Sunday, October 14, 2012

FUTA නිසා, "හුටා" යැයි කියැවෙන්නට ඕනෑ නැත.

දින 100 කට ආසන්න සිය වෘත්තීය අරගලය අවසන් බව FUTA පසුගිය බ්‍රහස්පතින්දා දැන්වීය. මෑතකාලීන ඉතිහාසයේ සම්ප්‍රදායික වෘත්තීය අරගල ක්‍රියාවලියෙන් ඔබ්බට ගිය FUTA වෘත්තීය අරගලය, සිවිල් ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන, විවිධ මතධාරී දේශපාලකයන්, දේශපාලන පක්ෂ, ආදී එකී මෙකී නොකී සියලු පාර්ශවයන් සිය අරගලයට එකතු කරගනිමින්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහජන ව්‍යාපාරයක් බවට පත්වෙමින්, පසු ගිය කාලය තුල සමාජය හෙල්ලූ මාතෘකාව බවට පත් විය. කෙසේ නමුත් දීර්ඝ කාලීන සකච්ඡාවලියකින් පසුව මෙරට ජන සමාජයට හරි හැටි පැහැදිලි චිත්‍රයක් ලබා නොදුන්, රජය සමග වූ එකඟතාවන් සමග එම වෘත්තීය සටන අවසන් විය.
 
මේ මොහොත වන විට සමාජය තුල, FUTA රජය සමග ඇතිකරගත් එකඟතා ගැන විවිධ අර්ථකතන තිබේ. ඇතැමුන්ට අනුව එම එකඟතා සාධනීය, බලාපොරොත්තු තැබිය හැකි ඒවා වන අතර, ඇතැමුන්ට අනුව ඒවා අනන්ත අප්‍රමාණ කැපවීම් කල වෘත්තීය අරගලය පවා දුන් බවට සාක්ෂිය. කෙසේ වුවත් අපට මෙම මොහොතේ ගැටළුවක් පැන නගී. එනම්, සාධනීය වේවා නිශේධනීය වේවා, මෙම අරගලය මෙරට ජන සමාජයට ලබාදුන් එකම දෙය මෙම ඉල්ලීම් පමණක්ද යන්නයි. අපට අනුවනම් පිළිතුර නැත යන්නයි.

FUTA වෘත්තීය අරගලය, සන්නද්ධ නොවන ජන අරගල වල ශක්තිය සම්බන්ධයෙන් මෑත ඉතිහාසය තුල ප්‍රයෝගිකව දුන් දැවැන්තම සහතිකය මෙරට ජන සමාජයට ලබා දුන්නේය. ජනතා අරගල නොව, මැතිවරණ ක්‍රමය තුල ජනතා පරමාධිපත්‍යයේ ශක්තිය ගැන පවා මිත්‍යාවන්ගෙන් දෑස් වසා ගෙන සිටි ජනතාවගේ දෑස් විවර කරවා, ජනතාවට ජනතාවගේ තරම පෙන්වීමට මෙම අරගලයට හැකි විය. එපමණක් නොව රටක උගතුන්ගේ බුද්ධිමතුන්ගේ කාර්යයභාරය වෘත්තීමය ක්‍රියාකාරීත්වයෙන් එහා ගිය, දේශපාලනික කේවල්කිරීම් හරහා රටක් සාධනීය වෙනස්කම් දෙසට යොමු කරවීම තෙක් දිවෙන බවට සංවාදයක්, මතයක් සමාජය තුල ගොඩ නැගීමටද මෙම අරගලය හරහා FUTA සමත් විය. වෘත්තීය අරගල හුදු වැටුප් සීමාව තුල සිර නොකොට, සිය ක්‍රියාකාරී ක්ෂේත්‍රයේ දේශපාලනික කොටස ගුණාත්මක කිරීම හරහා පුළුල් සමාජීය කාර්යය භාරයක් සිදු කිරීමට භාවිත කල හැකිය යන සංකල්පය සමාජ ගත කල FUTA , වෘත්තීමය අභිමානයේ බලය මෙන්ම , මෙරට තුල, වර්තමාන පාක්ෂික දේශපාලනය, දේශපාලනයේ එකම තීරණාත්මක බලවේගය නොවන බවද මනාව පෙන්වීය.

