Thursday, October 11, 2012

හුණුවටයේ කතාව සහ 6%

මම ෆුටා එක ගැන අධි තක්සේරුවල නැහැ...ෆුටා එක මේ රටේ සෑම ප්ර්ශ්නයකටම පිළිතුරු හෙවිය හැකි ඒ සදහා මිනිසුන් සංවිධානය කළහැකි දේශපාලන පක්ෂයක් නොවේ...මේ සාකච්චා වල ප්‍රතිපල ගැනත් මම සර්ව සුබවාදී නැහැ... ෆුටා සහ එහි සාමාජික සංවිධාන මෙම සාකච්චාවල ප්‍රගතිය සලකා බලන අවස්ථාවේදී ඔවුන් යම් තීරණයක් ගනීවි...මම හිතුවේ නෑ මේ කිසිම ඉල්ලීමක් සර්ව සම්පුරනව දෙන්න, (අන්තිම මොහොත දක්වා ගහන්න පුළුවන් හැම එකකින්ම ගහමින් හිටිය), අපේ පාලකයන් ක්‍රරියා කරාවී කියල...අපේ අරගලයත් අධිකරණයේ අර්බුදයත් ජාත්යහන්තර කුමන්ත්රේණ වශයෙන් හදුන්වන ආණ්ඩුවක් ගැන මගේ තක්සේරුව ඕක තමයි............

මේ වෙලාවට මම කියන්නේ 'හුණුවටයේ කතාව' කියල - 'වදාපු අම්ම හිතක් පපුවක් නැතිව දරුවාව අදිනවිට හදපු මව දරුවාව අතහැරීම' - ...... අපේ සාමාජිකයන්ව දැන් හුනුවටය ඇතුලට වැටිලා ඉන්නවා...... (ඒ කියන්නේ වැදූ මව වන ආණ්ඩුව දරුවාව හිතක් පපුවක් නැති ගානට අදිනවිට හදාගන්න මව (ආචාර්යවරු/වරියන්) දරුවා ගැන හිතල වර්ජනය අතහැරීම)...... ගුරුවරු විදිහට තමන්ගේ සිසුන්ට සහ තම සරසවියට ඇති වගකිම් ගැන හිතල තීරණයක් ගන්න ඕන කියල හිතන තැනට ඔවුන් පත්වෙනවා.....මම ඒ නිසා මේ වර්ජනය ඉවරවීම ගැන හෝ එය ඉවර විය හැකි ආකාරය ගැන මම කලකිරෙන්නේ නෑ.......

නමුත් මේ අරගලය ඉදිරියට ගෙන යාමට මගේ තිබෙන කැපවීම ඉවත් කරගන්න මම සුදානම් නැහැ...6% අපි සමාජ ගත කලා සැහෙන ප්‍රමාණයකට........ෆුටා එක සාර්ථකව තමන්ගේ සාමජිකයන් බහුතරයක් මේ සදහා එක්ටැම් ගෙයින් එලියට ගත්ත.........මහා පාරේ පාගමන් යන්න අරමුණක් ඔවුන්ට ලබා දුන්න........එය දේශපාලන සමාජය තුල ස්ථානගතවීම් වෙන්නේ කොහොමද කියල බලාගෙන ඉන්නේ නැතිව එයට එහි මුල් තැනක් ලබා ගන්න අපි පුද්ගලිකවත් ෆුටා එක ලෙසත් ක්‍රරියා කලයුතුයි........ෆුටා එක එය අතහැරීමට අපි ඉඩ දෙන්නේ නෑ..එහෙම කලොත් අපි එය පුද්ගලිකව හරි ඉදිරියට ගෙන යායුතුයි.........මේ සදහා මහජනය වෙතට යන්න මාසයකට අඩුම වසයෙන් දවසක් ෆුටා සාමජිකයන් විසින් වෙන් කල යුතුයි කියල මම කුරුණෑගල අපේ සම්මන්ත්රාණයේදී කිවේ මේ නිසයි........මේ 6% යොමු කල යුතු ආකාරය ගැන රටේ අද්‍යපන ශේස්ත්‍රයේ ක්‍රරියාකරුවන් සමග එකතුව වැඩ සටහනක් ඇති කරගත යුතුයි.

