Wednesday, October 10, 2012

නිර්මාල් සර්ගෙන් ලොන්ඩරි හඩ්ඩාට කනේ පහරක්...

දිනපතා උදේ 7.00 ට විකාශනය වන හඩ්සන් සමරසිංහ ගේ පුවත් සමාලෝචන වැඩසටහනකදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය හා අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැත්වෙන සාකච්ඡාවේ ප්‍රගතිය පිළිබඳව ආචාර්ය දේවසිරි සර්ගේ දුරකතනය ඔස්සේ හඩ්සන් සමරසිංහ මහතා කරුණු විමසා ඇත.

හඩ්ඩා -: දැන් ප්‍රශ්නය ඉවරයි නේද ආචාර්ය තුමා?



නිර්මාල් සර් -: ප්‍රශ්නය ඉවරද නැද්ද කියලා තීරණය කර න්න ඕන අපි නෙවෙයි රජය. අපි අපේ ඉල්ලීම් ඉදිරිපත් කරල තියෙනව. එම ඉල්ලීම් ඉටු කරනවද නැද්ද කියලා රජය තීරණය කළ යුතුයි.

හඩ්ඩා -: ඔබ තුමා පිළිගන්නවද විශ්ව විද්‍යාල ආචර්යවරුන්ගේ ප්‍රශ්නය අවසාන වීමට ආසන්න තත්වයක පවතිනවා කියලා?

නිර්මාල් සර් -: ප්‍රශ්නයක් අවසාන වීමට නම් මැදහත් පාර්ශවයක් විසින් ගැටුමට සම්බන්ධ පාර්ශවයන් එක්තරා මැදහත් තත්වයකට ගෙන ආ යුතු වෙනවා. එතකොට තමයි ගැටුමට සම්බන්ධ පාර්ශවයන් දෙකට සාකච්ඡා මේසයක එකට වාඩි වෙලා එම ප්‍රශ්නය ගැන කතා කළ හැකි වන්නේ. ඒකට තමයි කියන්නේ ‘ගැටුම් නිරාකරණය’ කියලා. නමුත් තමුන්නාන්සේලා මොකද කරන්නේ? තමුන්නාන්සේලා කරන්නේ එක අන්තයක ඉදගෙන ඇවිලෙන ගින්නකට පැට්‍රෝල් දමන එක. එහෙම කරලා දැන් ලැජ්ජ නැතුව අහනවා ප්‍රශ්නෙ ඉවරයි නේද කියලා. අන්තිම ලැජ්ජා සහගතයි තමුන්නාන්සේලාගේ මාධ්‍ය භාවිතාව.

නිර්මාල් සර් මෙසේ පවසද්දී ‘හා හා හරි හරි’ කියා හඩ්සන් සමරසිංහ දුරකතනය විසන්දි කොට ඇත.

1 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...