Friday, October 4, 2013

ඉතින් කොහොම හදමුද අපි රටට හෙටක්‌
































දිවයිනේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක ආචාර්යවරයකු ඉදිරිපිට රසායන ඉංජිනේරු විද්‍යා විෂයයන් හදාරන අවසන් වසරේ සිසුන් තිදෙනෙකි. සිසුන් සහ ආචාර්යවරයා අතර සිදුවූ සංවාදයෙන් අනතුරුව ආචාර්යවරයා රසායන ද්‍රව්‍ය ගෙන්වා බෙදාහරින පෞද්ගලික ආයතන කිහිපයක දුරකථන අංක කරකවා ඇමතුම් ලබා ගත්තේය. මේසය මතුවූ කඩදාසි කොළයක රිසිවරයේ අනෙක්‌ පසින් කියෑවෙන දේ සටහන් කර ගත්තේය. ඉන්පසු කඩදාසි කොළය මත සටහන්වී ඇති මිල ගණන් සස¹ බැලුවේය. අවසන දිග සුසුමක්‌ හෙලූ ආචාර්යවරයා සිය කුඩා කාමරයේ දුර්වර්ණ වූ සිවිලිම දෙස බලාගෙන කල්පනා කරන්නට වූයේය.

රු. 38,000, රු. 18,000, රු. 9500, රු. 5200 ආදී වශයෙන් කඩදාසි කොළය මත සටහන්වී තිබුණේ අදාළ සිසුන් තිදෙනාගේ පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන රසායන ද්‍රව්‍යයක ග්‍රැම් 100 ක්‌ මිලට ගැනීම සඳහා ඒ ඒ සැපයුම්කරුවන් විසින් දුන් මිල ගණන්ය. ගැටලුව වන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා එම ශිෂ්‍ය කණ්‌ඩායමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදනයක්‌ ලෙස ලැබෙන මුදලය. එය රුපියල් 5000 කින් වීමය. (මෙවැනි විශ්වවිද්‍යාල පර්යේෂණ ව්‍යාපෘතියකදී එක්‌ කණ්‌ඩායමකට වියදම වශයෙන් ලැබෙන උපරිම මුදල රුපියල් 5000 කි.)
අදාළ පර්යේෂණය සඳහා අවශ්‍ය වන රසායනික ද්‍රව්‍ය ගැන කල්පනා කර බලන විට රු. 18,000 කට මිල නියම වූ ස්‌ථානයෙන් සැපයෙන රසායනික ද්‍රව්‍ය වඩාත් සුදුසු බව ආචාර්යවරයාගේ නිගමනයයි. එහෙත් අමතර රු. 13,000 ක්‌ මේ දරුවන් සොයා ගන්නේ කෙසේද? තමාගේ පොකැට්‌ටුවෙන් ඒසා විශාල මුදලක්‌ වැය කිරීමේ හැකියාවක්‌ ආචාර්යවරයාටද නැත. සාමාන්‍යයෙන් මෙබඳු අවස්‌ථාවක සිදුවන දේ එනම් වැල යන අතට මැස්‌ස ගැසීමට අපගේ ආචාර්යවරයා සූදානම්ද නැත. එනම් අදාළ ව්‍යාපෘතිය වෙනුවට අඩු වියදම්, කොටින්ම රු. 5000 කින් ගොඩ යා හැකි ව්‍යාපෘතියක්‌ කරා සිසුන් යොමුකොට රැවුල තෙමාගන්නේ නැතිව කැඳ ටික බොන තැනට මේ අතිදක්‍ෂ සිසුන් තිදෙනා ඔහේ තල්ලුකර හැරීමය.

එහෙත් මේ සිසුන් තිදෙනා සූදානම් වන්නේ රටේ උතුරුමැද පළාතේ අහිංසක ජනතාව දිනෙන් දින මරු වසඟයට ගෙන යන පානීය ජලයට බැර ලෝහ මුසුවීමේ ව්‍යසනයෙන් යම්තාක්‌ දුරට ඔවුන් මුදවාගත හැකි පර්යේෂණයක්‌ සඳහාය. ඒ ජලයේ මිශ්‍රවී ඇති කැඩ්මියම් නමැති බැර ලෝහය අවශෝෂණය කිරීමේ හැකියාවක්‌ ඇති අඩු වියදම් ජල පෙරනයක්‌ (Water Filter) දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කිරීමය.

