Saturday, November 17, 2012

ශිෂ්‍ය ව්‍යාපාරයට මඩ ගැසීමේ ආණ්ඩුවේ කොන්ත‍්‍රාත්තුවේ අලුත් මුහුන...

මේ දින වල ජනතා විමුක්ති පෙරමුණ මඟින් අමුතුම රාජකාරියක් ආරම්භ කර ඇත. පසුගිය කාලයේ ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස ගනු ලැබු තීරණ මෙයට හේතු වී ඇත.

මෙහි ආසන්නතම සිදුවීම වූයේ පසුගිය ආචාර්ය අරගලය තුළ ඇති වූ තත්ත්වයයි. මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය විසින් සූදානම් කළ සිය අරගලය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා හයිඞ් පිටියේ පැවැත්වූ රැලිය තීරණාත්මක සංධිස්ථානයක් විය. මෙම අවස්ථාවට සහභාගී වන ලෙස ශිෂ්‍ය ව්‍යාපාරයට ආරාධනය ලැබුනේ ආචාර්ය සංගමය විසිනි නමුත් මෙම රැලියේදී ශිෂ්‍ය ව්‍යාපාරයට වේදිකාවේ අසුනක් පවා නොදෙන්නට කුමන්ත‍්‍රණය කරන ලද්දේ ජවිපෙ විසින් බව එම රැලියට ගිය සිසුන් කාටත් වැටහුනේ එහි වේදිකාවේ අසුන්ගෙන සිටි කිසිසේත්ම ආචාර්යවරුන්ගේ අරගලයට වචනයකින් හෝ සහයෝගයක් නොදුන් අය පවා එහි රැඳී සිටීමෙනි.

උදාහරණයක් ලෙස ඒ සඳහා සහභාගී වූ රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමයේ කැ
වුම්කරු දැක්විය හැක. මොහු අචාර්ය අරගලයට සම්බන්ධ එකදු උද්ඝෝෂණයකවත් සිටියාදැයි අප අසමු. මේ හරහා ජවිපෙ බලාපොරොත්තුවූයේ ආචාර්ය සංගමය හා ශිෂ්‍ය ව්‍යාපාරය විරසක කරවීමය. නමුත් ශිෂ්‍ය ව්‍යාපාරය හෝ ආචාර්ය සංගමය හෝ එම ගැටයට හසුවුයේ නැත. මේ තුළ ජවිපෙ අරමුණ වූයේ සටනට නිර්ධන පංති පක්ෂයක් ලෙස සහය දීම නොව සටනේ අයිතිය ලබා ගැනීම පිළිබ ප‍්‍රශ්ණයකි. නැතිනම් තම දේශපාලන පක්ෂයට මේ හරහා ලකුණු දමා ගැනීමේ උත්සහායකි.

මීලඟට ආචාර්යවරුන් සහ සිසුන් තම අරගලය පිළිබ
ඇති කරගත් බරපතල න්‍යායික සංවාදයකින් අනතුරුව වෙන වෙනම පා ගමන් දෙකක් කිරීමට සාමූහික තීරණයකට එලඹෙන ලදී. මෙහිදීද ජවිපෙ සිය සාමාජිකයන් හා විශ්වවිද්‍යාල සිසුන් අතර ප‍්‍රචාරය කළ මතය වූයේ ශිෂ්‍ය ව්‍යාපාරය සටන පාවා දුන්නා කියාය. තම දහස් ගනනක් සිසුන් අධ්‍යාපනයේ අයිතිය ඉල්ලා කෑ ගැසූ අධ්‍යාපන ධවල පත‍්‍රිකාව කරළිගතවූ මහා භීෂණ සමයක් රට තුළ වැපිරූ එජාපය හා ලංකාවේ ධනපති දේශපාලන පක්ෂ සමඟ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පාගමන් යන්නට ජවිපෙට විලි ලැජ්ජාවක් නැති වුවද, වගකිවයුතු ශිෂ්‍ය ව්‍යාපාරයකට එසේ කළ නොහැකි බව මොලේ කළක් ඇති ඕනෑම අයෙකුට වැටහෙන කරුණකි. මෙහිදීද ජවිපෙට උවමනා වූයේ ''එජාපය නොව මහින්ද ආවත් කමක් නෑ, සටනේ පෙරමුණේ ජවිපෙ ඉන්නවානනම් ඇති" යන අදහස පමණි.

