මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පොඩි පුතනුවන් තම උපාධිය සම්පුර්ණ කරගෙන පශ්චාත් උපාදිය සදහා සැරසෙන බව දැනගන්නට ලැබුණි. මට මතක ලෙස ඔහු සරසවියට ඇතුලත් වුයේ අපටත් පසුවය. නමුත් අපට අද සිදුව ඇත්තේ අපගේ උපාධි සිහිනය පසෙකලා බලා සිටීමටය. ඔහුට ඔහුගේ දරුවන් වටිනවා සේම අපගේ දෙමවුපියන්ට අපව වටිනා බව මතක කර දීමට කැමැත්තෙමු. අපගේ දෙමවුපියන්ට ද අපටද අනාගත බලාපොරොත්තු දහසක් ඇත. අපට ඉහලට යාමට ඇති එකම මග අධ්‍යාපනය පමණි. අපගේ දෙමවුපියන්ට අපව පිටරට ගොස් ඉගැන්වීමට මුදල් නැත. නමුත් ආණ්ඩුව විනාශ කරමින් යන නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් අපගේ හැකියාවේ නාමයෙන් අද අප උපාධි සිහිනය දකින්නෙමු.
ප්‍රශ්නය ඇත්තේ කොතනද? සැමදා සටන් වලට ගසූ ලේබලය වුයේ ජනතා විමුක්ති පෙරමුණේ ලේබලයයි.නමුත් අද මේ රටේ සාමාන්‍ය ජනතාව අතර එය ප්‍රතික්ෂේප වී යන විට අද අලුත්ම ලේබලයක් ගසා ඇත.ඒ බටහිර අධිරාජ්‍ය , දේශද්‍රෝහී ලේබලයයි. ආණ්ඩුව කරන වැරදි දැක දැක නිහඩව සිටීම දේශප්‍රේමීත්වද ? විශ්ව විද්‍යාල ආචාර්යවරු, සිසුන් දේශද්‍රෝහීන්ද,ගුරුවරු, උසස් පෙළ සිසුන් දේශද්‍රෝහීන්ද. 2005 ජන්පතිවරන්යෙදී ජනපති තුමාට ශක්තියක් වූයේ මේ පිරිසම නොවේද,මේ ආණ්ඩුවේ හැටිය අප එය හරියාකාරව තේරුම ගත යුතුය.
දරුවන් ඉම්බ පමණින් , දරුවන් අතට ගෙන නලවූ පමණින් දරු දුක ඇති වන්නේ නැත. කල යුත්තේ සැබෑවටම දරුවන් හට ආදරය කිරීමයි. සැබෑවටම දරුවන් හට ආදරේනම් දරුවෙකුගේ මුලිකම අවශ්‍යතාවක් වන අධ්‍යාපනයට ප්‍රමුකතාව දීමයි. නමුත් අද සිදුවන්නේ කුමක්ද, මේ රටේ සිටින ඉහලම බුද්ධිමතුන් පිරිස වන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මහ පාරට ඇද දැමීමයි. අප දන්නා කිසිම කලෙක ඉතිහාසයේ මෙය සිදු වී නොමැත. ආචාර්යවරු පඩි පත වැඩි කර ගැනීමට මේ සටන ගෙන යනවායි රාජ්‍ය මාධ්‍ය ප්‍රමුඛ වාහිනී තෙපලමින් යයි.අප කියන්නේ ආචාර්යවරු තම වැටුප ගැන කතා කල යුතුයි. විදුලි බල මණ්ඩලයේ රියදුරෙකු රු 50000 වැටුපක් ලබනවානම් අචර්යවර්යෙකුට රු 60000 කැ වැටුපක් ඇතිද, ඉංජිනේරු පීටයක සාමාන්‍ය සිසුවෙකු ඇරබුමේදී රු 50000-60000 වැටුපක් ලබන විට ඔහුව තැනූ ආචාර්යවරයා රු 60000 කැ වැටුපක් ලැබීම සාධාරණද, වසර 15-20 ක් තම ජීවිතය අධ්‍යන කටයුතු වෙනුවෙන් වැය ආචාර්යවරයෙකු තම වැටුප ඉල්ලීම අසාධාරණද,මේ රටේ සාමාන්‍ය ජනතාවගේ දරුවන් බුද්ධිමතුන් බවට පත් කල ඔවුන්ට සමාජයේ හිමි තැන මෙයද, මේ රටේ ජනතාව වැටුපේතරම ගැන නොසිතිය යුථුඉ, කිමද යත් එය බැලිය යුත්තේ ලක්ෂ ගණනින් නොව ආචාර්යවරයෙකු කල කැප කිරීම අනුව ඔහුට ලැබෙන වැටුප සාධාරණද කියාය.
