Thursday, October 18, 2012

යදමින් බැඳ විලංගුලා ෴

හුදෙක් මෙය මාගේ දැක්ම පමණක් නොවේ, අප සැමගේ දැක්ම විය යුතුය.
බ්ලොග් එකේ අද මාතෘකාව කර ගත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ පද රචනයෙන්,  අපෙන් සමුගත් සරත් දසනායක මහතාගේ සංගීතයට විශාරද නන්දා මාලිනී මහත්මිය විසින් ගායනා කරන, “පවන“ ගීත සමුච්ඡයේ වූ පහත ගීතයයි. අතීතයේ සිට අද දක්වාම සමාජ පාලනයේ පැතිකඩක් ගතහොත් මෙම ගීතයෙන් කියවෙන සමාජ අසාධාරණය ඒ ආකාරයෙන්ම සිදු නොවුනත්, එය අඩු වැඩියන් සහිතව තවමත් සිදු වෙමින් සහ සිදු කරමින් පවතී.

අප රටේ රාජ පාලන ක්‍රමයේදී රජුගේ පාලනය තහවුරු කර ගැනීමට සහ රට පාලනයට ඉවහල් කර ගනු වස් දෙතිස් වධය ක්‍රියාත්මක විය. මෙම ගීතයෙන් කියවෙන පරිදි සමාජ අසාධාරණයන්ගෙන් මිදී සමාජවාදී සමාජ විප්ලවයක් කරා සමාජය මෙහෙයවීමේ මෙහෙවර පාපයක් කරගත්, තරුණ/තරුණියන් දහස් ගණනක් වධයට සහ මරණයට පත් කරයි. සෞන්දර්යාත්මකව අරුත් ගැන්වීම සදහා දෙතිස් වධය යන වදන භාවිත කළද ඇත්තෙන්ම එය ඊට සීමා නොවීය. පැරණී රාජ ක්‍රමය තුළ දී දඩුවම් දීම සදහා මෙයින් එක් වධයක් තෝරා ගත්ත ද, වර්තමානයේ පවතින බල ලෝභී බාවය, දේශපාලනිත කෘෘරත්වය, විකෘත්ති ධනේෂ්වර සමාජ ක්‍රමය හේතුවෙන් එහි සීමාවක් නොමැතිය.




යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුණුවන්
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්

කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
පන්දු කෙළින අතර ඉහල - පාසල් වල අමණයන්
රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතණුවන්
එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්

යදමින් බැද විලංගුලා...//

ගිනිගන්නා රටක කෙළින - මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මළ මගෙ පුතුන්
කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
‍කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්

යදමින් බැද විලංගුලා...//

විශාරද නන්දා මාලනී                             
වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම නන්දා මාලනී මහත්මිය යනු අග්‍රගන්‍යයේ ශේෂ්ඨ ගායිකාවකි. එමෙන්ම තාමත් නිරහංකාර මෙන්ම, නිර්පාක්ෂිකව සමාජ යතාර්ථය දකින පොළෝවේ පය ගසා සිටින ගායිකාවකි. දිලිදු පවුලක උපත ලද ඇය, ඇගේ අසීමිත හැකියාවෙන් ඉදිරියට ආවද තමන් නියෝජනය කළ සමාජ පංතිය අමතක කළේ නැත. මාගේ අදහසට අනුව ඇය දේශයේ වීරවරියකි. ඇය පසුගිය (2012-10-14) අවසන් ශ්වේත රාත්‍රියේදී ඇගේ “පවන“ සහ “සත්‍ය‍යේ ගීතය“ යන ඇල්බම්වල ගී කිහිපයක් ගායනා කිරීමේන් මේ බව නැවත පසක් කළා නෝවේද.

මහාචාර්ය සුනිල් ආරියරත්න

සුනිල් ආරියරත්න මහතා ද ඉතා විශිෂ්ඨ නිර්මාණ කරුවෙකු වන අතර, ඔහු එදා දුටු සමාජ යතාර්ථය අද නොදැකීම හෝ දේශපාලන පක්ෂග්‍රාහී වීම හේතුවෙන් හෝ ඔහු වෙත ද වීරත්වයක් ආරූඩ කිරීමට තබා විශේෂයෙන් ඔහුගැන යමක් කීමට මා හට නොසිතේ. නමුත් ඇත්තෙන්ම ඔහුගෙන් එවකට බිහිවූ නිර්මාණ, එදා මෙන්ම අද සමාජයේ ද යතාර්ථය සෞද්ධර්යාත්මකව අප මනසේ ප්‍රකෘත්තිමත් කිරීමට සමත් වූ බව කිව යුතුය. එනම් කලා කෘතියක තිබිය යුතු උසස්ම ලක්ෂණ නොඅඩුව එකී කෘතිවල අන්තර්ගතව තිබුනි.