කෙසේ නමුත් ආචාර්යවරුන් සහ සිසුන් සාර්තකව සිය පා ගමන් දෙක එකවර එකම රැලියකින් අවසන් කරමින් සටනේ ඒකාබද්ධතාවද, තම තමන්ගේ අනන්‍යතාවන්ද රැක ගනිමින් සිය සටනේ නිරත විය. නමුත් ජවිපෙට අවශ්‍ය වූ දේ සිදු වූ යේ නැත. ඒ නිසා ඔවුන් තවත් අවස්තාවක් සොයමින් සිටියේය ඔවුන් දැන් අල්ලා ගෙන ඇත්තේ පා ගමනේදී ශිෂ්‍ය ව්‍යාපාරයෙන් උදුරාගත් සහෝදරයන් දෙදෙනාගේ නඩුවට ශිෂ්‍ය ව්‍යාපාරය මැදිහත් නොවී එය පාවා දුන්නාය යන අදහසයි. ඒ වෙනුවෙන් දිගින් දිගටම ජවිපෙ සාමාජිකයන් විශ්වවිද්‍යාල සිසුන්ගේ නිවෙස් වලට යමින් ද සිය මාධ්‍ය යොදා ගනිමින් ද අදාල මඩ ප‍්‍රචාරය දියත් කරමින් තිබේ. (ආණ්ඩුවේ ආරක්ෂක අංශ නියෝජිතයින්ද මෙසේ සිසුන්ගේ ගෙවල්වලට ගොස් තොරතුරු එකතුකරමින් සිසුන්ට විවිධ ආකාරයේ බලපෑම් සිදුකරමින් සිටී)


ඔවුන් සමහර නිවෙස් වලට ගොස් පවසා තිබුනේ එම සිසුන් අවසන් කාලයේදී තමන් සමග දේශපාලන එකඟතාවක සිටියාය වන මුසාවය. මීට මාස ගනනාවකට පෙර කඩුවෙලදී පෝස්ටර් ගැසීමට ගිය මිය ගිය ජානක සිසුවාට ජවිපෙන් පහර දී තිබුණේය. ඒ සමග මෙම මිය ගිය සහෝදරයන්ගේ මල ගෙවල් වලට පවා කිසිදු සහයෝගයක් නොදී මූනිච්චාවට පමණක් ඒවාට සහභාගී වී, ශිෂ්‍ය ව්‍යාපාරය මෙම සිදුවීම මඟහැරියා යයි පවසන්නේ ජවිපේ බංකොලොත් බව නිසා මිස අන් කිසිවක් නිසා නොවන බව පැහැදිළිය. කොළඹ දිස්ත‍්‍රීක්කයේ ජවිපේ ශිෂ්‍ය සංගමයේ නායකයෙක් මෙම මරණය ගැන කියා තිබුනේ මෙය රංගනයක් බවයි. එසේ පවසන ඔහුට අපට පැවසීමට ඇත්තේ කටුවන දී ජවිපෙට එල්ලකල මැර ප‍්‍රහාරයත් රංගනයක්ද යන්නය.

මීට අමතරව තම දේශපාලනයට අනුගත නොවන සිසු නායකයන් පිළිබඳ විශ්වවිද්‍යාල පරිපාලනයට කේලම් කීමේ ඉතා පහත් උත්සහයකද දැන් ඔවුන් යෙදී සිටී. කලින් සඳහන් කළ මිය ගිය සිසුන් පිළිබ කෙරෙන සියලූ පරීක්ෂණ සහා සිය සම්පූර්ණ වෙර ශිෂ්‍ය ව්‍යාපාරය යොදමින් ඇත. නමුත් දැනට පැවැත්වූ නඩු වාර කීයකදී ජවිපෙ සිය මාධ්‍ය හරහා මෙම නඩුව ගැන විස්තර දැම්මාද යන්න මෙහිදී සොයා බැලිය යුතුය. ඒ එක දිනකවත් අඩුම තරමින් එවැනි නඩුවක්පැවතුනාද යන ප‍්‍රවෘත්තියවත් සිය මාධ්‍ය වෙතින් ලබා දීමට තරම් කුහක වන ජවිපෙ මේ පිළිබ ශිෂ්‍ය ව්‍යාපාරයට මඩ ගැසීම පමණක් කිරීමෙන් හෙළි වන්නේ ඔවුන් බාරගෙන තිබෙන්නේ ආණ්ඩුව මෙතෙක් කලක් කරමින් සිටි කොන්තරාත්තුව බවය. මෙම කොන්තරාත්තුවට ජවිපෙට හිතවත් වෙනත් ධනපති මාධ්‍ය ද හවුල් වෙමින් සිටී.

