ඔබ මෙහි දකින්නේ උසස්
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තුමා ආචාර්ය සුනිල් ජයන්ත නවරත්නගේ කාර්යාලයේ
දසුනකි. මෙහි
දැක්වෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලත් මහින්ද චින්තනයත් එකම රාක්කයක අඩුක්
කර ඇති ආකාරයයි. එනම්, වත්මන් අධ්‍යාපන අර්බුදයේ සැබෑ හේතු හා ඒවා
නොවිසඳීමට අදාල ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියයි.
සිසුන්
ආචාර්යවරුන් අනධ්‍යන සේවකයින් සියලූ දෙනා අද මහපාරේදී හමුවේ. ඒ
කපිලවස්තුපුර සර්වඥධාතූන් බලන්න යන්න නොව, තම අයිතීන් දිනා ගැනීමේ සටනේදීය.
මාස ගනනක් සරසවි වසා දමා ඇත. ඒත් ආණ්ඩුවට නම් මේගැන වගේ වගක් නැත.
පසුගිය
දා (13) කොළඹ විශ්වවිද්‍යාලයේ ''ඔයාල මේව ගිහිල්ල ආචාර්යවරුත් එක්ක
බේරගන්න අපි පුළුවන් තරම් නැවිල ඉන්නේ අපි දැන් බලන් ඉන්නේ ආචාර්යවරු
නැවෙනකම්'' කියලය. මෙහිදී පැනනගින ප‍්‍රශ්නය වන්නේ එහෙම ප‍්‍රශ්න බේරගන්න
පුළුවන්නම් අධ්‍යාපන අමාත්‍යාංශයක් කුමකටද යන්නය.
සැබැවින්ම මොනවා නැතත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමා කියන කතාව ඇත්තය. මොකද ලංකාවේ මිනිසුන්ගේ බදු මුදල්වලින් පඩි ලබන මෙතුමාගේ අද ප‍්‍රධාන රාජකාරිය වී ඇත්තේ ආචාර්ය ගැටළු බේරුම් කිරීම නොව වෙනත් දෙයකි. එය පැහැදිළි වන්නේ එතුමාගේ නිළ කාමරයේ රාක්කය දෙස බැලීමේදීය.
එහි ඇති ලිපිගොනු අතර ඇත්තේ,
1. Mahinda chinthanaya
2. Private universities
3. Lands for private universities
4. Knowledge hub
5. Indian high commission
6. Australian high commission
7. SAITM
යන මේවාය. ඉතින් එතුමා කියන කතාව ඇත්තය. ආචාර්ය ගැටළුව එතුමාට අදාල නැත. ආණ්ඩුවට අදාල නැත. ඇත්තටම ඒවා බේරගන්න වෙන්නේ සිසුන්ට හා අචාර්යවරුන්ට හා මේ රටේ ජනතාවටය.
අද
අධ්‍යාපනය සුරුකීමේ අරගලය තීරණාත්මක මංසන්ධියකට ලඟා වී ඇත. මේ තුළ බොහෝ
කාලයක් මිනිසුන් තේරුම් නොගත් දේවල් තේරුම් ගනිමින් ඇත. එය සුභවාදී
ප‍්‍රවණාතාවකි. අධ්‍යාපනය රැකගැනීමේ සටන ජනප‍්‍රියවාදී සටනක් වී ඇත. බොහෝ
දෙනා මෙම සටනට සම්බන්ධ වෙමින් ඇත.
නමුත්
මේ සියල්ල අතර නිවැරදිම සටන්පාඨය කුමක්විය යුතුද යන්න ගැන සාකච්ඡාවකට මෙය
හොඳම අවස්ථාව යැයි අප කල්පනා කරමු. ඒ නිදහස් අධ්‍යාපනය සුරකිමු යන්නද,
රාජ්‍ය අධ්‍යාපනය සුරකිමු යන්නද යන්නයි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්
තුමාගේ කාමරය අපට උගන්වන පාඩම එයයි. පෞද්ගලික විශ්වවිද්‍යාල සහ මහින්ද
චින්තනය එකම රාක්කයේ ප්‍රසිද්ධියේම තබා තිබීමෙන් පැහැදිලි වන්නේ වත්මන්
රාජ්‍ය අධ්‍යාපනයේ ස්වරූපයයි. එහි රැකගැනීමට දෙයක් නැත. රැකගැනීමට ඇත්තේ
නිදහස් අධ්‍යාපනයයි. අධ්‍යාපනයේ සම අයිතියයි. අප පෙළ ගැසිය යුත්තේ ඒ
වෙනුවෙනි. නැතිනම් අනාගතයේ අධ්‍යාපනයට වෙන්කරන මුදල් රාජ්‍ය අධ්‍යාපනය තුළ
වැය කිරීමට නියමිතව ඇත්තේ ගමේ පාසල හැදීමටවත් වත්මන් විශ්වවිද්‍යාල
සෑදීමටවත් නොව පෞද්ගලික සරසවි සෑදීමටය. ඉතින් එසේ උවහොත් අධ්‍යාපනයේ ගැටළුව
විසෙඳේද? මෙය නැවත නැවතත් අධ්‍යාපනය පිළිබඳ සටනේදී අප කල්පනාකල යුතු
දෙයකි.
0 comments:
Post a Comment
කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...