Tuesday, October 9, 2012

6% GDP......... ?

FUTA Logo
හැම තැනම ෆුටා ඒකෙන 6% ඉල්ලීම අයින් කරගෙන කියල ලොකු ප්‍රචාරයක් යනවා. එහි තීරණය ගැනීමේ සම්පුර්ණ අයිතිය තියෙන්නේ ෆුටා සාමාජිකත්වයට. අරගල විනාශ කිරීමට එය මත ඇති වී තිබෙන ජනතා විශ්වාසය බිද වට්ටන එක ක්‍රමයක් තමයි මෙවැනි ප්‍රචාරයක් යැවීම.එමගින් ආචාර්යවරුන් සතු විශ්වාසය බිද වැට්ටවීම. සාකච්චා කොතරම් සාර්තක උනත් අන්න්දුව මේක විනාස කරන්න උත්සහා කරනවා කියන එක අමතක කරන්න එපා. සාකච්චා සාර්ථක උන පලියට තාම වර්ජනය අවසන් කරනව කියල තාම ෆුටා එකෙන් නිල නිවේදනයක් කරලා නැහැ.
ඒක නිසා කවුරුත් කලබල වෙන්න එපා. අනික සර්ලා මතක තියාගන්න මේකේ ගොඩක් ලොකු වේදනාව තියෙන්නේ මේකට බොක්කෙන්ම බැහැපු අපිට. එහෙම නැතුව ඔය දැන් චාර්ජ් වෙලා කෑගහන සර්ලට මඩ ගහන අය අරගල බිමේදී සර්ලා අතහැරලා facebook වීරයෝ වෙච්ච අය, ආණ්ඩු හිටවාදීන්ගේ කඩාකප්පල් ක්‍රියා වලට කලබල වෙන්න එපා.

සමහර විට 6% අතහරිමු කියල ෆුටා බහුතර මතයක් එන්න පුළුවන්. එහෙම වෙන්න ඔබට පුළුවන් වෙයි කියල අපි හිතන්නේ නැහැ. එහෙම පුලුවන්න්නම් ඔබ මෙතරම් කල් මේ අරගලේ ගෙනියන්නේ නැහැ.මොකද ප්‍රදානම සටන් පාටේ අයින් කරන්න තරම් ආචාර්යවරු පහත් තත්වෙට වැටෙයි කියල

අපි හිතන්නේ නැහැ. එක දෙයක් කියන්න ඕනි. ආණ්ඩුවට ඕනි අරගල දිය කරලා දාන්න. එකේ එක ක්‍රමයක් තමයි විසදුම් දෙන්නේ නැතුව මේක එක තැන පල් කරවන එක. එහෙම කරල එපා කරවීම. අපිට ස්ර්ලගෙන් ඉල්ලන්න තියෙන්නේ එක දෙයයි. මේක එපා කරගන්න එපා. අපි ඔබේ යහපත් ඉල්ලීම් වෙනුවෙන් ඔබ සමග ඉන්නවා. අපි තව ඉවසන්නම්. අපේ අනාගතේ කල් ගියාට කමක් නැහැ. අනාගත පරපුරේ නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු වෙනවනම්. 6% ඉල්ලන සටන දිගටම ගෙනියන්න.

තව දෙයක්, මේකේ ඉදිරියෙන්ම ඉන්න ශක්තිමත් නායකයින් ටික දෙනා උපන් ගෙයිම විනාශ වෙනවා දකින්නට, නිර්මාල් සර් වගේ නායකයෙක් උපන්ගෙයි මරලා දාන්න ඉඩ දෙන්න එපා, ඒ වගේ ක්‍රියාවකට ඔබේ බුද්ධිමත් සාමාජිකත්වය ඉඩ තියයි කියල අපි විශ්වාස කරන්නේ නැහැ.අපි හිතනවා ෆුටා එකේ නායකයින් ගැන සියලුම ආචාර්යවරුන් හොදට හිතයි කියලා, ඒ මිනිස්සු කරන කැප කිරීම් වලට සාධාරණයක් ඉටු කරයි කියලා, ඒ මිනිස්සු මේ සටන පාවා දුන්නා කියලා ලේබල් එක වදින්න දෙන්න එපා, එකේ මුළු තීරණයම තියෙන්නේ ෆුටා සාමාජිකත්වය අතේ, මේක එක අරගලයක් විතරයි, හැබැයි මේ අරගලේ රට ලොකු වෙනසකට ගෙනිච්චා, ඒක බඩගොස්ත්රය වෙනුවෙන් පාවා දෙන්නේ නැහැ කියල අපිට හොදටම විශ්වාසයි. මේ රටේ අනාගත සමාජය වෙනුවෙන් නිර්මාල් සර් වගේ නායකයෝ අපිට ඕනි, ඔබේ අනිත් නායකයොත් අපිට ඕනි, නායකයෝ කියල පබයෝ වගේ රජජු ඉන්න රටක, කොන්දක් නැති දෙපිට කාට්ටු නායකයෝ ඉන්න රටක, නිර්මාල් සර් වගේ රටක වටින නායකයෝ ගොඩකගේ ගරුත්වය ඔබ විනාශ කරලා දායි කියල අපි හිතන්නේ නැහැ, ඒක ඔබේ හැම සාමාජික්ත්වයක්ම කල්පනා කරයි කියල අපි විශ්වාස කරනවා. ඉදිරියට යන්න, අපි ඔබ සමගයි, සටන අතහරින්න එපා, අනිත් සියලු නායකයොත් රැකගෙන ඔබේ අභිමානයත් රැකගෙන ජයග්‍රහණය තෙක් ඉදිරියට යන්න, 6% අත හරින්න එපා.