යම් හෙයකින් මේ සිසුන් තිදෙනාගේ පර්යේෂණ ව්‍යාපෘතිය සාර්ථක වූයේ නම් උතුරුමැද පළාතේ පදවිය, ශ්‍රීපුර ආදී ප්‍රදේශවල වෙසෙන දුප්පත් අහිංසක ගොවිජනතාවට පානීය ජලය රැස්‌කොට, කැඩ්මියම් නමැති වකුගඩු රෝග කාරක බැර ලෝහය පෙරා ඉවත් කළ වතුර වීදුරුවක්‌ තම නිවසේදීම පානය කිරීමේ භාග්‍ය උදාවනු ඇත. ආචාර්යවරයා දෙලොවක්‌ අතර තනි කළ ගැටලුව වූයේද එයයි.

රුපියල් මිලියන ගණන් වැයකොට, වකුගඩු රෝගීන් බවට පත්වූ අහිංසක මිනිසුන් උදෙසා රුධිර කාන්දු පෙරණයන් ආනයනය කරනවාට වඩා දේශීය සුලබ අමුද්‍රව්‍ය යොදා නිර්මාණය කිරීමට යෝජිත අඩු වියදම් ජල පෙරණයක්‌ සාදා ගැනීමට හැකිවේ නම්, නිසැකවම එය අපේ රටේ නව නිපැයුමකි. රටට අලුත් පේටන්ට්‌ එකක්‌ය. එසේම මිනිසුන් සිය ගණනකට නව රැකියා අවස්‌ථා උදාකරන වාණිජ මට්‌ටමේ නිෂ්පාදනයකි. මේ සියල්ලටම වඩා අපේ අහිංසක ගොවි ජනතාව වකුගඩු මාරයාගෙන් බේරාගත හැකි ප්‍රායෝගික මෙවලමකි.

එහෙත් මේ සියලු කාරණා තීන්දු වන්නේ රුපියල් 13,000 ක්‌ මතය. අදාළ ජාතික විශ්වවිද්‍යාලයේ රසායන ඉංජිනේරු විද්‍යා අංශයේ අවසන් වසරේ සිසුන් හට රුපියල් 5000 සීමාව තරණය කිරීමේ නොහැකියාව මත රටකට ඉතිරි කර දිය හැකි සුවිශාල මුදලක්‌ රටට අහිමිවන සැටිත්, සේම වටිනාකම මිල කළ නොහැකි උතුරුමැද පළාතේ අහිංසක ගොවි ජනතාවගේ ජීවිත රැක ගැනීමට තිබූ අවස්‌ථාවද නැතිවුණා නොවේදැයි අපට සිතෙයි.

පසුගිය කාලයේ අපගේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු මහපාරට බැස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 4% ක්‌ වෙන්කරන ලෙස ඉල්ලා කළ උද්ඝෝෂණ ව්‍යාපාරය කෙතරම් සාධාරණදැයි, ලියුම්කරු සිතා බැලුවේ එදා හිතමිත්‍ර ආචාර්යවරයා, දුර්වර්ණ වූ සිවිලිම දෙස බලාගෙන ලිහාගත නොහැකි මේ ගැටලුව ගැන කල්පනා කරමින් සිටිනු දුටු මොහොතේදීය. එහෙත් සැබැවින්ම අපේ රටේ ජාතික පර්යේෂණ රසායනාගාරයක්‌ තිබුණේ වී නම්ද, පර්යේෂණ සඳහා රසායන ද්‍රව්‍ය සංචිතයක්‌ එහි තිබුණේ නම්ද, රුපියල් පන්දාහෙන් අපේ සිසුන් තිදෙනාම ගොඩයනු ඇත. (තවම අපේ රටේ පර්යේෂණ සඳහාවූ රසායන ද්‍රව්‍ය ගෙන්වා බෙදා හැරීමේ ඒකාධිකාරය ඇත්තේ පුද්ගලික අංශයේය)

