මේ අරගල පුරාම ඒ කියන්නේ "6% ක් ලබා ගැනීම මුලික කර ගෙන " අපිත් බය නැතුව හැම තැනම මේ අරගල උලුප්පල පෙන්නුවා... මේ අරගල වලට අපි අවේ ගෙදරට ඇත්ත කියලා අපි බොරු කිව්වේ නෑ මගේ අම්මා තාත්තා පවා මේ අරගලය පිළිබද ලොකු පැහැදීමක් තිබුනා...
ඒ වගේම සර් මේ අරගලයේදී අරගල වල ඉතිහාසය අපිට මතක් කරලා දුන්නා.... නුවර කොළඹ පා ගමනේදී අපේම සහෝදරයින් දෙන්නෙක් ජිවිත පුජා කළා අපි හැමෝටම ඒ නිෂ්මිලා වෙනුරලා මතක් කරලා දුන්නා... මේ අරගලයේ හිටපු හැම එකාටම මතක් වෙන්ඩ ඇති. උන් මේ ජිවිත පුජා කරේ මුළු ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන්, අනාගතේ නිදහස් අද්‍යපනේ පහස ලබන පුංචි එකාගේ ඉදලා කැම්පස් එකේ ඉගෙනගන්න මහා එකා දක්වා හිතලා උන් දෙන්නා ජිවිත කැප කරා .
සමහරු මේ අරගලය වැරදියි කිව්වාම අපි පැය ගණන් උන්ට කමෙන්ට් කරා ... මේක පැහැදිලි කරා.... මට උගන්නපු ගුරුවරයා සටන් පාට උස්සන් ඉද්දි මට ලැජ්ජාවක් හිතුනේ නෑ මිනිස්සු මැද බෝඩ උස්සගෙන යන්ඩ, උනේ මට තව ලොකු හයියක් අවා... අපි ඒ අරගල වෙනුවෙන් මේ වගේ ගොඩක් දේවල් කරා.. මම ඉගෙනගත්තු පාසලේ ලමයින් පවා දැනුවත් කළා, හැබැයි හුගක් ආදී ශිෂ්‍යන්ගේ විරුද්ධත්වයත් එක්ක .... මම හිතනවා මේ අරගලය අවසානයේදී මට මගේ පාසලට ලැජ්ජාවක් නැතුව ගිහින් එන්ඩ පුළුවන් වෙයි කියලා ...... එක අද තීරනය වෙයි...
Dileepa Warunasinghe
0 comments:
Post a Comment
කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...