ශිෂ්‍ය ව්‍යාපාරය මේ දෙපිරිසටම අද බරපතල හිසරදයක් වී ඇත්තේ ඔවුන්ට ආණ්ඩුවක් අටවා ගැනීමේ තදියමට ශිෂ්‍ය ව්‍යාපාරය කඬේ යැවීමට නොහැකි වීමය. ජවිපේ පසුගිය කාලය පුරාම කළේ තමන්ගෙන් ඉවත් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සමාජිකයන්ට හිරිහැර කිරීමය. නමුත් ඔවුන්ට මෙම කාලකණ්ණි පහරදීම් විශ්වවිද්‍යාල තුළ කිරීමට අවස්තාව ලැබුනේ නැත. එය ඔවුන්ට බරපතල හීනමානයක් ඇති කර ඇත. ඔවුන්ට පමණක් නොව ඔවුන් හා සහයෝගයෙන් වැඩ කරන ඔවුන් නොදැනුවත්වම කඬේ යන ධනපති බංකොලොත් දේශපාලූවන්ටද මෙය ඉවසා සිටීමට බැරි තරම් හිසරදයකි.

පසුගියදා කරාපිටිය වෛද්‍ය පීඨයේ ඇතිවූ සිසු ගැටුමක් මෙම ඊනියා මාධ්‍ය හරහා පෙරටුගාමීන් හා ජවිපෙ අතර ගැටුමක් ලෙස පළ කළ පට්ටපල් බොරු මාධ්‍ය ප‍්‍රකාශ හරහාද. මෙම ගැටුමෙන් අසරණ වී සිටින සිසුන්ගැන තමන් මාධ්‍ය සාකච්ඡාවක් ගන්නද යැයි අසන එම සිසුන්ගේ අසරණ කමින් තම දේශපාලන බංකොලොත්භාවය වසා ගැනීමට වෙර දරන ජවිපේ මැදිහත් වීමෙන්ද මෙම ධනපති දේශපාලනයේ හා ජවිපේ දේශපාලනයේ ඇති උපයෝගිතාවාදී පහත් දේශපාලන භාවිතාව මනාව කැපී පෙනේ.
 

අප ජවිපෙන් ඉල්ලා සිටින්නේ උඩින් බොරුවට ශිෂ්‍ය ව්‍යාපාරය ගැන කිඹුල් කඳුලූ හෙළමින් යටින් සිය පහත් කුමන්ත‍්‍රණ කි‍්‍රියාත්මක කරන දේශපාලනය දැන්වත් නවතන ලෙසයි. ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව මඩ ගැසීමේ ආණ්ඩුවේ කොන්තරාත්තුව ඉටු කරන ඔබට කීමට ඇත්තේ ශිෂ්‍ය ව්‍යාපාරය කෙදිනකවත් කඬේ හැරිය නොහැකි බවයි. ශිෂ්‍ය ව්‍යාපාරය කඬේ යවන්න ජවිපෙට, පෙරටුගාමීන්ට, ආණ්ඩුවට, එජාපයට හො කිසිවෙකුට හෝ නොහැකි බව අප කියා සිටිමු.

16 comments:

ලංකාවෙ වමේ වියාපාර ගහ මරාගන්නව ,ඕක මහ ලැජ්ජ නැති වැඩක් .විජේවීර සහෝදරය හිටියනම් තොපි දෙපොලටම කන පැලෙන්න ගහයි.

