍යාල
සිසුන් සම්බන්ධයෙන් නැත්තේ ඇයි?
රජය කතා
කරන්නේ ජාතීන් අතර එකඟතාව, සහෝදරකම, සහජීවනය, සමගිය පිළිබඳව. එය සැබෑවක්ද
කියලා පොදු ජනතාවගේ ඇස් අරවන්න යාපනය විශ්වවිද්‍යාලයේ සිදුවීමම ප‍්‍රමාණවත්
කියලයි මට සිතෙන්නේ. 71හා 89 අරගල කරපු සහෝදරවරුන්ටත් ත‍්‍රස්තවාදී ලේබලය
ඇලෙව්වා. නමුත් අදටත් ඔවුන් සැමරීම සිදුකරනවා. නමුත් කනගාටුව තමයි රජය දමිළ
ජනතාවට සම්බන්ධයෙන් එවැනි නම්‍යශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම.
ඔවුන්ට තමන්ගේ මියගිය ජනතාව සමරන්න ඇති අයිතිය උල්ලංඝනය කරලා තිබෙනවා. මෙසේ
වන්නේ උතුර පිළිබඳ දකුණේ ජනතාව සිතන ආකාරය පිළිබඳ ප‍්‍රශ්නයක් තිබෙන නිසා.
උතුරේ ජනතාව දකුණට අවශ්‍ය විදිහට සිතිය යුතුයි කියා සිතීමම වැරදියි.
ඔවුන්
හමුදාවේ මැදිහත් වීම් පිළිබඳව දැඩි කෝපයකිනුයි පසුවන්නේ. එනිසා ඔවුන්ට
එරෙහිව හමුදාවේ මෙම අත්තනෝමතික මැදිහත්වීම් භයානක ප‍්‍රතිඵල ගෙනෙන්න ඉඩ
තිබෙනවා. දකුණ තරම්වත් යාපනයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉඩක් නැහැ. උතුර
මුළුමනින්ම මිලිටරීකරණය වු නගරයක්. ඒ ජනතාව තුළ ආණ්ඩුවට එකගතාවක් නැහැ.
එවැනි තත්වයක් තුළත් උතුරේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කෙරෙහි ආණ්ඩුවේ
මැදිහත්වීම මේ ආකාරයේ නම් එය අනාගතයේ වඩාත් දරුණු ප‍්‍රතිඵල ඇතිකරාවි. ඒ
වගේම විශ්වවිද්‍යාල තුළට දේශපාලන මැදිහත්වීම් නවත්වන්න කියලා ආචාර්යවරු ලෙස
අපි පහුගිය කාලය පුරාවටම අරගලකලා. උපකුලපතිවරු ආණ්ඩුවේ ගැත්තන් බවට පත්ව
ඇති නිසා මේ තත්වය ඇති වෙලා තිබෙන්නේ. අපි මේ තත්වය හෙළා දකිනවා. මෙය
විශ්වවිද්‍යාල වල ප‍්‍රශ්නයක් නෙමෙයි පොදුවේ සමාජයක් ලෙස මුහුණදෙන
ගැටළුවක්. මේ පිළිබඳව සමාජයක් ලෙස අපි අවධානය යොමුකර යුතුයි කියලා අපි
කියනවා.