මම වැටුප් පිළිබද ඉල්ලීම දෙස බැලුවේ අපේ විශ්ව විද්යාවල අනාගතය සදහා සුදානම් කරන්න අවශ්‍යවන මානව සම්පත රැක ගැනීම සදහා එය අවශ්‍ය දෙයක් විදිහට සැලකු නිසයි..........පුද්ගලිකව මගේ වැටුප වැඩි කර ගැනීමේ අරුතින් නෙවේ............(තව අවුරුදු තුනකින් විශ්රාටම ගන්න මට පුද්ගලිකව මේකෙන් ලැබෙන ප්‍රතිලාබය ඉතාසුළුයි)......ආචාර්ය සේවාවක් සදහා නාමයක් අදුන්වා දෙමින් වැටුප් සහ සේවා කොන්දේසි තනි ලේඛනයකට ගැනීම මගින් මේ සදහා ස්ථිර වැඩ පිළිවෙලක් හැදීමට යෝජනාවක් ගෙනාවෙත් එම අරමුණින්......විශ්ව විද්යාිලවල වැටුප් තීරණය කරන්න ඕන සේවා යෝජකයාට දෙන්න පුලුවන් ගණන හෝ සේවක මණ්ඩලය ඉල්ලන ගනන හෝ රටේ සෑම වැඩකරන සේවකයන්ට ගෙවන ගන්නට සමානව හෝ නොවේ......(ජාතික සහ ජාත්‍යන්තර ) වෙළඳපොලේ තිබෙන තත්වයන් සමග යම ආකාරයකට තරග කාරිවෙමින් අපට හොඳම කාර්ය මණ්ඩලයක් බදවා ගැනීමට ඔවුන්ව රඳවා ගැනීමට හා පිටතින් අයව අද්දව ගැනීමට හැකි වන ආකාරයටයි.......මේ නිසා 6% වගේම නව වැටුප් ක්‍රරමයක් සදහා සටන තව ඉතිරිව තිබෙනවා.

විශ්ව විද්‍යාල ස්වාධිනත්වය පිළිබද ගැටලුව විශේශයෙන් දේශපලනකරණයෙන් එම ආයතනය බේරා ගැනීම පිළිබද වගකීම අප ඉදිරියේ තියෙනවා.......දැන් අපේ රජය වෙනුවෙන් පෙනී සිටිය යුතු අධිකරණයට එම කාරණය හොඳටම දැනී තිබෙනවා.......අපේ ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් ක්‍රරියාකාරිත්වය සහතික කරන්න අවශ්‍ය සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කලයුතු ප්‍රදාන ආයතනයවන අධිකරණය පමා වෙලා හෝ එහි ස්වාධිනතාවය ආරක්ෂා කර ගැනීම සදහා ඉදිරියට එමින් ඉන්නවා........මෙයින් පෙනෙන්නේ අපේ අරගලය පුළුල් කර ප්‍රජාතන්ත්‍රවාදී අරගලය සමග බද්ධ කල යුතු බවයි.......ඒ නිසා මග නොමග පටලව ගන්නේ නැතිව අප විසින් බුධිමත් තීරණයක් ගතයුතුයි........ෆුටා එක රැක ගත යුතුයි.......අපේ සටනට කැපවී සිටි එයට කිසියම් ආකාරයකින් කැපවීම් කල සියලු දෙනා අතර සමගිය රැක ගතයුතුයි.......මේ මොහොතේ ෆුටා සහ එහි නායකත්වය බිදවිමටත් අපේ සාමාජිකයන් අකර්මන්‍ය කිරීමටත් තිබෙන උත්සාහයන් පරාජය කල යුතුයි...මෙයට වඩා කල් අල්ලන අරගලය තියෙන්නේ ඉදිරියට කියන සිතුවිල්ල සමග ඇස් අරගෙන බැලීමට අපේ සාමාජිකයන් සුදානම් කිරීමට උත්සහ කරමු.....................!!
 
අදහස - මහාචාර්ය නවරත්න බණ්ඩාර

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...