අනෙක මේ රටේ මෙතෙක් පැවති කිසිදු වෘත්තිය අරගලයක් මෙතරම් මානව හිතවාදී අරගල නොවීය. මා එසේ පවසන්නේ ඇයි, තම පඩි පත ,තම ජීවත් වීමේ ක්‍රමය තෙවෙනි තැනට එයට එහා ගිය අධ්‍යාපනය වෙනුවෙන් 6% වෙන් කිරීමට බල කෙරෙන මානුෂීය මෙහෙයුමක් දක්වා මෙම අරගලය පුළුල් කිරීම පිලිබදව ඔවුන් තුල ඇති මානුෂිය හැගීමයි.ඔවුන්ගේ ඉල්ලීම් කිසිවක් අතර ආණ්ඩු පෙරලීම් හෝ අධිරාජ්‍ය මැදිහත් වීමජ්නම් අප නොදුටුවෙමු. ඊනියා දේශප්‍රේමීත්වය මුලට ගෙන රටේ ගෙන යන සැබෑ අරගල විනාශ කිරීමට සැරසෙන ආණ්ඩුවේ දේශප්‍රේමීත්වය ගැන අප නැවත වරක් සිතා බැලිය යුතුය.
තව කාරණයක් ඇත. ආණ්ඩුව කියන්නේ ලංකාව ආසියාවේ ආශ්චර්ය කරනවා කියාය. අධ්‍යාපනයෙන් තොර ආසියාවේ ආශ්චර්යය මටනම් සිතා ගත නොහැකිය. පාරවල්, ගොඩනැගිලි, වරයන්, ගුවන්තොටුපළවල් හැදූ පමණින් ආශ්චර්යය වන්නේ නැත. ආශ්චර්ය වීමටනම් ජනතාව පළමුව බුද්දිමත් නිරෝගීමත් පිරිසක් වීම අත්‍යවශ්‍යයය. සිතන්න ගල යුගයේ සිට අප මේ ආ ගමන ආවේ අධ්‍යාපනය නිසා නොවේද,ඇදුම් පැළදුම් පවා සොයා ගත්තේ අධ්‍යාපනයේ දියුණුව නිසා නොවේද, අනිත් සත්වයින් පරදවමින් මානව සංහතියක් ලෙස සත්වයින් අතර බුද්ධිමත් තැනට පැමිණියේ අධ්‍යාපනය නිසා නොවේද, අප මේ පිලිබදව දැඩිව සිතිය යුතුයි. මේ අපව නැවත දක්කාගෙන යාමට සැරසෙන්නේ ගල් යුගයකට නොවේද, නැතිනම් පාලකයන් කියනා පරිදි නටන රූකඩන් පිරිසක් තැනීමට නොවේද.
