Thursday, October 11, 2012

වර්ජනය අත්හැරියත් 6% ක් වෙන්කරගැනීමේ අරගලය ජයග්‍රහණය තෙක් දිගටම ගෙනියනවා - පූජ්‍ය දඹර අමිල හිමි

"අධ්‍යාපනයට 6%ක් වෙන්කිරීම කියන කාරණය සම්බන්ධව අපිට තියෙන්නෙ අරගලයක්. ඒ අරගලය නිමාවට පත්වීමක් හෝ අතහැර දැමීමක් හෝ තාවකාලිකව අත්හැර දැමීමක් හෝ සිදුවන්නේ නැහැ. එය හෙට සිට නව ආරයකින්, ඒ වගේම නව පෙරමුණු ඔස්සේ, නව ක්‍රමවේද ඔස්සේ සමාජගත කරමින් සමාජයේ සියලු බලවේග එකතුකර ගත්ත වැඩපිළිවෙලක් යටතේ ඉදිරියට යාමට නියමිතයි." යනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ උප සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති. මේ දිනවල රජය සමග ගෙන යන සාකච්ඡා සම්බන්ධයෙන් සහ ආචාර්යවරුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අප කළ විමසීමකදී උන්වහන්සේ මේ බව පැවසූ අතර එහිදී දැක්වූ අදහස් පහත පළ වේ.
"විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය දින100ක් පුරා රටේ අධ්‍යාපනය නැංවීමට ඉලක්කකරගනිමින් පවත්වාගෙන ගිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ තීරණාත්මක අවස්ථාවකට මේ දවස් කිහිපය ඇතුළේ අපි එලඹිලා තිබෙන්නේ. ඒ අනුව පී. බී. ජයසුන්දර මහතා සමග සිදුකළ සාකච්ඡාවෙන් ලද ලිපියත් ඒවගේම බැසිල් රාජපක්ෂ මහතා සමග කරන ලද සාකච්ඡාවලින් ආපු දෙපාර්ෂවයේ එකඟතාවලට අදාල ලිපියත් අපි පෙරේදා අපේ විධායක සභාවට යොමුකළා. විධායක සභාවේ තීරණය වුනේ එම ලිපි සියළුම කණිෂ්ඨ සංගම් වෙත ඊයේ දවසේ යොමුකොට ඒවායේ අනුමැතිය ලබාගැනීමයි.

ඒ අනුව එම ලිපි දෙක සම්බන්ධව සියළුම විශ්වවිද්‍යාලවල ඒ ඒ සංගම්වල අදහස දකවලා තිබෙනවා. ඒ අනුව අද (11) උදේ 11.00 ට නැවත වතාවක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මෙලනයේ විධායක සභාවට ඒ යෝජනා ඉදිරිපත්කිරීමෙන් පසු අද නියමිතව තිබෙනවා එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ තවදුරටත් නියැලිලා ඉන්නවාද එහෙම නැත්නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් ඉවත්වෙනවාද එහෙමත් නැත්නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවනවාදය කියන කාරණය සම්බන්ධව තීරණයක් ගැනීමට. ඒක අපට දැකගන්න පුළුවන් අද දවස ඇතුළත.

ඒවගේම අපි දැක්කා එස්. බී. දිසානායක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකරල තියෙනවා ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වීමක් පිළිබඳව. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ අපි එවැනි ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පිළිබඳ කිසිඳු එකඟතාවයකට ඇවිල්ලා නැහැ. ඒවගේම ඔහු සමග එවැනි මාධ්‍ය හමුවක් පැවැත්වීමට අපේ කිසිඳු අදහසකුත් නැහැ කියන එක මම හිතන්නේ අපි මේවෙලාවේ සඳහන් කරන්න ඕනෑ.

ඒ වගේම අපි මේ සම්බන්ධව අද ගන්න තීරණය පුළුල් මාධ්‍ය හමුවක් පවත්වලා අපි අපේ සමිති සම්මේලනය හැටියට රටේ මහජනයාට ප්‍රකාශයට පත්කරන්න නියමිතව තිබෙනවා.

ඒ වගේම විශේෂයෙන්ම මේකේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදාළ වර්ජනය හැටියට දකින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන්වෙනා හෝ නොවෙනා කියන කාරණය අද දැනගන්න ප්‍රළුවන් කම තියෙනවා. ඒ වගේම අරගලය ඒ කියන්නේ අධ්‍යාපනයට 6%ක් වෙන්කිරීම කියන කාරණය සම්බන්ධව තියෙන්නෙ අපිට අරගලයක්. ඒ අරගලය නිමාවට පත්වීමක් හෝ හෝ අතහැර දැමීමක් හෝ තාවකාලිකව අත්හැර දැමීමක් හෝ සිදුවන්නේ නැහැ. එය හෙට සිට නව ආරකින්, ඒ වගේම නව පෙරමුණු ඔස්සේ, නව ක්‍රමවේද ඔස්සේ සමාජගත කරමින් සමාජයේ සියළු බලවේග එකතුකර ගත්ත වැඩපිළිවෙලක් යටතේ ඉදිරියට යාමට නියමිතයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඒ සම්බන්ධයෙන් සියළු සැලසුම් මේ මොහොත වෙන කොට සකස් කරමින් පවතිනවා. සැලකියයුතු ප්‍රමාණයක් අපි සකස් කරල තියෙනවා.

එතකොට අධ්‍යාපනයට 6%ක් වෙන්කිරීම කියන කාරණය සමාජගත කරමින් එය අරගලයක් හැටියට විජයක්ග්‍රහණය කරන තුරුම පවත්වාගෙන යනවා. මොකද ඒක ඒකාබද්ධ ප්‍රකාශනයේදී 6% වෙන්කිරීම සම්බන්ධයෙන් දීල තියෙන පොරොන්දුව එහෙම නැත්නම් ඒ දක්වල තිබෙන සටහන සම්බන්ධව අපේ කිසිඳු තෘප්තිමත් භාවයකට අපි පත්වෙන්නේ නැහැ. පැහැදිළි නැහැ. එය දියාරු ස්වභාවයක් දකින්නේ. ඒනිසා 6% වෙනුවෙන් දිගින් දිගටම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අරගලයක් හැටියට සමාජගත කරමින් එය විජයග්‍රහණය කරනතුරු පවත්වාගෙන යනවා."

උපුටාගැනීම -lankatruth.com

1 comments:

බොරු කියන්නේ මොකටද මට නම් මේ කතා ගැන කිසිම විශ්වාසයක් නෑ.
අන්තිමට මෝඩයෝ වෙන්නේ අපි.
අපිට ජීවිතෙන් මාස ගානකුත් නෑ 6% ත් නෑ..

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...