සංගීතඥ සරත් දසනායක                

සංගීත අධ්‍යක්ෂකයෙකු, චිත්‍රපට නිෂ්පාදකයකු, වූ සරත් දසනායක මහතා උක්ත ගීතයට මෙන්ම තවත් ගීත විශාල සංඛ්‍යාවකට ස්වර මුසු කරමින් අප සවන් පිනවීමට මහත් දක්ෂතාවයක් දැරුවෙකු විය. ඔහුගේ ස්වර නාද මනා සේ අප මනසට රිංගවීමටත් ගීතයේ අරුත් අවබෝධ කරලීමටත් සමත් විය. එය අද බොහෝ සෙයින් ඇසෙනාවූ දෙපා නලවන හෙවත් හැගීම්වලට වහල් වූ සංගීතයට වඩා කෙතරම් විශිෂ්ඨද යන්න ඔබට පසක් කර ගත හැකිය.  


නමුත් අද සමාජ තලය තුල එවන් අග්‍රගණයේ කළාකරුවන් බිහි වීම උගහටය. රටේ ආර්ථිකයේ හැසීරීම මත පීඩනයට සහ ව්‍යාකූලත්වයට පත් මනස් ඇති මිනිසුන් සැනසිය හැකි ආකාරයේ ගි තොරක් නැතිව බිහිවෙන මෙවන් යුගයක, උසස් රස වින්ධනයක් ලැබිය හැකි ආකාරයේ ස්වභාවික ගීත මෙන්ම වෙනත් කලා කෘතී ද බිහි නොවෙනවා ම නොවේ. නමුත් එකී ගීතද සමාජ සංශෝධයකට හෝ අවම වශයෙන් සමාජ යතාර්ථය පසක් කිරීමට සමත් නොවීම ඉතා ඛේදනීයයි. උසස් යතාර්තවාදී නිර්මාණ බිහි නොවීමට තවත් ප්‍රබල සාධකයක් වනුයේ ධනේෂ්වර පාලනයක ක්‍රමයේ පැවැත්ම තහවුරු කර ගත නොහැකිනම් හෝ පාලන ක්‍රමය විවේචනය වේනම් එකී නිර්මාණය සමාජගතවීමට ඉඩ නොදීමයි. ඉහත ගීතය මෙන්ම තවත් ගීත ගණනාවක් ද,  තහනමට ලක්වනුයේ එබැවිනි. එපමණක්ද නොව යහපත් සමාජ සංශෝදනයකට මං පෙත් සැකසීමේ පාපය හේතුවෙන් ඔහුන්ට එම කාල වකවානුවේ දී රට හැරදා පලා යාමටද සිදුවනුයේ එබැවිනි.

නැවත  ඇත්තෙන්ම 60-90 අතර කාලය තුල බිහි වූ විශිෂ්ඨ කළා කෘතී හා සමාන නිර්මාණය කෙතෙක් දුරට අද බිහි වෙනවාද? අතරින් පතර බිහිවන හෝද කෘතී වලට සමාජයේ තැනැක් නොලැබී යනුයේ මන්ද? අද රූපවාහිනිය සහ රේධියෝව විවෘත්ත වී ඇත්තේ මොනවාද? මේ සියල්ලම අද ඉලක්කකර ඇත්තේ බුද්ධිය නොව මිනිස් හැගීම් නොවේද? සියල්ල අලේවි වන සහ අලේවි කරමින් පවතින ලෝකයේ අධ්‍යාපනය මෙන්ම කලාවත් අලෙවි විය යුතුද? එහිදී සමාජ සත්තා යතාර්ථ මූලධර්මයට යටත් කෘතී බිහි වෙයිද?


හොද, යහපත් ජාතියක් බිහිකිරීමට කලාව වැදගත් නොවේද? නමුත් අද අපේ කලාවට සිදුවී ඇත්තේ කුමක්ද? යහපත් සාරධර්මයන්නේ පිරි සමාජයක් බිහිකිරීම උදේසා කලාව පෝෂණය කළ යුතු බව පාලන තන්ත්‍රවලට නොතේරෙන්නේ මන්ද?  අවම තරමින් ඔහුන්ටද කලාවේ ඇති කාර්යබාරය සහ වැදගත්කම අවබෝධ කර ගැනීමට හෝ නොහැකි වීම ගැන අප කම්පා විය යුතුය.