ප්‍රාග් කොම්යුනිස්ට් ක්‍රමය ,වහල් ක්‍රමය ,වැඩවසම් ක්‍රමයට පසුව ලංකාව ධනවාදී ක්‍රමයක දැනට නැවතිල තියනව.ඒකයි පොඩි මිනිහගෙ ත්‍රීවීලරේට බදුගහල කලින් කෝටි22ක් වෙච්ච ලැම්බොගිනිවලට කෝටි 16ක බදු සහනයක් දීල ලොකුමිනිහට කෝටි 6 කට ඒ ඇම්බොගිනිය ගන්න දීල තියෙන්නෙ.ඒකයි ලංකාවෙ ආර්තිකෙන් 80%ක ප්‍රමානයක් ජනගහනයෙන් 20%කට අයිතිව තියෙන්නෙ.කාල් මාක්ස් කියපු විදිහට මේ ක්‍රමේ පෙරලියක් වෙනව සමාජවාදී ක්‍රමයකට .එතකොට නායකත්වය ගන්න කරුනා කරල වමේ පක්ෂයක් ඉතුරු කරන්න.

අ.වි.වි.ශි.බ. වි.වි.ආචාර්යවරුන් අතරත් රටතුලත් තහවුරුකිරීමට සහ මෙතෙක් කලක් අන්තරය යටතේ සටන්වලට එකතුනොවුනු නමුත් ප්ර.ගතිශීලී සිසුන් සහ ශි.සංගම් අන්තරයේ බැනරය යටතට එකතුකර බහුජන ව්යාතපාරයක් ලෙස එය ශක්තිමත් කිරීමට තිබූ අවස්ථාව බොරු තර්ක දමා වි.වි.ආචාර්යවරුන්ගේ අරගලයෙන් මගහැරීමෙන් නැතිකර ගැනීම.
බහුතර සිසුන් ආචාර්යවරුන්ගේ අරගලයට උදව්කරන්න කැමැත්තෙන් ඉද්දි UNP එක එනවනම් එන්නෙ නෑ කියල බොරු තර්ක දමල ශිෂ්යනව්යාපාරය මේ අරගලයෙන් ඈත් කලා.(මාස දෙකකට කලින් විහාරමහදේවි එකේ අන්තරේ රැලියට 88-89 වි.වි.ශිෂ්යියො සිය ගනන් මරපු දේශපාලන පක්ෂ වල අයට ආරාධනා කරලම ගෙන්වූයෙත් මේ අයම තමයි, මෙයාලගෙ ලොක්කො අතුරුදහන් කියල රවීකරුනානායකල එක්ක එකට මාධ්යූ සාකච්චා තියන එක අවුලක් නෑ
ජපුරෙ අර්බුදය වෙලාවෙ සිරිකොතට ගිහිල්ලම UNP එක්ක සකච්චාකරන කොටත් අවුලකුත් නෑ.).මාස දෙකකට කලින් ඒ වගේ අපතයො ත්මුන්ගෙ වේදිකාවට ආරාධනා කරලම ගෙන්වගපු මෙයාල හයිඩ් එකේ රැලියෙදි ආචාර්ය වරු ස්ටේජ් එකට ආරාධනා කරල කතාවක් දුන්නම ස්ටේජ් එකට නැගල තමුන්ගෙ මතය එතන ප්රයකාශකරන්නෙ නැතුව ආණ්ඩුවට පෙන්නුව ශි.ව්යාේපාරය මේකට නෑ කියල.
.සිසු සහෝදරයින් දෙදෙනෙකුගේ මරණය හමුවේ හැසිරීම.
මා දන්නා තරමින් 88-89 න්පසුව ශි.ක්රිෑයාකාරීන් මරදැමීමට කිසිම ආණ්ඩුවක් නිර්භීත නොවීය.එම මියගිය සොයුරන්ගේ මරණයට හේතුව මිනීමැරුමක් බව සමාජ ගත කලේ ප්රිකාශ අන්තරේ නායකයින්මය.එය මිනීමැරුමක්නම් එයට විරුද්දව අන්තරය කල යුතුවන්නේ එය මිනීමරුවන්ගේම නීතියට භාරදී බලාසිටීමද?නැතහොත් නැවත ආණ්ඩුව සිසු නායකයින්ට අත තැබීමට භියවන මට්ටමට වගකිවයුත්තන් හෙලිදරව්කරන්නැයි බලකර සටන් කිරීමද? මේ සම්බන්ධයෙන් මුලින් ප්රභකාශ කලේ උද්ඝෝශන ක්රිදයාමාර්ග වලට නොගියේ නීති ක්රිවයාමාර්ග සිදුවන නිසා බවයි. අන්තිමට නඩු දවසෙ මොකෙක්වත් උසාවියටවත් ගියේ නෑ. ඇත්ත ගත්තොත් ශිෂ්යයව්යාුපාරය නැතිකරන්න කොන්ත්රාමත්තුව අරගෙන තියෙන්නෙත් ජ.වි.පෙ. නැතිකරන්න කොන්ත්රාිත් අරගත්තු අරගත්තු අවස්තාවාදීන්ම තමයි