මෙම ලිපිය ලියන මා සමහර JVP කාරයෙක්යයි, දේශද්‍රෝහියෙක්යි හංවඩු ගැසීමට පුළුවන, කම නැත, මාගේ හර්ද සාක්ෂිය ඊට වඩා මට වටිනා බව පැවසීමට කැමැත්තෙමු. තවද ආණ්ඩුව විශ්වවිද්‍යාල වසා දැමුවේ නැවත යතා තත්වයට ගන්න යයි පවසමිනි. මාස ගනනක් විශ්ව විද්‍යාල තුල අධ්‍යන කටයුතු නොකරන බව ආණ්ඩුව නොදැන සිටියාද,ජනාධිපතිතුමන් මෙය නොදැන සිටියාද, මේ වර්ජනය පිළිබද පැවසුවේ ගිය වසරේ සිට නොවේද, නමුත් ආණ්ඩුව කලේ ආචාර්යවරු රැවටීම නොවේද, මහජනයා රැවටීම නොවේද? ආණ්ඩුවට මේ ප්‍රශ්නය විසදීමට උවමනාවක් තිබුනානම් ඕනෑ තරම් කල් තිබුණි. සමහර විට ආණ්ඩුවට මුදල් නැතිද? යුද්දයට වියදම් කල මුදල් වලට සිදුවන්නේ කුමක්ද? හෙලිචොප්ටෙර් කෝටි ගනන් ගෙවා ගෙන ඒමට මුදල් ඇත, නමුත් අධ්‍යාපනය සදහා මුදල් නැත.
අද අධ්‍යාපනේට යොදා තිබෙන රූකඩ දෙස බලමු. මොවුන්ට රටක බුද්ධිමතුන් හසුරවනවා තියා කුඩා තේ කඩයක්වත් පාලනය කිරීමට තරම් මොලයක් තිබෙන අයදයි සැක සහිතය. මොවුන් ප්‍රශ්න විසදන්නට හදන්නේ කටින්ය, නැතිනම් තග දමාය. සංවාදශීලී නැත. තර්කානුකුල නැත. අහිංසක දරුවන් ගැන සිතන්නේ නැත. මෙවැනි මෝඩයන් අධ්‍යාපනයේ ඉහල පුටු වල තැබීමෙන් අධ්‍යාපනය ගැන ආණ්ඩුවේ ස්ථාවරය අපට හොදින්ම පැහැදිලිය.
අද අධ්‍යාපනයේ අර්බුධය පෙළ ගස්සුවහොත් විශ්වවිද්‍යාල, උසස් පෙළ, සිට ශිෂත්ව විභාගය දක්වාම අවුල්ය. සාමාන්යෙන් වරදක් කල පසු ඒ වරද නිවැරදි කර නැවත මෙවැනි වැරදි සිදු නොවීමට ක්‍රියා කිරීම බුද්දිමත් බවේ ලක්ෂණයකි. නමුත් මොවුන් කරන්නේ නැවත නැවත එම වැරදි සිදු කිරීමයි.එසේ කිඊමට හේතුව අප සිතා බැලිය යුතුය, ආණ්ඩුවට අවශ්‍යහ රාජ්‍ය අධ්‍යාපනයට රටේ හිමිතැන අහිමි කර රට තුල බටහිර රජයන්ගේ නියාය පත්‍ර අනුව ඔවුන්ට අවශ්‍ය ලෙස ඔවුන්ගේ පෞද්ගලික උපාධි කඩ විවුර්ත කිරීමටයි. සිතන්න මේ ආණ්ඩුවේ සිටින එකම අයකුගේ දරුවෙක් රාජ්‍ය විශ්වවිද්‍යාල තුල ඉගෙනුම ලබනවාද? ඒ ඇයි ? ඔවුන්ගේ දරුවන්ට රාජ්‍ය විශ්ව විද්‍යාල විවුර්තයි නේද, ඔවුන් කරන්නේ රටේ ජනතාවගේ මුඅල් වලින් තම දරුවන්ට විදෙස් රටවලට යවා ඉගැන්වීමයි. කිමද මේ කිසිදු අයෙකුගේ දරුවෙකුට රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමේ දක්ෂතාවයක් නොමැති නිසායි, එම නිසා ඔවුන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය තීරනය කරනේ තිබෙන මුදල් ප්‍රමාණය අනුවයි. මර්වින්ලාගේ පුතාලා මම සාමාන්‍ය පෙළවත් සමත් නැතයි පවසන්නේ, එත් මට තිබෙන්නේ ලක්ෂ 400 ක කාරයකයි කියන්නේ ඉතාමත් ආඩම්බරයෙනි. මේවා පිළිබද අප හොදින් සිතා බැලිය යුතුය.