කොටින්ම කිවුවොත් මේ අමන පාලකයෝ ඉදිරියේ දනගහන්න එපා...................

6 comments:

ඕනි කෙනෙකුට සිහින දකින්න අයිතිය තියෙනව. ඒත් මේ සියයට හය කතාව සාමාන්‍ය මහජනතාවගෙ අවධානය වෙනුවෙන් සකස් කරපු ‍දේශපාලන තියරියක් බව සාමාන්‍ය මිනිස්සු දන්නව. ඒකයි ඔය කිසිම පාගමනකට ශිෂ්‍යයෝ, දේශපාලක පක්ෂ වල උදවිය හැරුණුම සාමාන්‍ය පංතියේ මිනිස්සු කවුරුත් එන්නෙ නැත්තෙ. ඔවුන්ට හැමදාම පෙණුනෙ මේ උගත්තු සහ දේශපාලකයො එක වගේ. මොකද ඔවුන් කවදාවත් සාමාන්‍ය මිනිස්සුන්ට යහපතක් කරල නෑ.
කොහොම වුණත් සියයට හයක් වෙන් කරන්නෙ නෑ. ඒත් වැඩි පඩි සහිතව ආචාර්යවරුන් වර්ජනය අවසන් කරනව. එහෙම නොවුණොත් මේක ලංකාව නෙවෙයි. හික් ‍හික්. ඕනි දෙයක් කියන්න පූඵවන් කාට වුණත්. ඒත් අන්තිමට සිද්ධ වෙන්නෙ මේ ටිකයි. හික් හික්.

True story and a much realistic comment after a long time. Sadly, this is the truth. You may say whatever crap with the best possible words, but this is what we will hear at the end. I prefer if my words will be proven wrong, but I doubt that. I've seen enough during my university life and I don't mind if my degree gets delayed. I'm used to being a Sri Lankan and most of all a realist.

I don't care about what some think about me. An important lesson which I have learnt throughout my university life is, to become a realist and enjoy every second in life.

But, sad - despite all word games on the big stage, sacrifices by students and innocent parents who don't know a thing going behind closed doors - that this struggle is heading towards an unsolved end...

nidahas adyapanaya surekewa..!

6% kiyanne janatha prasadaya ganna lecturesla dapu boruwak wage dan pennne.

උඹලා කෑගැහුවට වැඩක් නෑ..එතුමන්ලා දැණ් ලෑස්තියි පඩිය වැඩ් කරගෙන වර්ජනේ අත්හරින්ඩ ..හූ ඈ

"...එහෙම නැතුව ඔය දැන් චාර්ජ් වෙලා කෑගහන සර්ලට මඩ ගහන අය අරගල බිමේදී සර්ලා අතහැරලා facebook වීරයෝ වෙච්ච අය, ආණ්ඩු හිටවාදීන්ගේ කඩාකප්පල් ක්‍රියා වලට කලබල වෙන්න එපා. "

උඹලම මහ ලොකුවට හෙන පඩ ටෝක් දුන්න නේද facebook එකෙනුත් මේක ගැන උඹල දාල දේවල් share කරපල්ල කියලා. උඹලත් මහ ජෙප්පො වගේම තමඉ බං. පොඩි එකාව පාව දීල උඹලගෙ වැඩේ කර ගන්නවා. උඹල තව මහ ලොකුවට රැග් කර කර උගන්නව නේද පාව දෙන්න එපා කිය කිය. කැම්පස් එන්නෙ මොලයක් තියෙන උන්. හැම එකාම උඹල වගේ දේශපාලනෙ කරන්න කැම්පස් එන්නෙ නෑ. ඒක මතක තියා ගෙන ඉස්සරහටවත් වැඩ කරන්න.

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...