නිදහස්
අධ්‍යාපන ප්‍රතිපත්තිය යනු පළල් වූත්, දුර දැක්මකින් යුක්ත
වූත්, අධ්‍යාපන, ආර්ථික, සමාජයීය ආදී සමස්ත ක්ෂේත්රයන්
ආවරණය වූ දැවැන්ත ප්‍රතිපත්තිමය ඓතිහාසික හැරවුම් ලක්ෂයකි.
එවකට පැවැති අධ්‍යාපන, සමාජ, ආර්ථික පසුබිම අනුවත්, රටේ අනාගත
ගමන් මඟ පිළිබඳවත් අධ්‍යයනයකින් අනතුරුව ඉදිරිපත් කරන ලද
නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය අධ්‍යාපනයේ බොහෝ ගැටලුවලට,
ප්‍රශ්නවලට විසඳුම් සහිත ප්‍රායෝගික යෝජනා මාලාවක් විය.
අතීතයේ පැවැති තත්ත්වය එසේ වුවද, නිදහස් අධ්‍යාපනයේ වර්තමාන
තත්ත්වය හා අනාගත අභියෝග සම්බන්ධයෙන් ශාස්ත්‍රීය වූත්, කාලීන
වූත්, සංගායනාවක්, කතිකාවතක් වර්තමානයේ පවත්වනු දැකීම උගටය.