මෙම කාල වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ද යතාර්ථවාදී ගීත කිහිපයක් හෙවත් “විමුක්ති ගී“ ලේබලයෙන් ගීත නිර්මාණය විය. නන්දා මාලනීයන්ගේ ඉහත ගීතය අඩංගු වූ “පවන“ ගී ඇල්බමයේ සහ “විමුක්ති ගීත“ අතර බැලූ බැල්මට සමාන කමක් දැකිය හැකිය. නමුත්, එහි එකිනෙකට පරස්පරතාවයක් ද ඇත. එනම්, විමුක්ති ගී වල අණ කිරීමක් හෙවත් විධානය දීමක් අන්තර්ගත විය. නමුත් “පවන“ ගීත තුළ මනසේ අරගලයක් නිර්මාණය කිරීමට සමත් විය. කෙසේ වෙතත් එකී ගීත සියල්ල එම කාල වකවානුවේ කැපී පෙනෙන සමාජ මෙහෙවරක් කිරීමට දායක වූ බව අප අවිවාදයෙන් පිළිගත යුතුය. නමුදු අද “විමුක්ති ගී“ ද නිර්මාණය නොවේ. ඒ අනුව බලන විට ඔහුන්ද අද සමාජ ක්‍රමයේ ගොදුරක්ව බවට පත්වෙමින් තිබෙනවාදෝ කියා සාධාරණ සැකයක් මතුවේ.


එසේම දයාබර මිතුරනී, ගීතයෙන් කියවෙන සමාජ යතාර්ථය හෙවත් එදා සිට අද දක්වා සිදුවන මෙම සමාජ අසාධාරණය පිටු දැකීමටත් යහපත් සමාජයක් ක්‍රමයක් ගොඩනැගීම ට ත් දායක වීම සහ එයට සුදුසු මංපෙත් (දේශපාලනික හෝ සමාජීය හෝ වෙනත් ඕනම ආකාරයකින්) සකස්කර දීම ඔබේත් මගේත් වගකීමක් නොවන්නේ ද? එය ඔබට නොතේරේනම් ඔබ සමාජයට බරකි. ෴

පසු සටහන-
2012 - සැප්තැම්බර් 27 වන දින අළුයම කොළඹ නුවර පාරේ ඉඹුල්ගොඩ හංදියේදී අභිරහස් ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරී ශිෂ්‍ය සහෝදරයන් දෙදෙනෙක් වන ජානක බංඩාර සහ සසිත ප්‍රියන්කර (මාතලන් සහ ටොක්කා)  මරණයට පත් විය. ඔහුන් ඒවන විට නිදහස් අධ්‍යපනයේ අයිතීන් වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් සමග එක්ව දියත් කළ පාගමනක සංවිධාන කටයුතු වල නිතරව සිටීය. මරණයට පත් වූ මාතලන් සහෝදරයා ඊට මාස කිහිපයකට පෙර චැම්පර් බ්ලොග් එකෙහි “ යදමින් බැඳ විලංගුලා “ ගීතය සදහා පහත සටහන තබා තිබුණි.

දැන් පවතින අසාධාරන ගැන, විකාර ක්‍රමය ගැන ගීත ලියන්නේ,ගයන්නේ නැත්තේ....?
සිරි ලංකාව එයාලා ප්‍රාර්ථනා කරපු තත්වෙට ඇවිල්ලද..?
නිර්මාණ ශක්තියේ පිරිහීමක්ද...?
පාළකයෝ යාලුවො හින්දද...?
තමන්ගේ පංතිය බලයට පැමීනීමද...?
නිර්මාණ ගැන ප්‍රශ්නයක් නොමැත.. නමුත් කුහක මිනිසුන් බව නොකියාම බැරිය...
අදහස - නිර්මලා මධුශානි ගෙනි

9 comments:

අද කාලෙ නවරැලට මේ වාගේ ගී නිර්මාණ ගෙන්න උවමනාවක් නෑ. සල්ලි හොයන්න පුළුවන් බස් ගී පමණයි බිහිවෙන්නේ.....

me wage geetha dan ahenneth aduwen...

This comment has been removed by the author.

එදා ගීතයෙන් කල දේ අද වෙන් නැත්තේ ඇයි..........