" kannangara daruwoo" web/FB petu mathaka seita meheyawanu labanne "Antharee" kateyama bawa teka kalayaka seta mata daneei tebune. mema lepiyen eebawa 100% tahauru veya. "Peratugameei" paksha matawadaya elipitama neyojanaya karana "antharaye" ekaparshieka karunu dakweema paseka thaba, "Kanangara daruwoo" lesa apata leyana lesa illa seteemata kamaththemi... namuth campus studentla lesa api antharayata apagae sahayogaya palakaramu....

මෙම ලිපියට අනුව “ශිෂ්‍ය ව්‍යාපාරය කඬේ යවන්න ජවිපෙට, පෙරටුගාමීන්ට, ආණ්ඩුවට, එජාපයට හො කිසිවෙකුට හෝ නොහැකි බව අප කියා සිටිමු“ ඇයි බැරි මේ අපූරුවට ලස්සනට කඩේ යන්නේ.

මාගේ දේශපාලන දැනීම හැටියට ලංකාවේ කිසිම වෘත්තීය සමිතියකට, ශිෂ්‍ය ව්‍යාපාරයකට තවත් දේශපාලන පක්ෂයක රැකවරණය නැතිව ඉදිරියට යා නොහැකි ය. නො එසේනම්, එකී සංවිධානය උපන්ගෙයිම මරණයට පත් වීමේ අවදානම වැඩිය. එක් එක් ශිෂ්‍ය ව්‍යාපාරවලට දේශපාලන මට්ටමින් යම් යම් පක්ෂ සහය ලබා දෙන බව ඔබ නොදන්නා වුව ද එය ප්‍රසිද්ධ රහසකි. අදද ශීෂ්‍ය ව්‍යාපාර කිහිපයක් තමමාගේ වගකීම අමතක කර හැසිරිනුයේ එකී දේශපාන පක්ෂයේ භූමිකාව රඟ දැක්වීමට ය. මා නම් වශයෙන් කීමට අකමැත්තෙමි.

