අපි අපගේ අරගලයේ තීරණාත්මක මංසන්ධියකට පැමිණ සිටිමු. මේ වනාහි අපගේ එකමුතුභාවය, ශක්තිය සහ කැපකිරීම පමණක් නො ව අපගේ මානව අභිමානය ද පරික්ෂාවට ලක්කෙරෙන මොහොත යි. සියලු ආකාරයේ තර්ජන, ගර්ජන, බියවැද්දීම්, අපහාස, උපහාස, අවමන්, අවලාද සියල්ලට මුහුණ දෙමින් අපි ඉදියට ම ඇදුනෙමු. අපට එරෙහි ව ගෙනා සියලු තර්ක විතර්කවලට ඇති තරම් පිළිතුරු දුන්නෙමු; කුඩා දරුවෙකුට පවා තේරෙන තරම් සරල ව, විස්තරාත්මක ව, සන්සුන් ව, කරුණින් කරුණ, සියල්ල පැහැදිලි කළෙමු. ඉතා ම නිහතමානී නම්‍යශීලි මිනිසුන් ලෙස යම් සාධාරණ එකඟතාවකට පැමිණීම සඳහා අවංක සිතින් සාකච්ඡාවලට සහභාගී වීමු; තවදුරටත් සහභාගී වෙමින් සිටිමු. ඉවසිලිවන්ත ව, විනයගරුක ව, නීතිගරුක ව, වගකීමෙන් යුතු ව අපගේ අදහස සමාජගත කිරීම සඳහා වෙහෙසුනෙමු.