මෙම ආචාර්යවරයා සේම, අප රටේ බොහෝ විශ්වවිද්‍යාලවල ඉංජිනේරු, වෛද්‍ය, තාක්‍ෂණික විද්‍යා පීඨයන්හි ආචාර්යවරුද තම දක්‍ෂ ගෝල පරපුර හමුවේ අසරණවන අවස්‌ථා ඕනෑ තරම් අද මෙන්ම හෙටද ඇතිවිය හැකිය. හෙට ලොවට ප්‍රඥවන්තයන් බිහිකරන මේ රටේ විශ්වවිද්‍යාල පද්ධති තුළ ඇති මෙබඳු සියුම් ගැටළු හඳුනාගෙන ඊට ප්‍රායෝගික විසඳුම් සොයා යැමේදී උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාට හෝ පවතින රජයට හෝ බැණ අඬගසමින් දෙස්‌ දෙවොල් තබමින් සිටිනවාට වඩා රටේ ඇති හැකි සම්පත් පාවිච්චි කරමින් ඊට කිසියම් ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ සැකසීම යුගයේ අවශ්‍යතාවයයි. මේ සඳහා විශ්වවිද්‍යාල පද්ධති සමග දේශීය ව්‍යාපාරික ප්‍රජාව, කර්මාන්තකරුවන් වැඩදායී ලෙස සම්බන්ධීකරණය කිරීම, අතපය වෙනුවට "මොළය" විකුණා රටේ ජාතික ආදායම ඉහළ නැංවීමේ අනාගත අපේක්‍ෂා මල්ඵල ගැන්වීමට අධි තාක්‍ෂණික (Hසටය ඔeජය) නිපැයුම් නිමැවුම් මවන ශ්‍රී ලංකාවක්‌ හෙට දවසේදී බිහිවනු දැකීම ප්‍රාර්ථනා කරන සෑම දේශප්‍රේමියකුගේම වගකීමයි.

ඉන්දියාවේ මහරාෂ්ඨ ප්‍රාන්තයේ ජල දූෂණය ඉතා තදින්ම පැවතීම එම ප්‍රාන්ත රජයේ ජල සම්පත සුරකින බලධාරීන්ට මහත්වූ හිසරදයක්‌ව පැවැතිණ. නීති රීති පනවමින් ජනතාව තව තවත් දැඩි පීඩනයට සහ අසහනයට පත්කරනවාට වඩා (අපේ රටේ මදුරු වසංගතයට රටේ ජනතාවට දඩ ගැසීම තුලින්, විසඳුම් ලැබේය යන කල්පනාවෙන් ක්‍රියා කිරීම වැනි) ජල දූෂණයට බලපාන සියලු කාරණා විෂයයෙහි පර්යේෂණයන්හි නියෑළීමය. ඒ හරහා ස්‌ථිර සාර විසඳුම් සෙවීම වඩා වැදගත් යෑයි සිතූ මහරාෂ්ඨ ප්‍රාන්ත බලධාරීන් කළේ ඒ රටේ විශ්වවිද්‍යාල හරහා පර්යේෂණ කොට ඊට විසඳුම් සොයාදීම උදෙසා ආචාර්ය උපාධි 23 සඳහා සුදුසුකම් ඇත්තවුන් හට සෘජු අනුග්‍රහය ලබාදීමය. මේ මගින් නවීන තාක්‍ෂණ ක්‍රමවේද ඇසුරෙන් (උදා නැනෝ තාක්‍ෂණය වැනි) මහාරාෂ්ඨ ප්‍රාන්තයේ ජල මූලාශ්‍ර දූෂණය වැළැක්‌වීමට ඔවුහු පිළියම් සොයායන්නේ රටටද අලුතෙන් ආචාර්ය උපාධිධාරීන් පිරිසක්‌ද එක්‌කර දෙමින්ය.

දශක ගණනාවක්‌ මුළුල්ලේ අපේ රටට අවශ්‍ය උගතුන් බිහිකරන විශ්වවිද්‍යාල පද්ධති අතර විශේෂයෙන්ම ඉංජිනේරු, වෛද්‍ය, රසායන, විද්යුත් ඉලෙක්‌ට්‍රොනික වැනි විෂයයන් ඇසුරු කොට රටට අවශ්‍ය විද්‍යාඥයින් බිහි කිරීමේදී ඉතා ශීඝ්‍රයෙන් වෙනස්‌ වන්නා වූ නවීන තාක්‍ෂණය හමුවේ සාම්ප්‍රදායී ඉගැන්වීම් රටාවෙන් බැහැරව අධි තාක්‍ෂණික දැනුමෙන් අදාළ උපාධි අපේක්‍ෂකයින් සන්නද්ධ කිරීSමේ කාර්යය අතිශයින් දුෂ්කර කටයුත්තක්‌ බවට අද පත්වී ඇත්තේ ඒ සඳහා ලැබෙන ප්‍රතිපාදනවලට සාපේක්‍ෂව බැලීමේදීය. ඉහත අප අත්දුටු සත්‍යය මීට කදිම සාක්‍ෂියකි. ඒ නිසා අඳුරට ශාප කරමින් සිටිනවාට වඩා පුංචි ඉටිපහනක්‌ හෝ දල්වා අවිඳු (අවිද්‍යා) අඳුර පලවා හැරීම තව තවත් පමා කළ යුතු නොවේ.