මාද මාගේ facebook එකෙන් මෙන් ම මාගේ yadaminbeda blog site එකෙන් ද දේශපාලනය ගැන කතා කළා. එහිදී මෙම "Kannangaradaruvo" blog site එකට ද ප්‍රචාරයක් ලබා දුන්නා. තවද ලිපි සැපයූවා. නමුත් කන්නන්ගර දරුවෝ සයිට් එකද අද දෝලනයවනුයේ කිනම් දිශාවකට ද යන්න අපැහැදිලි තත්වයකට මාව පත් කළා. එය බලන තවත් බොහෝ දෙනෙකුට ද එසේ වී ඇත කියා ඉහත කොමන්ට් වලින් පිළිඹිබු වෙනවා.
මමද අන්තරේ හිටපු සාමාජිකාවකි. නමුත්, අප වකවානුවේ සහෝදර සංගම් සහ අප දැක්මට සහය ලබා දුන් කිසියම් දේශපාලන පක්ෂයක් අමනාප කරගෙන අපේ ගමන යාමට වෙර නොදැරුවෙමි. සතුරාගේ සතුරා, මිතුරෙකු ලෙස දැකීමට අපට පුළුවන් විය. නමුත් ඒ අපගේ අවශ්‍යතාව වෙනුවෙනි.
මා මෙම ලිපිය ලියු නිර්නාමික ලියුම්කරුට හෝ වෙනත් සයිට් එකකින් සොරාගත් අයට හෝ කියා සිටිනුයේ, අපට ඇත්තේ පාලන පක්ෂය සමඟ ගැටලුවකි. එයද අධ්‍යාපන ප්‍රතිපත්ති සම්බන්ධ ගැටලුවකි. රටේ දේශපාලනය මෙහෙය වීමේ අවශ්‍යතාවයක් නොව අපට ඇත්තේ. නමුත් මෙහිදී, ශිෂ්‍ය සංගම් සමාජිකයෙකු ලෙස හෝ වෙබ් සයිට් කළමනාකරුවන් ලෙස හෝ විපක්ෂයේ පිල්බෙදීම් (ජවිපෙ සහ එජාපය - එජාපයේ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අපට වෙනම ගැටලු ඇත. නමුත් මේ ඒ සඳහා අවස්ථාව නොවේ) තවත් පක්ෂයක් නිර්මාණය කිරීමට, උල්පන්දන් දීම හෝ කේලාම් කීම හෝ යනු මෝඩ තකතීරු වැඩකි. මා හට හැඟි යන පරිදි මෙම නිර්නාමික ලිපියෙන් ව්‍යංගයෙන් ප්‍රශංසා ගෙද දීමට ලිපිකරු උත්සාහදරා ඇත්තේ පෙරටුගාමී පක්ෂයට ය. අවශ්‍යතාවයක් ඇතිනම් පෙරටුගාමී පක්ෂයට ද ඍජුවම ප්‍රශංසා කළාට කම්නැත. නමුත් අනුගමනය කරනලද ක්‍රමය දෙස බලන විට පෙනී යන්යේ,
1) තවත් පාර්ශවයකට පහරදී තවත් පාර්ශවයක් ගොඩනැඟීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමය. සැබවින්ම නමක් ගමක් නැති ඔබේ ලිපියේ වචනවලට අනුව එයද කඩේ යාමකි. අපට දැනට ඇත්තේ එක සතුරෙකි. අවසානයේ සියලු දෙනා අතහැර දැමූ ෆොන්සේකා මහතාට සිදු වූ දෙය ශිෂ්‍ය ව්‍යාපාර වලට ද (විශේෂයෙන් “අන්තරය“ ට)අත්වන්න ඉඩ නොදෙමු.
2) මෙම ලිපියේ අවසාන වාක්‍ය “ශිෂ්‍ය ව්‍යාපාරය කඬේ යවන්න ජවිපෙට, පෙරටුගාමීන්ට, ආණ්ඩුවට, එජාපයට හො කිසිවෙකුට හෝ නොහැකි බව අප කියා සිටිමු.“ එය මෙලෙස දීර්ඝ කරනවානම් ඔබේ ආකල්පයට අනුව සාධාරණය. “එපමණක් ද නොව ශිෂ්‍ය ව්‍යාපාරය උසාවියට යවන්න ද නොහැකි ය“

boru katha epa kannangara dharuwo page eka gana ohoma hithanna epa ,meka balanna ..

"මතුවූ විරෝධතා හේතුවෙන් ආණ්ඩුව හකුළාගත් විශ්වවිද්‍යාල පනත නැවත කැබිනට් පත්‍රිකාවක් හරහා ගෙනඑන බව සමාජවාදී ශිෂ්‍ය සංගමය පවසයි.

එහි ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවැසුවේ අද (06) බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය."
http://kannangaradaruwo.blogspot.com/2012/11/ssu.html#.UKn1EuRti0Y

dan kiyanna kannangara dharuwo JVP kiyala ,

padanamak nathi tharka danna epa "kanangara daruwoo" eke nedahas adayapanaya surakeema wenuwen onama pakshayaken teyana madya sakachcha dala teyanawa. (eg :- "අධ්‍යාපනයේ අර්බුදය කුමක්ද? සටන කොතැනද?" යන තේමාව යටතේ දුමින්ද නාගමුව මහතා විසින් කොළඹ මහජන පුස්තකාලයේදී පසුගිය 01 දින පවත්වන ලද සම්මන්ත්‍රණය ඇසුරිනි. http://kannangaradaruwo.blogspot.nl/2012/10/blog-post.html#.UKoNFGdVK6s) aneka ehema dana eka hodai....

