Monday, October 15, 2012

ආදරණීය මහින්ද මාමී වෙත........


        මහින්ද මාමේ.................. එන පොට හොද නැත.අද නම් මම මාමාට කියන්න යන්නේ මාල රහසක් ,කාතවත් කියන්න එපා හොදේ ,අඩුමතරමේ බැතිල් මාමටවත් කියන්න එපා.ඔන්න කිව්වොත් මම තරහයි....

  මම මේ ලියුම මාමට සුතුස් ,,ගාල ලියන්න හිතුවෙ බැතිල් මාමායි සුදුබන්ද මාමයි ගැන මහින්ද මාමට තොත්තුවක් දෙන්න... ආ...තොත්තුවක් නෙමෙයි ඔත්තුවක් හොදේ...


      බැතිල් මාමාට ආචාරි මාමලව වැඩිය හම්බවෙන්න දෙන්න එපා හොදේ ..මොකද දන්නවද බැතිල් මාමා දැන් හොදටම නලක්වෙලා ආචාරිමාමලව ආස්සරේ කරල .පහුගිය දවස් වල බැතිල් මාමා ආචාරි මාමල එක්කමයි කයිය ගහගෙන හිටියෙ..හැබැයි මහින්ද මාමෙ මල්ලිය හදාගන්න එක අයියලාගෙ යුතුකම .ඔය ආචාරි මාමල ආස්සරේ කරන එක හොද නෑ හොදේ ...මම අහගෙන අපේ තාත්ත කියනව ඔය ආචාරි මාමල මාල දේශදෝහී, $$$ කාක්කො කීල...ඔයවගේ දේශදෝහී ආචාරිල බැතිල් මාමත් එක්ක ඉන්නව කියන්නෙ "සු‍ටුස්"  ගාල බැතිල් මාමා නලක් වෙනව ..හැබැයි අර දේශප්‍රේමී කැම්පොස් වල ආචාරි මාමල නම් හලි හොදයි .."උම්ම"..එකක් දෙන්න හිතෙනව..මම අහගෙන එක මාමා කෙනෙක් ටෙලිවිශොන් එකෙන් කියනව එයාගෙ පඩිය දැක්කම බඩ "හෝ...ස්" ගාල යනව කියල .අපේ තාත්තටනම් බඩ "හෝ...ස්" ගාල යන්නෙ පොද්දක් වැඩි උනාම නේ ...ඒ මාමතත් එහෙම අවුලක්ද් දන්නෙනෑ...අපේ අම්ම නම් ඒ වෙලාවට දෙහි කෑල්ලක් අරන් බැන බැන තාත්තගෙ ඔලුවෙ අතුල්ලනෝ...ඒ මාමටත් එහෙම කරානම් ඕක හරියනෝ "සු‍ටුස්" ගාල ..

   ඒව වැදක් නෑ මහින්ද මාමෙ, මම හිතුවෙනෑ විමල් අයිය වගේ දේශප්‍රේමී අයියල ඉන්දිද්දි ,බැතිල් මාම 6% දෙන්න ප්‍රොමිස් කරයි කියල.ඔය 6% දෙන එක මාර කැත,දේශදෝහී වැඩක් හොදේ .....මම හිතුවෙම නෑ අනිත් එක මහින්ද මාමගෙ මල්ලිය ඔයවගේ නෝටි වැඩ කලයි කීල...ගහල හලි හදාගන්න වෙනව ....නැත්තන් බෑ.......

  මහින්ද මාමගෙන් අහන්නෙ නැතුව සුදුබන්ද මාමයි බැතිල් මාමයි මේ වැඩ කලද්දි අපිට බලන් ඉන්න බෑනෙව .. ඒකයි කිව්වෙ හොදේ ,තව මොකක් හරි අවුලක් වෙන්න ගියොත් මම "පටස්" ගාල මාමට ලියනව ..මම කියපු දේ ගැන පොද්දක් සැලකිල්ලෙන් ඉන්න හොදේ.. එහෙනම් මම නවතිනව.උම්ම්ම............ 

මීට 
ආදලනීය 
පොද්ද.  




0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...