වේදනාවෙන්, එහෙත් නොබිඳුණු පිට කොන්දක් සහිතව "පරාජය" භාර ගතිමු. එහෙත් පාවා නොදුන්නෙමු. !!!!!! මනුෂ්‍යත්වයත්, සදාචාරයත් උන්ගේ වැසිකිළි වලවලට දමා සදාකල් රජකම් කළ හැකියැයි සිතා සිටිනා උද්ධච්ච, අශිෂ්ට සහ ජඩ පාලකයන් ඉදිරියේ ශිෂ්ටත්වයෙන් කළ හැකි දේ කළෙමු. බහුතර සාමාජිකයින්ගේ ණය බර, කඳුළු සමඟ ගමන් කළ හැකි දුර ගමන් කෙළෙමු. "සිරකරුවෝද මනුෂ්‍යයෝය", ඒමෙන්ම "කථිකාචාර්‍යයෝද මනුෂ්‍යයෝය". ජීවිත යථාර්ථය ඔවුනටද මඟ හැර යා නොහැක්කකි.
මහන්සියෙන් ඇද වැටුණෙමු. එහෙත් අවලම් පාලකයින් ඉදිරියේ දණ නොනැමීමු. උන්ගේ ඊනියා "පඩි පොරොන්දු" සහ "එකඟතා වාක්‍යයන්" ද ප්‍රතික්ෂෙප කෙළෙමු. FUTA, හුස්මක් රැගෙන යළි නැඟී සිටිමු.....!!! නොවැටී නැඟී සිටි කිසිවකුත් ලොව නැත. වෘත්තීය සටන් පැරදුණත්, සාධාරණ වේතන නොලබතත් රටේ අනාගතය වෙනුවෙන් කරන්නට බාර ගත් යුතුකම නවතනු නොහේ...... දුර්ජන පාලකයින් අපට දුන් එකම දෙය පන්නරයයි...... අරගලයක යුතුකම තමන්ගේයි, වගකීම තමන්ගේයි, "ඔය කොළාදැයි" හෝ "කෝ අපි ඉල්ලූ පංගුව" යැයි අසන්නවුන් අරගල කරුවන් නොව කොස් ඇට බාන්නන් ය.
මේ අරගලය ලබා නොදුන් දේ මෙන්ම ලබා දුන් දේද බොහෝය. කරන ලද කැප කිරීම් ද බොහෝය. FUTA නායකත්වය සහ සාමාජිකත්වය, දිවි පරදු කොට එක් වූ සිසු කැළ මෙන්ම උදවු කළ ලාංකික සමාජ බලවේග, ..... මේ ආ ගමන ගැන නොතැවෙමු. එහෙත් ඇස යට බිම නොහෙළුණු කදුළක් දරා සිටිමින් ඔබට හිස නමා ආචාර කරමි. ඒ ආචාරය ගෙවී ගිය ඊයේ ගැන පමණක් නොව එළැඹෙන හෙට දවසේ බලාපොරොත්තුව වෙනුවෙනුයි................
-Sithumini Rathnamalala
0 comments:
Post a Comment
කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...