habai me comment walen keyanne eegana nemei.... sesyaweyaparaya thula bedem nermanaya wana aurin sahaseka lesa pakshayakata paharagahamen thawath pakshayaka mathawadayak darana lepiyakata "nedahas adyapanaye daruwan" yai keyaganna web adaweyaka ida venkereemai. mehi "ADMIN" gen meita peleturak balaporothuwemi....

balanna
http://kannangaradaruwo.blogspot.com/2012/09/blog-post_19.html#.UKozyeRti0Y

ලිපිය දෙස ඉතා ඕනෑකමින් බැලූ විට පෙනී යනුයේ මෙතන ඇත්තේ ජවිපෙට කඩේ යාමක් ගැන නොවන බවයි. මට පෙනෙනා අන්දමට පෙර+පටුගාමීන් පෝෂණය කරනු සඳහා කරන ලද උත්සාහයකි. එසේ සිතීමේ අනිත් කාරණය වෙන්නේ මේ කාලයේදී පෙර+පටුගාමීන් අන්තරය තමන් සතු කර ගැනීම සඳහා තම උපරිම උත්සාහය ගැනීමයි. ඒ සඳහා මතවාද, ෆේස්බුක්, මේ වාගේ සැමදා බිහිවන බ්ලොග් භාවිත කරනවා. ජවිපෙට මඩ ගහන තරමට ගොඩ කියා සිතනවා. ඒ සඳහා හැකි උපරිම උත්සාහ කරනවා. මේයත් ඒ වාගේ අවස්තාවක්.
මම අද වන තුරු සිතාගෙන හිටියේ කන්නන්ගර දරුවෝ කියන්නේ හොඳ සයිට් එකක් කියලා. නමුත් එතනද මහින්දට වාගේම ‘අධ්‍යාපනය‘ කියන එකට මුල් තැන සමහර වේලාවට ලැබෙන්නේ නෑ. මේ ඒ වාගේ අවස්තාවක්.
ඇත්තටම නිර්මලා කියන දේ මාත් පිළීගන්නවා. මෙයාලා හැංගි හැංගි දේශපාලනයට කඩේ ගියත්, නැතිවුන සහෝදරයෝ දෙන්නා වෙනුවෙන් උසාවියට යන්න එකෙක්වත් නෑ. ඊට හේතුව පෙර+පටුගාමීන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. ඇත්තටම මේ සයිට් එකේ නම වෙනස් කරන්නකෝ. “පෙරටුගාමී කන්නන්ගර දරුවෝ“.
මම අන්තිමට කියන්නම් ඔයාලා ජවිපෙ හදන්න ඕන නෑ. එක එයාලා කර ගනීයි. සැබෑ අරගලයක ලිපි ලියන්න. ගොන් පාට් එපා. ලිපියේ අරමුණ මොකක්ද කියන එක අපි කාටත් පැහැදිලියි.

නියමයි. එළ, එළ, අන්තරේ ද මේ වෙන කවුරුවද්ද. මට වැඩක් නෑ එකෙන්. එත් මම දන්නා විධිහට අධිමාන්නයකින් හා අධිතක්ෂේරුවකින් ඉන් පිරිසක්. කොහොම උනත් මල්ලි උඹලා අරයට මෙයාට බැන බැන ඉඳපල්ලා. කලින් යූ එන්පී කියුවා. දැන් ජේවිපී කියනවා. සමහරු කුරුටුගාමී කියනවා. උබලාගෙත් මහ ලොකු කයිවාරුව විතරයි කොල්ලනේ. මැරුණ දෙන්නාගේ අයිතිවාසිකම් වෙනුවෙන් එකෙක් නෑ. පක්ෂයකට බැනලා තියෙන නිසා අපිටත් බලන්න කුවික් එකක් එනවා. අපිත් කැමතියි උඔලා කරපු අරගලයට. එත් කිසිම සංවිධාන හැකියාවක් නැතිව මේ නිකන් නැටුවාට වැඩක් නෑ. දැන් උබලා අරගල් කාරයෝ වාගේ facebook වලිනුයි blog වලිනුයි ද අරගල කරන්නේ. මල් හතයි අන් දෙකයි ඈ!!!

