Wednesday, October 10, 2012

මැර ප‍්‍රහාරවලින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි විරෝධය නවත්වන්න බැහැ - වෛද්‍ය ඉඳුනිල් විජේනායක

Doctors against private medical collages - press
වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාට එරෙහිව දිගින් දිගටම සිදුවන මැර ප‍්‍රහාර නැවැත්වීමට වහාම ආණ්ඩුව පියවර ගත යුතු බවත් මෙවැනි මැර ප‍්‍රහාරවලින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි විරෝධය නැවැත්විය නොහැකි බවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී වෛද්‍යවරු සංවිධානය පවසා සිටී. එම සංවිධානයේ කැඳවුම්කරු ඉඳුනිල් විජේනායක මහතා අද (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පැවසීය.

ඔහු එම මාධ්‍යහමුවේදී දැක්වූ අදහස් පහත පළවේ

‘‘අපි දන්නවා ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය තමයි රටේ අධ්‍යාපනය විකිණීම. ඒ අනුව තමයි මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිගැනීමට වෛද්‍ය සභාවට බල කර සිටින්නෙ. ඒ අනුව එස්.බී. දිසානායක මහත්තයා ප‍්‍රසිද්ධියේ කිව්ව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසුරුවා හරිනවා කියල. ඊට පසු ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය නෝනිස් මහතාට මැර ප‍්‍රහාරයක් එල්ල කරා. අද වෙනතුරු ඊට අදාල නීතිමය පියවර අරගෙන නැහැ. ඊට පසු වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය ලලිතා මෙන්ඩිස් මහත්මියට අයින්වෙන්න බලකරල ආණ්ඩුවේ හෙන්චයියෙක් වෙලා සිටින කාලෝ ෆොන්සේකාව එම තනතුරට පත් කරා. ඊට පසුත් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද ්‍යාලයට නීතිමය පිළිගැනීම ලබාදෙන්න ආණ්ඩුව වෛද්‍ය සභාවට බලකරා. ඊට එරෙහිව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ කැපී පෙනෙන කාර්යභාරයක් සිදුකරමින් වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා ඊට එරෙහිව කරුණු ඉදිරිපත් කරා.

ඒ අනුව ඊට එරෙහිව තමයි පසුගිය අගෝස්තු 16 දින ඒ මහතාගේ නිවසට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කරන්නෙ. එම සිද්ධියෙන් පසු ඒ මහතාගේ නිවසට පොලිස් ආරක්‍ෂාව ලබාදී තිබූ නමුත් 2012 ඔක්තෝම්බර් මස 09 වන දින එම පොලිස් ආරක්‍ෂාව නොදන්වා ඉවත්කරගෙන ඇති බවට අප තහවුරු කරගෙන තියෙනවා. ඊට පසු ලලන්ත රණසිංහ මහතාගේ වයස අවු. 70 ක් පමණ රියදුරු ට මැර ප‍්‍රහාරයක් එල්ල කරනවා. එම නිසා මෙම ප‍්‍රහාර පිටුපස ආණ්ඩුවේ උවමනාවන් තිබෙන බවට කරුණු පැහැදිලියි.

මෙලෙස සිදුකරනු ලබන මෙම මැර ප‍්‍රහාර අප සංවිධානය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර ඊට අදාල වගකිව යුත්තන් වහා නීතියට පමුණුවන ලෙස ආණ්ඩුවට බලකර සිටිනවා. ඒ වගේම මෙවැනි ප‍්‍රහාරවලින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි මතය විනාශ කරන්න ආණ්ඩුවට නොහැකියි. මෑත කාලයේ මාධ්‍යවේදීන්ට, වෛද්‍යවරුන්ට, විනිසුරුවරුන්ට වෘත්තීය සමිති නායකයින්ට හා රාජ්‍ය නිලධාරීන්ට සිදුකරන මෙබඳු ආකාරයේ තර්ජනය කිරීම් හා මැර ප‍්‍රහාර මෙන්ම මෙයද අදාල පුද්ගලයින් නිහ`ඩ වන ලෙසට කරනු ලබන තර්ජනයක් තමයි මේ. මෙම ක‍්‍රියාදාමයට එරෙහිව පෙළගැසෙන ලෙසට සෞඛ්‍ය සේවයේ සියලු දෙනාගෙන් අපි දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිනවා."

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා වෛද්‍ය අසංග වික්‍රම සිංහ මතා සහ වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතාද සහභාගීවූහ.

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...