ලක්‌මවගේ ප්‍රඥවන්ත දූ පුතුන්ගේ ඥනාලෝකයෙන් හෙට උපදින දරුවන්ගේ අනාගතය යහපත් කිරීම උදෙසා නව නිපැයුම් නව නිමැවුම් බිහිකිරීම යුගයේ අවශ්‍යතාවයයි. ඒ සඳහා අප සතු සියලුම වටිනා සම්පත්වලින් ගත හැකි උපරිම ප්‍රයෝජනය ගැනීමට දැන් කාලය එළැඹ තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම්, කර්මාන්ත ආයතන, අපගේ විශිෂ්ටතම විශ්වවිද්‍යාල සමග අවබෝධතා ගිවිසුම්වලට (ඵදම) එළැඹිය යුතු යෑයි ලියුම්කරු තරයේ විශ්වාස කරයි. පේරාදෙණිය, මොරටුව, කොළඹ සහ කැලණිය වැනි විශ්වවිද්‍යාලයන්හි ඉංජිනේරු පීඨවල දොරටු, අපගේ කර්මාන්තකරුවන් සඳහා ශක්‌තිමත් සබඳතා ගොඩනංවා ගැනීම උදෙසා නිරන්තරවම විවෘත විය යුතුය. අතිශයින් තරගකාරී වෙළෙඳ පොළක තම නිෂ්පාදන අලෙවිකරන කර්මාන්තකරුවාට, තම නිෂ්පාදනයන් ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව වැඩි දියුණු කිරීමට අවශ්‍ය පර්යේෂණ සහ සංවර්ධන කටයුතු Reseරජය බා Deඩැකදචපැබඑ සඳහා අපගේ විශ්වවිද්‍යාලවල ඉංජිනේරු පීඨයන්ට කළ හැකි කාර්ය භාරය සුවිශේෂී වූවකි. අවසන් වසරේ ඉංජිනේරු පීඨවල, විවිධවූ ඉංජිනේරු විෂයන් හදාරන උපාධි අපේක්‍ෂකයින් හට එකී නිෂ්පාදන ආයතනවල අවශ්‍යතා ගැටලු ඔවුන්ගේ "පර්යේෂණ ව්‍යාපෘති" බවට පත් කිරීම තුළින් දේශීය කර්මාන්තවලට නව ජීවයක්‌ ලබාදීමට අපගේ විශ්වවිද්‍යාල පද්ධති කිසිවිටෙකත් මැලි නොවනු ඇත, යන්න ලියුම්කරුගේ විශ්වාසයයි.

වර්ෂ 2007 සිට සී/ස කැලණි කේබල්ස්‌ සමාගම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා විදුලි ඉලෙක්‌ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුව සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුව මේ දක්‌වා දෙසීයකට ආසන්න ස්‌වයං රැකියා ලාභී විදුලිකාර්මික ශිල්පීන් සඳහා නොමිලයේ විදුලි කාර්මික ශිල්පී පාඨමාලාවක්‌ හැදැරීමේ අවස්‌ථාව උදාකරදී තිබේ. "කැලණි සවිය" නම්වූ මෙම සුවිශේෂී සමාජ සත්කාරක වැඩ සටහන ශ්‍රී ලාංකේය කර්මාන්තකරුවන්ට, පැහැදිලි පණිවුඩයක්‌ ලබා දෙන්නේ පුරා වසර හයකට ආසන්න කාලයක්‌ අඛණ්‌ඩව පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා සමග කැලණි කේබල්ස්‌ සමාගම අත්වැල් බැඳගෙන තමනට හැකි අයුරින් සමාජ ප්‍රගමනය උදෙසා ගෙන ඇති මෙම ක්‍රියාදාමය හරහාය. නුදුරු අනාගතයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලය කැලණි කේබල්ස්‌ ආයතනය හා සමග නව පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘතියක්‌ දියත් කිරීමටද සූදානමින් පසුවන බව ලියුම්කරුට පැවසුවේ එහි ප්‍රධාන විධායක නිලධාරී මහින්ද සරණපාල මහතාය.