ශිෂ්‍ය ව්‍යාපාරයට මඩගහල ජනතාවගෙන් ඈත්කරන්න ඇතැම් පිරිස් ගන්නා උත්සාහයේදී,

ආන්ඩුව මඩගැහුවෙත් වැරදියි, ජවිපෙ මඩගැහුවොත් කමක් නෑ කියලද කියන්නෙ...?

මේක තමයි පක්ෂපාතීතිවය කියන්නෙ...

ශිෂ්‍ය ව්‍යාපාරයට ආරාධනය ලැබුනේ ආචාර්ය සංගමය විසින් වුවත් වේදිකාවේ අසුනක් පවා නොදෙන්නට කුමන්ත‍්‍රණය කරන ලද්දේ ජවිපෙ බව කීමෙන් ම අඩුම තරමේ ජවිපෙට එහෙම දෙයක් හෝ කල හැකි බව මේ නාහේන් අඩන පාර්ශවය පිලිගනී.එයම සතුටකි.සැබැවින්ම කුරුටුගාමීනි නුබලාට රිදී ඇත.
කුරුටුගාමී සංවර්ධනය අපි විරු සමරුවෙදි දැක්කනෙ.ගියපාර ගෙවල්වල ඉන්න පොඩි උනුත් අරගෙන තෙරපි තෙරපි ගිහින් සුගතදාසේ පිරුනා.මෙවර කට්ටියට ඇත්ත තේරෙද්දි කවුරුත් නැහැ.තවටික දවසකින් ඔය ඉන්න ටික දෙනත් ජොබ් එකක් එහෙම හොයාගෙන යයි.තව ටික දෙනෙක් අපිට වැරදුනා කියල පසු තැවෙයි.තව ටිකදෙනෙක් දැන් ධනේෂ්වර ආණ්ඩු විවේචනය කලාට 88-89 වගේම ඒ ආණ්ඩු වලම ගෝනි බිල්ලන් බවට පත් වෙයි.
අප දන්න සිදුවීම් ගොඩක් තියෙනවා ධනේෂ්වර ආයතන වලට තොරතුරු දීල ජ.වි.පෙ.(ගතික සමාජ ව්‍යාපාරය)විනාශ කරන්න ස්ථික පොතේ ගුරු වාදීන් කරපු නපුන්සක උත්සාහයන්.ඒ එකකින් වත් දශමයක් තම ජීවගුනය සිදනොගත් ජ.වි.පෙ.(ගතික සමාජ ව්‍යාපාරය)නිර්මානය වන තත්වයන් හමුවේ දශක ගනණාවක තම අත්දැකීම් මෙන්ම (භාවිත දැණුම)දියුණු මාක්ස් ලෙනින් වාදී න්‍යායික පදනමකද සිට කටයුතු කරයි.
කණගාටු නොවෙමු.ඔය ඇසෙන්නේ කුරුටුගාමීන්ගේ හංස ගීතයේ වේදනා බර හඩ මිස දියුණු විප්ලවවාදී ව්‍යාපාරයක් ඉපිද තිඹිරිගෙයින් නික්මෙන කිරිසප්පයෙකුගේ හඩ නොවේ.

ජ.වි.ප.ට ජය.

kawru monawa quwath deshapalana paksha karanne thamange goda thadakaraganna thanata wadakarana eka witharai... enisa api hitanna ona shishya wiyaparaya patten.

JVP karayoth ekale kale htamanta wirudda wadeenta madata gahala nathikaranna utsahakala ekama thamai, mewa amuthu deyak neme

He... he... Mandale kachal vage.
ane thopi boruva karanne nethiva hitaviyau.
Dinanna berivenakota Mokatahari benapiyau.
Ubala Karanne Kannangara mahaththaya vikunagena kana ak ne.
Ara-Gal Kara kollo. thope heluva penava me lipiyen. Thopita be yako Mahinda Mahaththaya Wattanna. Huluva Vahagena puluvan deyak kiyala reply akak dipiyau.

*************
Nihal, Amila Samaga mama Ruvan - Sri Lankave Mathara sita
*************

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...