එම නිසා එකඟතා කුමන ඒවා වුවද, FUTA නිසා ඔබට "හුටා" යැයි කියැවෙන්නට ඔනෑ නැත. මන්ද FUTA සිය අරගලය හරහා, ඔබ වෙනුවෙන්, මෙරට ජන සමාජයට බොහෝ දේ තිලිණ කර ඇති බැවිනි...

පංකජ මිනුෂ ජයවික්‍රම.

4 comments:

Ochchara hoda nam ay ithin mechchara kata kiyanne. Idirigamanata wadagath deyak karandako. Oye lecturerlage duwalama thma oi malambe pmc wala igena ganne. Hoyala balanawa peradeniye dental hitapu deange duwala Dan koheda kiyala. Okun padi Ganda minissu isarahata yanda thma 6% dagatte. Unta meh rate adyapanen wedak na. Puthe Mage konde pahune akalata newe. Thawath ahinsaka demapiyange daruwo billata Ganda EPA. Moka karath lecturerlage daruwo international yankota ara matale kolla Dan jeewthun athara na. Budhu saranai.

ගියෙ ඇයිද මාව තනිකර
බොක්කේ දල්වා ගින්දර

ලව් කළෙමි බඩුවකට,
බොක්කෙන්ම කිඩ්නියෙන්...
අම්මලා ෆුල් කචල්,
මාමලත් එහෙමමයි,
එත්.....

සපෝට් එක බොක්කෙන්ම,
යන්ග් එවුන් වැඩියෙන්ම.
බඩුව උස්සනවමයි,
බස්සලයි නවතින්නේ.

කෙල්ලගේ පින්තූරේ,
රටම දන්නව දොරේ.
ටී ෂර්ට් ප්‍රින්ට් වෙලා,
ලොවට පබ්ලිෂ් කොලා.
රෝමියෝ ජුලියට් වගේ,
ටී වියේ යන අගේ.
මට වඩා රටේ උන්,
ලව් කරයි මගෙ එකට.

මාර කට්ටක් අනේ..
කවදාද බඳින්නේ...?
කාඩ් බෙදනට ගියපු,
දෙන්නෙක්ම හැප්පිලා..
හැප්පිලා නෙමේ බන්,
මාමලා හප්පලා...
කවුද බන් කියන්නේ,
උන් නිවන් දකින්නේ...!

දැන් ෂුවර් බඳින එක...
බඩට තුන් මාසයයි...
මාමලා අඬ ගසයි...
"දැන්ම දුව දෙන්න බෑ,
තාම දුව පොඩි වැඩියි..
දෑවැද්ද හරි පොඩියි..
අපි ගාව සල්ලි නෑ..

"මාමේ මට දැවැද්ද
ඕන නෑ, කිව්වේ නෑ.."

ඇදුනාම ස්විප් එක,
නොවැම්බර් මාසයේ..
කෙල්ල දෙන්නම් උඹට,
ඉවසපන් රත්තරන්...

මාමලා සෙට් වෙලා,
දුව ඇබෝෂන් කලා...
අනේ මගෙ පරම ලව,
රටේ උන්ගේම පව...

හුටා......!!!

---------x---------



අයියෝ මගෙ බැලුම් බෝලේ...!!!

මාස තුනක් හුලං ගහපු ,
බන්ඩා මාමා හුලං ඇරපු ,
නිර්මාල්ලා ආයිත් ගහපු ,
මහීන් මාමා ගේම ඇදපු ,
අමිල සාධු සෙත් පතාපු ,
ගාලු ඉඳන් අරන් ආපු ,
පාක් එකේ උඩ යවාපු ,
ආයෙත් පහලට ගෙනාපු ,
ජයසුන්දරයට පෙන්නපු ,
බැසිල් මාමා කටුව ගහපු ,
සීයට ගානට පුම්බපු ,
මගේ බැලුම් බෝලේ....
පිපිරෙව්වනේ බොලේ...

හුටා......!!!

මම ඉන්ටර්නැෂනල් එකේ මොන්ටිසෝරි බබා..

කතාව නිමා විය විශ්ව විද්යාල ආචාර්ය වරු යනු තවත් විහිලු කරුවන් පිරිසක් පමනක් බවද කැම්පස් යන එවුන් යනු එක එකාගෙ අතකොලු පමනක් බවද මහින්ද මාමා ඔප්පු කර පෙන්වීය

WELL SAID ANO MUN KADE YANA HARAK

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...