ප්‍රශ්ණය: රාජ්‍ය සේවයේ ඉන්න උපාධිධරීන් නිරන්තරයෙන්ම ආණ්ඩුවට චෝදනා කරනවා අපි දකිනවා. රැකියාත් ලබාදීත් තිබෙනවා. ඇයි එහෙම චෝදනාවන් මතුවෙන්නෙ?
උත්තරය: රාජ්‍ය සේවාව තුළ රාජකාරී ඉටුකරන උපාධිධාරීන් විවිධ වූ සේවා අතෘප්තියකින් තමයි සිය වගකීම් ඉටුකරන්නෙ. ඒකට හේතුව රාජ්‍ය සේවය තුළත් පළාත් රාජ්‍ය සේවය තුළත් ඉන්න උපාධිධාරීන් වෘත්තීය අයිතීන් කප්පාදුවකට මුහුණ දීල. උපාධිධාරීන්ට රාජ්‍ය සේවය තුළ වෘත්තීය මට්ටමක් හිමිවෙලා නැහැ. පවතින අධ්‍යාපනයේ ඉහළම සුදුසුකම ලබාගත්තත් උපාධිධාරියකු ලෙස රාජ්‍ය සේවයට එක් වුණාට ඒ සඳහා වූ කිසිදු වෘත්තීය තත්වයක් සහිත පරිසරයක් රාජ්‍ය සේවය තුළ නිර්මාණය වෙලා නැහැ. එවැන්නක් නිර්මාණය කරන්න ආණ්ඩුවටවත් රාජ්‍ය බලධාරීන්ටවත් අවශ්‍යතාවයක් තියෙන බවක් පෙන්නත් නැහැ. උපාධිධාරීන් උපාධියට සුදුසු වෘත්තීය තත්වයක් ඉල්ලා හඬ නගනවා. බලධාරීන් මෙන්ම ආණ්ඩුවේ වගකිවයුත්තන් ඒ සාධාරණ ඉල්ලීම් නොසලකමින් තියෙනවා. ඒ ප්රතිවිරෝධය තමයි සමාජයට පේන්න ගන්නෙ.
ප්‍රශ්ණය: රාජ්‍ය සේවයේ විවිධ මට්ටමේ උපාධිධාරීන් ඉන්නවා. ඔබ ඔය කියන විදිහට රාජ්‍ය සේවයේ ඉන්න සෑම උපාධිධාරියකුටම ඔය කියන සේවා අතෘප්තිය තියෙනවද?
පිළිතුර: අපි උපාධිධාරී සංගමය වශයෙන් පෙනී සිටින්නේ 06/2006 වැටුප් චක්‍රලේඛයට අනුව MN 04 2006 A වැටුප් ඛාණ්ඩයට අයත් උපාධිධාරීන් සම්බන්ධයෙන්. මේ වැටුප් තලයට අදාලව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා දෙකේම උපාධිධාරීන් ඉන්නවා.මේ වන විට මෙම වැටුප් ඛාණ්ඩයට අදාලව සමස්ත රාජ්‍ය සේවය තුළම උපාධිධාරීන් 110,000 කට ආසන්න පිරිසක් ඉන්නවා. 06 /2006 ට අනුව MN 04 වැටුප් ඛාණ්ඩය තුල 1993, 1999, 2005, 2008 බඳවාගත් හා 2013 ස්ථිර කිරීමට නියමිත සියළුම උපාධිධාරීන් මීට අදාල වෙනවා. ඉහත උපාධිධාරීන්ට තමයි රාජ්‍ය සේවය තුල පිළිගත හැකි හා සාධාරණ වෘත්තීය තත්වයක් නිර්මාණය නොවී තියෙන්නෙ.