Wednesday, October 10, 2012

නටපු නැටුමකුත් නෑ.. බෙරේ පළුවකුත් නෑ...

කිසිදු දෙයක් සංඛ්‍යාත්මකව නොමැති (එකම සංඛ්‍යාව අවුරුදු 5) සුරංගනා කතා පොරොන්දු පත්‍රයක් ගන්නද අපි මෙච්චර කැප කිරීම් කළේ...?

මේ වගේ ඒවා කීයක් නම් මීට කළිනුත් ලැබුනද..? (එකම වෙනස මෙවර එය ලිඛිතව ලැබීමයි.) මේ වගේ එකක් විශ්වාස කර මෙපමණ දිගු දුරක් පැමිණි සටන අත් හැර දමන එකේ තේරුම කුමක්ද..? 
කිසිම තේරුමක් නැති ලියවිල්ලකට හිතට විරුද්ධව එකඟ වී අපි ළමයින්ට, සමාජයට මුහුණ දෙන්නේ කෙසේද..?

එය 'නටපු නැටුමකුත් නෑ.. බෙරේ පළුවකුත් නෑ...' වැන්නක් නොවන්නේද...?

එළුවාගේ ගෙල කපා අවසානයේ මුට්ටියත් බිඳීම නොවන්නේද...?

යථාර්ථවාදීව විචාල හොත් අපට ලැබුණේ කොහොමත් ලැබෙන්නට තිබූ වැටුප් වර්ධකය පමණක් නොවේද..?

6% භාවිත කර අප ජන, සිසු හදවත් දිනාගත් බව සැබෑවක් නොවන්නේද...? ඔවුන්ගේ සහය ලබාගත් බවද අමතක කළ යුතු නැත. මාගේ පෞද්ගලික දැක්ම අනුව නම් ඔවුනට 'මොකටද අපිට සපෝර්ට් කළේ...? මේක අපේ ප්‍රශ්නයක්නෙ' යන අරුත් ඇති ප්‍රකාශ නිකුත් කිරීමට වෘත්තීය සමිතියක් ලෙසට අයිතියක් ඇත්තේ වුවද මනුෂ්‍යත්වය නාමයෙන් හදවතට එකඟව එසේ කළ හැකිද...?

අවැසි වන්නේ කෙසේ හෝ වැඩ වැරුම අවසන් කිරීම නොව, යම් දෙයක් දිනා ගෙන ඉන් ඉවත් වීමයි. FUTA විධායක බලතල ඇති ජෙය්‍ය්ෂ්ඨ ඇදුරුතුමනි, මෙයට එකඟ නොවන ලෙස ඉතා වුවමනාවෙන් හා කාරුණිකව ඉල්ලා සිටිමි.

මීට, සුනෙත් පතිරණ, කථිකාචාර්ය, රුහුණ විශ්වවිද්‍යාලය.

2 comments:

anthimata apita hoda kollo dennek nathi una,unge ammalata daruwo ahimi una,ape jeewithe maasa 3k nikanma gewila giya.paagaman gihilla,attala gahagena,poster adala,picket karala karapu kapakireem pussak una.mehema kiyanna nam ida thiyanna epa.

මහින්ද් මාම ඉස්සෙල්ලම ගුරුවරුන්ට පාරෙදි එලව එලව පොලු වලින් ගහද්දි ගුරු වරුන්ගෙ ගරුත්වය නැති වුනු වෙලාවෙ කවුරුත් එයාලගෙ සහයට ආවෙ නෑ අඩුම ගානෙ ගුරු සන්ගමයක් වත් ඒක දැන් මේ රටේ තියෙන ක්‍රමය මේ ක්‍රමය වෙනස් කරන්නයි ඕනෙ කොටින්ම මහින්ද ගෙදර යවන්නයි ඕනෙ පුලුවන් තම්ම් ඉක්මනින් ඒක නොවී මොන මගුල කලත් වැඩක් නෑ ........... ආචාර්ය වරු අරගලේකට ආවම අපි හිතුවෙ අපි වෙනුවෙන් කියල ජයග්‍රහනයක් නැතිව අරගලය නවත්තන එකක් නෑ කියල වුර්තීය සමිති ක්‍රීයා මාර්ග වලින් ජයග්‍රහන ලබන්නෙ ඩොකාල වතරයි කන තියරිය වෙනස් වෙයි කියල හිතුවෙ ඩොකාලටත් වඩා හලින් ඉන පිරිසක් ගේමට බැහැපු නිසා අනික එයාල ඉල්ලුව ගොඩක් ඉල්ලීම් රට වෙනුවෙන් ඒත් විශ්වවිද්යාල ආචාර්ය වරු කියන්නෙත් නිකම්ම නිකන් කොන්ද පන නැති මිනිස්සු ටිකක් කියන එක එයාලම ප්ප්පු කරල පෙන්නුව මට නම් දුක අර 6% ගැනමමැරෙන්ඩ හදපු මිනිස්සු ගැනයි ජයග්‍රහනයක් නොලැබුනු සටනක ගොදුරක් වුනු අහින්සකයො දෙන්න ගැනයි විතරයි.........
විශව විද්යාල ආචාර්ය වරු ලස්සනට සටන පපාවල දුන්නා ල්ල්ලො දෙන්නෙක් ජීවිත වලින් වන්දි ගෙවුවා
අර පාරවල් ගානෙ පයින් ඇවිදපු එවුන් නිකන් චා වුනා

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...