Tuesday, November 26, 2013

මහාපොළ / ශිෂ්‍යාධාර සටන ජපුරෙන් ඇරබේ

මහපොළ හා ශිෂ්‍යාධාර මුදල රු.5000ක් දක්වා වැඩි කර ගැනීමේ සටන අද දින(26) ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආරම්භ විය. එහිදී මහාපොළ හා ශිෂ්‍යාධාර මුදල රු.5000 දක්වා වැඩි කරනු යන ඉල්ලිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්  උද්ඝෝශණය ක්‍රියාතමක විය. 

2005 වසරේ සිට මේ වන තෙක් මහාපොළ හෝ ශිෂ්‍යාධාර මුදල් කිසිදු මුදලකින් වැඩි කර නොමැති අතර මෙම වසරට උසස් අධ්‍යාපනය සදහා අයවැයෙන් වෙන් කල මුදලද ගිය වසරට සාපේක්ශව රු. මිලියන 2269කින් කප්පාදු කර ඇත.2005 වසට සාපෙක්ශව මහාපොළ හා ශිෂ්‍යාධාර මුදල් මේ වන විට රු.5000ක් පමණ විය යුතු අතර මෙවර අයවැයෙන්ද කිසිදු මුදලක් වැඩි කර නොමැත. 



  1. මහපොල හා ශිෂ්‍යාධාර වාරික රු 5000ක් දක්වා වැඩි කරනු
  2. අධ්‍යාපනය සඳහා සියයට 6 ක් වෙන් කරනු
  3. අධ්‍යාපන ප‍්‍රතිපාදන කප්පාදුව නතර කරනු
  4. තවමත් ලබා නොදුන් පළමු වසර මහපොල වහා ලබා දෙනු.
  5. අසාධාරණ ලෙස කප්පාදු කරන ලද මහපොල හා ශිෂ්‍යාධාර වාරික වහා ලබා දෙනු 





0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...