අප රටේ විශ්වවිද්‍යාල පද්ධතීන් සතු මානව සම්පත සේම, ද්‍රව්‍යමය සම්පතද, නවීන තාක්‍ෂණය හා නව ලොව දැනුමද අපගේ දේශීය කර්මාන්තකරුවාගේ අභිවෘද්ධිය උදෙසා සම්බන්ධ කිරීමේ කාර්ය භාරය ඉටුකිරීමට "ඉරිදා දිවයින සංග්‍රහය" ඉතා කැමැත්තෙන් ඉදිරිපත්වී සිටී. ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කාර්යයන් ඉටුකිරීමට ලියුම්කරු නිතරම සූදානම්ය. මීට වසර හයකට පෙර ආරම්භ කරන ලද "කැලණි සවිය" වැඩසටහනේ සම නිර්මාතෘවරයෙකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජානක ඒකනායක මහතා සමග එක්‌වී කටයුතු කිරීමෙන් ලියුම්කරු ලද ප්‍රායෝගික අත්දැකීම් අදාළ ක්‍රියාන්විතය සඳහා සපයන්නේ යෝධ ශක්‌තියකි. මෙහිදී මහාචාර්ය එස්‌. බී. එස්‌. අබයකෝන්, මහාචාර්ය මංජුල ප්‍රනාන්දු, ආචාර්ය ලිලන්ත සමරනායක, හේමන්ත පෙරේරා වැනි දේශප්‍රේමීන්ගෙන් ලද සහයෝගය ලියුම්කරු සිහිපත් කරන්නේ ඉමත් භක්‌තියෙන්ය.

අප රටේ මේ වන විට ක්‍රියාත්මක ජාතික පර්යේෂණ ආයතන 45 එකිනෙක හා සම්බන්ධීකරණය කරමින් නව නිපැයුම් නව නිමැවුම් සඳහා වූ කාර්යාංශයක්‌ මෑතක සිට ක්‍රියාත්මක වෙමින් පවතී. මහාචාර්ය අජිත් ඩී. අල්විස්‌ මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක මෙම ජාතික කාර්යාංශය හරහා හෝ නුදුරු අනාගතයේදීම, මෙකී ජාතික පර්යේෂණ ආයතනයන්හි දොරටු අපගේ ප්‍රඥ සම්පන්න දූ පුතුන්ගේ පර්යේෂණයන් සඳහා සවස 5.00න් පසු රාත්‍රි කාලයේදී සහ අදාළ ආයතනවල නිවාඩු දිනයන්හි දීද, තම තමන්ගේ පර්යේෂණ කටයුතුවලට විවෘත කර දෙන්නේ නම් රජයේ වේවා, පෞද්ගලික අංශයේ වේවා, විශ්වවිද්‍යාල උපාධි අපේක්‍ෂකයින් සඳහා හෝ වේවා, මේ සඳහා සුදුසුකම් සපුරා ඇති අයවලුන් උදෙසා ප්‍රවේශ මඟක්‌ සලසාලීමේ යාන්ත්‍රනයක්‌, අදාළ බලධාරීන් විසින් ඇතිකර දෙන්නේ නම් ලොව තුන්වැනි කාර්මික විප්ලවයේදී අප ශ්‍රී ලක්‌ මාතාවද, අන්‍ය ජාතීන් හා අභිමානයෙන් නැඟී සිටිනු ඇත. එවිට අප රටද, ඉරානය මෙන් 3ච.s සංකල්පය එනම්, ඡ්චැරිල ච්එeබඑල චරදාමජඑsල (පර්යේෂණ සංදේශ පත්‍රිකා, පේටන්ට්‌ බලපත්‍ර, වාණිජ මට්‌ටමේ නිෂ්පාදන) ක්‍රියාත්මක කෙරෙන නවීන තාක්‍ෂණයෙන් අනාගත ලෝකය ජයගන්නා ජාතියක්‌ බවට පත්වීම සැබෑවක්‌ විය හැකි එක්‌ සොඳුරු සිහිනයකි.

ජයන්ත විඡේසිංහ
divaina /2013/03/31

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...