Thursday, September 6, 2012

SB, බන්දුල ගෙදර යවමු...?

මේ දවස් වල අපේ සටන් පාඨය වෙලා තියෙන්නේ මේක නේද? නමුත් එතනින් එහා ගිය දෙයක් ගැන සමාජයට කියන්න වෙන බව අපට හිතුනා.. ඇත්තටම මේ දෙන්න ගියාම මේ ප්‍රශ්නේ විසඳෙයි ද? ගොඩාක් අය හිතාගෙන ඉන්නේ මේ රට කන්නේ ඇමති මණ්ඩලය විතරයි කියල නේ. අපේ ඇති ගරු ජනාධිපතිතුමා මේවා කිසි දෙයක් ගැන දන්නේ නෑ කියල. සමහරු කියනවා එතුමා දන්නවා නම් විශ්වවිද්‍යාල සිසුන්ට අර දෙන්න කරන කෙනෙහිලි කම්, උන්ව මරල දාවය කියල.. ඒත් ඇත්ත එක නෙවෙයි කියන එක අපි තේරුම් ගන්න ඕන..

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරන, වත්මන් විශ්වවිද්‍යාල සිසුවෙක් අනාගතේ දවසක උසස් අධ්‍යාපන ඇමති උනොත්, අපි හිතනවා ඔහු නිදහස් අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරාවිය කියල. එහෙම බැලුවම SB මහත්තයත් ඔය හරිය කරන්න එපැයි. එතුමාගේ අතීතය අපි දන්නවනේ. ඒත් එතුමත් එහෙම නොකරන්නේ, එතුමාට තව කෙනෙක් ගේ අණක් ක්‍රියාත්මක කරන්න සිද්ද වෙලා තියෙන නිසා. එතකොට නියම වැරදි කාරයා අණ දෙන මිනිහ මිසක් ක්‍රියාත්මක කරන මිනිහ නෙවෙයි. එහෙමයි කියල අපි SB මහත්තයව සුද්ධ කරන්න ඕන නෑ. එයත් වැරදියි. හැබැයි එයාගේ පිටින් අධ්‍යාපනය වැනසීමේ කුණු හෝදගෙන, පිවිතුරුව ඉන්න හදන, හැබෑ වැරදි කාරයව අඳුරගන්න අපි සමාජයට ඉඩ තියන්න ඕන. එහෙම නැතුව SB, බන්දුල ගෙදර යවල විතරක් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. එහෙම උනොත් වෙන්නේ, මේ තනතුරු දෙකට පත්වෙන ඊළඟ දෙන්න මීටත් වඩා සරුවට කන්න පටන් ගනීවි..

ඒ නිසා, "SB, බන්දුල ගෙදර යවමු..!!" කියන සටන් පාඨයට තවත් එකතුවෙන්න තියෙනවා නේද?


3 comments:

සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂ කරන්න දේසපාලනයට බෑ. ඒක සමාජයෙන් එන්න ඕනෙ. තමන්ගෙ අයිතිය, අනෙකාගෙ අයිතිය ගැන තෙරුමක් තියෙන්න ඕනෙ. ඒවගේම අයිතිවාසි කම් ගැන තර්ක කරන්න 'ගැම්මක්' තියෙන්න ඕනෙ. ලංකාවෙ වෙලා තියෙන්නෙ කොහෙවත් යන හරක් ටිකක් තමන්ගෙ දේවල් උදුරගන්න කල් මිනිස්සු බලාන ඉන්නව. මිනිස්සුන්ට තෙරෙන්නෙ නෑ මේක වැරදි කියල. එහෙම නැත්නම් තෙරුනෙ නෑ වගෙ ඉන්නව. ඒකට මිනිස්සු හුරු වෙන්න ඕනෙ විප්ලවීය විදියට සිදුවන දේවල් දකින්න වගේම, තමන්ගෙ අවිඥනය පිලිබඳ මොකක්ද කියල තේරුම් ගන්න හා තමන්ගෙ අවිඥනය පිලිගන්න. මිනිස්සු සමාජය නොදකිනතාක් කල් මේකෙ 'ලෙනින්' ආවත් 'ඔබාම' ආවත් 'දුටු ගැමුණු' ආවත් නැවත් සමාජෙ වැඩවසම් වෙන එක නවත්වන්න බෑ.

මම කියන්නෙ නෑ දියුනුයි කියල පිලිගන්න රටවලත් එහෙම හැමෝම දැනුවත් කියල. හැබැයි දැනුවත් පිරිසක් තර්කානු කූලව කුහක නොවී සමාජ සාදාරනත්වය අනුගමනය කරනව. ඒක නිසා කාටවත් ඒයින් මිදෙන්න බෑ. හරියට ලන්කාවෙ වැරදි ක්‍රමෙන් මිදෙන්න බැ වගේ.

කලින් කියපු එකට හොඳම උදාහරනෙ ලෙක්චස්ල කරන අරගලේ. ඒ මැදිහත් වීම සමාජයේ අයිතීන් පිටුදකිමින් බලය ඇති අය කරන අතාර්කික හා අසාධාරන ප්‍රතිපත්ති සකස් කිරීම් වලට විරුදධව 'සුපිරි' මැදිහත් වීමක්.

හැබැයි, මේ මැදුහත් වීම ගැන සමාජයෙ අනෙකුත් කොටස් තෙරුම් ගත්තෙ නැත්නම් මේක වැටුප් අරගලයක් ලෙසම අවස්න් වෙල යන්නත් ඉඩක් තියනව.

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...