ශිෂ්‍යත්ව විභාගය පහෙන් හතටද? වෙනස් විය යුත්තේ විභාගයේ ව්‍යහයයි වසර නොවේ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ මහාචාර්ය දයා අමරසේකර
මේ අධ්‍යාපනයෙන් දෙමවුපියන්ට දරුවො නැති වෙනවා!
අධ්‍යාපනය සමාජ විද්‍යාත්මකව ඔබ දකින්නෙ කොහොමද?
දැනුම, රැකියා කුසලතා සංස්කෘතික අගයන්, සම්ප්‍රේෂණය කිරීම නැත්නම් බෙදා හැරීමට මඟ පෙන්වන සමාජ ආයතනය අධ්‍යාපනයයි. ඉංග්‍රීසි භාෂාවේ education කියන පදය හැදිල තියෙන්නේ ලතින් භාෂාවේ educare යන වචනයෙන්. ඒකෙ තේරුම පිටතට මතු කර ගැනීම' කියන එකයි. මේ මතුකර ගන්නේ මොනවද, දක්ෂතා, ආකල්ප, වටිනාකම් සහ උරුමයන්. ඒ නිසා තමයි ටැන්සානියාවේ හිටපු ජනාධිපතිවරයෙක් වන ජුලියස් නියරේරේ කීවේ 'සමාජයේ රාශිභූතව පවතින ප්‍රඥාව හා ඥානය එක පරම්පරාවක සිට ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීමෙන් සමාජයේ අනාගත පුරවැසියන් වනු පිණිස හා සමාජය පවත්වා ගෙන යැමට සුදුසු පරිදි ළමා පරපුර සකස් කිරීමේ ක්‍රියාවලිය අධ්‍යාපනයයි කියල.