EKA NISA WENNA ATHI NANDA MALINI LA EDA PAWANA GAHALA DAPU SADDE ADA THAMAMN KEMATHI AANDUWAK INNAKOTA DAANNE NETTHE..... ADA EDATATH WEDIYA ME RATE WERADI DEWAL SIDDA WENNE..... ETH ADA KATAI PASHCHAATH BAAGAYAY DEKAMA WAHAGENA INNE RAAJA OOSHNE NISA WENNA ATHI.... WERADI NAM KAWADATH WERADY ... EKA THAMAN KEMATHI AANDUWAKDA AKAMETHIS AANDUWAK DA KIYALA PRASHNAYAK NE HARI SAADARANA MINISSUNTA.....
API THAAMA HOYANAWA E KALE PAWANA LIYAPU SUNIL ARIYARATHNE UNNAHEWATH.... DAN LANKAWE NEDDA DANNE NE ETHUMA THAWA PAWANAK LIYANNA..... ME THAMAI AWASTHAWAADIYO KIYANNE......

මේ නිර්මලා හිතන මාතලන් නෙවෙයි නේද? මේ කමෙන්ට් කරල තියෙන්නේ?

ඒ කාලයේ ගුණදාස අමරසේකරගේ “ඝනඳුරු මැදියම දකිනෙමි අරුණලු” ‍කියවා සහ සුනිල් ආරියරත්න ලියූ නන්දා මාලිනීගේ විරෝධතා ගී අසා ෆෝම් වූ කොල්ලන් ප්‍රේමදාස සමග ගේම ඉල්ලූහ​. ප්‍ර්‍රේමේ මොවුන් ටයර් සෑවල යැවීය​. කොල්ලන් ෆෝම් කල ගුණදාස අමරසේකරලාගේ නන්දා මාලිනීලාගේ ලමයි අර කුමන්ත්‍රන්ණකාරී ලංකාවට කෙලවීමට දත කට මැදගෙන සිටින බටහිර රටවල සුවසේ ජීවිතය විඳිති. ටයර්සෑ වල අන්තිම ගමන ගිය කොල්ලන් ගේ දෙමාපියන් තවමත් අතුරුදහන් වූ සිය දරුවන් සොයති. ලක්බිමේ මිහිරි ෆොන්සේකා ගේ පැණයකට අතුරලියේ රතන දෙන පිලිතුර බලන්න මිහිරි ෆොන්සේකා :පාඨලි චම්පික රණවක ඔබට හමුවුණේ කොහොමද? අතුරලියේ රතන : ශිෂ්‍ය ව්‍යාපාරයේදී තමයි ඔහු මට හමුවුණේ. ඒ කාලයේ චිනුවාචිබේගේ අප්‍රිකානු ජාතික විමුක්ති ව්‍යාපාරය ගැන ඔහු උනන්දු වුණා. ගුණදාස අමරසේකර “ඝනඳුරු මැදියම දකිනෙමි අරුණලු” ‍පොත ලීවේ ඔය කා‍ලේ. ඒ ‍පොත ශිෂ්‍යයන්ගේ ‘බයිබලය’ වුණා. තරුණ පරපුරේ ජීවිතයට උත්තේජනයක් දීපු ‍පොතක්. චම්පික ඔය කාරණා ගැන තමයි මා සමග කතා කළේ. ශිෂ්‍යයන්ගේ ‘බයිබලය වූ “ඝනඳුරු මැදියම දකිනෙමි අරුණලු” ‍ලියූ සහ ජාතික චින්තනය පිලිබඳ මොරගෑ බටහිට රටවල් වලට හිටු කියා බැන වැදුනු ගුණදාස අමරසේකර සිළුමිණ පුවත් පතේ සුනිල් මිහිඳුකුලට දෙන්නේ මෙවැනි පිලිතුරකි. සුනිල් මිහිඳුකුල: ඔබේ බිරිඳ කවුද? ගුණදාස අමරසේකර :චන්ද්‍රා සෙනෙවිරත්න. සබරගමු විශ්ව විද්‍යාලයේ ඉංග්‍රිසි අංශයේ මහාචාර්යවරියක් විදියට කටයුතු කළා. සුනිල් මිහිඳුකුල:දරුවන්? ගුණදාස අමරසේකර : එක පුතයි. නම සුමේධ. එයා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. (මේ කතාවේ මොරල් එක : කියන්නා මොන බයිලයක් කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය​. ඔවුන්ගේ දරුවන් නොයන තැන් වලට ඔවුන් අපගේ දරුවන් යැවීමට සෙට් කරති. අප යා යුත්තේ ඔවුන් අපට දෙන ඉලක්ක වලට නොව ඔවුන් තමන් ගේ දරුවන්ට දෙන ඉලක්ක වලටය​)

Mewani geetha liyliyanhithanann නිර්මාණය karanna ape daruwata මානසිකත්වය k na his olu gedi thiyenne

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...