තවත් ඇත අයිෆා, කාල්ටන් කාර් රේස්,කාල්ටන් රගර් තරග, කවිතා, නායකත්ව පුහුණු,සදහා විශාල වශයෙන් මුදල් ඇති බව පෙනේ. නමුත් අධ්‍යාපනයේ මුලික අවශ්‍යතා සදහා මුදල් වෙන කරන්නේ නැත.ජනාධිපති උපදේශකයින් සිය ගනනක් සිටින රටේ අධ්‍යාපනය සම්බන්දයෙන් සිටින්නේ හරක්ද?
දැන් දැන් ආචාර්යය සටන වටා දහස් ගණනින් ජනතාව එකතු වෙමින් පවතී. තව දුරටත් විසදුම් නොලැබුණහොත් කල යුත්තේ මෙය සියලු දෙනාගේම සටනක් බවට පත් කිරීමයි. ඒ සදහා එක තැනකට ජනයා පෙළ ගැසෙමින් පවතී .
තව කිව යුතුම දෙයක් නැත, ඒ සමහර සරසවියක ලියාපදින්චිවත් නැති ආණ්ඩුවේ කටු කන යුක්ති වැනි එවුන් යොදාගෙන සිසුන් මෙම සටනට එරෙහියයි සමාජයට පැවසීමට නීච උත්සාහයක ආණ්ඩුව නිරත වෙමින් පවතී. යුක්තිලා ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම සිසුන්ද දනී. කියනේ නිදහස් අධ්‍යාපන අයිතිය හා අධ්‍යාපනයේ නිදහස සුරකිමු කියාය, නමුත් අධ්‍යාපනයේ නිදහස, අධ්‍යාපනේ අයිතිය නැති වෙන විට ඒ සම්බන්දව කාටවත් හොල්ලන්නේ නැත.
සියලු සිසු ප්‍රජාව ආචාර්යවරුන් සමග බව සියලු දෙනාම දනී . අපට ඔවුන් සමග විවිද මතවාද තිබෙන්නට පුළුවන, ඔවුන් අපේ ගුරුවරුන්ය,මේ සටනේදී වැහි,කුණාටු නොසලකා අප ඔවුන් සමග සිටින්නේ ඒ නිසාය.
ජයග්‍රහණයේ රිදී රේඛාව දක්වා අප සටන් කල යුතුය. අප කල යුත්තේ එයට ශක්තියක් වීමය. ඒ සදහා අප ආරාධනා කර න් නේ මේ රටේ සාමාන්‍ය ජනතාවටය. ඔබට හර්ද ශාක්ෂියක් ඇතිනම් මේ ව්‍යසනය දෙස තවත් බලා සිටීම ඔබගේ යුතුකමක්ද,
මෙහි බරපතල කම ඇත්තේ ඔබ හමුවේය. මේ සටනේ ඉදිර්යේන්ම සිටින කිසිවෙකුට මෙහි ගැටළුවක් නැත, මෙහි බරපතල අභියෝගය ඇත්තේ සාමාන්‍ය ජනයා මතය. අප සැමදා ව්‍යසන දුර තියා කීවෙමු. ඒවාට එරෙහිව සටන් වැදුනෙමු. තව දුරටත් බොරු බේගල් වරට නොරැවටී සියලු බලවේග සමගින් එක් වන ලෙස අප ඔබට ඇරයුම් කරන්නෙමු. ඒ අප සදහා නොව ඔබගේ දරුවාගේ, ඔබගේ මුණුබුරන්ගේ අධ්‍යාපනයේ අනාගතය වෙනුවෙනි

බුද්ධික ප්‍රභාෂ් ලියනගේ
0 comments:
Post a Comment
කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...